සේවාස්තානයේ හදිසි වැඩකට වෙනත් ප්රදේශයකට යන්න සිදු උනා. ඒ වැඩයි , ගෙදර වැඩයි නිසා කාලෙකින් මොකවත් කොටා ගන්න බැරි වුනා. ඒ අල්ල පනල්ලෙම ඔක්තෝබර් තුන්වැනිදාත් උදා වුනා.
2 වැනිදා මගේ එක්කෙනා අහනව ” අද කවදද ” කියල. හිතේ ඇති මට අමතකයි කියල.
කසාද බැඳිල්ලට සමහරු කියන්නේ හිරයක් ගන්නවා කියලනේ. ඒක ජීවිතාන්තෙට හිරේ ගියා වගෙ වැඩක්. හිරේ ගිය මිනිහ අඩු ගානෙ දන්නව තමන් නිදහස් වෙන දවස.
ඒ පරණ විහිළුවක්. ඕව හැමෝටම හරියන්නෙ නෑ. විවාහ ජීවිතය උපරිම අයුරින් භුක්ති විඳින කෙනෙක් තමා මේ ගුරුසිංහ.
” මොකෝ අමතක ?”
ඔයාගෙ කොණ්ඩෙ කටු ටික ගලවන්නම පැයක් විතර ගියා… මතක නැද්ද? ඉතින් ඊට පස්සෙ.. මොකවත් උනේ නැහැ. රෑ කෑම කාමරේටම ගෙන්න ගෙන කෑව. මැරුන වගෙ නින්ද ගියා දෙන්නටම. උදේ ඇහැරෙන කොට හයත් පහුවෙල.
රූම් බෝයි ඇහුව.. “සර්.. බිත්තර කෝපිද ? නිකම් කෝපිද ? ”
කියල. එයා මූණ බෙරි කර ගත්ත අඬන්න වගේ. ” කමක් නෑ නේද ? අපි තව දවස් තුනක්ම මෙහෙ ඉන්නවනෙ” එයා ඇඬුම් බරව කිව්වා.
එදා ඉඳල අද දක්වා අපේ ජීවිතය එක තැන පල් වෙන වතුර තියෙන වැවක් වගේ නෙවේ , පෙණ පිඬු නංවමින් , ඉවුරු දෑලේ වදිමින් ගීතවත්ව වංගු වංගු ගලා ගෙන යන ගංගාවක් වගේ.
දුක – සතුට – සිනා – කඳුළු – ඉටුවීම්- කඩවීම්.
එය දවසක් ඇහුවා ” කවදාවත් මාව දාල යන්නෙ නෑ නේද ? “කියල මං හිතන්නේ මං කිව්ව වගේ මතකයි ” නෑ මගෙ රත්තරං” කියල.
එයාට ගොඩාක් දේවල් පුළුවන්. මියුසික් , සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කරන්නත් පුළුවන්. රහට උයන්නත් පුළුවන්. මම වෙලාවකට කියනව ” කවද හරි මං මැරෙන්නෙ කාල වැඩිවෙල ” කියල.
අපි ජීවත්වෙන සමාජයෙ එයාට තියෙන්නෙ ඉහළ තැනක්. ඒ නිසාම මාත් කැපිල පේනව. හරියට හඳේ එළියෙන් තරු කැට දිළිසෙනව වගේ. එයාගෙ එළියෙන් මාත් බැබලෙනව.
එයා සූක්ෂ්ම විදියේ විහිළු කරන්නත් දන්නව.
එයට මුල් දවස් වල තිබුණේ පරණ කාර් එකක්. එයා තනියම යන කොට කාර් එකේ රේඩියෝ එක මහ හයියෙන් දා ගෙන යන්නෙ. මම දවසක් එයාගෙ සෙල් එකට කතා කළා. මාර සද්දෙ. මම කෑ ගැහුව. ” ඔය කාර් කටුව පරණයි. හදිසියේ ඇණයක් ගැලවිල වැටුනත් ඇහෙන එකක් නෑ. අඩු කර ගන්නව ඔය සද්දෙ” කියල.
ටික දවසකට පස්සෙ එයා ඔෆීස් එකෙ ඉඳන් මට කෝල් කලා. එදා මම ගෙදර. මම රේඩියෝ එක ටිකක් හයියෙන් දාගෙන සිංදුවක් අහ ගෙන හිටියෙ. එයා කියනව ” ඔයාගෙ ඇනයක් ගැලවිල වැටුනටවත් ඇහෙන එකක් නෑ.. අඩු කරන්න ඔය සද්දෙ” කියල.
මගෙත් එක්ක වැඩ කරන සුදු කාන්තාව ජීන් අහනව ඔච්චර කලක් එකට ජීවත්වීමේ රහස මොකක්ද කියල. මං කිවුව , ” අපි දෙන්න එකිනෙකාට රෙස්පෙක්ට් කරනව.. අපි අතර රහස් නෑ ” කියල.
ජීන් අහනව ” ඒ කියන්නෙ?”
” උදාහරණයක් හැටියට අපි දෙන්නටම එක බැංකු ගිණුමයි තියෙන්නෙ. ATM කාඩ් දෙකක් තිබුණට දෙන්නටම එකම PIN නම්බර් එකයි තියෙන්නෙ”
මං දානව… එයා ගන්නව.. සමහරදාට එයා ගන්නව , මං දානව. පුරුද්දක් විදියට බෑන්ක් ස්ටේට්මන්ට් එක ආවාම ඒක රෙකන්සයිල් කරනව. ඒත් කවදාවත් මං එයාගෙන්වත්, එයාගෙන් මංවත් වියදම් වල විස්තර අහන්නෙ නෑ. ඔන්න ඕක තමා රහස.
ඇමරිකන්කාරයො කරන්නෙ හැම මගුලකටම මල් ටිකක් යවන එකනෙ.. මමත් ඊයෙ මල් ඩිලිවර් කරන තැනකට මගේ ඕඩර් එක දුන්න. හරියට උදේ දහයට රෝස මල් ටිකක් ඩිලිවර් කරන්න කියල එයාගෙ ඔෆීස් එකට. ” හැපි ඇනිවර්සරි–” කියල කාඩ් එකකුත් එක්ක.
පහුවදා උදේ දහයට එයා මට කෝල් කලා. මං යැවූ මල් ටික වෙලාවටම ලැබිලා.
” හොරා… නිකමටවත් කිව්වෙ නෑ… ඔය සෝබන මොකටද.. අපි හැමදාම හොඳින් ඉම්මු”
ඔවු ඒක එහෙමම වේවි.
මේ කෙටි සටහන අපේ 21 වන විවාහ සැමරුම වෙනුවෙන්.
Happy Anniversary!!! Nihal. කීවෙනි එකද කියලත් දැන ගන්න කැමති අපි.
දිනේෂ් බාගෙට කියවලා. 21 යි
සුබ පැතුම්!
අරුණි , වෙදනා , පැතුම් , මාරයා , නිශ් , රන්ජා , සෝරෝ , වෙනි , මෙකී නොකී හැමෝටම බොහොම ස්තූතියි.
Happy Anniversary!!!
පොඩි පහේ රංඩුවකින් පස්සේ යාළු වුනාමත් ගතියක් තියෙනවා!
සුභ පැතුම්.
මොනවද කියන්නේ ? අපි ඉඳල හිටල ඇර ගන්නවා. ඒත් ටික වෙලාවකින් සේරම හරි.
” මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි”
21 වසක් සතුටින් සිටි ඔබ දෙපළට සුභ පැතුම්… ඉදිරි කාලයත් ඔය ලෙසටම සිටීමට හැකි වේවා.. මම නම් තාම හිටියේ මාස 5යි…ඔය විදියටම සතුටින්…
Happy anniversary නිහාල් අයියේ.
සුභ පැතුම්……
කියවන්න ආස හිතෙන සටහනක්..
සුබ පැතුම් ……………………..
කියවනකොට හිතට පහන් හැඟුමක් දැනුනා………:
අප්පේ නියමයි නිහාල්, මට හිතුනා අපි ගැනද මේ කියන්නේ කියලා. හරිම සතුටුයි. ඔබ දෙදෙනාට චිර ජීවනය.
සුභ සංවත්සරයක් සහ සුභ අනාගතයක් වේවා නිහාල් අයියා… ආ අක්කටත් එක්කම ඈ…