වත්සලා – 3


” මොනවද ගේන්න ඕන මම එනකොට ?”
“ම් …ම්…. අම්මට චීත්ත රෙද්දයි.. තාත්තට සුරුට්ටු මිටියයි..මට……”
“ඇත්තටම මං අහන්නෙ ”
” හිතල බලල මොනව හරි ගේන්න.. බිස්කට් ටින් එකක් වගෙ… හිස් අතින් හෙම එන්නෑ.. අරින්නෑ ගේට්ටුව…”

ඒ සෙනසුරාදා මට තීරණාත්මක එකක් විය. වත්සලාගේ ගෙදර පොඩි පහේ පාටියක් මෙන්
විය. ඇගේ පියා ඉතා ළබැඳි සිනහවකින් යුතුව මා පිළිගත්තා.

” ඔහොම වාඩිවෙමු.. හත් අට පොළකින්.. කෝ මේ ළමය හැංගිලාද?..ලොකූ.. ඇවිත් අපේ නඩේ
අඳුන්නල දෙන්න.”

ඇගේ වැඩුමල් අයියා – බිරිඳ , දෙවන අයියා ඔහුගේ බිරිඳ , බාල සොයුරා හා සොයුරියද මා හා
එක්වුනේ වසර ගණනක් දන්නා අඳුනන අය මෙන් ලෙන්ගතු කමකින්ය.
” ඉතින්… අපේ ලොකු නංගි හරි අමාරු කේස් එකක්. එයාගෙ හිත ගියා කියන්නෙ අපිට මල්ලි ගැන අමුතුවෙන් හොයන්න බලන්න අවශ්‍ය නෑ… වෙල්කම් ටු ද ෆැමිලි…”

ඇගේ පියාද , මවද , වැඩුමල් සොයුරන්ද වරින් වර පැමිණ මා ඉන්ටර්විව් කළ අතර
වැඩිපුර ප්‍රශ්න මගේ රැකියාව සම්බන්ධ ඒවා විය.

” ඉතින් පුතා… කවදද අම්මලා අපට මුණ ගස්සන්නෙ ?.. ඉක්මණට කටයුතු කෙරෙනවා නං
ගොඩක් දේ තියෙනව කතා කර ගන්න…”

වැඩිපුර කතා කළේ ASP සොයුරාය.. ලේ මසින් පිරුණු ශරීර කූඩුව කාකි ගොරෝසු නිළ
ඇඳුම තුළ සඟවා ගෙන ඉන්නා අනෙක් පොලිස්කාරයන් මෙන් නොව ඔහු සාධාරණ පොලිස්කාරයෙක් යැයි මගේ සිත කීවේය.

” මිනිස්සු කියන දේවල් හරියට ඉහළ තැන් වලට සන්නිවේදනය වෙන්නෑ.. ඒකයි මේ සේරම ප්‍රශ්න…”

***********************************************************************************
” සෝමෝ… අපි ලබන පෝයට සිල් ගම්මු.. බෙල්ලන්විල.. අවුරුදු හතක පොඩි හාමුදුරු නමක් ලස්සනට
බණ කියනවලු.. ඉහත ආත්මය ගැනත් කියනවලු…”
” අපි දෙන්නම ගිහින් කොහොමද.. මහත්තයගෙ කෑම ටික…?”

” අපි පාන්දරින් උයල තියල දවල් දානෙට මොනව හරි අරගෙන යමු…”

****************************************************************************************
” හලෝ… මිස් විජේනායක ප්ලීස් ”
“එයා නෑනෙ.. හස්බන්ඩ්ට සනීප නෑ කියල වරුවෙන් ගියා…” ඈ සිනා සෙයි.

” ලබන 17 පෝය.. මොකද කරන්නෙ ?”
” සිල් ගම්මු.. දෙන්නම”
” තමුසෙ එනව අපේ ගෙදර… මං විතරයි ඉන්නෙ”
” හොඳට හිටී”
” ඇත්තටම… අම්මලා සිල් ගන්න බෙල්ලන්විල යනව.. පහුවදා එන්නෙ.. මම හවස ගෙදරට ගිහින් බස්සන්නම්”
” විකාරද ?”
” විකාර නෙවේ.. ඇත්තටම”
” මට බයයි”
” ආපු විදියටම පරිස්සමට ගිහින් දාන්නම්”
” ඔන්න ටික වෙලාවයි.. හොඳද ? මොනවටද ?”
” මොනවටවත් නෙවේ.. මූණෙන් මූන බලා ගෙන ඉම්මු.. පිළිකුල් භාවනාව කරමු”
” ගමේ කවුරුවත් දැක්කොත්?”
” තමුසෙ එනවකෝ…”

මා පිරිමියෙකු වුවද ඇගේ පැමිණීම මට මහත් අපහසුතාවයක් ගෙන දෙන්නක් විය. ඈ මා ගැන
මොනවා සිතනවා ඇද්ද?
” අපි ටිකක් වෙලා ඉඳල , දවල් කෑම කාල ආපහු යමු”
” ගෙන්න ගත්තෙ මොකටද .. ලොකු රාජකාරියකට වගේ?”
” කමක් නෑ.. අපි හවසම යමු.. ළඟට එන්න…”

” ඒයි කවුද ගෑණු කෙනෙක් එනව ගේ පැත්තට.”
” මළා !.. ඒ අපෙ සෝමක්කා..ඔයා උඩට වෙලා ඉන්න .. සද්ද කරන්න එපා”

” මොකෝ සෝමක්කේ ? හෙට නේද එනව කිව්වෙ.. සිල් හාෆ් ඩේ ද ?”
” ලොකු නෝනට හිසේ ඇම්මක් ආවනේ.. අපි හාමුදුරුවන්ට කියල සිල් පවාරණය කරලයි ආවෙ..
මහත්තය තේ බීලද ?”

සෝමක්කා තේ කෝප්ප දෙකක් ට්‍රේ එකක තියා ගෙන උඩු මහලට ආවා.
” කාටද මේ දෙකක්?”
” හොඳ වෙලාවට මං දැක්කෙ.. දොරකඩ තිබ්බ සෙරෙප්පු දෙක. කාමරේ කවුරු හරි ඉන්නව නං අම්ම නැගිටින්න කලින් පිටත් කරන්න”

සෙනගක් මැද සරම කැඩුණු කලෙක මෙන් වස ලැජ්ජාවක් මට ඇති විය. අම්මට අහුවුනා නම් මොකද මේ
ගෑණිට අහු නොවී. ඒත් කාටවත් මොකද ? මගේ මල්ල ලිහල බැලුවත් එකයි.. ඔබල බැලුවත් එකයි.

****************************************************************
ඊළඟ සති අන්තයේ වත්සලාගේ ගෙදර යාමට තීරණය වුනා.
” දැන් කාවද පුතේ ගමනට එක්ක ගන්නේ?. නංගියි , ක්‍රිෂන්ත පුතයි එහෙන් එනව…
ලොකු මාමටවත් කියමුද ? එක්කොත් එපා.. මහ වාචාලයා.. මොනව කියයිද දන්නෑ”

” කමක් නෑ..ලොකු මාමා එක්ක යමු..යුද්ධෙ ගැන කතා නොකර වෙන ඕන දෙයක්.. වත්සලාගෙ ලොකු නෑනා දෙමළ…”

” වැලිතලප ටිකක් හදමු.. ලොකු කෙහෙල් ඇවරි දෙකක් කඩෙන් ගමු..ඒ උදවිය කඩේ හාල් වෙන්ටෑ කන්නෙ..කැකුළෙන් කොටපු හාල් ගෝනියකුත් ඇති, දාගමු ඕන්නම්”

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to වත්සලා – 3

  1. නවම් පවසයි:

    පරක්කුවෙලා ආව එකමයි කාරිය 😀

  2. සහෝධරයා පවසයි:

    මේ යන විදිය මරු … මේකෙ අර මැදින් දාන යෙදුම් හොදම හොදයි! 🙂

  3. පූජිත පවසයි:

    මම නම් ඉස්සෙල්ලාම නෑගම් ගියේ මී කිරි හට්ටියක් අරගෙන. අපේ නැන්දම්මා (ඒ දවස්වල වෙනඩ නැන්දම්මා) හරි ආසයි මී කිරි වලට.

    කතාවේ ඉතිරි ටිකත් ඉක්මනටම ලියමු..

  4. sarath chandrasiri පවසයි:

    මැද්දෙන් පැනපු හින්ද වෙන්නැති.තාම අයිඩියා කෑල්ලක් ආවේ නෑ. මම මුලට ගොහින් එන්නම් ආයිබෝං….!

  5. praveena පවසයි:

    ඔන්න දැන් නම් කතාවේ ලස්සනම හරිය!!! 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )