ගීතයක රස විඳින්න
අඩ අඳුරේ තනිවෙන්න…. කවුදෝ එහෙම කියල තියෙනවලු. තව කොහොමද ලා වට මධු විතකුත් තොල ගාමින් තනි වුනොත්.
ගී රස විඳින්න නම් ඊට සුදුසු වෙලාවක් ඕන. මට නම් එහෙමයි. අනික් අයට කොහොමද මන්ද ? හිමිදිරි උදේ බයිලා අහන්න පුළුවන්ද ? අපි අහන ගීත උත්තර භාරතීය රාග ස්පර්ශ කළ ඒවා. සමහර රාග වලට ගැලපෙන වෙලාවල් තියෙනව.
” නිති විඳිමෝ අපි යමන් රාග රස
හිරු බැස ගිය කළ
මිහිරි ලෙස ගැයෙන”…
ඒ අනුව “යමන්” රාගය ගැලපෙන්නේ රාත්‍රී කාලයේ මුල් භාගයටයි.
මම , ඔබෙන් ඇහුවොත් ඔබේ ප්‍රියතම ගායකයා කවුද කියා… නිසැකවම ඔබ කියාවි ” අමරදේව ” කියල.
අමරදේව අපෙ අසහාය ගායකයා තමයි. එහි විවාදයක් නෑ.යම් කාව්‍යමය සංකල්පනාවකට සංගීතය මුසු කළ විට එයට ” ගීතයක්” කියා කියයි. ගීතයක් සදාකාලිකව මතකයේ රැඳීමට නම් ; එය අරුත්බර විය යුතුය…තනුව කණට සුමට විය යුතුය.
අමරදේවයන් මෑත කාලයේ ගැයූ එකද ගීයකටවත් මම ඇලුම් නොකරමි. ඒ මන්ද කියනවා නම් ඒවායේ වචන පැහැදිලිව නොඇසීමයි.පැහැදිලි ස්වරයෙන් ගී ගයන මා සිත ගත් ගායකයන් අතළොස්සකි. සනත් නන්දසිරි.. එඩ්වර්ඩ් ජයකොඩි.. සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් ඉන් මුල් තැනක හිඳී.
ඉතා මෑතක මා ඇසූ එඩ්වර්ඩ් ජයකොඩි ගයන ” මුව මුක්තා ලතා ” ගීය අජන්තා රණසිංහයන් විසින් රචිත ඉතා අරුත් බර ගීයකි.
ස්ත්‍රී- පුරුෂ කාම සම්භෝගය වක්‍රෝත්තියෙන් පැවසෙන එහි එන වදන් කීපයක් මෙසේය.
“මුව මුක්තා ලතා” ගැහැනියකගේ දත් දෙපල මුතු වැලකට සමාන කරයි.
ලංකාවේ දන්තා මුක්ත කියා දන්තාලේපයක්ද ඒ කාලයේ විය. එහි අරුත මුතු වන් දත් දෙපලක් සඳහා එයා සාදා ඇති බවය.
බුදුන් වහන්සේ ගැන කියන විට උන් වහන්සේ ආශාවන්ගෙන් විනිර් මුක්ත වූ බවක් කියැවේ. එහිදී මුක්ත යන්නෙන් කියැවෙන්නේ ” රහිත… තොර ” බවකි.
අජන්තා රණසිංහයන් එම ගීයෙන් කියන්නේ දත් රහිත ගැහැණියක් නොව මුතුවන් දත් දෙපලක් ඇත්තියක් ගැනය.
හංසයා කලබලයක් නැති දැකීමට ප්‍රිය උපදවන පක්ෂියෙකි. සකු බසින් ” සරෝජා” යනු නෙළුම් මලයි. විල් නෙලුමාසනෙන් ආ හංසාංගනාවකට ගැහැණිය සම කරනුයේ ඇගේ පිරිසුදුකම-නිර්මලත්වය පෙන්වීමටය.
තවද මෙහි එන සමහර වචන තාර්කිකය. තර්කයට සුදුසුය.අජන්තා රණසිංහයන් , ඇය මණිමේකලාව මුදා තබා පුරුෂයා සමඟ එක්වීමට සැරසෙන බව කියයි. මණිමේකලාව , මිණිමෙවුල පුරාණ තරුණ කාන්තාවන් ඉනට මදක් පහලින් පැළඳි ආභරණයකි. මගේ උගත් මිත්‍රයා කියන්නේ එය ” chastity belt” එක බවය.මධ්‍ය කාලීන යුරෝපයේ කාන්තාවන් බලාත්කාරයෙන් දූෂණයට ලක්වීම වැලැක්වීමට අඳින ලද තද සමෙන් හෝ ලෝහයෙන් නිමවු ඇඳුමකි chastitybelt එක.. පෙර රජ දවස කුමාරිකාවන් මණිමේකලාවක් පැළඳීමට ආසාවෙන් බලා සිටි බව සාහිත්‍ය කරුවෝ කියති.
එහෙත් ; “අවසර කල් රහස් තැන – ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියා කියන්නේද එම කවියන්මය.
බෞද්ධ කතාවල , “ගර්භයේ සිට ලා රැක්ක වුවද යම් ඉසුබුවක් ලද සැණින් , ගැහැණිය පිරිමියා සොයා යන බව” කියැවේ.
එසේ බලන කල, මණි මේකලාව යනු chastity belt එක නම්,කොයි ගැහැණියද එම ස්තානය අගුලු දමා ගැනීමට ආසාවෙන් සිටින්නේ ?
මහා ගත් කරු වික්‍රමසිංහයන් කියන්නේ මණිමේකලාව යනු , ගැහැණුන්ගේ ඉඟටිය මඳක් හීන් කර පෙන්වීමට යොදා ගන්නා ” girdle ” එක බවය. එයට මාත් කැමතිය.
මෙම ගීයේ ඇය ” මන්දෝදරියකි” . මන්ද + උදර.. පැතලි බඩවතක් ඇයට තිබූ බවය.
දරු දෙදෙනෙකු වැදීමෙන් මදක් එල්ලා වැටෙන්නටවූ බඩවත ළමිස්සියකගේ මෙන් තබා ගැනීමට මුළු කොළඹ පුරාම කරක් ගසා මගේ බිරිඳට ගර්ඩලයක් සොයා ගෙනත් දුන්නේ මාය. ” ඔයාටමනෙ හොඳ ” ඇය එවිට කීවාය.
“රෑ තව දිගු වේවා.. ඒ හිරු නොනගීවා” වචන ගලපා ඇති ආකාරය කෙතරම් ” ඉරෝටික්” දැයි මා අත අතැති මධුවිත ක්‍රමයෙන් හිස් වෙද්දී මට සිතුනේය
සැබෑ මිනිසා වසා දැමීමට අදහස් කරන නිසා , එයින්
මේ පැත්තට මාරු කරන ලදී.
මම අසා ඇති රෝමාන්තිකම සින්දුවක්. පුසුම ආසයි එහි සංගීත සංයෝජනයත්. ඒ ඒ වෙලාවල් වලදී ගීතයේ රිද්මයන් වෙනස්වීම බොහොම ලස්සනයි. ගීතයේ පදවලට ඉතාම සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සංගීතයෙන් සහ හඬින්.
මම මේ ගීතයට විචාරයක් ලියන්නයි හිටියේ… එක්කෝ දැන් බැහැ වගේ. මොකද මට දැනෙන දේවල් ලියාගන්න බැහැ
මා ශ්‍රී ලංකා විත්ති නමින් මාසික වෙබ් සඟරාවක් කරනවා. http://www.lankaviththi.us එය සෑම මසකම 1 දා ප්‍රකාශයට පත් කෙරෙනවා. එහි පිටුවක් තියෙනවා ගීත කතන්දර වලට. ඔබට පුළුවන් එයට ලියන්න. ඔබ කැමති ගීතයකට විචාරයක්.හැකි නම් ලියා srilankaviththi@yahoo.com ට ඊ මේල් කරන්න. සතියක් ඇතුළත.
අනේ ලියන්න
මනරම් ගීයකට කදිම විග්‍රහයක්, ජයෙන් ජය ..!
නියමයි. ඔබයි නියම යතාර්ථවාදියා
සබ්බේ නදී වංකගථා…..මට මේක කියලා දුන්නේ මගේ තාත්තා…
sinduwe link eka denna barida ?
http://www.slhits.com/links/songs.jsp?id=1641374141
Thank You Very Much Mr.Nihal. Thawa idiriyata me wage rasawath arthawath gee handuwadenna obata budusaranai………..
ඉන්න තැනකින් එනු මැනවි. ඔබ එනතුරු අපි බලා සිටිමු
මොකද උනේ මාමේ…සද්දයක් නෑනේ…හොදින් ඉන්නව නේද? 🙂
ඔවු. නදී.. ගිම්හානි.. අපි හොඳින් ඉන්නවා. පොඩි වැඩ වගයකට ටිකක් ඈතකට යන්න වුනා.
සති තුනක්ම බලා හිටියා. කෝ නිහාල් ගුරුසින්හට මොකද උනේ?