සේවාස්තානයේ හදිසි වැඩකට වෙනත් ප්‍රදේශයකට යන්න සිදු උනා. ඒ වැඩයි , ගෙදර වැඩයි නිසා කාලෙකින් මොකවත් කොටා ගන්න බැරි වුනා. ඒ අල්ල පනල්ලෙම ඔක්තෝබර් තුන්වැනිදාත් උදා වුනා.
2 වැනිදා මගේ එක්කෙනා අහනව ” අද කවදද ” කියල. හිතේ ඇති මට අමතකයි කියල.
කසාද බැඳිල්ලට සමහරු කියන්නේ හිරයක් ගන්නවා කියලනේ. ඒක ජීවිතාන්තෙට හිරේ ගියා වගෙ වැඩක්. හිරේ ගිය මිනිහ අඩු ගානෙ දන්නව තමන් නිදහස් වෙන දවස.
ඒ පරණ විහිළුවක්. ඕව හැමෝටම හරියන්නෙ නෑ. විවාහ ජීවිතය උපරිම අයුරින් භුක්ති විඳින කෙනෙක් තමා මේ ගුරුසිංහ.
” මොකෝ අමතක ?”
ඔයාගෙ කොණ්ඩෙ කටු ටික ගලවන්නම පැයක් විතර ගියා… මතක නැද්ද? ඉතින් ඊට පස්සෙ.. මොකවත් උනේ නැහැ. රෑ කෑම කාමරේටම ගෙන්න ගෙන කෑව. මැරුන වගෙ නින්ද ගියා දෙන්නටම. උදේ ඇහැරෙන කොට හයත් පහුවෙල.
රූම් බෝයි ඇහුව.. “සර්.. බිත්තර කෝපිද ? නිකම් කෝපිද ? ”
කියල. එයා මූණ බෙරි කර ගත්ත අඬන්න වගේ. ” කමක් නෑ නේද ? අපි තව දවස් තුනක්ම මෙහෙ ඉන්නවනෙ” එයා ඇඬුම් බරව කිව්වා.
එදා ඉඳල අද දක්වා අපේ ජීවිතය එක තැන පල් වෙන වතුර තියෙන වැවක් වගේ නෙවේ , පෙණ පිඬු නංවමින් , ඉවුරු දෑලේ වදිමින් ගීතවත්ව වංගු වංගු ගලා ගෙන යන ගංගාවක් වගේ.
දුක – සතුට – සිනා – කඳුළු – ඉටුවීම්- කඩවීම්.
එය දවසක් ඇහුවා ” කවදාවත් මාව දාල යන්නෙ නෑ නේද ? “කියල මං හිතන්නේ මං කිව්ව වගේ මතකයි ” නෑ මගෙ රත්තරං” කියල.
එයාට ගොඩාක් දේවල් පුළුවන්. මියුසික් , සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කරන්නත් පුළුවන්. රහට උයන්නත් පුළුවන්. මම වෙලාවකට කියනව ” කවද හරි මං මැරෙන්නෙ කාල වැඩිවෙල ” කියල.
අපි ජීවත්වෙන සමාජයෙ එයාට තියෙන්නෙ ඉහළ තැනක්. ඒ නිසාම මාත් කැපිල පේනව. හරියට හඳේ එළියෙන් තරු කැට දිළිසෙනව වගේ. එයාගෙ එළියෙන් මාත් බැබලෙනව.
එයා සූක්ෂ්ම විදියේ විහිළු කරන්නත් දන්නව.
එයට මුල් දවස් වල තිබුණේ පරණ කාර් එකක්. එයා තනියම යන කොට කාර් එකේ රේඩියෝ එක මහ හයියෙන් දා ගෙන යන්නෙ. මම දවසක් එයාගෙ සෙල් එකට කතා කළා. මාර සද්දෙ. මම කෑ ගැහුව. ” ඔය කාර් කටුව පරණයි. හදිසියේ ඇණයක් ගැලවිල වැටුනත් ඇහෙන එකක් නෑ. අඩු කර ගන්නව ඔය සද්දෙ” කියල.
ටික දවසකට පස්සෙ එයා ඔෆීස් එකෙ ඉඳන් මට කෝල් කලා. එදා මම ගෙදර. මම රේඩියෝ එක ටිකක් හයියෙන් දාගෙන සිංදුවක් අහ ගෙන හිටියෙ. එයා කියනව ” ඔයාගෙ ඇනයක් ගැලවිල වැටුනටවත් ඇහෙන එකක් නෑ.. අඩු කරන්න ඔය සද්දෙ” කියල.
මගෙත් එක්ක වැඩ කරන සුදු කාන්තාව ජීන් අහනව ඔච්චර කලක් එකට ජීවත්වීමේ රහස මොකක්ද කියල. මං කිවුව , ” අපි දෙන්න එකිනෙකාට රෙස්පෙක්ට් කරනව.. අපි අතර රහස් නෑ ” කියල.
ජීන් අහනව ” ඒ කියන්නෙ?”
” උදාහරණයක් හැටියට අපි දෙන්නටම එක බැංකු ගිණුමයි තියෙන්නෙ. ATM කාඩ් දෙකක් තිබුණට දෙන්නටම එකම PIN නම්බර් එකයි තියෙන්නෙ”
මං දානව… එයා ගන්නව.. සමහරදාට එයා ගන්නව , මං දානව. පුරුද්දක් විදියට බෑන්ක් ස්ටේට්මන්ට් එක ආවාම ඒක රෙකන්සයිල් කරනව. ඒත් කවදාවත් මං එයාගෙන්වත්, එයාගෙන් මංවත් වියදම් වල විස්තර අහන්නෙ නෑ. ඔන්න ඕක තමා රහස.
ඇමරිකන්කාරයො කරන්නෙ හැම මගුලකටම මල් ටිකක් යවන එකනෙ.. මමත් ඊයෙ මල් ඩිලිවර් කරන තැනකට මගේ ඕඩර් එක දුන්න. හරියට උදේ දහයට රෝස මල් ටිකක් ඩිලිවර් කරන්න කියල එයාගෙ ඔෆීස් එකට. ” හැපි ඇනිවර්සරි–” කියල කාඩ් එකකුත් එක්ක.
පහුවදා උදේ දහයට එයා මට කෝල් කලා. මං යැවූ මල් ටික වෙලාවටම ලැබිලා.
” හොරා… නිකමටවත් කිව්වෙ නෑ… ඔය සෝබන මොකටද.. අපි හැමදාම හොඳින් ඉම්මු”
ඔවු ඒක එහෙමම වේවි.
මේ කෙටි සටහන අපේ 21 වන විවාහ සැමරුම වෙනුවෙන්.
Very Happy Anniversary Dudes, both of you.
අර සද්දෙන් සින්දු අහන එක අපේ ගෙවල් වල නම් අනිත් පැත්ත. මායි පුතයි තමයි සද්දෙට අහන්නෙ. එයා තමයි කෑ ගහන්නෙ සද්දෙ අඩුකරන්න කියලා. ඊයෙ සිට්කොම් එකක කිව්ව පිරිමින් මෙච්චර හරියෙන් සංගීතය අහන්නෙ testosterone වලට බීරි වෙලාලු.
පරක්කු වෙලා හරි මේ සුභ පැතුම මගෙන් තව ගොඩක් කාලයක් ඔය වගේම ලස්සනට ඉන්න ලැබේවා කියල පරාර්ථනා කරනවා…
චිරාත් කාලයක් දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙවා …. නිහාල් අයියා ඔයාල දෙන්නගෙ එකට සිටීමේ රහසෙ මගෙ හිතට තදින්ම වැදිච්ච දේ තමා
”උදාහරණයක් හැටියට අපි දෙන්නටම එක බැංකු ගිණුමයි තියෙන්නෙ. ඇඨ්M කාඩ් දෙකක් තිබුණට දෙන්නටම එකම ඵෛණ් නම්බර් එකයි තියෙන්නෙ”
මං දානව… එයා ගන්නව.. සමහරදාට එයා ගන්නව , මං දානව. පුරුද්දක් විදියට බෑන්ක් ස්ටේට්මන්ට් එක ආවාම ඒක රෙකන්සයිල් කරනව. ඒත් කවදාවත් මං එයාගෙන්වත්, එයාගෙන් මංවත් වියදම් වල විස්තර අහන්නෙ නෑ. ඔන්න ඕක තමා රහස.”
මෙහෙම හිටියා නම් සුවර් එකටම නෝ ප්‍රොබ්ලම් නෝනා මහත්තයගෙන්.. ලොල් .. හක හක හක.. 😀 😀 😀
අවංක පැට්ට විතරයි මගෙ පෝස්ට් එකට හරියට කියවල තියෙන්නෙ. අනෙක් අය උඩින් පල්ලෙන් කියවල කමෙන්ට් කලා.
ප්‍රතිචාරයට හා සුභ පැතුවාට ස්තූතියි.
සුභ පැතුම් නිහාල් අයියා . . . . මේ හිටිය අවුරුදු 21 වගේ කීප ගුනයක්ම ඔය විදියටම ආදරෙන් ඉන්න ලැබේවා කියල පතනව.
මගෙ කසාදෙ අවුරුදු තුන යෙදිල තිබුනෙ ඔයා කියන දවසට කලිං දවසෙ . . .
ela kiri
21 ට 210 ක්ම එකට ඉන්න ලැබේවා……….!
දෙන්නට දෙන්නා Respect කරන එක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ…. බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ තමන්ගේ කසාදය පවත්වාගෙන යාම අභිබවා තමන්ගේ Ego එක ඉස්මතු වෙනවා… එතකොට කියන කරන දේ එකතු වෙලා එකතු වෙලා පුපුරා යනවා….
ඕක තේරුම් ගන්නේ නැති වුනාම ප්‍රශ්න වැඩියි….
සුභ ඇනිවසරියක් දෙන්නටම…..
ජය වේවා…මමත් ඔය ටික කරගෙන දැන් අවුරුදු 9 උනා….