කම්බ හොරු


ගලපිටමඩ දාවිත් මුදලාලි කිව්වම නොදන්න කෙනෙක් නෑ.
පරම්පරාවෙන් උරුම වුනු ඉඩකඩම් , කුඹුරු වතු පිටි වල වැඩට අමතරව මධ්යම පරිමාණයේ සිල්ලර කඩේකුත් කළා දාවිත් මුදලාලි. හිටියේ එකම එක පුතයි.

තම පුතාට හොඳ නමක් දාන්න ඔහුට ඕනෑ වුනා. කොල්ලගෙ ග්රහචාරෙ හැටියට නැකත් හදන ගුරුන්නාන්සෙ කීවෙ කොල්ලට මේ පොළව නම් හරියන්නෙ නෑ.. මහ බලගතු යෝගයක්.. බටහිර පැත්තට වෙන්ට තමා ඉරණම විසඳෙන්නෙ කියල. නමට අකුරු ආවෙ “එ” යන්න හා “ට” යන්න. මුදලාලි වඩා කැමති උනේ “එ” යන්නට. ඒ කාලෙ ඔය එරංග , ඒශාන් වගෙ ඉස්කුරුප්පු නම් තිබුනෙ නෑ . දාවිත් මුදලාලිගෙ වීරය වුනේ ප්රේමය වෙනුවෙන් සිහසුන අත් හල අටවන එඩ්වර්ඩ් රජ්ජුරුවෝ. “ ගුරුන්නාන්සේ.. අපි පුතාට එඩ්වර්ඩ් කියල දාමු.
ඒත් ගුරුන්නාන්සෙගෙ අදහස උනේ එරික් කියන නම වඩා හොඳ බවයි. ඔය විදියට මෙලොව එළිය දුටු එරික් ගලපිටමඩ බාලාංශ පන්තියෙ ඉඳල උසස් පෙළ දක්වා පාසැල් වැඩට දැක්වූයේ පුදුම දස්කමක් . පන්තියේ අනෙක් කොල්ලන්ට කෙල්ලන්ට ඉන්ගිරිසි පීරියඩ් එක වාතයක් උනාට එරික් ඉන්ගිරිසි ඉගෙන ගන්ට දැක්වූයේ ලොකු ආසාවක්. උනන්දුවක්.
එරික් විශ්ව විද්යාලෙට තේරුනත් ගියේ නෑ. තාත්තත් එක්ක තර්ක ගොඩක් දාල ඒ වෙනුවට වරලත් ගණකාධිකාරි ආයතනයේ රෙජිස්ටර් වෙලා ඒ සඳහා කාලයත් මහන්සියත් කැප කළා.
“ තාත්තේ.. තාත්තගෙ බිස්නස් යල් පැන ගිය ඒව. අපි ඕක ටිකක් නවීන විදියට කරමුද ?” දවසක් එරික් දාවිත් මුදලාලිගෙන් ඇහුව. “ ඇයි මේකෙ ඇති වැරැද්දක් තියෙනවද “?
“ බලන්න දැන් තාත්ත මුළු දවසම කඩේ ගත කරන්නෙ. තාත්තට කියන්න පුළුවන්ද තාත්තගෙ මාසික පිරිවැටුම.. දෛනික ආදායම.. වත්කම් බැරකම්.. අපි මේ බිස්නස් ටික සේරම එකතු කරල ටිකක් අළුත් විදියට.. කොම්පියුටරයිස් කරල කරමුද?”
“ තාත්ත අතන මෙතන සල්ලි ගොඩ ගහනව.. සල්ලි කියන ඒවට නිදහසේ හැසිරෙන්න දෙන්න ඕන.. අපි ඔය සල්ලි කොහේ හරි ඉන්වෙස්ට් කරමුද ?” දාවිත් මුදලාලි , මේ ඊයේ පෙරේද එකා දන්න බිස්නස් කියල එරික්ගෙ අදහසට එක පාරටම විරුද්ද නොවුනත් තව ටිකක් තම පුතාට කන් දෙන්න හිතුව.
“දැන් තාත්ත කියන්න බලන්න අද දවසේ පිරිවැටුම” එක හවසක කඩේ වහන්න කිට්ටුව එරික් තම පියාගෙන් ඇහුව.
“ ඔය තියෙන්නේ ලාච්චුවෙ.. ඕක තම අද පිරිවැටුම.. ඔය වම් පැත්තෙ ටින් එකේ තියෙන්නෙ මගේ ජංගම බැරකම්.. ඒ කියන්නෙ කිරි කාරයට.. පත්තර කාරයට ගෙවන්න ඕන ඒව.. ඔය දකුණු පැත්තෙ ටින් එකේ තියෙන්නෙ මගේ ජංගම වත්කම්.. එහා ගෙදර කමලාවතී ගෙන් එන්න තියෙන ණය, අල්ලපු කඩ කාමරෙන් එන්න තියෙන කුලිය” තව මොනවද ?”
“කෝ එතකොට ප්රොෆිට් එක”.. එරික් ඇහුව.
“ අද දවසෙ ප්රොෆිට් එක මගෙ ඉනේ “.. තාත්ත තම ඉන බැඳි හම් පටිය පෙන්නුව.
“ තාත්තගෙ සේල්ස් ටාගට් එක මොකක්ද?” ” මට ටාගට් කරන්න බෑ බං.. මෙතෙන්ට හැමදාම එන්නෙ ගමේ මිනිස්සුයි උඩහ වත්තෙ කුලීකරයොයි”
තාත්ත මේ විදියටම බිස්නස් කරගෙන යන්න. මට මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න තාත්ත මට සල්ලි ටිකක් දෙනවද ?”
“ කීයක් ?” “ ලක්ෂ දහයක්?”
“ දෙන්නම්.. හැබැයි නීතියට එකඟව.. හිරේ විලංගුවෙ වැටෙන්නෙ නැතුව.. මගේ නම කැත කරන්නෙ නැතුව.. හරි….?”
එරික් ලක්ෂ දහයක් හංවැල්ලෙ මහජන බැංකුවෙ තැන්පත් කළා. නිතරම බැංකුවට ආව ගියා.. බැංකුවෙ සේවකයොත් එක්ක යාළු උනා. ඉඳ හිට බැංකු මැනේජරුත් එක්ක හංවැල්ලෙ රෙස්ට් හවුස් එකට ගිහින් පොඩි අඩියක් ගැහුව.
මාස කීපයකින් මහජන බැංකුවෙම අගනුවර ශාකාවක ජංගම ගිණුමක් ඇරිය. ටිකක් කල් ගත උනා. දවසක් එරික් හංවැල්ලෙ තම හිතවත් බැංකු කළමනාකරු හමුවෙන්න ගිහින් පිට රටකින් බඩු ගෙන්වන්න අවශ්ය කරන ණයවර ලිපියක් ගන්න ආකාරය අහගත්ත. එරික්ගෙ වෙලාව තමයි වෙලාව කියන්නෙ. පත්තරේ තිබුණ වරායෙ ක්ලියර් කර ගන්න බැරි උනු සැමන් ටින් තොගයක් වෙන්දේසි කරන්න යන බව. එදා සිකුරාදාවක් . එරික් කොළඹ අකවුන්ට් එකෙන් ලක්ෂ දහයකට චෙක් එකක් ලියල ඒක්ත් අරන් ගියා හන්වැල්ලට.
“ ලොකු මහත්තයා.. මේ චෙක් එක පර්චස් කරල මට දැන්ම සල්ලි ඕන” කොළඹ ගිනුමේ තිබුනේ රුපියල් දෙදාහක් විතරයි. තමන් ළඟ එරික්ගේ තැන්පතුවක් තියෙන නිසා සැකයක් හිතන්නෙ නැතුවම මුදල් නැති ගිනුමක චෙක් එකකට ලක්ෂ දහයක් දෙන්න හංවැල්ලෙ බැංකු කළමනා කරු එකඟ උනා.
පහුවදාම ලක්ෂ දහයක සැමන් ටින් තොගය වෙන්දේසියෙන් ගත් එරික් සති අන්තය තුළ රුපියලක ලාබයක් තියාගෙන කඩවලට බෙදා දැම්ම. අර චෙක් එක මහ බැංකුවෙන් නිශ්කාශනය වෙන්නෙ අඟහරුවාදට. අඟහරුවාදා උදෙන්ම බැංකුවට ගිය එරික්, සතයක්වත් නැතිව උපයා ගත් මුදල් ලක්ෂ 15 ක් බැංකුවේ තැන්පත් කළා.
එරික්ට මේත් මදි. තම ගන දෙවි නුවණ යොදා ගෙන තව මුදල් හොයන හැටියක් ඔහු කල්පනා කළා. ඔහුට එක පාරටම සිහියට ආවෙ කොරියාවේ ඩිස්පෝසබල් ග්ලවුස් හදන කොම්පනියක සෑහෙන තැනක ඉන්න තම පාසැල් මිතුරා.
“ මචං පොඩි බිස්නස් එකක් තියෙනව.. මෙහෙමයි කරන්න ඕන.. නෑ බං.. ජල් තරස් නෙවේ..පොඩ්ඩක් අහගෙන හිටපන්.. CIA කෑෂ් ඉන් ඇඩ්වාන්ස්.. මම කලින්ම සල්ලි ගෙවනවා.. මට එවපන් ග්ලවුස් ජෝඩු දහදාහක්. හැබැයි මට ඕන දකුණු අත විතරයි…….උඹට ඒව වැඩක් නෑනෙ..”
සති දෙකකින් ග්ලවුස් ඕඩරය කොළඹට ආවා. තම හිතවත් රේගු නිලධාරියාත් සමඟ වරායේ ගබඩාවට ගිය එරික් තම ඇනවුම පරීක්ෂ කළා. .. “ ඒයි මචං මම මේක බාර ගන්නෙ නෑ.. බලපන් මේ හැම එකකම දකුණු අත විතරයි.. මම කොහොමද මේක විකුණන්නෙ?” මේක රිටර්න් කරපන්”

“ එහෙම රිටර්න් කරන්න බෑ. බාර නොගන්න බඩු වෙන්දේසි කරනවා.. උඹට පොඩි දඩයක් ගෙවන්න වෙයි”
“ ඒකට කමක් නෑ.. ඒකටත් ඔය මොනව හරි කරල දාපන්.. හවසට ඔටර්ස් එකේදි මීට් වෙමු”
මාසයකින් වරායෙ ක්ලියර් නොකරපු බඩු වෙන්දේසි උනා. වෙන්දේසියට ගියේ එරික්ගෙ හිතවතෙක්. අර දකුණු අත විතරක් තියෙන ග්ලවුස් ටික ගන්න හිටියේ එරික්ගෙ ගෝලය විතරමයී
එරික් ආයෙම කොරියාවෙ යාළුවට කෝල් කළා.. “ මචං ..කොහොමද.. මම උඹලගෙ අම්මට සල්ලි ටිකක් දුන්න ඔන්න…. ඒක නෙවෙයි තව ඕඩරයක් තියෙනවා.. ඔවු.. ඔවු ග්ලවුස් තමයි.. මේ පාර ඕන වම් අත විතරයි.. හරි.. CIA.. උඹට මොනවටද ඒව.
කතාව ඉතිරි ටික කලින් වගේ මයි. වරායෙන් ක්ලියර් නොකළ වම් අත විතරක් තියෙන ග්ලවුස් තොගය පසු දාක වෙන්දේසි උනා. එරික් තව ගෝලයෙක් යොදවල ඒටිකත් කුණු කොල්ලෙටම ගත්ත.
ගෙදරදි කීප දෙනෙක් යොදවල වම් සහ දකුණු ග්ලවුස් සීරුවට ගලපල ආයෙ ලස්සනට පැක් කළා.
“ මේ ටික දැන් දෙන්න පුළුවන් හොඳ ගානකට”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

30 Responses to කම්බ හොරු

  1. hasithag පවසයි:

    මෙවන් පොරවල් වෙන කොයින්දා 🙂

  2. henryblogwalker පවසයි:

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු.

    මටත් ඔයිට සමාන වැඩ කරන යාලුවෙක් හිටියා, නිහාල්. දැක්කෙ නෑ කාලෙකින්. ඒ ගිය ගමන වැඩි දුර යන්න හැකි වෙයිද කියලා මටත් සැකයක් තිබ්බා.

  3. කතාව නම්… රසවත්.. අපි නම් තාම හිතන්නේ හොර බොරු නැතුව බිසිනොස් කොරන්න..

  4. Tiraj Adikari පවසයි:

    බිස්නස් කරන්න පටන් ගත්ත විදිය නම් හරියටම හරි… හැබැයි ඉතින් ලංකාවේ කාටත් වෙන්නා වගේ පහු පහු වෙනකොට කොහු කොහු ….
    එහෙම නැතුව සාධාරණ විදියට පොඩ්ඩ පොඩ්ඩ ව්‍යාපාරය දියුණු කරන්න යන්න ඉවසීම , යුක්ති ගරුක බව , සාධාරණත්වය , ආත්ම ශක්තිය යන ඔක්කොම ඕන වෙනවා ..ඒවා නම් ලංකාවේ බිස්නස් කාරයෝ අහල තියෙනවද කියලත් සැකයි මේ කාලේ …. -_^

  5. සමීර පවසයි:

    ලංකාවේ බිස්නස් එකක් කරන්න නම් මේ වගේ දේවල් කරන්නම වෙනවා.. හොඳ පොලිටිකල් කකුලක් නැති එකෙක්ට දියුණුවෙන්න නම් ඉතින් මේ වගේ පොඩි පොඩි loopholes හොයාගනන වෙනවා.. උනුත් ජීවත් වෙන්න එපැයි.. හැමදාම වගේ සුපිරි කතාවක් නිහාල් අයියේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )