” ඔය රිමාන්ඩ් එකේ හිටි කතාව නම් ඇත්ත.. ඉස්කෝලෙ මහත්තයො.. ඉගෙන ගන්න කාලෙ
කොල්ලොත් එක්ක දේසපාලනෙ කරන්න ගිහින් වෙච්චි හුට පටයක්.. නැතුව මේ කාගෙවත්
දෙයක් කඩා වඩා ගන්න ගිහින් නෙවේ.. අනික් කතාව නං කියන උන්ගෙ කටවල් වල මහගෙඩි
දාන්න ඕන.. මාත් අම්ම කෙනෙක්..”
පවුල් දෙකේම වැඩිහිටියන්ගේ ආශීර්වාදය මැද මංගල කටයුතු ලහි ලහියේ
ලෑස්ති උනා.
” මේක මගෙ හීනය.. ප්ලීස් මට ඕන විදියට කරන්න ඉඩ දෙන්න ” ඈ බැගෑපත් උනා.
ඔවුන් දෙන්නාම එක්ව කාඩ් තේරුවා.. ජුවලරි ෂොප් වලට ගියා.. ආරාධිත
ලැයිස්තු හැදුවා.. කේක් වලට ඕඩර් බාර දුන්නා.. හෝටල් බුක් කලා.. ජයමංගල
ගාතා – අෂ්ටක කියන අයට මුදල් ගෙව්වා.. පුංචි උන් දෙන්නෙක් වගේ රණ්ඩු උනා…
” අයියෙ.. කකුල් හේදුවම මටත් මුද්දක් ලැබෙයි නේද ? ඒ මනමාලිගෙ මල්ලි
මනෝජ්.
” නෑ මම එන කොට හෝද ගෙන එන්නම්.. එතකොට ඒ සල්ලිත් ඉතුරුයි නෙ” මස්සිනාල
යාළුවො වගේ..
” මගෙත් සෙට් එකක් ඉන්නවා.. උන්ට කන්ට වඩා බොන්ටයි ඕන”
” 150 පනින්න බෑ.. මම ලිමිට් කරලයි තියෙන්නේ”
” දන්නවද .. අන්දන්න ෆෝටි තවුසන්ඩ් යනව”
” කමක් නෑ ගලවන්ට වියදමක් යන්නෙ නෑනෙ” වත්සලා තම අනාගත
සැමියාගෙ කම්මුලට හුරතල් පහරක් ගැහුවා.
හනිමූන් එකට කොහේ හරි හොටෙල් එකකට යන එක ගැන දෙන්නගෙම අදහස වූයෙ එකක්.
” ඒක හරි කෘතිමයි අනේ…”
” මගෙ යාළුවෙක් ඉන්නව.. නුවර එළියෙ.. අපි යමු එහෙ.. මිනිහ අපි දෙන්නට ගේ බාර දීල
කොළඹ එනව.. සති දෙකකට… ගෙදර අපි දෙන්න විතරයි.. ඇහුනද ඒක.. අපි දෙන්න
විතරමයි”
එක් හිමිදිරි උදෑසනක ගෙමිදුලේ සමන් පිච්ච වැලේ මල් පිරෙන්න පිපිල… තවත්
නෑදෑ පරපුරක ආරම්භය පටන් ගන්නා දවස.
” පුතේ.. දකුණු පය ඉස්සරවෙල….”
අනේ මටත් මේ ගමන යන්න ඇත්නම්…. ගිය ආත්මෙ මගේ දරුවෙක් වෙන්න ඇති මං
බඩෙන් නොවදාපු එක විතරයි.. ඒ වගේ හැඟීම් පුරවා ගෙන සෝමක්කා වතුර
වීදුරුවක් අරන් පෙර මගට ආවා.
විවා මඟුල තිබුනේ තාජ් සමුද්‍ර එකේ. සමුදුර පිස ගෙන හමා ආ සීත සුළං
රැල් කුමර කුමරියන්ගේ කෙස් වැටි අවුල් කළා.
කන්ග්රැජුලේෂන්.. ඇන්ඩ් සෙලිබ්රේෂන්… ඉංග්‍රීසි ගීයේ වාදනය මධ්‍යයේ ජෝඩුව
පෝරුවට නැග්ගා. වටාපතක් සේ රවුල වැඩුනු වැඩිහිටියෙක් ;
” භවතු සබ්බ මංගලම්… ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාගේ උර මඩල නම්
මන්දිරයේ වැඩ වසන්නාවූ ධනයට හා සෞභාග්‍යයට අධිපති වූ ශ්‍රී
ලක්ෂ්මී දිව්‍යාන්ගනාවන් වහන්ස… රන් හුයෙන් දෑඟිලි බැඳ රන් කෙණ්ඩියෙන්
අතපැන් වත් කොට යුග දිවි අරඹන මොවුන් ගෙන් යම් අත් වැරැද්දක් වී ඇත්නම් ඉවසා
වදාරා…..”
ආශීර්වාද කළා.
ජනකත් ඇවිල්ලා.. යාළුවො ටික කතා වෙලා හිටියෙ ජෝඩුව උස්සලා පූල් එකට දාන්න.
“මේ දෙන්න ඉතා වටිනා වැදගත් ගමනක් යන මොහොතේ කවුරුවත් හිරිහැර කරන්න
එපා.. වාහනයේ කුණුහරුප ලියන්න එපා.. බෙලෙක් එල්ලන්න එපා කියල මම ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා…”
රූපසිංහ ඉස්කෝළෙ මහත්තයගෙ හැටි එහෙමයි.
ඒත් මගේ යාළුවො ඒ දවස් වල ප්‍රදර්ශනය කළ ” මී හරකා” චිත්‍රපටයේ
පෝස්ටරයක් මගේ වාහනයේ අලවා තිබුණා.. රූපසිංහ ඉස්කෝල මහත්තයා ඒක
නම් අනුමත කරන ලීලාවෙන් සිනාවක් පා ” ඔන්න ඕකත් ගලවපල්ල ළමයිනේ ”
කියල ඇඩුම් බරව කිව්ව.
ගතට වඩා හිතට විඩාවයි.. ඔලුව උඩ තියා ගෙන හිටි බරක් බිම තිබ්බ වගේ
. කවදාවත් එච්චර සනීපෙට නින්ද ගිහිල්ල නෑ. වෙලාව උදේ අටයි. වත්සලා ,
කාමරයේ ජනෙල් ඇරියා.. හතර වටේටම එළවළු ගොවි පොළවල්.. ගෝවා..
ලීක්ස් සරුවට වගා කරල තිබුනා.
බයිසිකල් සීනුවක්. … කිරි කාරයා..
” අද අළුත් නෝන කෙනෙක්..” කිරිකාරය කිව්ව.
” ඔවු.. අපි සති දෙකක් මෙහෙ ඉන්නව. දිගටම කිරි ගේන්න”
ලස්සන රෝස මල් ටිකක් පිපිල. පිනිත් එක්කම රෝස මලක් අමාරුවෙන් කඩා ගත් ඇය ,
තවමත් නිදන තම සැමියාගේ සිරුරට රෝස මලේ පිනි ඉස්සා.
” දවල් වෙලා.. හොර ගෙඩිය.. නැගිටින්න.. කෑම හදන්න ඕන..”
( මතු සම්බන්දයි..)
//දවල් වෙලා.. හොර ගෙඩිය.. නැගිටින්න.. කෑම හදන්න ඕන..//
හපොයි බැන්ද දාට පහුවදාම අර මිනිහට කියල උයවගෙන කන්නද වත්සලා හදන්නෙ ?
නිහාල් මහත්තයාට තියෙන්නේ නව කතාවක් ලියන්න. මන් මේ ශෛලියට ගොඩාක් කැමතියි.
බලමු විශ්‍රාම ගිය දාක.
කතාව ටිකක් පැනලා නේද? ලස්සනයි. අවසානේ මොකක්ද කියලා හිතාගන්ට බැරුව ඉන්නේ… 🙂
පැනපු ටික ලියන්න විදියක් නෑ. වීඩියෝ එක නම් තියෙනවා. 🙂
මගේ ඇත්ත නමත් වත්සලා.
ලස්සන කතාව.හැබැයි දවසට ටිකක් වැඩිපුර ලියවෙනව නම් හොඳයි කියල හිතෙනවා.
ප්‍රතිචාරයට ස්තූතියි. වත්සලා… මේ ටික ලියා ගන්නෙත් මගේ කෑම පැයේදී.
එක සැරයක් යන්තම් රිමාන්ඩ් ගිහින් බේරුනාට මේ සැරේනම් බරපතල වැඩ ඇතුව ජිවිතන්තයටම වගේ . මම කැමතියි ලියවෙන විදියට , සැහැල්ලුයි රසවත් . හැබැයි නිහාල්ගේ වෙනදා ලියවෙන දේවල් නැතුව මොකක්දෝ පාලුවක්ද දැනේ
හිරේ ගියාම නිදහස්වන දිනය දන්නවනේ. හිරයක් ගත්තාම ඒ අයිතියවත් අපට නෑ.. 🙂