භූතයෝ …


ලෝකය නිර්මාණය වී ඇත්තේ පඨවි , ආපෝ , තේජෝ , වායෝ යන බහු භූතයන්ගෙන් බව
අපේ හාමුදුරුවරුන් බණට කියනව. නවීන විද්‍යාවද මෙය තරමක් දුරට සනාත කරනව.
භූතයෝ ගැන ලියන්න හිතුවෙ , පොඩ්ඩි යක්කු ගැන ලිව්වට පස්සෙ. භූතයො කියන්නෙ පියවි
ඇසට නොපෙනෙන සත්ව කොට්ටාශයක්. අප පුනරුත්පත්තිය හෙවත් මරණින් මතු ආත්මයක්
ඇති බව විශ්වාස කරනව. කෙනෙක් මිය ගොස් , නැවත උත්පත්තියක් ලබන තුරු
ගන්ධබ්බ අවස්තාවක ඉන්නා බවත් බණට කියවෙනව. මෙහෙම ඉන්න අවස්තාවක් තමයි
මේ භූතයෝ.

පියවි ඇසට නොපෙනුනත් , ඉඳ හිට රටේ එක් තැනක , දෙතැනක භූතයන් පෙනෙන්න පටන්
ගන්නව. කුස්සියේ ඉදී ගෙන එන බත් හැලියට අත දාල , ඇඟිලි පාර හිටින්ට බත් අහුරක්
ගන්නව. ඒ කියන්නේ බූතයන්ට ඇඟිලි තියෙනව.
පහු ගිය කාලෙ ගාල්ල පැත්තෙ කෙනෙක් හිටිය භූතයො අල්ලල බෝතලේකට දාන්න සමත්.
බටහිර රටවල භූතයන් ගැන උනන්දුවක් තියෙන අය , නොයෙක් නවීන අධි තාක්ෂණික මෙවලම් යොදා ගෙන භූතයන් අල්ලන වැඩ සටහන් රූපවාහිනියෙන් පෙන්වනව. පහු ගිය කාලෙ චිත්‍රපටි එහෙමත්
හැදුන ගොස්ට් බස්ටර්ස් කියල.
භූතයෝ , මිනිසුන්ට හිරිහැර කරන , ලෙඩ දාන සහ මිනිසුන්ට උදව් කරන ආකාර දෙ වර්ගයක්.

මම ඉස්සෙල්ලම බූතයො ගැන ඇහුවෙ , අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහන කතාවෙන්.
ඇලඩින් දුප්පත් මිනිහෙක්. මිනිහට පහනක් හම්බ වෙනව. පහන ටිකක් පිරිමැද්දාම භූතයෙක්
මතු වෙනව. ඒ භූතයා ඇලඩින් ඉල්ලන ඉල්ලන දේ ලබා දෙනව.

හවායි කියන්නෙ ශාන්තිකර සාගරයේ තියෙන ලස්සන දූපතක්. ඇත්තටම දූපත් සමූහයක්.
එය පිහිටා තිබෙන්නේ ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස් සිට හැතැප්ම 2550 ක් පමන දුරින්. මේ දෙපොලේ
වෙලාවේ වෙනස පැය තුන හමාරක්. දේශගුණය ලංකාවේ දේශගුණයට සමානයි.
ලංකාවේ වැවෙන දෙල් , මයියොක්කා , අන්නාසි , අරලිය වගේ දේ වැවෙනව. පසුව ඇමරිකාව,
හවායි දිවයිනත් තම්න්ගේ ජනපද ගොන්නට එකතු කර ගත්තා. ගුවන් මගින් යන්නෙකුට
ලොස් ඇන්ජලිස් සිට හවායි වල හොනලූලූ වලට යන්න පැය 4 ක් විතර ගතවෙනව. වෙලාවේ
වෙනසත් එක්ක බැලුවම එය පැය 7 ක විතර ගමනක්.
ලොස් ඇන්ජලිස් වල පදිංචි කෙනෙකුගේ පෙම්වතිය ඉන්නේ හොනලූලූ වල. මිනිහ හරි දුකෙන් හිටියේ
නිතරම ඈව දකින්න නොලැබීම ගැන. දවසක් මිනිහ මුහුදු වෙරළේ ඇවිදින විට කුඩා
බෝතලයක් හමු උනා. මිනිහ කුතුහලයෙන් මූඩිය ගැලෙව්වා. සුදු දුමකුත් එක්ක භූතයෙක්
මතු උනා. භූතයා මෙහෙම කියනවා.
“උඹට පිං. මම අවුරුදු දාස් ගානක් හිර වෙලා හිටියා. උඹට උදව්වක් වශයෙන් වරයක්
දෙනවා. කැමති ඕනෑම දෙයක් ඉල්ලපන්”.
මිනිහ කියනව , ” ලොස් ඇන්ජලිස් ඉඳල හොනලූලූ වලට පාරක් හදල දෙන්න” කියල.
එවිට භූතය කියනව, “ඒක ටිකක් කරදර වැඩක්.. සෑහෙන්න ගල් ,වැලි , සිමෙන්ති , යකඩ
ප්‍රමාණයක් ඕන වෙනව. වෙන මොනව හරි ඉල්ලපන්”
” මගෙ කෙල්ල හිටපු ගමන් වෙනස් වෙනව. දවසක් හිනා වෙලා හිටියොත් , දවසක් බුම්ම ගෙන.
මට ඇගෙ හිත අඳුන ගන්න බලයක් දෙන්න”
එවි ට භූතය කියනව… හරි උඹට අර පාර ඕන කොහොමද ? තනි ලේන් එකටද ?
ලේන් දෙකටද ?” කියල.

මමත් දවසක් La Jolla බීච් එකට ගියා. ටිකක් ඇවිදින ගමන් පොඩි මනෝ පාරක් දැම්ම.
මම දකිනව වෙරළේ වැල්ලේ බාගෙට යට වුනු කොළ පාට බෝතලයක්. මම ඒක අතට ගන්නව. මූඩිය අරිනව.
දුමකුත් එක්ක භූතයෙක් මතු වෙනව. නිදහස් කළාට තෑග්ගක් ලෙසට මට වරයක් ලැබෙනව.
මම මොනවද මේකගෙන් ඉල්ලන්නෙ ?…..

ගෙයක් : නෑ.. මට සුව පහසුව ඉන්න , මට නඩත්තු කළ හැකි තරමේ ගෙයක් මට තියෙනව.
කාර් එකක් : එපා… තව අවුරුදු පහක් හයක් මග නොනැවතී කෑලි නොහැලී දුවන්න
හැකි කාර් එකක් මට තියෙනව.
මගේ බිරිඳගේ තරුණ බව. ඕහ් ! මයි ගෝඩ් !… ගෑණු කවුරුද වරදෙ නොබැඳෙන. මේ නාකියාගෙන්
මට වැඩක් නෑ කියල, යන්න යයි කා එක්ක හරි.
මගේ තරුණ කම : නෑ.. එතකොට එයාට ඉරිසියා හිතෙයි.
මම ඉල්ලනව කාටවත් නොපෙනී ඉන්න හැකි බලයක්.

මගේ සේවාස්තානයේ මගේ යාබද කාමරයේ ඉන්න මෙක්සිකන්/ පිලිපීන කලවම්
සම්භවයක් ඇති ඔෆීලියා අල්වාරෙස්. උස අඩි 5 යි අඟල් 8. වයස අවුරුදු 32 යි.
පපුව 38 යි. ඉන 31 යි. උකුළ 40 යි. අවිවාහක.හවසට ඕෆ් වෙලා යනකොට හෙමීට පස්සෙන් ගිහින්
ඇගෙ කාර් එකට නගිනව. එයත් එක්කම එයාගෙ ගෙදරට යනව. ඇඳුම් මාරු කරන හැටි බලන් ඉන්නව. ඇඳුම් සේරම
ගලවල ෂවර් එකට ඔළුව අල්ලන හැටි බලන් ඉන්නව.. තව… ???????

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

28 Responses to භූතයෝ …

  1. madush පවසයි:

    “Erotic Adventures of Invisible Man” search find and watch the movie, Sexy Gabriella Hall is there and the Director would have seen the same fantasy that you dream now… 🙂

  2. Kumari ranasinghe පවසයි:

    Matath eka welawakata hithenawa nopenee yana balayak thiyenawan kochchara hondada kiyala.

    Man Gotukola akramanayaka yeduna hoya ganna bariuna. Parsley walain hadanna balanawa. Man New York walin umbalakada genna gannawa. Sambolai panau, mage favourite. Rata wenas unata kapu dewal amathaka karanna bane.
    Katha liyana vidiya harima sith adagannna sului,,,thanks,,,

  3. නවම් පවසයි:

    ඔය කියන නොපෙනී යන වරය ලැබුනම ස්පර්ෂ දැනෙනවද, එහෙමත් නැත්නම් දකින දේ විතරද ?

  4. Sudath පවසයි:

    යථාර්ථවාදියෙක් කොහොමද හීනෙන් භූතයකු දකින්නෙ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )