අපරාධය සහ දඬුවම.


කාළගුණයත් හරියට ගෑණු වගේ. නිතරම වෙනස් වෙනව.
මගේ නිවස මුහුදට ටිකක් කිට්ටුව පිහිටා තිබුණත් , සමුදුර පිස ගෙන
ආ සිහිල් වා රැළි යටපත් කර ගෙන උණුසුම් වායු දහරා හමා ගියා.
වෙනසකට තිබුනේ ලංකාවෙ වගේ දහදිය නොදමන එක විතරමයි.

” අද ටිකක් කලින් නිදා ගම්මු” කලින් නිදා ගත්තොත් උදේට ප්‍රබෝදයකින්
නැගිටින්න පුළුවන්.

දුරකතනය නාද උනා.
” ගන්න එපා” මගේ අත ඇදල අරන් , අතත් එක්කම ඈ මා තුරුල් කර ගත්තා.
” ඒකට තමා ආන්සරින්ග් මැෂින් එකක් තියෙන්නෙ”
” මම කෝකටත් බලන්නම්.. කවුද දන්නෙ අපෙ ළමයෙක්ද කියල”
ඈ ග්‍රහනය ටිකක් ලිහිල් කළා.

මහත්තයෝ , මම මේ ලොකු හාමුදුරුවෝ කතා කරන්නෙ.. ලොකු උපකාරයක්
බලාපොරොත්තුවෙන්.. මම රෑ දහය වෙන තුරු ඇහැරල ඉන්නව. මට කෝල් එකක්
දෙන්න.. බුදු සරණයි

ආන්සරින්ග් මැෂින් එකේ එහෙම සටහන් වෙලා තිබුනා.
මම වහාම පන්සලට කතා කලා.

” ඉතාම කණගාටු දායක දෙයක් කියන්න යන්නේ. කරුණාරත්න කියල අපේ කෙනෙක්
මිනී මැරුමකට අහු වෙලා. 2009 දී විතර.. එයාගෙ වයිෆ්වයි මරල තියෙන්නෙ. දැන්
San Quentin වල. ඩෙත් රෝ එකේ. ලබන සතියේ දාක මරණ දඬුවම
ක්‍රියාත්මක කෙරෙනව.. අවසන් වතාවට මා දකින්න ආසයි කියල පණිවිඩයක්
එවල. මට තාම නැගිට ගන්න බෑ. බාත් රූම් එකේ වැටිල. පොඩි සර්ජරි එකක් කරන්න
වුනා. පොඩි හාමුදුරුවොත් ලංකාවට ගිහින්..මට එක පාරටම මතක් වුනේ
මහත්තයාව. යන්න පුළුවන් නම් මා වෙනුවෙන් ලොකු උපකාරයක්.

මොනව කරන්නද ? නොගිහින් හොඳයැ ?
උස්තාප්ප වලින් වට වුනු හිර ගෙදර පිහිටා තිබුණේ දර්ශනීය භූමි
භාගයක.
” මම ඔහුගේ රටේ කෙනෙක්, දේශකයෙක්. ආගමානුකූලව යමක් කිරීමට
අවශ්‍යයි. මට පැයක් තිබුණාම ඇති,”
අවශ්‍ය ලිය කියවිලින් පසුව , මරණයට නියම වූ මිනිසුන් රඳවා ඇති
සිර කුටි පසු කරමින් , දැවැන්ත දොර වල් තුලින් මා ඉදිරියට ගියා.
අඩි 12 X 12 ප්‍රමාණයේ කාමරයක මැද පුටුවක ඔහු වාඩිවී සිටියා.
ඉහළින් ටිකක් සැර එළියක් තියෙන විදුලි ලාම්පුවක් එල්ලුනා. කුඩා මේසයක් , ඒ
මත වතුර බෝතලයක් , අතිරේක පුටුවකුත් කාමරයේ තිබුනා. කොණ්ඩය
හා රවුල කොටට කපා , සිවුරු පාට ඇඳුමක් අන්දා තුබුණු ඔහුගේ දෑත්
දෙපා යකඩ දම්වැලකින් ගැට ගසා එය නැවත බඳ වටා යවා
කොන්ක්‍රීට් පොළවට යා කොට ගැට ගසා තිබුනා.
මා ඔහු අසළ පුටුවේ වාඩි ගත් පසු සන්නද්ද රැකවලා මදක් ඉවතට ගියා.

” මම හාමුදුරුවො බලාපොරොත්තුවෙන් හිටියෙ. ඔබ දේවගැති කෙනෙක්ද?”
” හාමුදුරුවන්ට සනීප නෑ. මම නිහාල් ගුරුසිංහ. ලේඛකයෙක්. මම
අහගෙන ඉන්නම්.. කැමති නම් කියන්න ඔබේ කතාව. ඔබ කැමති නම්
විතරක් මගේ බ්ලොග් එකෙ ලියන්නම් .. කාට හරි ප්‍රයෝජනයක් වෙන්න”

“මම ඔබට කොහොමද කතා කරන්නෙ? අපි මීට කලින් හමු වෙලා නෑ”
” මට නිහාල් කීවාම ඇති”
” මට ගැලවීමක් නෑ. මට හංගන්න දෙයක් නෑ. කාට හරි වැඩක් වෙනව නං
මම කියන්නම්.. ඊට කලින් කියන්න ඔබ විවාහකයෙක්ද ?”
මම ඔව් කියන්න හිස සැලුවා.
“ඊ ළඟට කියන්න..ඔබේ බිරිඳ වෙනත් මිනිහෙක් එක්ක ඔබේම ගෙදර
ඔබේම ඇඳ උඩ ඉන්නව ඔබට අහු උනොත් ඔබ මොනවද කරන්නෙ කියල”

” සමහර විට කෙනෙක් දෙන්නෙක් මගෙන් මැරුම් කයි,, නැත්නම් ඒ දෙන්න එකතු
වෙලා මාව මරයි.”
“ඒ ටිකම තමා බුදු මහත්තයො මමත් කළේ…”
ඔහු මා වැළඳ ගැනීමට මෙන් සැරසුනා. යදම් සද්ද උනා. රැකවලා..කලබලෙන්
“Are you all right ?”

මම කීවා සේරම හරි. කලබල වෙන්න දෙයක් නෑ කියල.

මේ ඔහු කී කතාව ඔහුගේම වචන වලින්….

එයාගෙ නම රමණී..හැබෑවටම ලස්සනයි..ඕනම ඇඳුමකට හැඩයි
දැන් වයස 38 ක් ඇති. මට වඩා අවුරුදු 12 ක් බාලයි. මුලදි නම් වයස්
පරතරය ඒ හැටි බලපෑවෙ නෑ.මම සාර්තක ව්‍යාපාරිකයෙක්. අපට දරු
සම්පත ඇරුනම හැම සම්පතක්ම තිබුනා…
” ඔයාගෙ ඔය කම්මැලි ගතිය ඇරිල යන්නත් එක්ක මම ඔයාට රස්සාවක් හොයල
දෙන්නද ? නැත්නම් අපි කාගෙ හරි බබෙක් අරන් හදා ගම්මුද ?”
” මම මොකටද අනුන්ගෙ බබාල හදන්නෙ ? හදනවනම් මගෙ බඩෙන්”

ඇමරිකාවට ආ අළුත එයා ලංකාවෙ වගේ දිග ගවුම් , සායවල් , සාරි ඇන්ද..
පසුව ගෙදරට ඉතා කෙටි සායවල්.. කොට කළිසම් අඳින්න පුරුදු උනා.
” දේසෙ හැටියට බාසෙ.. ඇයි ඔයාට බලන් ඉන්න අමාරුද ?”
ඇය ඒ විදිහට ඇඳ ගෙන එළියට යන්නත් පටන් ගත්ත.
” ලංකාවෙ කවුරුවත් දැක්කොත් හරි මදි නේද ?”

දවසින් දවස ලස්සන වන , තරුණ වන ඇගේ සිරුර දැක්කම මට
ඇතිවුනේ ඉරිසියාවක්ද කියල මට හිතා ගන්න බැරි උනා”

විවාහ වූ අළුත.. අපේ පුද්ගලික ජීවිතය ඉතා රසවත් එකක්.
සමහර විට දිනපතාම වගේ අපි එක් වුනා. ඒත් ටික කාලෙකින් සුමානයකට
සැරයක්, සුමාන දෙකකට සැරයක්,,…. මාසෙකට සැරයක් කෙරෙන අලස නීරස
දෙයක් වුනා.

පස්සෙ පස්සෙ ඒක ඇගේ උවමණාවට වඩා මගේ උවමණාවට පමණක්
කෙරෙන පරීක්ෂණයක් වගේ දෙයක් වුනා.

එහෙම දාක , ” අනේ මේ කරු… ප්ලීස්.. මාව අවුස්සල තියල බාගෙට නවත්තන්නෙ
නැතිව .. පුළුවන් දෙයක් කරන්න පටන් ගන්න”
ඇගෙ ඇණුම්පද පිහි පාරවල් වගේ..” නිදා ගන්න ලෑස්ති වෙල පොතක් පතක්
කියවන්න පුරුදු වෙන්න” ඈ පොත් රාක්කෙන් පිරුවානා පොත් වහන්සේ ඇඳට විසි කළා.
මම තීරණය කළා දොස්තර කෙනෙක් හමු වෙන්න.

” ඔබේ කොල්ස්ටරෝල් ඉහළ අගයක් තියෙන්නෙ. රුධිර පීඩණයත් වැඩි..
මේ සමහර විට ඔබ ගන්න බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්නත් පුළුවන්.
තවත් හේතු තියෙන්න පුළුවන්.. වඩාම හොඳ දේ තමා ඔබ
දෙදෙනාම පවුල් උපදේශකයෙක් මුණ ගැහෙන්න” ඒ දොස්තරගේ
නිර්දේශය.

අලිහන්ද්‍රෝ රමිරේස් අවුරුදු 20 ක විතර ගැටයෙක් රැකියාව – ගාඩ්නින්ග්,
අපේ ලේන් එකේ ගෙවල් කීපයකම තණකොළ කැපීම , කොළ අතුගා
පවිත්‍ර කිරීම , මල් ගස් කප්පාදු කොට පොහොර දැමීම වගේ
වැඩවලට මාසෙකට දෙපාරක් ගෙදරට එනව.

මිදුලට විසි කරල තිබුණ ඉරිද පත්තරෙ ගෙනල්ල දෙන්න අලිහන්ද්‍රෝ
ඉස්සරහ දොරෙ බෙල් එක ගැහුව. එය අර ගන්න රමණී එළියට ගියේ රෑ ඇඳන්
හිටි නිදි ඇඳුම පිටින්. අලිහන්ද්‍රෝ කෑදර විදියට එයා දිහා බලල, තනිවම
හිනා වෙවී ගිහින් අනිකාට මොනවද කුටු කුටු ගෑව.

තවත් දවසක මම දැක්ක රමණී කුස්සියෙ ජනේලෙන් , එළියෙ වැඩ කරන
අලිහන්ද්‍රෝ දිහා බලන් ඉන්නව.
” අපි අර මිනිසුන්ට මොනව හරි බොන්න දෙමුද ” ඈ මගෙන් ඇහුව.
” ඕන නෑ.. මම මාසෙ අන්තිමට බිල ගෙවනවනෙ”

තවත් දවසක ගරාජ් එකේ තිබිල රබර් ග්ලවුස් දෙකක් මට හමු උනා.
ඒක මගෙ නෙවේ.
” කුස්සියේ ලීක් එකක්. මම අලිහන්ද්‍රෝට කියල හදව ගත්ත.. ඕක එයාගෙ
වෙන්නැති”

කෙසේ වෙතත් රමණී වෙනදාට වඩා සතුටෙන් ඉන්න වග මම දැක්ක. ඒ වගේම මා වෙතත්
වෙනදාට වඩා හිතවත් කමක් – ආදරයක් ( කියමුකෝ ?) පෙන්නුවා.

ඇගේ සෙල් ෆෝන් එකට ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා. එවිට ඈ බාත් රූම් එකේ.
” tomorrow.. 11.00 a m …Motel 6″
පහුවදාට මට බිස්නස් වැඩක් තියෙනවා. අවුට් ඔෆ් ද ටවුන්
යනව කිව්වෙ මම බොරුවට. මම කාර් රෙන්ට් කරන තැනකට ගිහින් මගෙ කාර් එක එතන දාල
රෙන්ට් එකට කාර් එකක් ගත්ත. කැප් තොප්පියකුත් ඔලුවට දාල සන් ග්ලාස් දැම්මම
හරි. මම ගේ ගාවට ගිහින් රැක ගෙන හිටිය. හරියටම 10.45 ට රමණී ලස්සනට
ඇඳ පැළඳ ගෙන එයාගෙ කාර් එකට නැග්ගා. මම නොදැනෙන්න ෆලෝ කළා.

මොටෙල් 6.. අලිහන්ද්‍රෝ මගේ බිරිඳගෙ දෙතොල් සිප ඈ පිළි ගෙන ඇතුළට අරන්
ගියා. මට තවත් ඒක් බලන් ඉන්න බෑ.මම ගෙදර ඇවිත් ඇඬුව. මම
හොඳටම බිව්ව.
මම තීරණය කළා ඌව ඉවරයක් කරල දාන්න. මම දන්නව ඌ ඉන්න
තැන. තනියම ඉන්නෙ. මම වෙඩි තියනව ඌට. කාමරේට ගිනි තියනව. කවුද
කළේ කියල හොයා ගන්න බෑ.

ඒත්… බෑ.. මට බෑ කාවවත් මරන්න. මම දුර්වල මිනිහෙක්. මට ඒ තරම්
හයිය හිතක් නෑ. මම මුං දෙන්න එකට ඉන්නව අතටම අල්ල ගන්නව. ෆොටෝ ගන්නව.
දික්කසාද කරල දානව. සත පහක් දෙන්නෙ නෑ.

දවසක් කවදාවත් නැතුව එයා මගෙ ඔෆීස් ෆෝන් එකට කතා කළා.
“මොකද?”
” ටිකක් කලින් එනවද.. ? හවස බර්ත්ඩේ පාටියකට යන්න තියෙනව”
” අද නම් බැරි වෙයි.. මම ක්ලයන්ට් කෙනෙක් එක්ක එළියට යනව. ඔයාට බැරිද
අදට තනියම යන්න”
මම මගේ කාර් එක ඔෆීස් එකේ දාල ටැක්සියක ගේ ළඟට ගියා. මගේ සැකය
හරි.අරූගෙ ට්‍රක් එක මිදුලේ. ඉස්සරහ දොර වහල. මම ගියා කුස්සිය පැත්තෙන්.
මට අහුවුනා උල් පිහියක්.
උන් දෙන්නම එකට මගේම ඇඳ උඩ. වැඩපළ සේරම ඉවර වෙලා වගේ.
මං දැකල අලිහන්ද්‍රෝ හොඳටම බය උනා. හෙලුවෙන්ම දුවගෙන ගිහින්
ජනේලෙන් පනින්න හැදුව. මම දමල ගැහුව පිහියෙන්. ඌට වැදුනෙ නෑ.
ඌ දිව්ව. මම ආයෙත් පිහිය ගත්ත. ඈ බැගෑපත් උනා. මම වමතින් ඇගේ
ගෙල මිරික ගෙන බාත් රූම් එකට අරන් ගියා. ටබ් එකට තල්ලු කරල පිහිය ඇරිය
පිට කොන්ද හරහ. ටැප් එක ඇරල දැම්ම. රතු පාට ලේ , පාට අඩු වෙලා ගලා
ගෙන ගියා.පැයකින් විතර ලේ ගැලීම නැවතුනා. මගේ හිත හැර සියල්ල සන්සුන්.
මගේ සැලැස්ම උනේ ඇගේ සිරුර කෑලි කෑලි වලට කපල තැන් තැන් වලට
ගිහින් දාන්න. ඒත් අරූ නිකම් ඉන්න එකක් නෑ. මට හැංගෙන්න බෑ.
මම හදිසි තීරණයක් ගත්තා. වෙලාව රෑ අටට විතර ඇති. මම කෝල්
කළා පොලිසියට. ඇම්බියුලන්ස් එකක් ඇවිත් සුදු රෙද්දකින් වහගෙන මිනිය අරන්
ගියා. මම නිසොල්මන්ව පුටුවක වාඩි වෙලා හිටිය. එක පොලිස්කාරයෙක් කහ
පාට පොලිතීන් පටි වලින් ගේ වට කළා. ෆොටෝ ගත්ත හැම තැනම.
මගේ දෑතට මාංචු වැටුන. එකෙක් මාව වත්තන් කර ගෙන ගිහින්
මගෙ ඔලුවෙන් අල්ලල කාර් එකට එබුව. ” You have a right to remain silent..
උන්ගෙ සුපුරුදු වාක්‍ය ඛණ්ඩෙට මම ඇහුන් කන් දුන්නෙ නෑ.

“5 more minutes ” රැකවළා කීවා.

” මගෙන් යැපෙන්න කවුරුවත් නෑ. මම මැරෙන්න බය නෑ. ලබන
අඟහරුවාදා පාන්දර 4.00 ට සේරම ඉවරයක් වෙයි.
” ඇයි ලෝයර්ස්ලට බැරි උනෙ මේක හදිසි කෝපය නිසා කළ දෙයක් බවට
ඔප්පු කරන්න?”

” හැම දෙයක්ම ලස්සනට පෙළ ගස්වල. මම රෙන්ට් කළ කාර් වලින්
තුන් වතාවක්ම දෙන්න ෆලෝ කරල තියෙන බව උන් ඔප්පු කළා.
අනික මැරුවට පස්සෙ පැය පහකට පස්සෙයි මම පොලිසියට කෝල් කළේ..
ප්‍රොෆෙෂනල් කිලර් කෙනෙක් කළ දෙයක් විදියට උන් ඔප්පු කළා. අනික
එයාගෙ ඉන්ෂුවරන්ස් පොලිසි එක තියෙන්නෙත් මගෙ නමට”

” මට කරන්න හැකි දෙයක් නෑ…ඔබ වැරදි තීරණයක් ගත්තු නිවැරදි
කෙනෙක්…සිගරට් එකක් බීල දුම් වළලු උඩ යවල ප්‍රශ්න අමතක කරන්න
අපිට බෑ. අපේ බැඳීම් වැඩියි. ඒ බැමි කැඩුනම වේදනාව දරා
ගන්න බෑ. හිත සන්සුන් කර ගන්න”

” මං යනව…”

***************************************************

ගරාජ් එකේ කාගෙද රබර් ග්ලවුස් දෙකක්. ඒක මගේ නෙවේ.
” කාගෙද මේ ?”
” අනේ මගෙ කොණ්ඩෙ යනව.. කෙස් ගිහිල්ල ටබ් එකේ හිරවෙල. වතුර
බහින්නෙම නෑ. ඔයා එන්න පරක්කු වෙයි කිය හිතල මම plumber
කෙනෙක් ගෙන්නුව. මිනිහට අමතක වෙලා යන්න ඇති.

නිමි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to අපරාධය සහ දඬුවම.

  1. suranga පවසයි:

    පට්ට මචන්…. දිගලම ලියහන්… ගුඩ් ලක්….

  2. භෘංග භූෂිත පවසයි:

    Uncle,I was having a relationship with this girl last year.. It only lasted for 3 months. After 2 months after breaking up,I got to know many secrets of her past. She was not telling the truth.

    After reading this story,I felt like she would also do this to me.

    I just can’t love a girl who has had sex with another guy. I just can’t.

    Anyway nice story.

  3. dgmbassa පවසයි:

    //කාළගුණයත් හරියට ගෑණු වගේ//
    3Ws ?? ඇඟේ මයිල් ඉස්මයි වුනා, කතාව කියෙව්වාම.
    :)))))))))

  4. Budditha Fernando පවසයි:

    ටිකක් බය හිතෙන කතාවක්.. බොහොම ස්තුති ජිවිත අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට..

  5. Alchemiya පවසයි:

    ආදරය ආත්මාර්ථකාමී වුනාම ඔය වගේ දේවල් වෙනවා. ආදරය පරාර්ථකාමී විය යුතුයි. ඒ බව දෙදෙනාම තේරුම්ගත යුතුයි. එහෙම වුනා කියලා තමන්ගෙ ගෑණි අනුන් එක්ක නිදි වදින්න යවන්න කියලා නෙවෙයි මම කියන්නෙ. නමුත්, දෙදෙනා තම තමන්ගේ අවශ්‍යතා නිසි පරිදි හඳුනාගෙන කටයුතු කරන්න ඕන. අනෙකාගේ සතුටට, තමන්ගේ සතුටට වඩා ප්‍රමුඛත්‍වයක් දිය යුතුයි.
    මම දන්න පවුල් ඉන්නවා ගැහැණිය පිරිමියාට වඩා අවුරුදු 10ක් 20ක් බාල… නමුත් ඔවුන් සතුටින් කනවා.
    එතැන වැදගත් වෙන්නෙ අන්‍යොන්‍ය අවබෝධය… අර මනුස්සයා සමහර විට ගැහැණිය වෙන‘තක යනබව දුටු මුල් දිනේම ඒ ප්‍රශ්නය විසඳුවා නම් මරණයකින් කෙළවර නොවන්න තිබුණා…
    මට ඔය වගේ තත්ත්‍වයක් පැමිණියොත් මම නම් කරන්නෙ ඇයට සතුටින් ඉන්න ඉඩ දෙන එකයි….
    ඔය වගේ ප්‍රශ්න වලට දඬුවම් දෙනවාට වඩා විඳවන්න දෙන එක ඊට වැඩිය ලොකු දඬුවමක්….
    ඒ මම හිතන හැටි…. මම වැරදි වෙන්න පුළුවන්…..

  6. ranja පවසයි:

    ඇත්තම කතාවක් වගේ ඔය වගේ දෙයක් මට උනොත් මමත් කරන්නෙ ඒකමයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )