බර.


මේක නං මහා බරපතල වචනයක්. ඒ මොකද කියනවා නං;

ලෝකයේ තියෙන හැම භාෂාවකටම පසුව අළුතින් වචන එකතු වෙයි.
සමහර වචන කිසි තේරුමක් නැති ඒවා උනත් , දීර්ඝ කාලයක් භාවිතා
වීමෙන් එය මුල් බසේම කොටසක් බවට පත්වේ.

ඇමරිකන් ඉන්ගිරිසියේද එහෙමය.

Cool — සිසිල්
Hot – උණුසුම්.

ඒත් දැන් හැදෙන පරම්පරාව මේ වචන වලට අළුත් අර්තකතන දෙයි.

Cool Idea
Cool Song
Cool Movie මෙහිදී Cool යන්නේ තේරුම ” හොඳ” බවය. ඒත් Hot යනු නරක නොවේය.

Hot Girl
Hot Woman මෙහිදී Hot යනු ” ලස්සන කෙල්ල , ලස්සන කාන්තාව , නියම කෑල්ල”
වගේ තේරුමක්ය..

සිංහල භාෂාවට පසුව එකතුවූ වචන ඉන්ගිරිසි, පෘතුගීසි , ලන්දේසි , ඕලන්ද , දෙමළ භාෂා වලින් ලැබී ඇත. ඊට අමතරව ප්‍රධාන සංස්කෘතියට අමතරව ඇති උප සංස්කෘති වලින් ලැබී ඇත. එනම් කැම්පස්
කාරයන්ගෙන් , ප්‍රයිවට් බස් කාරයන් ගෙන් , ත්‍රීවීල් කාරයන්ගෙන්.

” බර” ද එසේමය. බර කියන විටම මතක් වෙන්නේ ” චූ” බර හෝ ” කක්කා” බරය. මොන බර ඉහිලුවත් ඔය කියන බර උහුලන්ට නම් බැරුවාය. පිරිමි වන අපට නම් ඔය ඕන තැනකට ඇල්ලිය හැකි උනාට බවලතුන්ට තමා ප්‍රශ්නෙ.

” මචං චූ බරක් තිබ්බ රාළහාමිලා දෙන්නෙකුට වගේ” ඒ කියන්නේ පොළිස් රාළහාමිලාය. ඔය කතාවෙ තේරුම හිතා ගන්ට මට සෑහෙන්ට කල් ගත විය.
යම් තැනක ඩියුටි දැම්මාම හිතෙන හිතෙන විට මූත්‍රා කළ නොහැක. ඩියුටි ඕෆ් වන තුරු උහුල ගෙන සීරුවෙන් සිටිය යුතුමය.

” එදා තරම් මගේ හිතේ ” ඉන්ද්‍රානි පෙරේරා ගැයූ ගීය වෙනස් කර ඇත්තේ කැම්පස් කාරයන් මිසක් වෙන කවුද?
එදා තරම් මගේ *කේ තිබුණේ නැහැ එහෙම බරක්
සැණකෙළියේ කිසිම තැනක තිබුණේ නැහැ වැසිකිළියක්
තිබුණේ එක වැසිකිළියයි ඒකෙත් මහ ** තලියක්”

ඒ බර දරා සිටීමට අමාරුය.

බර විවිධාකාරයෙන් යෙදේ. මම දැන් ඔය බැඳල ඉන්න එක්කෙනා බලන්න මුලින්ම
ගියේ මමයි ( මම යන්නම එපායැ- නොගිහින් හොඳයැ ) අපෙ අම්මයි , නංගියි , මස්සිනයි , අපෙ ලොකු මාමයි. තවත් මාමල , බාප්පල නම් හිටිය. ඒත් උන් ඔක්කොම වේට්ටි – සරම් කාරයො. එච්චර බර තියෙන අය නෙවෙයි.
පහුවදා අපේ තව මාම කෙනෙක් ඇහුවෙ ” කොහොමද පුතා ඊයෙ ගමන ? බර එහෙම කොහොමද ?” මාම ඇහුවෙ මනමාලිගෙ බරවත් මනමාලිගෙ අම්මගෙ බරවත් නෙවේ, ඒ අය ගේ වත් පොහොසත් කම.

මට කලින් මගේ නංගි බැන්ද. මගේ වෙඩින් එක ඉවර වෙලා අපෙ අම්ම කිව්වෙ ඔන්න මම නම් බර දෙකම බිමින් තිබ්බ. මම දැන් නිදහස් කියල.
අපේ එක්කෙනාට ලොකු දුව ලැබුනු දාත් අපේ අම්ම කිව්වෙ එයා වේදනාවෙන් කෙඳිරි ගානව දැකල ” දැන් ඉතින් සේරම බර ඉවරයිනෙ “කියල. ඕක අහපු මැදිවියේ නර්ස් නෝන කිව්වෙ දැන් තමා බර කරට ගත්තෙ කියල. කෙල්ලක් හදන එක ලේසි පාසු වැඩක්යැ.

“එක්කෙනෙක් ඇති අනේ” කියල කිව්වට මොකද වැලේ ගෙඩි වැලට බර නෑ කිව්ව වගේ ආයෙම අවුරුදු දෙකකින් ඒ ඉස්පිරිතාලෙටම යන්න උනා.

මට මතක් වෙනව ඒ කාලෙ. අපේ අම්මල , පුංචි අම්මල , නැන්දල සුද්දගෙ වත්තට යනව, දර කඩන්න. ආපහු එනකොට එන්නෙ බරටම දර කඩා ගෙන , අතක් බරට පළා නෙලා ගෙන. සමහරදාට බරට බරේ ලොවි – උගුරැස්ස එහෙමත් කඩා ගෙන.

ඒ කාලෙ ගෑණු රස්සාවල් නොකලාට , පිරිමි අය පවුලේ බර කරටම අරන් නැහෙන කොට යාන්තමින් හරි පවුලේ බරට කර දෙන්න සුරුවම් කමින් ජීවත් වෙන්න ඉගෙන ගත්තා.

” පවුලගෙ බර අඩු උනොත් පවුලේ බර වැඩිවේ” මේ වාක්‍ය , කතන්දර , දයාල් බතී , වෙදනා වැනි පැසුනු අයට මිසක් වෙනත් අයට තේරෙන එකක් නෑ.

මිනිස්සු බොරු කියනව විවිධ හේතු නිසා. සමහරු පුරුද්දටත් බොරු කියනවා. චීන කියමනක් තියෙන බොරු කියන මිනිහගෙ හිස බරයි කියල.
අපේ හොඳ ගජයෙක් වන ජගත් කියන්නෙම බොරු. අද කියන එක නෙවේ හෙට කියන්නෙ. අපේ අනෙක් කට්ටිය කියන්න පටන් ගත්ත ” මූ කියන ඒවයෙ තාර බර එහෙම ඇරල ගන්න ඕන” කියල. යමක තාර බර අයින් කළාම තමයි ශුද්ධ බර ලැබෙන්නෙ.

මාස එක හමාරක විතර හොඳ නිවාඩුවකින් පස්සෙ පෙරේදයි ගෙදර ආවෙ. ගෙදර කිසි දෙයක් නෑ. තේ කොළ ටිකේ ඉඳන් හාල් මල්ල දක්වා ගේන්න වෙලා. අපි දෙන්නම කඩේ යනව. මෙයාගෙ බර බරේ ඉවසන්නම බෑ. බැරිම තැන මම රේඩියෝ එක දැම්ම. ඒකත් බර බර ගානව. අපට ඉස්සරහින් ලොකු කන්ටෙනර් එකක් පටව ගත්තු වාහනයක් යනව. පිටි පස්සෙ ලියල තියෙනව TARE- GROSS WEIGHT-NET WEIGHT කියල බර වචන ගොඩක්. එයා අහනව ” මොකද්ද අනේ TARE කියන්නෙ කියල. මාත් ඉතින් නොදන්න මගුලක් තියෙනවයැ.

Gross Weight – Tare Weight = Net Weight
ලංකාවෙ මිනිස්සු ඕකට තමා “තාර බර “කියන්නෙ.
ඉලංදාරි කාලෙ තමයි පාරෙ ලයිට් කණු වලට බර දීල , බෝක්කු කණු වලට බර දීල බලා ගෙන ඉන්නෙ. ඒ අර හොට් කෑලි එනකන්. ඒව ටිකක් එහෙ මෙහෙ උනොත් බරපතල වැඩ ඇතුව හිරේ යන්න පුළුවන්.

මෙයා බර කල්පනාවක. මොකක් හරි ගැන බරටම හිතනවා. නිවාඩු යන්න කලින් සේරම බිල් ගෙවලයි ගියේ. එතකොටයි හිතේ බරක් නැතුව එන්ජෝයි කරන්න පුළුවන්
කොහොම හරි එක බිලක් මිස් වෙලා. ලේට් ෆී කියල තව ඩොලර් 35 ක් එකතු කරල එවල.

ඕක මගෙ අතින් උනා නම් බලන්න තිබ්බ මෙයාගෙ බර බරේ !

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to බර.

  1. JP පවසයි:

    ඇතෙක් බරට …පැසසුම් ……ගෙනියන්න බර කරත්තයක් කුලියට ගන්න වෙයි …….
    පවුලගේ බර නේද ….:)

  2. Alchemiya පවසයි:

    හා නිහාල් අයියා කියන්න බලන්න ලෝකෙ ලොකුම බර මොකක්ද කියලා ?
    අන්දරේ නම් දන්නවා…..

  3. lakmal පවසයි:

    ඇත්තමයි මම මේක කියෙව්වේ චූ බරේ ඉදගන.
    චූ කරලා ඇවිල්ලා මේ කමෙන්ට් එක දාන්නේ.
    වෙනස්ම ආරක ලිපියක් උපරිමයෙන් රස වින්දා

  4. arunishapiro පවසයි:

    නිහාල්,

    දැන් හැදෙන අයගේ භාවිතයක් නෙමෙයි යමක් “කූල්” කියන්න. 1924 දී ජනාධිපතිවරණ තරඟයේ දී “Stay Cool With Coolidge” පෝස්ටරය නිසා ජෝන් ඩබ්ලිව්. ඩේවිස් පරදවා කැල්වින් කූලිජ් ජනාධිපති වූවා යැයි කියැවෙන්නේ. කැල්වින් කූලිජ් මා ප්‍රියතම ජනාධිපතිවරයෙක්!!!!

    http://www.loriferber.com/coolidge-topps-mini-campaign-poster.html

    • arunishapiro පවසයි:

      සමාවෙන්න, “දැන් හැදෙන අයගේ භාවිතයක්” යන්න “දැන් හැදෙන අය දුන් අර්ථ කතනයක් නෙමෙයි” යැයි වෙනස් විය යුතුයි.

      • Nihal Gurusinghe පවසයි:

        මගේ ” ඇමරිකාවෙ අවුරුදු විස්සක්” ලිපියෙ මම කියල ඇති, අවශ්‍ය කරන ලිය කියවිලි හැදෙන තුරු මගේ පළමු රස්සාව වුනෙ 7- eleven එකක වැඩ කරන එක. දවසක් තරුණ ගැටයෙක් යමක් මිළදී ගෙන ශත කීපයක් අඩුවෙන් මා අතට දී “Is that cool? ” යයි ඇහුවා. ඔහු අදහස් කලේ ඔහු දුන් මුදලට මා එකඟද කියල. ඒ 1990 විතර. මම එදා තමයි ඒ වචනෙ ඇහුවෙ.
        පස්සෙ අපෙ ළමයි මිඩ්ල් ස්කූල් ගියාම එයාලත් පාවිච්චි කළා කූල් කියන එක. “my dad is cool” වගේ.
        මමවත් , මගේ වයසෙ ඉන්න මගේ යාළුවොවත් මේ වචන පාවිච්චි කරන්නෙ නෑ.
        අරුණිගෙ ප්‍රතිචාරයට හා Like එකට ස්තූතියි

  5. මුදියන්සේ පවසයි:

    මෙහෙම ලිපි ඉස්සර ඉරිදා දිවයිනේ පළවුනා, ඒ ලිපි ලිව්වේ සි/න්හල මහචාර්ය කෙනෙක්.
    නම දිව අග තියනවා එන්නේනෑ නේ.
    අපි කොච්චර අහල තිබුනත් “බරට” හිතට නම වදිල “බරට” පාඩම් කරලා නෑ

    සුපිරියට “බර” දාල ලියල තියනවා

  6. indika27 පවසයි:

    අනේ බොහොම ආදර්ශමත් බර ගැන පැහැදිලිකිරීමක්….මේක විශ්වකෝෂයකට ශබ්ධ කෝෂයකට යොද්න්න වැටින ලිපියක් නෙැවැ..

  7. Guru පවසයි:

    ඒ සැණකෙළියේ ගීතය විශ්ව විද්‍යාලවල හදපු එකක් නෙවෙයි,ඒක මීට අවුරුදු 20කට විතර කලිනුත් ඉස්කෝලවල ලමයි කිව්වා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )