“අපගේ ගමන් මග වැටී ඇත්තේ පෙට්ටි දෙකක් අතරය”.
මේ වාක්‍යය තේරුම් ගැනීමට එතරම ලොකු ඥානයක් අවශ්‍ය නැත.
මා කුඩා කළ ප්‍රිය කළ විෂයයන් ගෙන් එකක් වූයේ අත්වැඩය. කිරි මැටි
ගුලි කර කුරුල්ලෙකු සාදා උගේ ඇස් වලට ඔළිඳ ඇට දෙකක් තැබීමටත්;
මැටි ගුලියක් කර , අසළ දෙහි ගසකින් කොළ ඉත්තක් ඒ මත ඔබා දොඩම්
ගෙඩියක් සෑදීමටත් වඩා මා ආසා කළේ හිස් සිගරට් පෙට්ටි තීරු කපා
දම්වැල් ගෙතීමටය. එකල ජනප්‍රිය සිගරට් වර්ග වූයේ ෆෝ ඒසස් , ත්‍රී
රෝසස් වගේ ඒවාය.
පාසළ අසළ ඇති කඩේ පියදාස මාමාට කලින් කීවාම ඔහු හිස්
සිගරට් පෙට්ටි එකතු කර තබයි. එම පෙට්ටි තීරු වලින් පැදුරු විවීමත් ,
බල්ලන් සෑදීමත් , පෙට්ටි සෑදීමත් තුනේ පන්තියේදී වූ අත්වැඩය.
පෙට්ටි සාමාන්‍යයෙන් හතරැස්ය. එසේම ඒවා සෘජුකෝණාශ්‍රාකාර
හෝ සමචතුරශ්‍රාකාර විය හැක.
දියසායම් පෙට්ටි , රට හුණු පෙට්ටි, පැස්ටල් පෙට්ටි හා ඉන්පසුව කව කටු පෙට්ටි
අපේ ජීවිත වලට සමීප පෙට්ටිය.
හැම පෙට්ටියකටම පාහේ පියනක් ඇතත් සමචතුරශ්‍රාකාර පෙට්ටියක්
වන් ” ලාහ ” ට පියනක් නැත. වී හෝ හාල් මැනීමට ගොවියන් භාවිතා
කරන ලාහට ගෙම්බන් එකතු කළ නොහැක්කේ කට පලළ ඊට පියනක්ද
නැති නිසාය.
පැක් ( Pack ) කිරිමට , ප්‍රවාහනයේදී පරෙස්සම් ලෙස ඇසිරීමට ලොවට
උපන් පකිස් පෙට්ටිය බාල ලෑලි වලින් සාදයි. අසුරන භාණ්ඩයේ ස්වභාවය
අනුව පෙට්ටියේ වැදගත් කමද , අලංකාරයද , වටිනාකමද අඩු
වැඩිවේ. එළවළු , පළතුරු ඇසිරීමට ගන්න පෙට්ටිය බාල ඇල්බීසියා
හෝ රට ඇඹ ලෑල්ලෙන් හදතත් , චොක්ලට් පෙට්ටි , රන් රිදී අභරණ පෙට්ටි
සිත් ඇද ගන්නා සුළු ඒවාය.
අපට නැතුවම බැරි මිනී පෙට්ටි ඊට සුදුසුම උදාහරණයකි.
මැරෙන එක එපා වෙන්නේ පෙට්ටි වල ගණන් ඇසුවාමය. මිය ගොස් ඇත්තේ
හොඳ ” දළ” කාරයෙක් නම් , ඇල්බීසීයා හෝ ගිනි සපු ලී වලින් හැදූ පෙට්ටියම
බුරුත , තේක්ක හෝ ” ඕක්” කිරීමට මිනී පෙට්ටි සාපු කාරයා දනී.
ගෙවල බිත්තිවල ගෑමට සී. අයි.සී. , රොබියලැක් , ඩියුලක්ස් නොතිබුණු
කාලයේ විවිධ පාට කුඩු වර්ග යොදා ගැනින. කහ පාට කුඩු
” සමර” ය. සමර වලට වයින් ස්ප්‍රීතු දමා දිය කොට , ඕනෑම
බාල ලීයක ආලේප කිරීමෙන් ඊට තේක්ක හෝ බුරුත පෙනුමක් ලබා දීමට
මිනී පෙට්ටි කාරයෝ දනිත්.
මිනිසෙකුගේ නැන්දම්මාවක් නයෙක් දෂ්ට කිරීමෙන් අකාලයේ මිය ගියාය.
කාගෙත් සෝ සුසුම් මැද ඇගේ දේහය සහිත පෙට්ටිය , කර පිටින් කනත්තට
යන ගමනේදී , පහත්වී බිමට නැමී තිබුණු ගසක අත්තක් වැදීමෙන්
පෙට්ටියේ පියන හදිසියේ විවෘත විය. පෙට්ටිය සාදා තිබුණු රුක් අත්තන
ලීයට නයි විෂ උරා ගෙන ඇත.නැන්දම්මා නැගිට්ටාය.
තව ටික කලක් ජීවත් වූ ඇය පසුව රෝගයකින් ඇත්තටම මිය ගියාය.
මිනිය නැවත කනත්තට යැවුනේ පරණ පාරෙන්මය.
” ළමයිනේ… ඔතනින් යන කොට ටිකක් පරෙස්සමෙන්” බෑණා කියා ඇත.
පෙට්ටියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ග්‍රීක කතා වල එන පැන්ඩෝරාගේ
පෙට්ටියේ නොමිනිස්කම් පුරවා ඇත. තවත් සමහරුන් කියන්නේ එහි බලාපොරොත්තු
පුරවා ඇති බවය.
පන්සල් වල ඇති පෙට්ටිය පිං පෙට්ටියයි. එහි ඇත්තේ පිං නොව කාසිය.
අපේ ගමේ පන්සලේ තාප්පෙට හේත්තු වී කට ඇර ගෙන ඉන්නා සිංහයාගේ
කටට කාසියක් දැමූ විට එම කාසිය කොහාටද පෙරලී ගොස් ” ටිං” ගා සද්දයක්
ඇසේ. අත්තම්මා කීවේ ඒ හඬ චාතුර් මහා රාජිකයට ඇසෙන බවය.
ගම්වල ගෑණු ඉවීමට මෙන්ම විවීමටද දස්සියෝය. අපේ අත්තම්මා
පන්කොළ වලින් වියන පෙට්ටිය රවුම්ය. එහි පියනක්ද වෙයි. පන්සලට දන්
ගෙන යාමට හා කුඹුරට ඇඹුල ගෙන යාමටද පාවිච්චි කෙරෙන මෙම
පෙට්ටිය වටකුරු නිසා ඊට වට පෙට්ටිය කියා කියයි.
මේ පෙට්ටි ගැන තවත් කතා පිංචකි. පාසල් වලට හදිසියෙන් පරීක්ෂක
වරුන් එන්නේ ගුරුවරුන් හොඳින් උගන්වනවාදැයි බැලීමටයි. බාලාංශ
පන්තියට ගිය පරීක්ෂකයා කුඩා ළමුන් ගෙන් ප්‍රශ්න ඇසුවේය.
” කැලේ ඉන්න ලොකුම සතා මොකාද ?”
විනාඩියක් දෙකක් ගත විය. එකෙක්වත් උත්තරේ දන්නෙ නැත. අඩි දෙකක්
පස්සට ගිය ගුරුවරයා සාක්කුවට අත දමා අලියා ගිනි පෙට්ටියක් ගෙන
ළමුන්ට පමණක් පෙන්නුවේය.
ළමුන් හැමෝම ” අපි දන්නවා.. අපි දන්නවා” අත් ඉස්සූහ.
” හා එහෙනම් කියන්න බබාලා”
” කැලේ ලොකුම සතා ගිනි පෙට්ටිය…” ළමෝ උත්තර දුන්හ.
ලී පෙට්ටි , යකඩ පෙට්ටි , ප්ලාස්ටික් පෙට්ටි , කාඩ්බෝඩ් පෙට්ටි , තැපැල් පෙට්ටි , හැම තැනම පෙට්ටි.
මෙම හතරැස් හා රවුම් පෙට්ටි වලට අමතරව කිසිම හැඩයක් නැති පෙට්ටි ජාතියක්ද
ඇත.
මා විවා වූ අළුත , ඈ සමඟ කෙළි දෙලෙන් පසුවන විට , නිකම්
කොලොප්පටමට වගේ.. ” ඇත්තටම මොකද ඕකට පෙට්ටිය කියන්නේ” මා ඇසුවා.
” අනේ කවුරු දන්නවද ?… ඔයාලමනෙ ඕකට රටේ නැති නම් දාන්නෙ”
ඈ කීවාය.
මේ හැම පෙට්ටියකටම වඩා චන්ද පෙට්ටිය වැදගත්ය. කොච්චර වැදගත්ද
කියනවා නම් එය එහෙ- මෙහෙ ගෙන යන්නේ මුර කාවල් මැදය.
” උඹලා සුදු කොලේ දෙකට නමල රතු පෙට්ටියට දමනවා… උඹලෑ අප්පො
ඒරොප්පෙට යනව”
මිනිසුන් විලාප දෙමින් හඬයි.
” උඹලා සුදු කොලේ දෙකට නමල කොළ පෙට්ටියට දමනවා.. උඹලෑ අප්පො
කවුන්සලේට යනවා” මිනිසුන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙයි. මේ එදා චන්ද
රැස්වීම්ය. එදා හිටි අප්පොලා දැන් නැත. දැන් ඉන්න අප්පොලා 2.50 වැඩ කරන
නිසා චන්ද පෙට්ටියට ඇත්තේද ඊටත් අඩු වටිනා කමකි.
පාට පෙට්ටියයි කවකටු පෙට්ටියයි ඉස්කෝලෙ යනකාලේ මට ෆුල් ඇලර්ජික්.
Petti gana liyathiyena vidiya harima apoorui. Man inne Florida wala. Mehe Asian kadawala Gotukola thiyenawa dakala na… Uthsaha karala balanawa Hama kadaykatama yanna. Bohoma sthuthi.
ගොටුකොළ කන්න ඔය තරම්ම ආස නම් ලිපිනය දුන්නොත් ෆෙඩෙක්ස් කරන්න පුළුවන්.
මෙහේ ගොටුකොළ රාත්තලක් $ 3.00 ට අඩුයි. ෆෙඩෙක්ස් එකට ගෙවන්න වෙයි $ 25 ක් විතර.
ඒක අපරාධයක්. ටිකක් හොයල බලන්න පිලිපීන , තායි කඩවල් වල.
හොඳම වැඩේ පාර්ස්ලි.. ඕනම මාකට් එකක තියෙනව. ගොටුකොළ රසේමයි.
කැඳ හදන්නත් පුළුවන්. ටිකක් උම්බලකඩ එහෙම වැඩි පුර දාල. ඒ පාර කියන්න
එපා උම්බලකඩත් නෑ කියල එහෙම. 🙂
අනේ ඇත්තට නැන්දම්මා එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ නේද? 🙂
මං හිතන්නෙ මම නැන්දම්මා ගැනත් ලියල තියෙනවා.
මං හිතාගෙන හිටියේ ලාහ කියන්නේ රවුම් එකක් කියල
හැබෑටම බලනකොට ජීවිතේම පෙට්ටි ෆලෝ කිරිල්ලක් තමා වෙන්නේ නේහ්..!!!!
😀 😀
ඉස්සර අහපු කවියක මුල් පද දෙක මෙන්න:
නීතිය හමුවෙ බිරිඳක් වෙන දිනය තෙක
හැම ගැහැණියම පෙට්ටිය ගත යුතුය රැක
විකාර! 😀
ලිපිය හැමදාම වාගේ ලස්සනයි. 🙂
උඩ තේරෙන්නේ නැති පෙට්ටි වර්ගයක් ගැන සඳහන් කරලා තියනවා.
ඔය කතන්දර හොඳට පැහැදිලි කරල තියෙන්නෙ.
අමතක වූ පෙට්ටි කිහිපයක් ද ඇත.
එකක් නම් සියලු රහස් හංගා ගත් අහස් යාත්තරාවේ කළු පෙට්ටියයි.
මී මැසි වදයේ පැණි කැඩීමට මී මැස්සන් පලවා හරින්නට දුම් පෙට්ටියක් ද එකල අපේ ගෙදර විය.
කතා පෙට්ටිය.පැමිණිලි පෙට්ටිය.ලියුම් පෙට්ටිය.මට මතක් වු අනික්වාය.
ජන්ද පෙට්ටිය වටිනාම පෙට්ටිය වුවත් කාට කාටත් අවසානයේ මිනී පෙට්ටියම තමා.
වත් නම් පෙට්ටි ගැන නිහාල් ට ත් වඩා හොඳට දන්නවා වාගේය.
ඇයි කෝච්චි පෙට්ටි ?
මීයෝ අල්ලන පෙට්ටිත් තියෙනවා ඒවාට කියන්නේ මී පෙට්ටි. මම කිව්වේ වහලේ යන මීයෝයි ඌරු මීයෝයි ගැන.
මීයාගේ සයිස් එකේ හැටියට පෙට්ටියේ සයිස් එකත් වෙනස් වෙනව ඇති ? 🙂