දොස්-තොර


මගේ බිරිඳ අසනීපෙන්. ඒක ලොකු අසනීප තත්වයක්. මොකකින් මොකක්
වෙයිද කියන්න බෑ.

මගේ හිත එකලාසයක් නෑ. අපි දෙන්නම තරුණ විය ඉක්මවමින් ඉන්නා
දෙන්නෙක්. අවුරුදු විස්සක්ම එකට අත්වැල් බැඳන් ආවා වගේම තව
දුරටත් මේ ගමන යා යුතුයි.

” අපි දෙන්න කවද හරි එකට මැරෙමු” එයා දවසක් මට කීවා .

මම මගෙන්ම ප්‍රශ්න ඇහුවා. ඔබ ඇයට කවදා හරි ද්‍රෝහී වී ඇද්ද ?
පිළිතුර ඉතා පැහැදිලි එකක්. නැහැ කවදාවත්ම.
ඔබ වෙන ගැහැණු දිහා බලනවද ? ඇයි නැත්තෙ. පිරිමියා ගෙ හැටි
එහෙමයි. ලස්සන දේට ඇස් ඇදෙනවා. දවසක් අපි එකට ගමනක් යනකොට
මම පාරෙ ගිය කෙල්ලක් දිහා හැරිල බැලුව. එයා මට ටොක්කක් ඇන්න. ඒ
තරහින් නෙවේ.
ඔබ එයාට හොඳින් සැලකුවාද ? ආසා කරන දේවල් අරන් දීල
තියෙනවද ? ඔව් .. සත්තකටම. ඔබ ඇයට අතින් පයින් පහර දීල
තියෙනවද ? ම්…ම්.. ඔවු.. එකම එක වතාවක්. ඒත් අදත් ඒ ගැන
මම කම්පා වෙනව.

මගේ හිත පැටලිලා.

කාන්තා රෝග පිලිබඳ දොස්තරවරිය කියන්නේ ඇගේ ගර්භාෂය
ඉවත් කළ යුතු බවයි. පවුලේ කැන්සර් ඉතිහාසයක් ඇති නිසා ඒ.
ඇගේ ගර්භාෂයේ ඇති ගෙඩිය පිළිකාවක් විය හැකි බව ඇය කියනවා.

හිපොක්‍රටීස් ඉදිරියේ දිවුරුම් දී ඇති ඇය කියන දේ අප පිළිගත
යුතුය. ශල්‍යකර්මයට දින නියම වුනා.

මම හැම පත්තරයකම තියෙන ලග්න පලාපල බැලුව. දෙන්නටම
හොඳයි. ඒ එකකවත් අසුබ දෙයක් නෑ.

මට හිටි හැටියේ මතක් වුනේ ලන්ඩනයේ ඉන්න මගේ හිතවත් කාන්තා
දොස්තරවරිය , සිල්වියා ග්‍රේ. ඇගේ සීයා ලාංකිකයෙක්. ඇගේ ඉල්ලීම
අනුව මගේ බිරිඳගේ වෛද්ය වාර්තා සියල්ලම මම ඇයට ඊ මේල්
කළා. දින දෙකකින් එයට පිළිතුරු ලැබුනා.

” මේ රිපෝර්ට් අනුව මට පේන්නේ මේක අමු විකාරයක්. ඔය වයසේ
ගෑණුන්ට ගර්භාෂයේ ගෙඩි හැදෙනවා. විවිධ හේතු නිසා. මෙය ඉතා
කුඩා එකක්. ගර්භාෂයේ ප්‍රමාණයත් එක්ක බලන කොට. ඇතුලෙ තියෙන්නෙ
දියරයක්.. මම කියන්නම්.. ටිකක් ගණන් වැඩි.. ජාන පරීක්ෂාවක්
කරගන්න. එහි වාර්තාව මට එවන්න.”

ඒක ඩොලර් 3000 ක් විතර වියදම් වෙන එකක්. රක්ෂණ සමාගමේ
අනුමැතිය ලැබුණා. අවශ්‍ය සල්ලි පාස් උනා.

“සිල්වියා නැවත මට කතා කළා. කැලිෆෝනියාවෙ ඉන්න දක්ෂම
නාරි රෝග විශේෂඥයා මගේ යාළුවෙක්. ඩොක්ටර් හාපර්.. එයා
ඉන්ෂුවරන්ස් ගන්නෙ නෑ. මුදල් ඒ වෙලාවෙම ගෙවන්න ඕන.”

දොස්තර හාපර් හමු වීමට පෙර අපි ආපහු ගියා කලින් දොස්තරවරිය
ළඟට. එයා හොඳටම කලබල වුනා.
” මට ඔයාලත් එක්ක වැඩ කරන්න කම්ෆටබල් නෑ.. මාව විශ්වාස
කරන්නෙ නැතිනම්.. මොකටද සකන්ඩ් ඔපීනියන් ගන්න ගියේ ?”

මම එයා ගෙන් කෙටි ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ හැම දෙයකටම හරි උත්තරයක්
දුන්නෙ නෑ. ජාන පරීක්ෂණයක් නොකර මේක හරියටම කැන්සර් එකක් කියල
කියන්න බෑ. මම කිව්වෙ පොසිබිලිටි එක 44% ක් බව පමණයි”

” හරි උත්තරයක් දෙන්න බැරි නම් ශල්‍යකර්මයක් තීරණය කළේ ඇයි”

උත්තර නැත.

” මගේ වයිෆ්ට කිසි දෙයක් උනේ නැති නිසා මම වැඩි දුර යන්නෙ නෑ.
ඒත් මං උඹ ගැන පත්තරේට ලියනවා.. ”

ඇත්ත තත්වය මේකයි. ශල්‍යකර්මයක් කළාම ලොකු ගාණක් රක්ෂණ
සමාගම් වලින් ලැබෙනවා දොස්තරට. ශල්‍යාගාරයෙනුත් සන්තෝසම්
ලැබෙනවා. මේ දොස්-තරලා.. දොස් තර කරන අය.

අපි ඊළඟට ගියේ දොස්-තොර කෙනෙක් හොයා ගෙන.. ඒ ඩේවිඩ් හාපර්.
ඔහු සන්සුන් අයෙක්. නැවත මගේ බිරිඳ පරීක්ෂා කළා. මුලින්ම
ඇහුවෙ සිල්වියා ගැන විස්තර.

” මේ වයසෙ කෙනෙකුට මේ තත්වය සාමාන්‍ය දෙයක්. සංසේචනය
නොවූ ඩිම්භ කීපයක් ගර්භාෂ බිත්තියේ රැඳී එකතු වීමෙන්
මේ වගේ ගෙඩියක් හට ගන්න පුළුවන්. තවත් හේතු තියෙන්න හැකි.

ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ජාන පරීක්ෂාවෙ රිසල්ට්ස් ඇවිල්ල
තියෙනව. ඒකත් නෙගටිව්. කොහොමටත් පිළිකාවක් නෙවේ. 80% ක්
ස්තිරයි.

සිල්වියා මගේ හොඳ යාළුවෙක්. ඔබල සිල්වියාගෙ යාලුවෝ. ඉතින්
ඔබලා මගෙත් යාළුවෝ. මම සතයක්වත් අය කරන්නෙ නැහැ”

වත්සලා අවුරුදු 25 ක කෙල්ලක් වගේ මල් හිනාවක් දැම්ම.

අපිට ආයෙත් නැවතුන තැන ඉඳන් පටන් ගන්න පුළුවන්.
” හැම දේම සිද්ධ වෙන්නෙ බඹා කෙටූ හැටියටයි”

” කොහෙද ඔය බඹා කොටනවයි කියන්නෙ ?”

” මෙන්න මෙතන” මම මහත් ස්නේහයෙන් ඇගෙ නළලත සිප ගත්තා.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

33 Responses to දොස්-තොර

  1. hasithag පවසයි:

    හිපොක්‍රටීස් මේවා දන්නේ නැහැ හොඳ velaavata

  2. henryblogwalker පවසයි:

    මමත් පුදුමාකාර සහනයක් ලැබුවා ලිපියෙ අවසානයට ආවාම.

  3. පූජිත පවසයි:

    මගේ හිතෙත් පොඩි චකිතයක් තිබුනා ‘වත්සලා’ කියෙව්වයින් පස්සේ.. මේ ආරංචිය නිසා හිතට හොඳයි. ඔයාලා දෙන්නාටම බුදු සරණයි..

  4. Indika පවසයි:

    නිහාල් අයියේ පුලුවන්නම් සතියකට සැරයක් හරි බ්ලොග් එක අප්ඩේට් කරන්න.මම ගොඩාක් ආසයි ඔයා ලියන ස්ටයිල් එකට.ඔබ දෙපලටම බුදු සරණයි !!!!

  5. krish පවසයි:

    දොස්-තොරලා කරන වැඩ දැක්කහම මට කොන්දොස්තරලා සිහියට නැගෙයි… උදාහරන එමටයි.. අවුරුද්ද්කට විතර ඉහත ලංකාවෙදී මගෙ පියාගේ ඉනහරියේ වම්පස තිබූ දෙයකට ද්කුනු පස කපා දමා තිබුනි..
    ඔබ දෙපලට බුදු සරණයි!!!!!!!!!!!!!!1

  6. madush පවසයි:

    පිට පිටම කනගාටුදායක පෝස්ට් කියල තමයි හිතුනේ. යන්තම් ඇති 😀 පොඩි පාපොච්චාරනයකුත් තියෙන්නේ… තුනුරුවන් සරණයි!!!

  7. Maheshi පවසයි:

    නිහාල් අය්යේ.. පහුගිය දින කීපයකම බ්ලොග් එක බැලුව වත්සලාගේ තත්වය ගැන මොනවහරි කියල තියෙනවද බලන්න. අද නම් හිතට සතුටක් දැනුනා. ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව පතනවා.

    • Nihal Gurusinghe පවසයි:

      maheshi, Krish , madush..

      හැම දේම මුදලින් මනින සමාජයක මේවා සුළු දේවල්. මේ තමා ඔය කියන ” දියුණුවේ” නරක පැත්ත. ප්‍රතිචාර වලට ස්තූතියි.

      • ප්‍රබුදසි පවසයි:

        හොඳ ලිපියක් . ස්තූතීයි. පොඩි දෙයක් මම එකතු කරන්නම්

        වසරක පමණ කාලයක සිට මා කිසිම විදියක හිපොක්‍රටීස් වෙදකමක් කරල නෑ. කොටින්ම වේදනා නාශක පෙත්තක් වත් ..

        ලංකාවෙ සිංහල වෙදකම ( ඉඳියාවෙන් ආ ආයුර්වේදය නම් නොවේ ) වැන විශ්වාසය වැඩිවෙන හිතාගන්න බැරි දේවල් බොහොමයක් සිදු වීම ඒකට හේතුවක් .

        ත්‍රිපිටක විනයේ දැක්වෙන විදියට ස්වාමින් වහන්සේලාට මාස තුනකට වරක් විරේකයක් සහ නස්නයක් කරන ලෙස බුදුන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා. මම හිතන්නෙ මේ ක්‍රමයෙන් ශරීරයේ අනවශ්‍ය දෙයක් රැඳී තිබීමේ හැකියාව අඩු වෙනවා කියලයි . ( හැබැයි මම වෙදෙක් නොවේ )

        හිපොක්‍රටීස් නරක් වුණු තැන් කපල දාන උගන්වද්දි අපේ පාරම්පරික වෙදුන් නාඩි ශාස්ත්‍රයෙන් , පිටින් බොන්න දෙන බෙහෙත් , ගාන්න දෙන තෙල් වර්ග වලින් ඇඟ ඇතුලෙ තුවාලත් සනීප කරන හැටි පුදුමයි .

        ගැටළුව තිබෙන්නේ අපේ දේ ගැන විශ්වාසයක් අපි ටුහ්ලම නැති එකද කියල හිතෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )