විජයාවතරණය…


ජම්බුද්වීපයේ වගු රට ඝන වන ලැහැබක විසල් ගල් ගුහාවකි. එයට ඇතුළු වීමට තිබෙන එකම දොරටුව මිනිසෙකුට එසවිය නොහැකි විශාල ගල් පොත්තකින් ආවරණය කර ඇත.
ගුහාව තුල දැවැන්ත සිංහ රාජයෙක්ද , මිනිස් ගැටයෙක් සහ ගැහැණුන් දෙදෙනෙකි.

” පියාණනි , අයියා අදත් ගල් දොර ඇර ගෙන එළියට යාමට තැත් කළා. මෑණියන්ගේ පිංසෙන්ඩුවටයි ඔහු නිසල උනේ ”

” සුප්පා ! මේ කතා ඇත්තක්ද ?”

” ඔහු දැන් ශක්තිමත් තරුණයෙක් ස්වාමිනී. වැඩි කල් ඔහු මෙලෙස නො ඉඳ නිදහස සොයා යනු නො අනුමානයි”

” කෝ දැන් ඔහු?”
” අර මුල්ලේ දපලා ඉන්නේ.. රාත්‍රී අහරත් වර්ජනය කරලා”

සිංහයා තරුනයා සොයා යයි.

” පුත කිමෙක්ද මේ ? මා ඔබට ඇති පමණ ආහාර පාන සපයනවා… ආරක්ෂාව සලසනවා.. නිදහස කියන්නේ එය නොවේද ?”

“නැත පියාණනි.. ගල් ගෙයි විවරයකින් මා දුටුවා දර කැඩීමට යන කාන්තාවන්..
උන් ඉතා සුන්දරයි”
” උඹට ගෑණියක් අවශ්‍ය නම්.. මේ සීවලී ඉන්නේ. ඈ මුල්ලකට උහාන යන්ට කාගෙන් තහනමක්ද?”
” ඈ මගේ එක් කුස උපන් සොයුරිය”
” උඹ අයත් වන්නේ සිංහ ගෝත්‍රයට.. අපේ ගෝත්‍රයේ එහෙම තහංචි නැහැ”

තරුණයා ගල් දොර බිඳ , නැගණිය හා මව සමඟ පලා යයි. ඔහු , සිංහබාහු , සිය මුත්තණුවන් වෙත ගොස් වගු රට රජකම ලබා ගනී. සියල්ල සතුටින් සිදුවේ.

” පුරෝහිත , කෙසේද රටවැසියා ගේ සුව දුක් ?”
” මොන සුවයක්ද රජතුමනි , ඔබ ගේ පුත් විජය කුමාරයා නිසා නිතරෝම පැමිණිලි.. ඊයේත් ඔහු සුරා පානය කොට රංග ශාලාවක කලබල කොට තිබෙනවා”
” මොහුගේ මේ හැසිරීමට හේතු මොනවාද ? ”
” රජතුමනි , ඔබ මෙහෙසිය කොට ගත්තේ ඔබේම එක් කුස උපන් සොයුරියයි. එවැන්නක් තබා , එකම ලේ ඇති නෑයන් අතර හෝ , නෑනා මස්සිනා අතර හෝ ආවාහ – විවාහ කටයුතු සිදු නොවිය යුතු බවයි සතර වේදය උගත් බමුණන්ගේ මතය..
සමහර විට මේ ඔබේ විවාහයේ අනිසි පලයක් විය හැකි”
” මට ඔහු මරා දැමිය නොහැකිය. විශාල නෞකාවක් තනා , තෙමසකට සෑහෙන කෑම පීම පටවා , ඔහුගේ යහළුවන්ද සමඟ පිටුවහල් කරව”

රජුන්ටත් රජෙකු වූ රාවණගේ රාවණ පුරයෙන් ඇසෙන කතා බහකි.

” නීච නොසන්ඩාල කෙල්ල.. මගේ දෑහෙට නොපෙනී පල.. මා තිට කුවේණී( quean )කියා නම තිබ්බේද තිගේ මේ චරියාව නිසයි..මා තිට සුදුසු විවාහයක් කතා කළා.. තී එයට කැමති නෑ.. පල .. මහ මුහුද දෙස බලා සිටු.. තිගේ නෑයන් සොලීකරෙන් එනතුරු”

කුවේණිය සිය කාලවර්ණ සිරුර සලිත කරවමින් , ඇගේ යෙහෙළිය සුගලා ද කැටුව මුහුදු වෙරළට දිව යයි.

” කුවේණී , ඉන්ග පාරුන්ග இங்கே பாருங்க.. කවුද මේ ? “இந்த யார் உள்ளது

” නම්මඩ ආල් ? (“අපේ එකෙක්ද ?)
ඒයි , යාර් නී ” (උඹ කවුද ?)

දස රාජ දහමෙන
වගු දේශ බබලන
සිහ බා වේ , මා ප්‍රිය නිරිඳූ
පිය අණට පිටු පාල
සත් සයුරු කළඹන
විජයිඳු වේ , මා නමින

සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනි පොබයන
අන්ජන නෙත් යුග
අනුරාගී මදහසිනී වොරඳන
කවුරුද තී සොඳුරි ?

තමා ජම්බුද්වීපයේ වංග රාජධානියේ රජු ගේ පුත් විජය බවත්, විනෝදය පිණිස සයුරු තරණය කරමින් සිටින විට නැව අබලන් වූ නිසා එය අළුත්වැඩියා කර ගැන්මට මෙහි ගොට බවට මුසාවක් කියයි.

රාජ රාජ රාවණ පරපුරෙනී
පැවතෙන
රාවණපුර ධරණී තලයේ සසොබන
යක් සේනා පතියන්ගේ දියණී
කුවේණි කුමරිය
ඔබ එන මග බලමින් උනිමී
* ( උපුටා ගෙන විකෘති කරන ලද්දකි.)

කලක් ඇවෑමෙන් විජය සිය පිරිවර සමඟ කුවේණියගේ නෑ සනුහරයම මරා දමා රාවණ පුර යේ රජ වෙයි.

” රජුනි, අපගේ බස කඨෝරයි. එය කණට මිහිරි නෑ. එනිසාත් අපගේ ශරීර වර්ණය නිසාත් මිනිසුන් අපි යකුන් ලෙස හඳුන්වනවා. අප යකුන් හෝ යකුන් අදහන්නන් නොවේ. ඔබගේ බුදුන් මීට වසර කීපයකට පෙර මෙහි පැමින සියළු යකුන් වෙනත් චක්‍රාවාටයකට එළවා දැමූ බව අපගේ සීයා කියනු මා අසා තිබෙනවා”
” කෙසේ වෙතත් , ඔබ වන් අඟනුන් රජෙකුට නොගැලපේ.. මදුරා පුර (Madras ) කුමරියන් ඡවි කළ්‍යාණයෙන් පොහොසත්. මා දැනටමත් පණිවුඩ යවා තිබෙනවා මටත් , මගේ මිතුරන්ටත් ගැලපෙන කුළ කුමරියන් එවන ලෙසට”
” ඔබ මහා ගුණමකුවෙක්. ඔබේ සිරුරේ දුවන්නේ තිරිසන් ලේ”

විජය , කුවේණිය ඇගේ දරු දෙන්නත් සමඟ එළවා දමයි.
ඉබාගාතේ ආ බොරු කාරයෙකුට රැවටී මගේ නෑයන් මරා දැමූ විපාකය තමා මට මේ පටිසන් දුන්නේ”

දිනක් අහර සොයා කැලයට ගොස් එන කුවෙණියගේ ඇසට හසු වන්නේ තම දරුවන් දෙදෙන අඹු සැමියන් ලෙස දිවි ගෙවන අයුරුයි.
කුවේණිය සිහි විකලෙන් කෑ ගසයි.

” උඹලා තිරිසන්නු.. උඹලාගේ මුත්තා තිරිසනෙක්. උඹලාගේ පියා ඊටත් වඩා තිරිසනෙක්..තොපේ ඇඟේ දුවන්නේ තිරිසන් ලේ. තොපි මනුෂ්‍ය ජාතියට නින්දාවක්.
අනක් ගුණක් නැති තිරිසන්නු බෝ කරපල්ලා..ජාතියක් ජම්මයක් අඳුනන්නැති , තමන්ගේ සහෝදරයා අඳුනන්නැති කාළ කන්නි, චාටුවෙන් මිනිසුන් මුළා කරන අමනයන් බෝ කරපල්ලා”
කුවේණිය ලය පැලී මැරී වැටේ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to විජයාවතරණය…

  1. supa පවසයි:

    හර් දැන් අපේ එවුන් ඒ ශාපය ඔය අකුරට කරන්නේ

  2. නවම් පවසයි:

    හ්ම් දැං අපේ මහ කළු සිංහලයො රෙදි උස්සන් වීසා ගන්න පෝලිමේ, “ගුරාට දෙකක් අනින්න” අමුවෙං ගැහැව්වම විකාර වෙනව, සැන්ඩි කොලා නං සැපට ඕනම මල ජරාවක් උගුරෙන් පල්ලෙහාට යනව දන්නෙම නැතුව.

  3. චතූ පවසයි:

    කියන්න තියෙන්නේ වෙදනා කියූ දේමයි… නිර්මාණයක් (ප්‍රබන්ධයක්) වශයෙන් හැර වෙනත් විදියකට නම් අගය කල නොහැකියි. අනික බුදු හාමුදුරුවෝ වැඩලා යකුන් පලවා හැරියා කියලා කියන්නේ කවුද ? යක්ෂ ගෝත්‍රිකයන්ට විරුද්ධ මතධාරි පිරිසක් වෙන්න ඕනේ නේද ? එහෙම නම් පැහැදිලියි බුදුහාමුදුරුවෝ යක්කු එලෙව්වාය… විජය ඇවිත් යක්කු නැති රටේ රජ වුනාය කියලා තිර පිටපත ලියවිලා තියෙන වග… මහාවංශය සියවස් ගාණකට කලින් ලියපු එකක්… ඒක වැදගත් තමා. ඒත් අමු ඇත්ත කියන්නේ කොහොමද ? අනික ඔයාගේ මේ නිර්මාණය තව අවුරුදු 200 කින් පස්සේ කෑෂ් එකක වත් තිබිලා අහුවෙලා කියවලා බලන අනාගතේ දරුවෙක් හිතාගනී ඇත්තටම සිංහලයා තිරිසනෙක් කියලා… ඔයා එහෙම කිව්වයි කියලා ඒක ඇත්ත වෙන්නෑ නේද ?

    • Nihal Gurusinghe පවසයි:

      ඔවු. නිර්මාණයක් විතරයි. ඒත් නිර්මාණයට යටින් තියෙන යතාර්තය ඔබට නොපෙනෙන සැටි. මීට කලින් මා ලියූ ” සිංහයා” ලිපියේ මා කියා තිබෙනවා මිනිස් + තිරිසන් එකතුවකින් ජීවියෙක් ඉපදිය නොහැකි වග.
      මමත් පිළි ගන්නවා මහාවංශය 100% නිවැරදි නොවන බව.
      ඉන්දියාවේ අසෝක රජුගේ පුත් මිහිඳු හිමියන් ලංකාවට බුදු දහම ගෙනාවා. එහෙමයි මහාවංශයේ තියෙන්නේ. ඔය කාලයේ අසෝක කියා රජෙක් හිටි බව ඉන්දියානු ඉතිහාස පොත් වල තියෙනවා.
      බැරි වෙලාවත් එහෙම අසෝක චරිතයක් ඉන්දියානු පොත් වල නොතිබුනා නම් ඔය මහින්දාගමනයත් නිර්මාණයක් වෙනවා නොවේද ?
      ඉන්දියානු ඉතිහාසයේ සිංහබාහු , සුප්පා දේවි හෝ විජය කුමාරයෙක් ගැන සඳහනක් නෑ.
      හවායි රටේ ( දූපතේ ) වැසියන් කියන්නේ – විශ්වාස කරන්නේ ඔවුන්ගේ මුල් පදිංචි කරුවා තල්මහෙකුගේ පිට නැගී ආ බවයි. කොහෙන්ද ආවෙ ? ඊ ළඟ පරපුර ඇති වුනේ කොහොමද කියා පැහැදිලි නෑ
      ” විජය නම් කෙනෙක් නැවකින් සයුර තරණය කරමින් සිටියදී අහම්බෙන් ලංකාවට ගොඩ බැස්සා” කියා කීවා නම් මීට වඩා පැහැදිලියි නේද ?
      බුදුන් ගේ තෙවැනි ලංකා ගමනේදී යකුන් දමනය කොට පළවා හල බව පොත පතේ සඳහන් වෙනවා.
      මුදලට තන්හාවෙන් පවුල් පිටින් මරා දමන, තම කුස උපන් දරුවා ගඟට විසින කරන , අප තුල අර තිරිසන් ජාන ක්‍රියාත්මක වෙනවා නේද කියා ඔබට නොසිතේද ?
      ප්‍රතිචාරයට ස්තූතියි. මම ටිකක් අමුතු දේ ලියන කෙනෙක්.

  4. අවංක පැට්ටා පවසයි:

    ඔන්න ඕකයි එහෙනම් අපේ තත්වෙ ඈ….?

  5. Sudath Mohan Biyanwela පවසයි:

    යථාර්ථය ඒකද?
    මම යථාර්ථය නොසොයමි.
    එසේ වුවද, මෙය කියවන්නන් තම තමන්ට කැමති නිගමන වලට එළඹේවි.
    ඒකට කමක් නැත.
    ඒත් ඒ නිගමන දරදඬු ලෙස පාවිච්චි කරාවි. ඒක හොඳ නැහැ.

    • Nihal Gurusinghe පවසයි:

      ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලිවිය හැක. මාධ්‍ය නිදහස යනු එයයි. ලංකාවේ එය තහනම් වචනයක් වුනාට මා ජීවත්වන රටේ එය උපරිම ආකාරයෙන් තිබෙනවා.
      විජයාවතරණය මගේ එක් අදහසක්. ලංකාව හා තමිල්නාඩුව අතර නොගැඹුරු මුහුද හැ. 24 යි. හොඳ පිහිනුම් කරුවෙකුට එය සුළු දෙයක්. විජයගේ පැමිණීමට පෙර තමිල්නාඩු වැසියන් මෙහි නො ආවා කියන්න ඔබට හැකිද ? ඉතිහාසය මගේ ප්‍රියතම විෂය. ඔබ දන්නා දේ කියන්න. මට ඔබෙන් ඉගෙන ගත හැකි. ප්‍රතිචාරයට ස්තූතියි.

  6. මිතුරු නිහාල් මම ජාතිවාදියෙක් නොවෙමි. හැබැයි ඔබ මින් කියන්න අදහස් කලේ කුමක්දැයි මට හරියට නොතේරේ.
    1. මින් ඔබ අදහස් කරන්නේ රාවනා ප්‍රමුඛ කුවේනි, සිරීසවත්තුපුර රාජධානියේ ඇත්තන් දෙමල හෝ සොළී යනුවෙන් හැදින් වීමටද?
    2. විජය නිසා පැමිණි පිරිසගෙන් පැවතෙන්නන් නිසා ලංකාව යකුන්ගෙන් තොර රටක් බවට පත් වුනායැයි කීමටද?
    3. අවසන් හරියෙන් තේරෙන්නේ කුවේණී යහගුණ දන්නා කාන්තාවක බව නේද?
    4. නිකම්ම නිකම් කථාවක් ලියන්න අදහස් කලාද?
    මම සිතන්නේ ඔබ මගේ අවසන් නිගමනය අනුව කථාවක් ලියූවා කියායි.
    1, 2, මම පිලි ගන්නේ නැහැ.
    එනම් කුවේණී හෝ රාවනා කාලයේ දෙමල කියා ජාතියක් ලොව නැහැ. දෙමල ජාතිය ඇරබෙන්නේ වසර තුන් හාරසීයකට ප්‍රථම. ඒක වෙනම දිගු කථාවක්. ලංකාවේ යකුන් තාම සිටිනවා. ඒ විතරක් නෙමෙයි නාගයන්ද, දේවයන්ද තාමත් ලංකාවේ සිටිනවා.
    3 වෙනි නිගමනය අනුව මට හිතෙන්නේ ඔබ හරි ඇය ඉතා දියුණු සභ්‍යත්වයකට අයත් කාන්තාවක්. ඇයගේ දරුවන් වෙන වෙනම අය හා විවාහ වී කුරුනෑගල අවට රාජධාණියක් ඇති කරා.
    මම සලකන්නේ විජය නිකම්ම නිකම් කථාවක චරිතයක් ලෙස පමනයි.

    මේ හැම අනුව මට හිතෙනවා ඔබ සාර්ථක කතාවක් ගොතා තිබෙනවා.

    • Nihal Gurusinghe පවසයි:

      ඔබගේ තර්ක හොඳයි.
      විජය කියා චරිතයක් ඉන්දියානු ඉතිහාසයේ නැහැ.
      විජය නිකම් චරිතයක් පමණයි. මහාවංශයට අනුව විජය ආවේ බටහිර ඉන්දියාවේ බෙන්ගාලයෙන්. ඊට වඩා තමිල්නාඩුව ලංකාවට කිට්ටුයි.
      විජය එන විට සිටි අය දමිළයන් විය හැකි බවට අනුමාන කළා.

      විජයගේ පැමිණීම සිදු උනේ බුදුන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව. ඊට පෙර බුදුන් ලංකාවට වැඩම කොට යකුන් දමනය කොට උන් පළවා හල බව සඳහන් වෙනවා.
      ඒ ඉතා ආසන්න කාල වකවානුව තුල යකුන් හෝ යකුන් අදහන අය ලංකාවේ ඉන්නේ කොහොමද ? මේවා එකිනෙකට ඈඳා ගලපන්න අමාරුයි.
      වැදි භාෂාවේත් සමහර වචන තිබෙනවා සිංහළට වඩා දෙමළට කිට්ටු.
      මම වෙනදා වගේම කොටස් එකතු කර කතාවක් ගැලපුවා.
      ඔබට ස්තූතියි.

  7. Observer පවසයි:

    එහෙනං එහෙමයි අපි පැවත එන්නෙ….

  8. විකෘති කලා නොකලා . . . කතන්දරේ ඇත්ත නොවැ

  9. Gimhani පවසයි:

    ලස්සනයි නිහාල් අය්යා. අද කතාව මට පොඩ්ඩිවත් මතක් කලා…
    ..එයත් මේ වගේ ස්ටයිල් එකට ලියනවනෙ

  10. praveena පවසයි:

    අන්තිමට කියන්ට හදන්නේ සිංහලයාගේ ඇඟේ දුවන්නේ තිරිසන් ලේ කියා නම්, ඒ බව හොඳින්ම ඔප්පු කර තිබේ.
    ලස්සන (මනස විකෘති කරන) ලියවිල්ලක්…. 🙂 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )