අපේ කාලෙ අමුතු සිංදු………


දේශානුරාගය , මමත්වය වැනි හැඟීම් මගේ බ්ලොගයේ හැම තැනකම පාහේ විසිරී
ඇති බව ඔබට පෙනෙනු ඇත. ඒවා මවා ගත් ඒවා නොව , උපන් රටින් බැහැරව මාස හය
හතක් වෙනත් නුහුරු රටක ජීවත්වන විට නිරායාසයෙන්ම සිතට ඇතුළු වන සිතුවිලිය.
මා ලෝකයේ රටවල් කිහිපයකම සරා ඇති අතර විවිධ ජාතීන් ඇසුරු කොට ඇත.

විවිධ භාෂාවන් අතරින් මගේ කණේ යවුල් අනින්නාක් වැනි බස නම් කාම්භෝජ බසයි.
ඒත් උන්ට නම් එය කණට මී පැණි හලන්නා මෙන් විය හැක. හේතුව තමන්ගේ දේ තමන්ට
ලොකු වීමය. එහි ඇති වරදක් නැත. අපේ බස උන්ට කඨෝර විය හැකිය. එහෙත් සංගීතය විශ්ව
භාෂාවකි. සිංහළ ගී හැරුණු කොට මා දෙවන තැන දෙන්නේ හින්දි ගී වලටය. ඒ අපට ටිකක්
කිට්ටු නිසාත් , ඒවා ඇසුරු කර ඇති රාගයන් මගේ කණට හුරු නිසාත්ය. ඊ ළඟට අරාබි, ස්පාඤ්ඤ,
කොලොම්බියානු , අරාබි සංගීතයටත් මා ආසා කරයි.
ලම්බාඩා ඇසුනාම නැටවෙන්නේ නැත්තේ කාගේ මස් පිඩුද ?

මේ නොබෝදා මා යූ ටියුබ් එක හරහා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන නැරඹුවා. තරඟයට
ඉදිරිපත් වන අවුරුදු 18 ,20 කොලු කෙල්ලන් ගායනා කරන්නේ අප කුඩා කළ ආශාවෙන් ඇසූ මිල්ටන්
පෙරේරා , මල්ලවාරච්චි , වික්ටර් , ජෝතිපාල වැන්නවුන්ගේ ගීතයන්ය. ඉඳ හිට නව පරපුරේ යයි කියා
ගන්නා ගී ද ඉදිරිපත් කෙරේ. ඒවාට ගීත කියා කියනවාට වඩා සංගීත ගාල ගෝට්ටි කියා කීමට
මා කැමතිය. එතරම්ම හරසුන් ඒවාය.

කවදාවත් නොමැරෙන ජෝති ගයා ඇති මේ ගීය ඔබ අසා ඇද්ද ? සංගීත භාෂාවෙන් මෙවන්
ගී වලට කියන නම කුමක්ද කියා මා නොදනී.

අසන්න… මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
ගීය පටන් ගැනීමට පෙර , ගීයේ තනුවට වෙනස් තනුවකින් ගැයෙන කවියකි.

“මගෙ අත ඔබට මිස හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන”
එම කොටස මූලික ගීතයේ සාරාංශයක් බඳුය. එමෙන්ම එමගින් මුල් ගීයට අලංකාරයක් එක් කරයි.

“ඊයේ උදේ ළිඳ ළඟ ඉන්නවා බලා
බැන්නා කුඩම්මා මට කෝටුවෙන් තලා
දුප්පත් නිසා ඔයාව අත හැර දාලා
වෙනතක බලන්නයි කීවා ඔරවාලා ”

ආදර රත්නේ මොකද ඔයා
කරබා ඉන්නේ නැතිව දයා
තියෙන දෙයක් සඟවා නොකියා….. සිසිර හා ඉන්ද්‍රාණී සේනාරත්න ගයයි. මෙහි මුල් කොටස කවියක්
මෙන් දෙවන කොටසට වෙනස් තනුවකින් ගැයේ.අවාසනාවක මහත. එම ගීය අන්තර්ජාලයෙන් සොයා ගත නොහැකිවිය. මතකයේ තිබුනේද ඉහත කොටස පමනකි.

50 දශකයේ නිපැයුනු මාතලන් චිත්‍රපටියේ ” හනික යමන් පුල්ලි ගොනෝ” ගීයේද එවන් කොටසක්
ඇත. මේ සියල්ලම මතකයට ආයේ නොබෝදා දිනක ශ්‍රී කන්කන් ලයිෆ් නම් වැඩ සටහනකට ප්‍රියංවදා
මධුභාෂිනී නම් ආධුනික ගායිකාව නව සංගීත රටාවට ගැයූ රුක්මණී දේවිය විසින් මුලින්
ගයන ලද ගීයක් යූ ටියුබ් එකෙන් දැකීමෙන් පසුවය.

ලෝකයට ශිෂ්ටාචාරය ගියේ ලංකාවෙන් යැයි වරක අරිසෙන් අහුබුදුවෝ කීහ. දැනට වර්ගපූර්නිකාව
බ්ලොගය ලියන මීවනපලානේ ජයරත්නයෝද එයම පවසත්. එසේ කීමට හේතු සාධක අප සතුව
ඇත. එහෙත් ඉන්දියානුවන්ද කියන්නේ එයමය. එනම් ලොව මූලාරම්භය ඉන්දියාවේ සිදුව ඇති
බවය.
80 දශකයේ අග භාගයේ පටන් ගෙන ලොව පුරාම රැල්ලක් සේ ගලා ගිය ” රැප්” රැල්ලේ මූලාශ්‍රය ඉහත
මා දක්වා ඇති ගී ප්‍රභේදයම මිසක් වෙන කුමක්ද ?

ඒ වාගේම ගැයෙන රටාවක් අප පද්‍ය සාහිත්‍යයේද ඇත. එය ” ටීකා ” නමින් හැඳින්වේ.
ටිකා වල උපත , පටන් ගත් කාල වකවානුව , පටන් ගත්තේ කවරෙක්ද යන්න අපැහැදිලිය.
ගැමියන් සී පද ගායනා කළේ වෙහෙස නිවා ගැනීමටය. ඇද පැද තාලයට ගැයෙන
සිවු පදයේ අතරමැදට දමන , මුල් පද්‍යයේ තාලයට වෙනස් අයුරකින් වේග රිද්මයට
හා හාස්‍ය උපදින අයුරින් ගැයෙන දෙවන කොටස හෙවත් ටීකාව මුල් පද්‍යයට කිසිම අයුරකින්
සම්බන්දතාවයක් නැත. එය ; මුල් කවියේ සාරාංශයක් හෝ සංක්ෂිප්තයද නොවේ.
වාරේ කුරුඳු අරගෙන මම යන කලට
පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට

කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද,අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද,
මොන හත්වලාවක වාරයක් ද කියන්න මම දන්නෙ නෑ
අලින් ගිය පාරක් ද, කොටින් ගිය පාරක් ද, මුවන් ගිය පාරක් ද, ගෝනුන් ගිය පාරක් ද,
නයින්, පොළඟුන්, පිඹුරන් ගිය පාරක් ද, මොන විදියේ පාරක් ද කියන්න මම දන්නෙ නෑ
මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
හුරේ ඔරුව පැදපන් කීය එගොඩට

රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,
මුතු, මැණික්, වෛරෝඩි බැඳපු මාලයක් ද, මොන කෙහෙල් මල් මාලයක් ද කියන්න මම දන්නෙ නෑ
තාත්තගෙන් ආ නෑ කමක් ද, මුත්තාගෙන් ආ නෑ කමක් ද, නත්තගෙන් ආ නෑ කමක් ද, පනත්තගෙන් ආ නෑ කමක් ද,කිත්තගෙන්, කිරි කිත්තගෙන්, කිරි කෑ මුත්තගෙන් ආ නෑ කමක් ද කියන්න මම දන්නෙ නෑ
( පින්තාලියෙන් උපුටා ගන්නා ලදී.)
මා ඉහත කී පරිදි වසංගතයක් මෙන් හමා ගිය රැප් සංගීත කලාව නිසා විශේෂයෙන් කළු ඇමරිකානුවන්
කෝටි – ප්‍රකොටිපතියන් විය. ඉන් අතරින් ස්නූපි , 50 සෙන්ට්ස් , ඩොක්ටර් ඩ්‍රේ , කීප දෙනෙකි. මුල් ගීයට
කිසිම සමීපත්වයක් නැති රැප් කොටස අමු තිත්ත කුණුහරුපය.
පහත ගීයට සවන් දෙන්න. එහි පදද පහත දක්වමි.

Just like bums, we used to stay in the slums of LA by the way
Gang-bangers killin’ each other for rep, sellin’ rock cocaine on my doorstep
Had a ball to bounce plus a bike to ride, but my mamma never would let me play outside.
But when I got enrolled in elementary school, started bangin’ like a fuckin’ fool.
So cool, throwin’ up gang signs to the gangster (?), shot an enemy from across the street
Mamma came home, said she got a good job. Daddy did too. Now they don’t squab.
Financially, we improvin’. 2 months later, son, we movin’.
No more duckin’ from shotgun shells. Bought a two-story house in East Palmdale.
(give it to me now.)

Palmdale, come back to me.
I need you and I love you, baby.
Palmdale, come back to me.
(Check it out, check it out, check it out.)

No more rats and no more roaches, livin’ next door ito football coaches.
Now I got a new place to sell me crack. Now I got little white kids to jack.
I stopped wearin’ blue, wasn’t trippin’ on red. Too busy squabbin’ with the skinheads.
Stupid questions, distract the class. Rubbin’ little white girls on the ass.
I didn’t really care if I passed or failed, I knew I was headed for the NFL,
Until the playoff game, shoulder got hurt. I thought about my future, layin’ in the dirt.
I can’t jump, I can’t flinch. Superstar player, ridin’ the bench.
Graduate from school? Don’t make me laugh. I got an F+ in basic math.
(give it to me now.)

Palmdale, (Hell, yeah.) come back to me.
I gotta do one song for my neighborhood. Bucccoooc!
Palmdale, come back to me.
(check it out.)

I knew I couldn’t make it in the white man’s world, so I bought me some khakis and a Geri curl.
I knew I couldn’t make it to the NFL, so I went to East Palmdale and started slingin’ yell.
Fo’ sho’! I was makin’ crazy dough. Shoulda dropped outta school a long time ago.
Bought a cell phone, like a nut. Now I deliver like Pizza Hut.
I drunk whisky and Bacardi. I sold dope to anybody.
Me and my homies sold dubs and dimes, took turns bustin’ rhymes just to pass the time.
A white man drove up to my spot. He said, Hey, homeboy, what you got?
I put a fat rock inside his hand. About 25 sheriffs jumped out the van.
(Get down, punk.)

Palmdale, (Hell, yeah) come back to me.
I need you and I love you, baby.
Palmdale, come back to me.
(check it out, check it out, check it out.)

Rap යන ඉංග්‍රීසි වචනය නියෝජනය කෙරෙන නියම වචනය මින් කුමක්ද ?
Rap – තට්ටු කිරීම , ඉක්මණ් පහර දීම
Wrap – ඔතනවා , දවටනවා
Rhapsody -ආටෝප සහිත ව්‍යාකූල රචනාව.

මගේ අදහස නම් රැප් , යන්නට වඩාත් සුදුසු Rhapsody බවයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

15 Responses to අපේ කාලෙ අමුතු සිංදු………

  1. Madumadawa pathirana පවසයි:

    අපි ස්කෝලේ ඇරිලා කෝච්චියේ එනකොට හැමදාම අනිවාර්යෙන්ම කියන සිංදුවක්…අයේ මල් 7 යි….අපි කොල්ලො ඉතින් ඔය මුලදි යන

    “මගෙ අත ඔබට මිස හිතවතියකට වෙන
    දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
    මිනී වලක මා යටකර තබන දින
    වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන”

    කොටස අපි කියන්නෙ මෙන්න මෙහෙම….

    “සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර…..
    සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර….
    වා පිත් සෙම් ද සමනය කර දෙන මිහිර…..
    සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර…….”

    හෙහ් හෙහ් හෙහ් ඔන්න ඔහොම…ඇත්තම කිව්වොත් මේකයි අපේ එකෙක්ටවත් මතක නෑ ඔය කෑල්ල…මතක තියාගන්ඩ ඔනෙ වුනෙත් නෑ…මොකද සිද්ධාලේප වෙද මහත්තය ඉන්නවනේ…හෙහ් හෙහ් හෙහ්….තාලෙත් එක වගේනේ…….

  2. Kandyan පවසයි:

    ඇයි….දෙකක් දාගත්තහම කියන ‘ඇරපිය ඇරපිය ලුසිය දොර’ …. ඒකත් පරණ ස්ටයිල් එකේ රැප් එකක් 🙂

  3. අවමංගල පවසයි:

    උපතේ ඉඳලා මරණය දක්වාම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් ගැන අප්‍රමාණ ගීත සාහිත්‍යයක් තියෙන අපේ සිංහල ගීත සාහිත්‍යය අත ඇරලා අපි මොකටද පිටරටට තවත් ගැති වෙන්නේ…???

    කොහොම වුණත් දැන් නම් ඇත්තටම ගීත රසිකයින් අතර සිංහල සුභාවිත ගීත ගැන යම් සාධනීය කතාබහක් ඇති වෙලා තියෙන හැඩයි… ඒක සතුටට කාරණයක්!

  4. රූ පවසයි:

    ටීකා ගැන ආයෙත් මතක් කලාට ස්තුතියි..පින්තාලියට ගිහින් ආපහු නන්දා මාලිනියගේ හඬින් ගැයුනු ඒ ගීය ඇහුවාම ආයෙත් අතීත සුමිහිරි මතක අතර තනි වුනා..

    දැන් සංගීතය ගැන නම් මම මොකුත් කියන්නැත්තෙ කලාවටත් කාලයේ තාලයක් තියෙන නිසා..සමහර විට අපි මේවා ගැන කතා කරන්න වයස වැඩිද දන්නෑ…:)

    • Nihal Gurusinghe පවසයි:

      ඇත්ත. අපි එක තැන පල් වෙන්න ඕන නෑ. අළුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. අපි කාලයත් සමඟ අනික් ජාතීන් සමඟ ඉදිරියට යා යුතුයි.
      ඔබ ලංකාවේ තියෙන “තරු” සොයන වැඩසටහන් නරඹන්න. 95% ක්ම තරඟකරුවන් ගයන්නේ ඉපැරණි ගී.
      නව පරපුරේ සමහර ගීත තියෙනවා, ඒවා , මුල් ගායකයාටවත් දෙවන වර මුල් තනුවට ගයන්න පුළුවන්දැයි සැකයි.

  5. RanDil පවසයි:

    ටීකා සීපද………. ඉස්කෝලේ යන කාලේ නර්තනය විෂයට අපට ඉගැන්නුවා මතකයි. අනේ ඒ කාලේ හොඳට මතක තිබුනා. දැන් මතක නැහැ…

    ………………… එකෙක් ඇවිත් දුන්නයි මගේ පිට මැදට…….
    මහා උස් කණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් (සීයක් දෙසීයක්ද මන්දා) කඩන්නා සේ………..

    🙂

  6. Budditha Fernando පවසයි:

    ඔබ අවසානයට පැවසු දෙයට එකඟ වීමට අපහසුයි.. රැප් සංගීතයටත් ඉතිහාසයක් ඇත… සංගීතය විශ්ව බාසාවක් නම් රැප් සංගීතයත් එහි කොටසකි../// ..http://www.youtube.com/watch?v=1wYNFfgrXTI

    • Nihal Gurusinghe පවසයි:

      විකිපීඩියාව කියන්නේ රැප් සංස්කෘතියේ ආරම්භය 1970 පමණ බවය.
      කාලයෙන් කාලයට දේවල් වෙනස් වේ. මා මෙහි කියන්නේ කුණුහරුප අඩංගු සහ එවන් දේ අඩංගු නොවන රැප් ගී වල මුල් ආරම්භය විය හැක්කේ අපේ ” ටීකා” බවයි. ප්‍රතිචාරයට ස්තූතියි.

  7. wicharaka විචාරක පවසයි:

    ආදර රත්නේ මොකද ඔයා ගීතය ගායනා කරන්නේ සිසිර/ඉන්ද්‍රානි නොව, අද්විතීය මහා කලාකරු සුසිල් ප්‍රේමරත්න සහ මල්ලිකා කහවිටයි. පහත දැක්වෙන ලින්ක් එකෙන් සුසිල් ප්‍රේමරත්නගේ ‘කෝ අද මැණිකා කොහෙද මගේ’ නමැති ඒ ගීතය අහන්න පුළුවන්.
    http://www.infolanka.com/miyuru_gee/art/susil.html

    අසමි දකිමි සොයමි ලියන විචාරක

  8. praveena පවසයි:

    පරණ සිංදු ටික ලස්සනයි. ජෝතිපාල මහත්තයාගේ සිංදුව හරිම අපූරුයි.
    මගේ අදහස නම් රැප් , යන්න තට්ටු කිරීම , ඉක්මණ් පහර දීම බවයි. 😀
    සංගීතයෙන් පමනක් නෙමේ හැම දේකින්ම සිදුවෙන්නේ ඒකනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )