” දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි”
අසා ඇද්ද මේ ගීය ? කපුගේ/ මාලිනී සුසංයෝගයේ මෙම මියුරු
ගීය වසර 30 කට වඩා පැරණියි.
හඳ බැස යන කොට දම් පාටද ? එතකොට ආකාසෙ රන්වන්
පාට වෙනවද ? මෙහි මොකක් හරි අවුලක් ඇති බව මට දැනෙනව.
පාට පාට දේවල් ගොඩක් මතක් වුනේ මීට කලකට පෙර කතන්දර
ලිවූ ” කක්කා කහ පාටද?” ලිපිය ආයෙමත් කියවීමෙන්. මෑතකදී
අරුණී ශපිරෝ ලියූ ” මිනිසා කන්නේ ඇස පිනවන්නද ?” ලිපියත් ඊට
අඩු වැඩිය සැපයූවා.
අද මගේ දහවල් කෑම පෙට්ටිය විවෘත කරන විට ළඟ සිටි
අයෙක් “wow… looks good” කිව්ව. පෙනුම විතරක් නෙවි රසත් ගුණත්
ඒ වගේමයි. කහ පාට පරිප්පු , කොළ පාට ගොටු කොළ සම්බෝලෙ,
තැඹිලි පාට ඉස්සො වෑංජනය හා සුදු පාට බත්. පාට පාට.
මුලින්ම ඇස පිනවා , ඊට පස්සෙ කුස පිනවා , ටිකක් හුළං වදින්න
මම එළියට ගියා. රෝස පාට කාර් එකක් පාකිං එකේ නවත්තල.
රෝස පාට කාර් එකක් ?
මොහොතකින් කළු පාට සූට් එකක් හැඳි , ඊටම ගැලපෙන නිල් පාට
ටයි එකක් පැළඳි කලු පාට කල්ලෙක් මා දිහාවට ආවා.
” ඔබ කැමතිද මේ පාටට?” ඔහු මගෙන් ඇහුවා.
” හ්ම්…හැබැයි කාර් එකකට හරියන පාටක් නෙවෙයි”
” එහෙනම්?”
” කෙල්ලෙකුගෙ යට සායකට”
” ඔබ හරි විහිළුකාරයෙක් පාටයි.. මම පාටා. ජේම්ස් පාටා
හැරිසන්. ඔබේ ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට ආවා”
ඔහු මට සුරත දිගු කළා.
කෙල්ලන්ගෙ පාට රෝස පාට. කෙල්ලො මල් වාගෙ. ඒකනේ ගවුමෙ පාටට
ගැලපෙන කොණ්ඩ පටි , ලේන්සු , කුඩ , සපත්තු තෝරන්නෙ.
මල් වලට පාට කොහෙන්ද ? අපේ අම්මලා කියන්නෙ ;
” බෝසත්වරු බණ කතා කියද්දී නිකම් ඉන්න බැරි වන
දෙවඟනො මල් වලට පාට ගාන බවයි”.
” ඔයාට පුළුවන්ද මා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න?”
කෙල්ල අහනව.
“සත්තකින්ම.. මට පුළුවන් දේදුන්නකට ගිහින් පාට අරන්
වලාකුළක සිසිළ අරන් ඔයාගෙ කම්මුල් පාට කරන්න.”
මේ වර්ගීකරණය ගැන කුඩා දැරියක් අකමැත්ත පළ කරන
පහත වීඩියෝව බලන්න.
ගෑණු ළමයින්ගෙ කම්මුල් රෝස පාටයි. තොල් පෙති රෝස පාටයි.
ඇස් නිල් පාටයි. කෙහෙරළ නිල් පාටයි. මම අහල තියෙන්නෙ තොල් පෙති
නා දළු පාටයි කියල. ඒත් අමරසිරි පීරිස්ට මේ චන්ද්‍ර මඩුල්ලෙන්
ගීය ලියූ රචකයාගෙ ගෙදර මිදුලේ තෙලබේරිය වැලක් / ගහක් ඇති.
ඉස්සර අයියදුරේ දොස්තර ළඟට බෙහෙත් ගන්න ගියාම
පාට පාට බෙහෙත් ගොඩක් දෙනව. සුදු පාට ගුඩු මුල
උණට , කහ පාට විටමින් පෙති.. රෝස පාට බෙහෙත් වතුර බඩේ
අමාරුවට.
පාටලී… මම අඳුරන ගැහැණු ළමයෙක්. ඇගේ පෙම්වතා
මගේ හොඳම යාළුවා. පාටලී වෛද්‍ය පීටයේ අවසන්
වසරේ ඉන්න කාලේ ජෝඩුවම අපේ ගෙදර ආවා.
” අනේ දැන් නං හොඳ පණ ගිහිල්ල” පාටලී ඇගේ පාටමාලාවේ
අමාරුකම කිව්ව.
” තව ටික දවසයිනේ.. ඊට පස්සෙ කහ පාට පෙතියි , රෝස පාට
වතුරයි දීල නිල් පාට කොළ පාට මොණරු ඉන්න කොළ මිටි බඳින
එකනේ” එහෙම කිව්වෙ මම.
පාටලීගෙ පෙම්වතා ලුමුම්බා විශ්ව විද්‍යාලෙට තේරිල රුසියාවට
ගියා. අවුරුද්දක් විතර යන තුරු දෙන්නා අතර ලියුම් ගනු දෙනු
උනා. පස්සෙ දවසක මහනුවර වෙම්බ්ලි සිනමාහළේ ” පාට පොදක්
තිලකලා නළල් තලාවේ” සිංදුව තියෙන චිත්‍රපටය බැල්කනියෙ
ඉඳන් බැලුවෙ පාටලීයි මමයි. විශ්වාස කරනවනං විශ්වාස
කරන්ට ඉන්ටවල් එක වෙන තුරු පාටලී තිරේ දිහා බලන් හිටිය. කිසිම
හැඟීමක් නැති පාටට.
අන්න ඒ වගේ . පිරිසිදු ආදරයත් වතුර වගේ. පාටක් – ගඳක් – රසක් නෑ.
නියමම කතාව. අන්තිම ටික තමා මරු පාටලී එක්ක film එක බලන්න ගිය හැටි
විශ්වාස කරනවනං විශ්වාස
කරන්ට ඉන්ටවල් එක වෙන තුරු පාටලී තිරේ දිහා බලන් හිටිය. කිසිම
හැඟීමක් නැති පාටට.
හැහ් හැහ් … සැඟවුනු බොහෝ දේ කියැවෙන පද පේළියක්…..
//විශ්වාස කරනවනං විශ්වාස කරන්ට ඉන්ටවල් එක වෙන තුරු පාටලී තිරේ දිහා බලන් හිටිය. කිසිම
හැඟීමක් නැති පාටට.//
ඊට පස්සේ ඒ හැඟීම්වල පාට වෙනස් උනාද? 🙂
මම මේ නොදන්නා කමට අහන්නේ නිහාල් අයියේ,කෙල්ලොන්ගේ යට සායට ගැලපෙන පාට තව මොනවද තියෙන්නේ, හික්ස් ….
ඔන්න වෙනද වගේම අදත් මම මාර අසාවෙන් කියෙව්වා.බුදු සරණයි!!!