කාරයා ?


මගේ වයිෆ්කාරයට ටිකක් සනීප මදි.
කවුද මේ කාරය කියන්නේ ?

පාන් කාරයා, ආමි කාරයා , තැපැල් කාරයා
ලියුම් කාරයා , මාළු කාරයා …..
තව කාරයෝ නං බොහොමයි. කාරයා කියන්නෙ ” යමක් කරන්නා” කියන
අශිෂ්ට නොවන , ඒත් කෙනෙකුගෙ මූනට නොකියන වචනයක්

කොහොමට තියෙයිද පොලිස්කාරයෙකුගෙ , මූණට පොලිස් කාරයා කිව්වොත් ?

බෙර කාරයා , තම්මැට්ටම් කාරයා , දවුල් කාරයා,
නලා කාරයා , හොරණෑ කාරයා , …කස කාරයා.
මුර කාරයා , කාවල් කාරයා , ඔත්තුකාරයා , පන්දම් කාරයා…

කොණ්ඩා – රවුල් වවා ගෙන , දිග බැනියම් අඳින , ගිටාර් කාරයෝ,
වයලින් කාරයෝ සේරම සංගීත කාරයෝ.
සමහර කලාකාරයෝ පොලු කාරයෝ.. සමහරු බිස්නස් කාරයෝ.
නැට්ටුක් කාරයෝ , සංගීත කාරයෝ.. මුන් ඔක්කොම කලාකාරයෝ.
බොරුකාරයා , රැවටිලිකාරයා , පගා කාරයා , වංචාකාරයා..
කෙල්ලන්ට සුරංගනා කතා කියන්නේ චාටු කාරයා.

හොස්ටල් එක බාරව සිටි බංඩාර සර් ගල් කාරයෙකි.

බුද්ධාගම් කාරයෝ , ආගම් කාරයො කියන්නෙ ක්‍රිස්තියානි කාරයන්ටය.

සිංහළ , දෙමළ , හින්දි චිත්‍රපටවල ෆයිට් කාරයෝ හැමෝම වාගේ කරාටේ කාරයෝය.

පෙම්වතාට එහෙම නැත්නම් කොල්ලාට සපෝට්කාරයෙක් සිටී. එයා අනිවාර්යයෙන්ම විහිළුකාරයෙකි.
ගාමිණී ෆොන්සේකා කොල්ලාට අඳින කාලයේ ඇන්තනි සී පෙරේරා හැලුප් කාරයා විය.
විජය කුමාරතුංග කොල්ලාට අඳින කාලයේ ෆ්‍රෙඩී සිල්වා හැලුප්කාරයා විය.

කාරයා යන්නට සමානව ඉන්ගිරිසියෙන් යෙදෙන්නකි ” ස්මිත් ” යන වචනය.
කරන ලද රැකියාව අනුව සෑදුනු එය යුරෝපීය වාසගමකි.

උදා: iron smith – යකඩ වැඩ කාරයා
white smith – ටින් වැඩ කාරයා
gold smith – රන් වැඩ කාරයා
silver smith – රිදී වැඩ කාරයා.

කාරයා යන්නෙ ස්ත්‍රී ලිංගික වචනය ” කාරිය” යි. පිරිමින්ට තරම් , ගැනුන්ට කරන්ට බැරි නිසා
කාරියන් අඩුය. ඒත් , හැඩකාරියන් , වැඩ කාරියන් , කේලම්කාරියන් ඇත.

කවිකාරයා , විරිදුකාරයා , බයිලා කාරයා , රස්තියාදුකාරයා, වෙරිකාරයා
මන්ත්‍රකාරයා , පිටගම් කාරයා.. තවත් කාරයන්ය.

අම්මා කෙනෙක් කරන සුමේ වෙන කාටවත් කරන්න බැරි නිසා මදර් කාරයන් නැත. අපේ ෆාදර්
කාරයා අන්තරා වෙලා ලබන 28 වෙනිදට අවුරුදු හතයි.

ලියන්න දෙයක් නැති කමට ලිව්වට, මම සූත්තර කාරයෙක් නං නෙවෙයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

31 Responses to කාරයා ?

  1. ඔන්න ඉතිං අමනාප වෙන්ට එපා.. මාත් “කාරයෝ” ගැන පෝස්ට් එකක් ලිවුවා.. සහෝධරයා තමයි කිවුවේ මෙතනත් එහෙම පෝස්ට් එකක් තිබුණු බව.. කලිං මේක දැකලා තිබුණා නං එහෙම එකක් නොලියන්න තිබුණා..කොහොම වුණත් අන්තර්ගතය නම් ටිකක් වෙනස්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )