මටත් පුතෙක් හිටියනං !


බොහොමයක් බිරින්දෑවරු කැමති තම කුළුඳුල් දරුවා පිරිමි ළමයෙක් වෙනවනම්..
ඒ වගේමයි සමහර සැමියන් කැමති ඉස් ඉසෙල්ලම දුවෙකුට. ඒක මානසික තත්වයක්
කියලයි සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ.

” මම කැමතියි ඔයා වගේ ලස්සන දුවෙකුට”
” ඔව් අනේ.. ලස්සනට අන්දවන්න පුළුවන්. එක එක විදියට ගවුම් මෝස්තර.. වළලු..
කොණ්ඩ පටි..”
” ඊ ළඟට පුතෙක් හොඳද ?”
” කොහොමද එයත් දුවෙක් උනොත් ?”
” කමක් නෑ.. දෙන්නට වඩා බෑ හරිද ? මගෙ ටාගට් එක දෙන්නයි..”

අපේ මාමා කෙනෙක් හිටිය. පළමු දරුවා කෙල්ලක්. ඊ ළඟටත් කෙල්ලක්.. ඊ ළඟටත්
කෙල්ලක්. මාමයි නැන්දයි නොහොඳ නෝක්කඩු උනා, මාමට ඕන වුනා පරම්පරාව
ඉස්සරහට ගෙනියන්න පුතෙක්. ඔහොම හත් දෙනෙක් වෙනකං ට්‍රයි කරල , මාමා මැරුනා.

අපි බැඳපු අළුත.. දවසක් රෑ කෑම කාල සාලෙ ලයිට් එහෙම ඕෆ් කරල
ටිකක් සතුටු සාමිචියේ යෙදිල හිටිය.. හැමෝටම නින්ද යන තුරු..

” මම පරණ ශ්‍රී සඟරාවක කියෙව්ව ආම්ලික මාධ්‍යකදී පිරිමි ළමයින්
හම්බවෙන පොසිබිලිටි එක වැඩියි කියල..” ” භාෂ්මික මාධ්‍යක දී ගැහැණු ළමයිලු.”

මට හිනා.. ” හරි .. දර මඩුවෙ තියෙනව රබර් වලට දාන්න ගෙනා ඇසිඩ් බෝතලයක්..
මම ගිහින් ඒකෙ ඔබා ගෙන එන්නම්..”
” නෑ මට ඕනෙ දුවෙක්..”
“එහෙනම් ගේ පිටි පස්සෙ තියෙන හුණු වලේ ඔබා ගෙන එන්නම්”
එයාට හිනාව නවත ගන්න බැරි උනා. අම්මත් ආව සාලෙට සද්දෙ ඇහිල.
” අනේ මටත් කියාපල්ල ළමයිනේ ඔච්චර හිනා වෙන්නෙ මොකටද කියල”
ඒක අහල වත්සලාගෙ හිනාව තවත් වැඩි උනා.

මට පුතෙක් හිටිය නම් දැන් වයස 22 ක්” මෙහේ ක්‍රිකට් නැහැනේ.. මිනිහ බේස් බෝල් ගහයි
බාස්කට් බෝල් ගහයි.. ඒ නිසා සමහර විට මට වඩා උස යයි. අඩි හයක් විතර…
කෙල්ලො කැමති ටෝල් ඇන්ඩ් ඩාක් අයට. මිනිහ රැවුල කොහොම කපයි ද ? රැවුල තියෙන්න
ඕන නැත්තං ලෙල්ල නැති කෙහෙල් ගෙඩිය වගේ..

” ඒයි මෙන්න පුතාගෙ කළිසම් සාක්කුවක සිගරට් පැකට් එකක්.. නිව්පෝර්ට්.. මොකද කරන්නෙ ?”
” ඔහොමම තියන්න ..මම එයාට දෙකක් කතා කරන්නම්”
” පුතේ ඔයා ස්මෝක් කරනවද ? අපරාදෙනෙ සල්ලි.. නිකම් පුච්චන්නෙ” අනික ඔයා ලෙඩ
වෙයි.. චුයින්ගම් එකක් හපන්න පුරුදු වෙන්න.. එතකොට නිකම්ම ඕක මග ඇරෙයි”

” චුයින්ගම් කාල දුම අරින්න පුළුවන්ද ?” එතකොට මිනිහ මගෙන් අහයි.
” ඔයා ඉස්සෙල්ලම ස්මෝක් කරන කොට වයස කීයද ?”
” 16 ක්”
” පුතා හොඳයි ඔයාට වඩා”

මට පැපොල හැදිල.. තාත්ත මගේ කාමරය අස් කළා. කොස්ස ඇඳ යටට දාල සිගරට් කොට
තිහක් විතර ඇදල අරන් මට පේන්න ගොඩ කළා.. වචනයක්වත් කීවෙ නෑ”
මට හොඳටම සනීප උනාම තාත්ත මට කතා කළා.

” පුතේ.. මාස දෙක තුනක බබෙකුට බුරියානි කැව්වොත් මොනව වෙයිද ?”
” දිරව ගන්න බැරුව මැරිල යයි”
” උතේ.. අවුරුදු 15 ක විතර ළමයෙකුට කිරි විතරක් දුන්නොත් …?
” මන්දපෝෂණය ?”
” ඒක තමා.. හැම වයසකටම ගැලපෙන කෑම බීම තියෙනවා. සිගරට් බොන්න පුරුදු වෙන්න
එපා… ඒක නාස්තියක්”

පුතාගෙ කාමරේ තිබිල වත්සලාට හිස් කොණ්ඩම් පෙට්ටියක් අහුවෙයි. එයා කෑ ගහ ගෙන මා හොයා
ගෙන එයි. අඬයි.
” පුතා තාම පොඩි ළමයෙක්.. තවම ඉගෙන ගන්නවා.. එයා තාම ලෑස්ති නෑ ඒ වගේ වගකීමක්
බාර ගන්න.”
” ඔයිට වඩා වයස අඩු කොල්ලොත් ඕව පාවිච්චි කරනව. මේ රටේ හැටි.. අපිට වෙනස් කරන්න බෑ.
හොඳයි අපි මෙහෙම හිතමු.. ඔය කැමතිද දැම්මම ආච්චි අම්ම කෙනෙක් වෙන්න?”
එයාගෙ අඬ වැඩියාව නැවතෙයි.

පස්සෙ දවසක පුතා රෑ දොළහට විතර කෙල්ලක් අරන් එයි.
“wha…..t ? who the hell is this?… මම එහෙම අහයි.

” තාත්තෙ මෙයාගෙ කාර් එක කැඩිල.. හෙට වෙනකං හදා ගන්න විදියක් නෑ. අදට මගෙ කාමරේ
දෙමු”
” නෑ මොටෙල් එකකට ගිහින් අරින්න.. මම ගෙවන්නම්”
” ඒක ටිකක් odd නේද ? මම සාලෙ නිදා ගන්නම්”
” එපා .. යන්න කියන්න.. මෙහෙ තියා ගන්න බෑ.. ඔය කෙල්ලගෙ ෆොටෝ එකක් තමයි එයා කාමරෙ ගහගෙන ඉන්නෙ”

මම පහුදාම අපෙ අම්මට කතා කරල මෙහෙම කියයි.

” අම්මේ.. දැන් නම් මෙයා මෙහෙ තියා ගෙන බෑ.. මම මෙයාව ලංකාවට එවන්නයි ලෑස්තිය”
” අයි පුතේ…. තවම දඩබ්බරද ?” ” ඔහොම තමා කොල්ලො කියන උන්… බොනවද ?”
” බොනව නම් බැරියැ.. ඊයෙ කෙල්ලක් උස්සන් ආව”
අම්මා ටික වෙලාවක්.. තප්පර 10 ක් විතර නිහඬව ඉඳී.

” අප්ප කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ” අම්ම මට නෑහෙන්න එහෙම කියයි.

” දැන් කාලෙ කෙල්ලො පරිස්සම් කරනවට වඩා අමාරුයි කොල්ලො පරිස්සම් කරන එක. කමක් නෑ..
කෙල්ලෙක් නේ.. මම බයේ හිටියේ කොල්ලෙක් එක්ක යාළු වෙයි කියල. මළ සමයං නෙ මෙහෙ තියෙන්නෙ”
වත්සලා අවසානයට එහෙම කියයි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

34 Responses to මටත් පුතෙක් හිටියනං !

  1. Pamuditha Zen Anjana පවසයි:

    අදමයි මේ පැත්තට මම කඩා පාත්වුණේ.. නිකම් අහම්බයකින් අහුවෙච්ච ලින්ක් එකක් දිගේ… පට්ට..!

  2. offshore bank account පවසයි:

    අපේ මාමා කෙනෙක් හිටිය. පළමු දරුවා කෙල්ලක්. ඊ ළඟටත් කෙල්ලක්.. ඊ ළඟටත් කෙල්ලක්. මාමයි නැන්දයි නොහොඳ නෝක්කඩු උනා, මාමට ඕන වුනා පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක්. ඔහොම හත් දෙනෙක් වෙනකං ට්‍රයි කරල , මාමා මැරුනා.

  3. Alchemiya පවසයි:

    මම නම් කැමති කොල්ලන්ට….. මට හම්බවෙච්ච එකා කොල්ලෙක් වෙච්චි එක ගැන මම අනන්තවාරයක් සංතෝෂ වෙනවා. ඌ මම වගේමයි… මට වඩා කඩවසම් – දක්‍ෂයි. දැම්මම කෙල්ලො උගෙ පස්සෙන්.. (ඉස්සර මට වගේ) සමහර වෙලාවට පන්තියෙ කෙල්ලො රණ්ඩු වෙනවලු මූව බෙදාගන්න බැරුව…. (අප්පගෙම පුතා)
    මම ඌ එක්ක හැම තැනම යනවා… අපි දෙන්නටම කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කාර් ගැන තමයි වැඩිම කතාව…. ඉඳලා හිටලා ඇවිදින්නත් යනවා….
    ඒ නිසා මම කොල්ලොන්ට කැමතියි… දෑවැද්ද හොයන්න මහන්සි වෙන්නත් ඕන නෑ…

  4. මඩයා පවසයි:

    ” ඔව් අනේ.. ලස්සනට අන්දවන්න පුළුවන්. එක එක විදියට ගවුම් මෝස්තර.. වළලු..
    කොණ්ඩ පටි..””
    මේ ටික මගේ ගෑණු ළමයත් කියන කතාවක්.ඒත් මං ආස මුල් කෙනා පුතෙක් වෙනවට.

    මේ ටික පට්ට ” මම බයේ හිටියේ කොල්ලෙක් එක්ක යාළු වෙයි කියල. මළ සමයං නෙ මෙහෙ තියෙන්නෙ”
    :);)

  5. පූසා පවසයි:

    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් වෙනසක් නෑ නේ?

  6. ගුලියා පවසයි:

    මම නම් ඉස්සෙලම ආස පුතෙකුට…. ඊට පස්සේ දුවෙක් හෝ පුතෙක්… මගෙත් target එක 2යි ඉස්සර නම් මුළු ක්‍රිකට් ටීම් එක මගේ කියල හිතා උන්නේ…. 😀

    ඔන්න කාලෙකට පස්සේ නිහාල් අයියගේ අන්තිම පොස්ට් 10ම එක දිගට කියෝගෙන කියෝගන ගියා…. 😀

  7. dayal bathee පවසයි:

    ළමයින්ව මූදට දාල
    ඒ ලමයි පීනන කොට
    පීනන්න එපා කියන එක හරිද

    කෙල්ලද කොල්ලද කියන එක
    වැදගත් නෑ කියන එකත්
    ඒ කතාවෙන් කියවෙනව

  8. praveena පවසයි:

    අපරාදේ නිහාල්ලට කොල්ලෙක් හම්බ උනේ නැත්තේ. කොච්චර ලස්සන ලේලි කෙනෙක් හොයාගන්ට තිබුනද? 😦

    දුකේ බෑ. 🙂

    • Nihal Gurusinghe පවසයි:

      මට පුතෙක් හිටිය නම්.. ඌත් මං වගේම ලස්සන හොයා ගෙන යයි.. ඔහොම ගිහින් ගිහින්.. මෙක්සිකන් කෙල්ලක් හොයා ගනී..
      හප්පා බලන්ට එපායැ උන් ගෙ ලස්සන. හැබැයි ඉතින් බඳින්ට නම් නෙවෙයි.
      no money … no honey කියන එක තමා උන්ගෙ මොටෝ එක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )