කඩුව


හික්කඩුව , බලකඩුව , තමන්කඩුව, වස්කඩුව, ගිරාකඩුව , හුරීකඩුව ,
ඇල්කඩුව , කොටින්කඩුව , කඩුගන්නාව ; මේ ලංකාවේ කඩු ගම්මානය. පෙර
රජ දවස රජුන්ට හා හමුදාවට අවශ්‍ය කඩු මේ ගම්වල සෑදෙන්නට ඇත.
කඩුව , පංචායුධ වලින් එකකි. කුඩා කල මගේ බෙල්ලේද කළු නූල් පටකින්
එල්ලූ රන් පංචායුදයක් වීය.
කඩුවෙන් , දුන්නෙන් හෝ තෝමරයෙන් මගේ දරුවා ආරක්ෂා වෙත්වා යයි නැත්නම් ,
කඩුවෙන් හෝ කුමකින් හෝ සතුරා මරාපන් යයි දෙමාපියන් හිතනවා විය හැක.

මා උසස් පෙළ ලියා ප්‍රතිපල එනතුරුවත් නොසිට රැකියා වලට ඉල්ලුම් කළේ
අප වෙනුවෙන්ම නැහෙන තාත්තාගේ බරට යම්තමින් හෝ කර ගැසීමටය.
මා මුලින්ම ගියේ අහුන්ගල්ලේ හෝටලයක කැෂියර් කමකට වූ ඉන්ටර්විව් එකකටය.
” අයියගෙ කඩුව හොඳයිනේ , ජොබ් එක ලැබෙයි” නංගී කීවාය.
“පුතේ උඹ හමුදාවට බැඳෙන්ටද ?” ඒ අසා අත්තම්මා ඇසුවාය.
අත්තම්මාගේ හිතේ තවමත් අපේ හමුදා සටන් කරන්නේ කඩුවෙන් දුන්නෙන්
කියලාය. හැංගිලා පහර දෙන ” ගරිල්ලා” නමැති අර විලි ලජ්ජා නැති
හටන් ක්‍රමයට පෙර ලොව තිබුණේ කාය ශක්තියෙන් මුහුණට මුහුණ ලා සටන්
කිරීමයි.

තම පහරකින් ප්‍රතිවාදියාගේ කඩුව බිම වැටුනද , පෙර රජ දරුවන්
නිරායුධ කෙනෙකු මරන්නේ නැත. ” ගනු කඩුව.. එනු සටනට ” කියා වැටුනු
කඩුව අහුලා ගන්නට අවස්තාවක් ප්‍රතිවාදියාට ලබා දෙයි.
හිටපු ජනාදිපති ප්‍රේමදාස මහතා කොටින්ට ආයුධ දුන්නේද ඒ නිසා
යයි මට නිකමට මෙන් හිතේ. මක් නිසාද සතුරාට වුනත් ආයුද නැතිව
සටන් කළ නොහැකි නිසාය.

මැජික් සංදර්ශන වලදී කඩු ගිලින අය මා දැක ඇත. මා මුලින්ම
කඩු ගිලින්නෙක් දැක්කේ නුගේගොඩ පේමන්ට් එකකය. අඩි එක හමාරක විතර
කඩු තලය ගිරිය හරහා අන්න ශ්‍රෝතය ඔස්සේ බඩට යැවීම භයානක විජ්ජාවකි.

කඩු ගිලින හැටි කියා දෙන රූපවාහිනී වැඩසටහනක් විය. තරුණ කොල්ලෙක්
එය අත් හදා බැලුවේය. උපදෙස් පරිදි සිරුවෙන් කඩු තලය බඩට බැස්සවීමට
ඔහුට හැකි විය.
” කඩුව ආපසු ගන්නා ආකාරය ලබන සතියේ මේ වේලාවටම බලාපොරොත්තු
වෙන්න” යි නිවේදකයා කීවේය.
ඉස්සර කාලයේ මුහුණට මුහුණ කරන සටන් වලදී කඩුව යොදා ගත්තද,
දැන් එය ” හමුදාමය උත්සව භාණ්ඩයක්” පමණි.
එංගලන්තයේ මහ රජු වරින් වර , රටට සේවයක් කළ , යුද්ධයේ දක්ෂ
රාජපාක්ෂිකයන් කැඳවා ඔවුනට ” නයිට් ” නාම ලබා දෙයි. රජ ඉදිරියේ
දණ ගසන එවන් අයෙකුගේ උර හිසට තම කඩුවෙන් තට්ටුවක් දමා ” සර්…
නැගී සිටුව ” යයි රජු පවසයි. එතැන් සිට ඔහු නයිට්වරයෙක් වන අතර ඔහුගේ
නමට මුලින් ” සර් ” කෑල්ලක් ඇමිනේ. අපට සිටි සර් ඔලිවර් ගුණතිලක , සර්
බාරොන් ජයතිලකද එබන්දන්ය. නයිට් ඉස්කෝලෙකට ගිහින් කඩුව ඉගෙන ගත්තට
එහෙම සර් කෑලි නොලැබේ. දැන් ආචාර්ය , මහාචාර්ය පට්ටම් කඩෙන් ගත හැකි
වුවද තවම සර් පට්ටම් කඩේ නැත. එහෙම උනා නම් අපට සර් මර්වින් සිල්වා
කෙනෙක් ලැබෙණු ඇත.

අපේ ගෙදර බිත්තියේද කැටයම් කළ කෙටි කඩුවක් හෙවත් කස්තානයක් එල්ලා
ඇත. අපේ තාත්තාට එය යකඩ බඩු කඩේක තිබී හමුවූ එකකි.
කඩු ; විවිධ දිග , විවිධ හැඩයෙන් යුක්තය. ජපන් ජාතිකයන් කඩු හැදිමේද,
කඩු හරඹයේද දක්ෂය.

ඉංග්‍රීසි ටිකක් දන්නේ නම් ලංකාවේ ඕනෑම කන්තෝරුවකින් ඕනෑම වැඩක්
ඉක්මණට කර ගත හැකිය. ඉන්ගිරිසිය ආයුධයකි. එයට කඩුව කියන්නේ එනිසාය.
නමුත් සමහරුනට නම් එය ආභරණයකි. කාට කඩුව දැම්මත් ලංකාවේ
පොලිස් කාරයෙකුට කඩුව දැමීම නම් නුවණට හුරු නැත.

කඩුවට කග.. අසිපත කියා ද කියයි. සුනඛ අසිපත යනු තේරවිල්ලකි.
සුනඛ = බලු
අසිපත = කඩුව
බලු කඩුව… කළු බඩුව .

මා සාමන්‍ය පෙළ ඉන්නා කාලයේ මගේ පිවිතුරු ආදරය පූජා කළ විජිතා ද සුනඛ අසිපතකි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to කඩුව

  1. hasithag පවසයි:

    කඩුවේ තියෙන බලේ තමා බලේ 🙂

  2. henryblogwalker පවසයි:

    නිහාල් මොකද මේ කමෙන්ට්ස් එක පේජ් එකේ වැටෙන්න නැතුව දාලා තියෙන්නෙ? මම ආවා මගෙ කමෙන්ට් එකට නිහාල් මොකද කියලා තියෙන්නෙ කියලා බලන්න. බඩු නෑ. මොකද මගෙ කමෙන්ට් එකට වුනේ කියලා අහන්න හදනකොටම දැක්කා older comments කියලා තියෙනවා. දාන්නකො ඔක්කොම එක යට එක,

  3. කාලීන වැදගත් කමක් ඇති පෝස්ට් එකක් …..

  4. sarath Lankapriya පවසයි:

    නිහාල් කාලෙකින් ලංකාවට ආවේ නැද්ද ? දැන් හැම ගහක් ගලක් බිත්තියක් ගානෙම පෝස්ටර්වල ඉන්නේ සිසිල් සර් ප්‍රියන්ත සර් බැසිල් සර් වගේ තමුන්ට තමුන්ම නම දාගත්ත සර්ලා වැහි වැහලා.

  5. Alchemiya පවසයි:

    අපේ ගෙදරත් කඩුවක් තිබුණා… ඒක හරි බරයි (ඉස්සර මම පොඩි කාලෙ)… ඉස්සර අත් දෙකෙන්ම උස්සං මමත් ගස් එක්ක කඩු පයිට් ගියා…. දැන් නම් තනි අතින් උස්සන්න පුළුවනි.
    තාත්තා ඉස්සර රෑට ගොවිපොළ බලන්න රවුමක් යනකොට ඒක තමයි ආරක්‍ෂාවට අරං යන්නෙ… අපට ඉතිං තුවක්කු බට නෑනෙ….
    තවමත් ඒක ගෙදර තියෙනවා…. මුවාත් තියලා ගත්තාම බලන්න එපායෑ.. පැන පැන කැපෙන්නෙ….
    හැබැයි ඒක යකඩ… ඒ නිසා කවුරුත් හොරකම් කරන්න එන්නෙ නෑ… හොරකම් කරන්න ආවොත් ඉතිං ඒකෙන්ම පාරක් කන්නත් වෙයි….

  6. Dulip Sikurajapathy පවසයි:

    ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලත් කියනවනෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )