පොලී……


පොලී , සුළු පොලී හා වැල් පොලී යයි දෙ ආකාර වේ.

මුදලක් ණයට ගත් විට ඒ සඳහා ගෙවන ගාස්තුව පොලියයි.
මීට අමතරව ගිනි පොලී කියාද පොලියක් ඇත.
ගින්දර වගේ අසාධාරණ පොලියකට ගිනි පොලී කියනවාද,
නැතහොත් පැරණි බ්‍රිතාන්‍ය මුදල් ඒකකයක් වූ ” ගිනි”
අනුව ගිනි පොලිය කියනවාද පැහැදිලි නැත.

ඉංග්‍රීසියෙන් “poly” යනු උපසර්ගයකි. එනම් ” බහු ” යන අරුත
දෙන්නකි. පොලියට මුදල් දීමෙන් මුදල මෙලෙස “බහු” වන නිසා
මගේ ලිපිය කියවන ඔබට සිංහළ පොලියේත් , ඉන්ගිරිසි “පොලියේත්”
වැඩි වෙනසක් නැති බව අවබෝධ වනු ඇත.

Polytechnical – බහු තාක්ෂණික
Polygamy – බහු භාර්යා සේවනය
රසායන විද්‍යාවේදී පොලිසැකරයිඩ , පොලිමර් , පොලි එතිලීන් ගැන
හැදෑරේ.
පොලී ගැන කියන විට බැංකු ද සිහිවේ.
බැංකු දුවන්නේ පොලියෙනි. බැංකු තැන්පතු වලට පොලියක් ගෙවන අතර
ණය දී පොලියක් අය කර ගනී.
පොලියට ඉන්ගිරිසියෙන් කියන්නේ “interest” කියලාය.
සමහර බැංකු සිත්ගන්නා සුළු පොලියක් හෙවත් “interesting interest” එකක් ලබා දේ.

තැන්පත් මුදල X පොලී අනුපාතය X කාලය = පොලිය
මේ සුළු පොලිය සොයන සමීකරණයයි.
රුපියල් ලක්ෂ 500 කට සුළු පොලිය අපි බලමු.

50000000 X 60 % = 3000000 ÷12= 2500000 මේ මාසෙකට ලැබෙන පොලියයි.ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පදිංචිව සිටි මගේ මිතුරා සක්විති රණසිංහගේ ඉන්ටෙරෙස්ටින්ග් ඉන්ටෙරෙස්ට් එකක්වූ 60% පොලියට රුපියල් ලක්ෂ 500 ක් තැන්පත් කොට මසකට පොලිය ලෙස රුපියල් ලක්ෂ 25 ක් හෙවත් මසකට ඩොලර් 25000 ක්
ලබා ගෙන කිසිම රැකියාවක් නොකර පොලියෙන් ජීවත්වූ කෙනෙකි. සක්විතිගේ කඩා වැටීම අසා වහාම ලංකාවට ගිය ඔහු ආපසු ආවේ නැත. හෘදයාබාධයකින් ඔහු මළ බව අපට ආරංචි විය.

අපේ ගමේ පදිංචි ” මාතරයෙක්” වූ බන්දුලසේනගේ රැකියාව මුදල් පොලියට දීමත් , උකස් ගැනීමත්ය. මිනිස්සු ඔහුට සේන මාමා , සේන අන්කල්, සේන මහත්තයා කියා මූණට කිවූ අතර නැති තැන පොලියා කියා කීවෝය.
ආණ්ඩුව හා සම්බන්ධ ලියුමක් හදා ගන්නට ඔහු ඉඳ හිට අපේ තාත්තා සොයා ආවේය. ඔහු මා ඇමතුවේ ” මාස්ටර්” කියාය. ඔහු අය කළ පොලිය 8% කි. ඒ මසකටය.

” සේන මාමා , එතකොට අවුරුද්දකට 96% ක් ? ” බැංකුව අය කරන්නෙ 10% යි නේ? අවුරුද්දටම” මම දවසක් ඔහුට කීමි.
” මාස්ටර් දන්න තරම… මාස්ටර් බැංකුවකින් ලෝන් එකක් අරන් තියෙනවද ?”
” නෑ”
” බැංකුවකින් හදිසියකට ලෝන් එකක් ගන්න පුළුවන්ද ? අඩුම ගානෙ මාස දෙකක් වත් යනව. අපේ පැටිකිරිය ඔක්කොම හොයනව. මුද්දර ගහන්න ඕන. පෝරම පුරවන්න ඕන,සිය පොලක අස්සන් ගහන්න ඕන, ඇප කාරයෝ ඕන, ඇපේට මොනව හරි තියන්න ඕන, මිසීලගෙ ගෑස් බලන්න ඕන..
අපි එහෙමද ?… පෝරම නෑ , මුද්දර නෑ , ඇප කාරයො නෑ , මූණ බැලුව දුන්න.. ආපහු ලැබෙනවත් ඇති , නැතුවත් ඇති”

ඔහු හා තර්ක කිරීමට මට තිබුණු දැනුම මද විය.
ඒ අනුව පොලී යනු මුදල බහු හෙවත් “poly” කරන තිරිකෙස් වැඩක් හෙවත් ට්‍රික් එකකි.

දේශපාලන විද්‍යාවේ පියෙකු ලෙස සැලකෙන ඉතාලි ජාතික නිකොලො මැකියාවෙලි ගෙ “The Prince ” නම් පොතේ දේශපාලකයෙක් ජනතාව රැවටීමට දැනගත යුතු බව ලියා තිබේ.මිනිසුන් වැඩි දෙනෙක් රැවටිය හැකි “poly tricks” , “politics” වී ඇති බව සීතලට ගුලි වී නිදා සිටින විට මගේ හිතට ආවේය.

අපේ උන්ට මේ මැකියාවෙලි ගේ පොත් කියවන්ට අවශ්‍ය නැත. උන්ට ඒවා උප්පත්තියෙන්ම ලැබී ඇත.

මෙනයින් බලන කල සිංහල පොලියත් ඉන්ග්‍රීසි poly යත් දෙකම එක බව සිහි වී පොලිඩෝල් බොන්නට සිතුනි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to පොලී……

  1. praveena පවසයි:

    මූනු පොතේ ‘පොඩි කුමාරිහාමි’ කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ…ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

  2. Weni පවසයි:

    අද කාලෙ පොලි ටික්ස් ගැන කතා කරන්නට ගොස් පොලී සමගම රිටර්න් එක හම්බ වෙයිදෝ යන සැකයක් මතු වේ !

  3. praveena පවසයි:

    අපි කරන දේවලුත් ඔය විදියටම අපට වැල් පොලී සහ සුලු පොලී විදියට හම්බවෙනවලු. “interesting interest” නම් ඉතින් හැමදාම ලැබෙනවනේ.

    මට නම් හිතෙන්නේ ගුලිවෙලා නිදාගන politics ගැන හිත, හිතා ඉන්න කොට පොලී ගැන මතක් උනා කියලයි. 🙂

  4. සල්ලි පොලියට දෙන එකේ සිරාම ගේම තමයි දවස් පොලියට දෙන එක . . . මීගමු ලෙල්ලමේ බුවෙක් ඉන්නව . . මිනිහගෙ දවස් පොලිය 100%යි . . . එදා වේල බිස්නස් කරන මිනිස්සුන්ට පොඩි පොඩි ගනන් දෙන්නෙ . . . . උදේ එනකොට ගෙනාව වගේ දෙගුනයක් සල්ලි අරගෙන යනව හවසට.

  5. Alchemiya පවසයි:

    හැබෑට තමුන්නාන්සෙගෙ ඔය පොලී කතාවට පොලීසියෙ සම්බන්ධයක් එහෙම තියෙනවැයි ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )