මීයෝ.


මීයෝ නැති තැනක් නැත. ගොඩබිම මෙන්ම මහ මුහුදේද මියෝ සිටී. ඒ නැව් තුළය.

එහෙත් ගිලෙන නැව් වලින් මුලින්ම පිට වෙන්නේ මේ මීයන්ය.

බළලාගේ ප්‍රධාන ආහාරය මීයාය. බළලා ශබ්ද කරන්නේ ” මියෝව් ” කියාය. “මියෝව්” කියමින් මීයන් සොයා යන බළලාට යස පාඩමක් ඉගැන්විය යුතු යැයි මීයන් තීරණය කළෝය.
මේ සඳහා මී ළඟ මී ටිම මීවනපලානේ , මී පුර හෝ මී ගමුවේදී පැවැත්විය යුතු යැයි මී මුත්තා කියා සිටියේය.

මීටිමේදී මීයන් විවිධ යෝජනා ඉදිරිපත් කළත් අන්තිමට සම්මත වූයේ බළලාගේ බෙල්ලේ බෙල් එකක් හෙවත් සීනුවක් එල්ලිය යුතු යයි ඉදිරිපත් වූ යෝජනාවටය. බෙල් එක බෙල්ලේ බැඳ ගෙන බළලා ඇවිදින විට එය නාද වන නිසා මීයන්ට කල් වේලා ඇතිව සැඟවීමට පුළුවන්ය යන්න එහි අරමුණ විය.

මීටින් එකට ආ එක මීයෙක්වත් මේ එඩිතර ක්‍රියාවට ඉස්සරහට ආවේ නැත. අන්තිමට. රා බී හොඳටම වෙරි වී සිටි මීයෙක් වැඩේ භාර ගත්තේය.

වෙරි වූ මීයා සීනුවද රැගෙන බළලා සොයා ගොස්,
” අඩෝ ! පූසිගෙ පුතා වර එළියට. අද මම උඹට හොඳ පාඩමක් උගන්නනවා” කියමින් වහසි කියන්නට විය.

බළලා එළියට වුත් එක පහරින් මීයා මරා දැම්මේය.

ආදර්ශය : හැම මීයෙකුගේම අවසානය බළලා හෙවත් පූසා අතින් සිදුවේ.

ඉංග්‍රීසියෙන් මීයාට Rat හා Mouse යන වචන දෙකම යොදා ගත්තද ඒ දෙදෙනෙකි. Rat ටිකක් විශාලය. Mouse ප්‍රමාණයෙන් කුඩාය.

“‍Rat ” යන්නේ බහු වචනය ” Rats ” නමුත් Mouse යන්නේ බහු වචනය ” Mice ” ය.
කොම්පියුටර් හා උපාංග විකුණන bestbuy එකේ මවුස් විකිණීමට තබා ඇති රාක්කයේ ලියා තිබුනේ ” mice ” කියලාය. ඒ වෙනුවට mouses කියා තිබුණා නම් වඩා හොඳ නේද යැයි මට සිතුනේය.
දිගු වලගය සහිත මීයාගේ හැඩයට සමාන එම කොම්පියුටර උපාංගයට තව දුරටත් එසේ කිව නොහැක්කේ දැන් කෝඩ්ලස් මවුස් ද ඇති නිසාය.

මී පැණි , මී කිරි , මී දුම , මී බිඳු , මී ඉටි , මී ඇට , මී මල් , මී තෙල් ,මී මල් , මී මැස්සා , මී වද , මී හරකා , මී පාසානම් , මී කතුර යන වදන් වලින් මීයාට අයත් වන්නේ මී පාසානම් හා මී කතුර පමණය.

මීයා සිංහළ භාෂාවට තර්ජනයකි. ඒ මීයාගේ ගෑණු සතා සම්බන්ධයෙන්ය.
කෙනෙක් කියා තිබුණේ මීයාගේ ගෑණු සතාට මී දෙන කියා කිව හැකි බවය. එහෙත් මීහරකාගේ ගෑණු සතාද මීදෙන වන බැවින් එය ප්‍රශ්නයක් විය.

අවසන තීන්දු වූයේ මීදෙන කියා භාවිත කළ යුතු බවත් , එය යෙදෙන අවස්තාව අනුව ඒ මීයාගේ වයිෆ් ද , නැතහොත් මීහරකාගේ වයිෆ්ද කියා නුවණින් තෝරා බේරා ගත යුතු බවත්ය.

උදා: ” මී දෙන ගුලට රිංගුවාය ” කියන විට ,
මී හරකා ගේ ගෑණු සතාට ගුලකට රිංගීමට බැරි නිසා ඒ මීයාගේ ගෑණු සතා විය යුතුය.

” මී දෙන ගුහාවට රිංගුවාය ” කියන විට ඒ මී හරකා ගේ ගෑණු සතාය.
ඒත් මීයාගේ ගෑනු සතාටද ගුහාවකට රිංගීමට පුළුවන්ය.

මීයා ලෙඩ බෝ කරයි. එලෙසම ලෙඩ සුව කරයි. වෛද්‍ය පර්යේෂණ සඳහා පර්යේෂණාගාර තුල දිවි පුදන මීයන්ගේ ගණන අප්‍රමාණය.
මීයා ගේ විශාලත්වය අනුව විවිධ වේ. ඌරු මීයා , බටු මීයා , කොස් ඇට මීයා , හික්මීයා යනාදී වශයෙනි.

මාද ඉන්දියානුවෙකැයි සිතා දිනක් මගේ මිතුරන් , ” උඹලා මීයන්ට වඳිනවා නේද” යැයි මගෙන් ඇසීය.
මීයන්ට පුද පූජා පවත්වා , බිම අතුරන ලද කෙසෙල් කොළයක් උඩ උන්ට කෑම බෙදා , මීයන් සමඟම එකට එක පතේ කෑම කන ඉන්දියානුවන් පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ට්‍රැවල් චැනල් එකේ පෙන්වා ඇත.

ඉන්දියාව විශාල රටක් , එහි විවිධ භාෂා , විවිධ සංස්කෘත , විවිධ ඇදහිලි පිටිසර ගම්මාන වල ඇති බව මට පැහැදිලි කිරීමට සිදු විය.

මීයා අපිරිසිදු සතෙක් වුවද , කට තුළට දමා විකීමට හැකි ඕනෑම දෙයක් කෑමට ගන්නා ” චීනා” ට නම් එය රසවත් දීසියකි. චීනයේ ෂැන්හයි නුවර අවන් හල් වල මීයන්ගෙන් සැදූ ආහාර වර්ග විකිණීමට ඇත.

අලි මුහුණක් හා විශාල ශරීරයක් ඇති ගණ දෙවියන්ගේ වාහනය මීයෙකි.
එතරම් විශාල ශරීරයක් , අර කුඩා මීයාගේ ශරීරය මත පැටවීමෙන් ඌ චප්ප චොරොස් වී යන්නේ නැත්දැයි තෙරුම් ගැනීමටවත් මොළ කළඳක් නැති ගණ දෙවියන්ගෙන්,

” පින් ඇති ගන දෙවි නුවණක් දෙන්නේ ” යැයි කියමින් අපි නුවණ ඉල්ලා සිටිමු.

ඇමතිතුමාට ඇති බලතල එයාගේ ඩ්‍රයිවර්ටත් ඇතුවා මෙන් ගන දෙවියන්ට මෙන්ම මීයාටද වැන්දාට කමක් නැති බව මට පසුව කල්පනා විය.

මා සමඟ කලක් එකට සේවය කළ ඉතා රූමත් පිලිපීන ජාතික යුවතිය , මා කෙරේ අදහසකින් පසු විය. එය මට තේරුම් ගියද , මා ඇය මග හැරියේ මා යහපත් ස්වාමි පුරුෂයෙකු නිසාය.
පසුව එය වෛරයක් වැනි නුරුස්නා ස්වභාවයකට හැරී ඈ මට නොයෙක් කෙනෙහිළි කළාය.
සයිකොලොජි වලට මාස්ටර් උපාධියක් ඇති මගේ මිතුරා කියන්නේ , ” ඒ උඹට ඇති අසීමිත කැමැත්ත පෙන්වන එක් ක්‍රමයක්” විය හැකි බවය.

මීයා , මකුළුවා තරම පිළිකුල් නැති නමුත් , මකුළුවාට බය නැති සමහර ගෑණු ළමයින් මීයෙකු දුටු විට , ” ඊයා .. මීයා” කියා බෙරිහන් දෙන්නේද ඒ නිසාමවත්දැයි මට මොහොතකට කල්පනා විය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

30 Responses to මීයෝ.

  1. kathandarakaraya පවසයි:

    /* මා සමඟ කලක් එකට සේවය කළ ඉතා රූමත් පිලිපීන ජාතික යුවතිය , මා කෙරේ අදහසකින් පසු විය. එය මට තේරුම් ගියද , මා ඇය මග හැරියේ මා යහපත් ස්වාමි පුරුෂයෙකු නිසාය.
    */
    මට මතක් වුනේ මේ කවිය.
    ගැහැණියනුදු පතන
    අවසර කල් රහස් තැන
    මිස නො ලැබෙන බැවින
    පිරිමි කවුරුද වරදෙ නොබැදෙන

  2. ranja පවසයි:

    ඇයි නිහාල් පොඩි එකෙකුට මීය ගැන රචනාවක් ලියන්න කියල ලියල තිබුන එව්ව අමතක උනාද? අර සීයගෙ මීය ගැන…කතාව ඉස්තරම්ය.

  3. Gimhani පවසයි:

    මීයෙක් මගේ අත හැපුව . ලේ එනකම්ම . හැබැයි මුකුත් උනේනම් නෑ ….

  4. Weni පවසයි:

    අපි හැමදාම දකින තද දුඹුරු පාට මීයන් හැර සුදු මීයන් වර්ගයක්ද දැන් සාමාන්‍ය පරිසරයේ සිටී.. මේ මීයන් සුරතලයට ඇති කරන උන්ගේ පරපුරක් විය හැක..

  5. Sarath Lankapriya පවසයි:

    නිහාල්ට එකක් අමතක වී ඇත. මීයා ලියන්නට දක්ෂයෙකි. ඌලියන්නේ දත්වලිනි .. ඌ වරක් මගේ පොත් පෙට්ටියේ පොත් ඌට කැමති පරිමාණයට මැල්ලුම් කොළ තරමට හීනියට ලියා තිබු හෙයින් මට ඒවා ඌටම දීමට සිදුවිය..

    • kathandarakaraya පවසයි:

      නා‍ට්‍ය‍ය‍ – මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
      ගායනය – සුමින්ද සිරිසේන

      පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

      ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
      නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

      පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
      ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

      පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

      අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
      ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

      කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
      මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

      පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා….

      http://noorthi.blogspot.com/2009/12/blog-post_698.html

  6. Observer පවසයි:

    වෙනද වගේම ෂෝක් ලියවිල්ල.

    ප.ලි.
    ගෑණු ළමෝ මීයන්ට බය වීම, මීයො ගුලට රිංගීම, ආදිය ගැන පහල වුන අදහස් නොකිය ඉන්න එක හොඳය කියල හිතුන. මොකටද මගෙ ගරු නාමය කෙලෙස ගන්නෙ කියල.

  7. තව දෙයක් එකතු කරන්නම් ලංකාවේ ඉන්නා මීයන් යකඩත් කනවා. (හැබැයි කකුල් දෙකේ මීයන්)

  8. චිත්‍ර ටීච දවසක් තුන වසරෙ ළමයින්ට කිවුවලු “ළමයි හැමෝම හෙට එනකොට මීයෙක් ඇඳන් එන්න” කියල . . .
    පිටිපස්සෙ පේලියක හිටි ඔබ්සර්වර් වගේ නැහැදිච්ච එකෙක් ඇහුවලු “ටීච, *ට දෙකත් එක්කමද අඳින්න ඕනෙ?”කියල
    (අන්තිම පේලියේ ගිය කතාවකි)

    ඒක නෙමේ නිහාල් අයිය, ඔය පිලිපීන් දරුවගෙ සීන් එක මේ මීයංගෙ සීන් එකට සෙට් වෙන්නෙ කොහොමද?

  9. praveena පවසයි:

    ගෑනු ලමයින් මීයන්ට බයෙන් කෑගන්නේ ඇත්තටමය. කුඩා මීයන් නලියන විට දැනෙන්නේ ඔවුන් ඇඟට වැටෙන්නාක් වැනි හිරිකිතයකි. මකුලුවාගේ එතරම් දැඟලීමක් නැත. සමහරවිට හේතුව මෙය විය හැක.

    //සයිකොලොජි වලට මාස්ටර් උපාධියක් ඇති මගේ මිතුරා කියන්නේ , ” ඒ උඹට ඇති අසීමිත කැමැත්ත පෙන්වන එක් ක්‍රමයක්” විය හැකි බවය.// හපොයි… 🙂

  10. buddie-බුඩී පවසයි:

    මී කතාව නම් නියමයි නිහාල් අයියේ 🙂 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )