බයිට්


ඉංග්‍රීසියෙන් බයිට් කියන්නේ හපනවාටය. කන බොන පිරිමි බයිට් කියන්නේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට හපන්ට ගන්නා කට කැස්මටය. අපේ යාලුවෙක් වන දල්පයා ලේඩීස් ජෙන්ටල්මන් කෙනෙක්ය. කන බොන වෙලාවට අපි කාටවත් ඌ පෙන්නන්න බැරිය. හේතුව ඌ බයිට් එක ඩයට් එක කර ගන්න බැවින්ය.

පසු ගියදා ලංකාවට ගොස් එනවිට විශාල ප්‍රමානයේ ” බයිට්” පැකට් දෙකක්ම ගෙනාවෙමි.ඉන් එකක් මගේ සේවාස්තානයේ ලන්ච් රූම් එකේ තැබුවෙමි. විනාඩි කීපයකින් එය වාෂ්ප විය. සුද්දෝ ” මයි ගෝඩ් මෑන්” ” ඉට්ස් ගුඩ්” කියමින් ඒවාකෑහ. මට මහත් ජතිකාභිමානයක් ඇතිවිය.

වරක් අපේ සහෝදරයෙකුගේ පියාගේ මළගමට වෙන්නපුවේ ගියෙමු. සොහොන් පිටියේ වැඩ හමාර වී ආපසු එන ගමනේදී හන්දියක ” රා ” යයි විශාල දැන්වීමක් විය. එය අපට අඬ ගසන්නාක් වැනිය. බසය ඒ පැත්තට හැරවුනේ ඉබේටමය. ගැමියෙක් ” මහත්තයලා , මේ වෙලාවට හොඳ රා නෑ, තියෙන්නේ විනාකිරි, තව ටිකක් ඉස්සරහට යමු නියම බඩු තියෙනවා ” යයි කීය.
නියම බඩු සුදුවාය. මගේ උගුර , කට , බඩ පිච්චීගෙන පිච්චීගෙන ගියේය. හපන්නට කිසි දෙයක් නැත. ෂෝ කේස් එකක ඥාන කතා කීපයකි. ඒවා මටත් වඩා වයස පාටය. හැමෝම බයිට් එකට ඥාන කතා කෑහ.

තව වතාවක් අපේ යාලුවෙක් වන අත්තනායකලාගෙ ගම් පැත්තේ ගියෙමු. ඒ හුන්නස්ගිරි කඳු පාමුල කුඩා ගම්මානයකි. නියම කිතුල් රා. බඩ කූල් වීගෙන කූල් වීගෙන ගියේය. මයියොක්කා පඳුරක් ඉගිල්ලූ ඔහුගේ සහෝදරයා , එම අල පසට යට කොට ඒ මත ගිනි ගොඩක් ගැසුවේය. විනාඩි කීපයකින් පස් ගොඩ අවුස්සා බැලූ විට මයියොක්කා අල ටික ගානට බේක් වී තිබුනේය. රා වලට කියාපු බයිට් එක.

මහියංගනයේ සොරබොර වැව අසල රජයේ රැකියාවක් කළ තවත් අපේ පාප මිත්‍රයෙකුගෙන් “බොන්ට” එන ලෙස ආරාධනාවක් ලැබුනේය.
එවැනි ආරාධනාවක් ඉවත දැමීම ඔහුට කරන මදි පුංචි කමකි.
ක්‍රමයෙන් බයිට් එක හිස් වීය.
” මහත්තයා පොඩ්ඩක් ඉන්න” කිවූ ඔහුගේ සේවකයා, කොච්චි පඳුරක් උගුල්ලා සෝදා පඳුර පිටින්ම තෙලෙන් බැද්දේය. මොහොතකින් ඉතිරි වූයෙ නටු පමනි.

මෙහේ මගේ හැම යාලුවෙකුගේම ගෙදර කුඩා ප්‍රමාණයේ “මිනි” බාර් එකක් ඇත. ඒවායේ නා නා මාදිලියේ බෝතල් පිරී ඇත. ඒත් උන් ඉන්නේ සැත්පුම් 100 ක් හමාරක් ඈතින්ය. ගෙවල් ළඟම ඉන්නා මගේ මිතුරා කලින් පංසලක හිටි එකෙකි. දැන් පවුල් පංසල් වී ඇත. උගේ ගෙදර දැවන්ත පියානෝවකි. ඒත් ඒ ගෙදර කාටවත් එය වාදනය කරන්නට බැරිය. (ඒ තියා තාලයට අප්පුඩියක්වත් ගහන්නට බැරිය.)
අපරාදේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. ඒ වෙනුවට එතන කුඩා ප්‍රමාණයේ බාර් එකක් තිබුණා නම් කොච්චර හොඳදැයී මට සිතුනේය.

වැදගත් අයට පමණක් හැදෙන වැදගත් ලෙඩක් වන හයි බ්ලඩ් ප්‍රෙෂර් එක මට සෑදී ඇත. පෙත්තට අඩු නොවන ප්‍රෙෂර් එක ෂොට් එකක් දැමූ විට උජාරුවට අඩුවී යන බැවින් අපේ එක්කෙනා කඩේ ගියාම මට බ්‍රැන්ඩි බෝතලයක් ගෙනෙයි. මම මේ ගෑනිට බොන්ට පුරුදු වෙන්ට කියලා කොච්චරවත් කියනවා. ඒත් එයා ඒක අහන්නේ නැත. තනියම බොන්ට මහ මොකද්ද වගේය.

( උපුටා ගැනීම , අන්තිම පේළියෙනි.)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

32 Responses to බයිට්

  1. prabath පවසයි:

    අනිත් කතා වලට වඩා පිරිසක් බයිට් කතාව ගැන උනන්දු වෙලා. කන බොන කස්ටිය කොහොමත් එකතුයි නේ. මමත් අලුත් ගෙදරකට ගිහින් ගෙදරට ලී බඩු ගත්ත වෙලාවේ ලී බදඩු සාප්පුවේ හිටපු ඉන්දියන් සේල්ස් පොර නිකම් බාර් කවුන්ටරයක් දුන්න. වෙනම ගත්තනම් ඩොලර් 750.00 විතර වෙනවා. මේ පැත්තේ ඉන්න කොයි කාගේ ගෙදරත් වගේ කන දේවල් කොහොම වුනත් බොන දේ නම් තියෙනවාමයි. ලංකාවේ ෂෝ එකක් බලන්න ගියත් වාහන වල ඉඳං හරි බොනවා. ඒත් ඉතින් අපිත් බේබද්දෝ නම් නෙවෙයි.

  2. ඔය බොනතැං වලට වෙලා බයිට් විතරක් කන එවුංට අපි කියන්නෙ කාබයිට්ල කියල

  3. පවසයි:

    නිතරම යන බාර් එකේ ගල් සීයක් බොන්න ගත්විට ක්‍රීම් ක්‍රැකර් එකක් නිකන් දෙනවා බයිට් එකට. සෝඩාත් නිකන් ඉටින් ක්‍රීම් කැකර් කක බොන අය සුලබ දසුනක්. මටත් ආස උනාට තාම කරලා බලනන් බැරි උනා.

    රා බොන්න නම් ඉතින් වැඩියෙන් බයිට් එකට ගන්නේ මඤ්ඤොක්කා නේ ඒ ඇරෙන්න රා තැබෑරුමේ තියෙනවා පොඩි ලුනු මිරිස් පැකට් එකක් රුපියල් 10ට ඒක චිලී පේස්ට් ද ලුණු මිරිස්ද ඉස්සෝ බැදුමක්ද කියනන් බැහැ ඔය සේරටම අදාලා එකක්. හැබැයි රා බෝතලයක් බොන්න ඒක හොඳටම සෑහෙනවා.

    අපි නම් වැඩියෙනම් කන බයිට් එක රුපියල් 2 වඩේ. ගල් බෝතලයක් බොන්න වඩේ 25ක් හොඳටම ඇති

    අහලා තියෙනවා මිසක් දකලා නැහැ කසිප්පු බොන මිනිස්සු, කුරුම්බැට්ටිය ගලක ගාලා එන කහට බයිට් එකට කනවලු

  4. sarath Lankapriya පවසයි:

    අපේ දේශපාලකයෝ රට බීම බොන්න බයිට් එකට ගන්නේ අපේ අහිංසක මිනිස්සුන්ය.. දෙපැත්තේම ගොයියෝ තරඟෙට බයිට් කන හැටි මේ කාලේ යසට පෙනේ..

  5. නවම් පවසයි:

    සැහ් ! මං එනකොට පරක්කුයිනෙ. බයිට් සේරම අහවරයි වගේ. ආයෙ අමුවෙන් බොන්න ඇහැක ගං ඔය කොච්චි පඳුරක්වත් බැදල.

    එක සැරයක් අපි අක්කරේයිපත්තු පැත්තෙ රාජකාරි වැඩකට ගිහිල්ල එන ගමන් මඟින් ගත්තු ඉස්සොවඩේ බයිට් අහවර උනාම අපිත් එක්ක හිටපු වයස ඩයල් එකක් තිස්ස දිහාවෙ එලෝලු මැස්සකින් ගත්තු අමු කැකිරි ගෙඩ්යකුයි කොච්චියි ලුණුයි පොලිතින් බෑග් එකක දාල දෙපාරක් තාරපාරෙ ගහල හැදුව අමුතුම එකක්.

  6. Sudath පවසයි:

    පියානෝ එකක් සහ මිනි බාර් එකක් අතර වෙනසක් මට නොපෙනේ.
    කී බෝඩ් එක වසා දැමූ විට පහසුවෙන්ම බෝතල් සහ වීදුරු තබා ගැනීමට හැකි ය.
    පියානෝ එක උඩින් තබා සර්ව් කළ හැකිය.
    (මගේ ද කටට කෙළ උණනවාය.)

  7. vimukthi පවසයි:

    අපි දවසක් බීල බයිට් එකට ගත්තෙ ඩියුටි ඉන්න පොලිස් කාරයෙක්..පස්සේ උනදේ කියන්නම්…

  8. Kandyan පවසයි:

    මොනවත්ම නැත්නම් ලොකු / රතු ලූණු සහ උම්බලකඩ ලුණු ටිකකුයි සහ දෙහි බිංදු කීපයකුයි මිශ්‍ර කරලා ගත්තම නියම බයිට් එක.

    //මම මේ ගෑනිට බොන්ට පුරුදු වෙන්ට කියලා කොච්චරවත් කියනවා. ඒත් එයා ඒක අහන්නේ නැත. තනියම බොන්ට මහ මොකද්ද වගේය.//
    අනේ ඒකට අපේ උන්දෑ… ඔය හීනියට පොඩි ෂොට් එකක් දානවා මාත් එක්ක.

  9. JP පවසයි:

    නිහාල් අයියේ සමාවෙන්න බයිට් කතාව වෙන පැත්තකට ගෙනිච්චට . මේකත් හැබැයි බයිට් තමයි .http://www.khaleejtimes.com/displayarticle.asp?xfile=data/theuae/2012/February/theuae_February256.xml&section=theuae&col=
    …පොඩි ඒකිට අවුරුදු හයයි ….හැබැයි මම දන්නා තරමින් කකුල් කන්නේ වැම්පයර්ලා නෙමෙයි, පිස්සු බල්ලෝ

    අපෙත් යාලුවෝ ඉන්නවා බයිට් මරුවෝ . උන්ටනම් කලින්ම අපි ප්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරනවා , බයිට් ටික බේර ගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )