වත්සලා – 2


“මිස්ට …විසිටර් කෙනෙක් ඉන්නවා.. ඇතුළට එවන්නද ?” ඒ සෙකියුරිටි එකෙන්.
විසිටර් , ජනක.. හමුදාවෙ ඉන්න වත්සලාගෙ නැන්දගෙ පුතා.

” මං ආවෙ මිස්ව අද ලන්ච් එකට එළියට එක්ක යන්න ”

ජනකගේ වම් අතේ ලොකු රත්තරන් බ්‍රේස්ලට් එකක්. කරෙත් ලොකු රන් දම්වැලක්.
අනුන්ගෙ රත්තරන් – අපට මක් කොරන් කියල වත්සලාට හිතුන.
” අනේ ජනක.. අද නං එළියට යන්න විදියක් නෑ. තව ටිකකින් මීටින් එකක්.
අපි මෙහෙම කතා කරමු.

” මම අහපු දේ ගැන ලොකු නංගිගෙ අදහස මොකද්ද ?”
” මට කෙනෙක් ඉන්නවා ජනක..”
” ඔයා මට කැමති නැත්තෙ මම ඔයා තරම් ඉගෙන ගෙන නැති නිසාද ?”
” නෑ එහෙම එකක් නෙවේ.. ඔයාට මතකද අපි ඉස්සර එකට සෙල්ලම් කළා. රණ්ඩු උනා..
සමහරදාට එක ගොඩේ වැටිල නිදා ගත්තා. මට කවදාවත් එහෙම හැඟීමක් නෑ ඔයා ගැන. ඔයා මට සහෝදරයෙක් විතරයි.”

” එහෙම නං ඔන්න අපි ගියා.. කවදද යාළුව අපට අඳුන්නල දෙන්නෙ?”
“ළඟදීම… තව ගෙදරට කියලත් නෑ”

****************************************************

නිහාල් ගුරුසිංහ කල්පනා කළේ දැම්මම වත්සලා ගැන තම මව්ට කියනවාද නැද්ද කියන එක ගැනයි. කිව්වොත් නම් බේරුමක් නැතිවෙයි.

ඔහුට හිතුනා ඔහුගේ ජීවිතයේ වසන්ත කාලයෙන් යම් පරිච්ඡේදයක් මග
හැරී ඇති වග.

******************************************************

” ඔයාල දෙන්න කෑම උයා ගන්නවද ?”
” නෑ අනේ ඒක කරදර වැඩක්. අපි ගෙදරින් ගේනවා.. හිතුනම කැන්ටිමෙන්
කනවා. වැඩිපුර මැගී තමයි කන්නෙ”
” මං ගේන්නම් හෙට ලොකු බත් එකක්.. දෙන්නටම තියා ගෙන කන්න”

*******************************************

” සෝමක්කේ… හෙට මට වැඩිපුර බත් එකක් ඕන”
” කාටද අප්පේ.. නෝන කෙනෙකුටද?”
” ඔව්.. මේ බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙකුට”
” එහෙම නං මම කෙහෙල් කොළයක් තවල බත් මුලක් හදල දෙන්නම්.. ඕව පින්
අතේ වැඩ”

*****************************

ගමයා.. ගමගේ…….. දිනක්…

” ඒයි උඹ මේ කෙල්ලන්ට බත් අදිනව කියන්නෙ මොකද?”
” මං දවසක් දෙකක් ගෙදරින් කෑම ගෙනල්ල දුන්න.. කවුරු හරි එකෙක් දැකල තියෙනව”

උසේ තරමට මහත ඇති
හංවැල්ලෙ සිට පැමිණෙති
සත පහට පු** දෙති
ළමෝ ඌ හට ” බතා” යැයි පවසති…

උන් කවියක් ලියල වැසිකිළියෙ බිත්තියේ.

ලීලාවතී මාතාව තම සැමියාගේ වියෝවෙන් පසුව , සමාජ සේවයටත් , පින් අතේ වැඩ කටයුතු වලටත් දවසේ වැඩි හරියක් මිඩංගු කළා. වෙනත් ගැහැණුන් මෙන්ම තම දරුවන් ගැන ගමේ මිනිසුන් සමග කතා කිරීමටත් ඕ ආසා කළා. විවාහයෙන් පසුව දියණිය ඇගේ සැමියාගේ නිවසට පදිංචියට ගිය පසු දෙමහල් නිවසේ ඉතිරි වූයේ ඇයත් , තම පුත්‍රයා වන නිහාලුත් , පවුලේ කෙනෙක් මෙන්ම ඇගේ තනි නොතනියට නිවසේ රැඳුනු සෝමා නම් වැඩිහිටි කාන්තාවත් පමණි.

” මහත්තයට දැන් දවස් කීපයක් කවුද නෝන කෙනෙක් ටෙලිපෝන් කරනව.. මං හොරෙන් බලාන පැය ගානක් තිස්සේ කතා කරනවා..”

” මොකෙක් හරි කමක් නෑ.. මට ඕන මේ බරෙන් නිදහස් වෙන්න.. මං හිතාන ඉන්නවා කඳුබොඩ යන්න මාසයක් විතර නැවතිල භාවනා කරන්න..”
” අනේ මාත් එන්නං”

ඊළඟ සති අන්තයේ තම දියණියත් බෑණාත් ගෙදර එන බැවින් ඔවුන් ආ විගස ඔවුනුත් සමඟම මේ ගැන තම පුත්‍රයාගෙන් විචාරීමට ලීලාවතී මාතාව හිතා ගත්තා.

” ඒයි කවුද බං හැමදාම රෑට ගෑණු පරානයක් කෝල් කරනව කියන්නෙ ” ඒ ක්‍රිෂන්ත..
” මේ ගෑණුන්ට ඉව…මං උඹට කියන්නම් කියල හිටියෙ.. කෙල්ලගෙ ගෙදර ගිහින් ඇවිල්ලම.. එයා මහජන බැංකුවෙ…..ලීගල් ඩිපාට්මන්ට් එකේ.. කිරිබත්ගොඩ.. ගම..”
” අයියේ කොහොම කෙනෙක්ද ?”
” ගෑණු කෙනෙක්..”

” කීයක් ඔට්ටුද තවම දණිහෙන් උඩට දැකල නෑ ?…”
” මොනවද කුටු කුටු ගාන්නෙ ? වල් කතාවක් වෙන්නැති..”
” ” පලයං බං.. තාම මාසයක්වත් නෑ…”

” අම්මේ….හ්… මෙන්න වැඩේ හරී….ඔන්න අම්මට ලේලි පොඩ්ඩක් හොයා ගෙන”
” අනේ අයියේ.. දවසක් හරි මට වඩා වැඩිමල් වෙන්න ඕන හොඳද? මට නංගි කියන්න නම් බෑ හරිය… නැද්ද ෆොටෝ එකක් ….?
” අරන් එනව මගෙ ලැප්ටොප් එක”

*****************************************

රෑ කෑමෙන් පසුව මදා වේලාවක් රූපවාහිනිය නැරඹූ සිරිල් – විනීතා යුවල වේලාසනින්ම
ඇඳට ගියා..

” තාත්තේ.. අපි තේ හදනවා.. ඕනද ?”
” හොඳයි.. ඔයාගෙ තේ එක රසයිනේ”

” තාත්තෙ මේ සෙනසුරාදා කොහෙවත් යන එකක් නෑ නේද? ලොකු අයියලත් එනව.. මගෙ යාළුවෙක් එනව
ලන්ච් එකට.. තාත්තත් එක්ක කතා කරන්න් ඕනළු”

” කොහෙ කෙනෙක්ද දුව ? මොනව කරන කෙනෙක්ද”
” හංවැල්ලෙ… අම්ම විතරයි.. තාත්ත අන්තරා වෙලා.. නංගී මැරීඩ්..එයා පේරදෙණියේ ඉන්ග්ලිශ්
ඩිපාට්මන්ට් එකේ.. වීක් එන්ඩ් එකේ ඔක්සෝනියා එකෙත් ක්ලාසස් වගයක් කරනව…”

” මම ඔයා ගැන හරි බයෙන් හිටියෙ”

” වෙන මොනවද විස්තර.. ගතිගුණ?”
” වැඩි විස්තර තාත්තම අහන්න.. ගති ගුණ නම් අපෙ ලොකු අයිය වගේ …”

( මතු සම්බන්දයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

11 Responses to වත්සලා – 2

  1. නවම් පවසයි:

    කොටස් තුන හතරක්ම මඟෑරුනා කැළෑවක ඇවිදින්න ගිය හන්ද. ඒකත් එක අතකට හොඳයි එක හුස්මට කියවගෙන යන්න ඇහැකි

  2. Dinuka M (@Polzie) පවසයි:

    කතාව නම් අපූරු පාටයි. හැබැයි බොහෝම කඩි කුලප්පුවකින් ගලා යනව වගෙයි පේන්නෙ. :/

  3. පූජිත පවසයි:

    නියමයි… කියවන්න ආස හිතෙන භාෂා ශෛලිය.. දිගටම ලියන්න..
    චුට්ටක් දුක හිතෙන දේවල් ලියුවට කමක් නෑ.. හැබැයි ඇඬෙන් කතා නම් ලියන්න කලින් පොඩ්ඩක් ආයෙත් හිතන්න.

  4. අවංක පැට්ටා පවසයි:

    ලස්සනයි නිහාල් අය්යා කතාව… දිගටම ළියමු.. ජයවේවා.

  5. අංගොඩයා.. පවසයි:

    //” අරන් එනව මගෙ ලැප්ටොප් එක”//
    //කාල වකවාණුව: අසූවේ දශකයේ අග බාගය.//
    මෙතන පොඩි අවුලක් ගියාද මන්දා.. හැබැයි කතාවේ රසයට එච්චර හානියක් වෙලා නැහැ වගේ..

  6. praveena පවසයි:

    තාම හරියට මොනවා වෙනවද කියලා හිතාගන්ට අමාරුයි. හැබැයි බොහොම ලිහිල්ව, ලස්සනට ගලාගන යනවා. දුකෙන් කෙලවර වෙන කතාවක් එහෙම නෙමේ නේද? 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )