කටුස්සා, බොහොඬා, සුළු සුළු වෙනස් කම් ඇතත් එකම ජීවින් කොටසකි. කටුස්සා පරිසරයට ගැලපෙන ආකාරයට අනුවර්තනය විය හැකි සතෙකි. ගස් කොළං අතර ඉන්නකොට කොළ පාටටද , වියළි කොල රොඩු අතර ඉන්නකොට අඳුරු පාටටද ශරීරයේ පාට වෙනස් කර ගනී.
අපේ දේශපාලකයන්ද කටුස්සන් බඳුය.
වතාවක් රනිල් පස්සෙ ගොස් රනිල්ගේ ගුන වැයූ මුඛයෙන්ම , ටික දවසකින් මහින්දට හේත්තුවී මහින්දගේ ගුන වයමින් රනිල්ගේ පතුරු ගලවයි.
කටුස්සා තමන්ගේ හිසටත් වඩා විශාල කට සහිත හිස කොටස නිතරම වනයි.
ඒ ගොදුරකට කුරුමානම් ඇල්ලීමට විය හැක. උගේ එකම ආයුධය ශරීරයේ දිගටත් වඩා දිග දිවය. කෘමියෙක් කුරුමිනියෙක් දුටු වහාම උගේ ඇලෙන සුළු දිව ඒ දෙසට දිගුවන්නේ තත්පරයකින් 30000 කටත් අඩු කාලයකින් යැයි google කියයි. සමහර විට කුඩා කුරුල්ලන්ද උගේ ප්‍රියතම ගොදුරුය.
විශේෂයෙන් ලාංකිකයන් ඔළුව වැනීමට දස්සය. ඔවුහු ” ඔව් ” කීමටත් , ” නෑ” කීමටත් , ” එපා” කීමටත් , අනුමැතිය දීමටත් , එකඟ වීමටත් , ” හා උඹද මිනිහා ” කීමටත් , ” උඹට දෙන්නම් වැඩේ ” කීමටත් ඔළුවම වනති.
” ඔයාට කවුරු හරි ඉන්නවද ?” — ඈ ඔලුව වැනුවාය.
” එහෙනං.. මම ඔයා ගැන …..” – ඈ ඔලුව වැනුවාය.
” මං එන්නද අම්මලත් එක්ක කතා කර ගන්න ?”
” එප්..පා…හ්”
” එහෙනං කටුස්සි වගෙ ඔලුව වැනුවෙ ?????”
ඉස්සර අපේ නංගී කෙට්ටුම කෙට්ටුය. රණ්ඩු වෙන විට මම කියන්නේ කටුස්සි කියලාය.
” කන ඒව කොහාට යනවද මන්ද ? කටුස්සි වගේ” අම්මාද කීවාය.
” හැටි විතරක් කටුස්සන් කාපු බැළලි වගෙ” දිනක් වැට අයිනේ රණ්ඩුවකදී නැන්දාගේ මූනටම කීවේ අපේ අම්මාය.
තලගොයාද , කබරයාද , කිඹුලාද කටුස්සාගේ ළඟම නෑයින්ය.
කටුස්සාගේ මී මුත්තන් වනුයේ බොහෝ කලකට ඉහත වඳවී ගිය ඩයිනෝසරයන්ය.
රජ කෙනෙක් මඟුල් උයනට යනවිට තොරන උඩ හුන් කටුස්සා ඔලුව වනනු දුටුවේය. රජුගේ සිත් සතුටු කිරීමට ඕනෑම බොරුවක් කියන්ට පුරුදු වී සිටි පුරෝහිතයා , ” ඌ ඔබතුමාට ආචාර කරනවා” යයි කීවේය. රජ , කටුස්සාගේ කරේ රන් මාලයක් දැමීමට නියම කලේය. මාලයේ බර වැඩි කමට පහුවදා සිට ඌ රජුට ඔලුව වැනුවේ නැත.
ගස් බඩ ගෑ උන්ට තාන්න මාන්න ලැබුනාම ඒවායේ බර දරා ගැනීමට බැරිවේ.
කටුස්සන් ජීවත් වන්නේ ඝර්ම කලාපීය රටවලය. ඒ ඒ රටවලටම ආවේණික කටුසුවන්ද වේ.
පළතුරු යුෂ , සීනි ආදියෙන් මධ්‍යසාර පැසවීම සරල රසායනික ප්‍රතික්‍රියාවකි. ප්‍රතික්‍රියා ඉක්මණ් කරන්නේ උත්ප්‍රේරකය. මධ්‍යසාර පැසවීමට කටුස්සන් යොදා ගන්නේ උන්ගෙ ඇට කටු වල තියෙන පොස්පරස් උත්ප්‍රේරකයක් වන නිසාය. කසිප්පු පෙරන ප්‍රේමේට ” කටුසු ප්‍රේමේ” කියාද කියයි.
කටුස්සෙක් දිනක් වඳුරෙක් අමුතු සන්තෝෂයකින් සිටිනු දැක ” මොකද බං සොමිය?” කියා ඇසීය. ” මං ඇද්ද සූස්තියක්.. උඹටත් ඕනද උගුරක් ?”
මීට පෙර කටුස්සා සූස්ති ඇද නැති නිසා ආසාවට වගේ එක උගුරක් ඇද්දේය.
මල් හතය. ” ඒයි නියමයි මචං.. මං යනව වැවට වතුර ටිකක් බොන්න”
කටුස්සා වැවට යන පාරේ කිඹුලා අව්ව තපිමින් සිටියේය. ” ඒයි කිං බුල් .. සන් බාත් එකක් දානව වගෙ” වෙනදා තමන් දුටු විට ගාල කඩා ගෙන දුවන මූට අද මොකක් වෙලාදැයි කිඹුලා සිතීය.
” ඒයි මං ඇද්ද සූස්තියක්.. අන්න වඳුර ළඟ.. උඹටත් ඕන නං උගුරක් ඇදල බලපං. මාර ගති ”
කිඹුලා ගහ දිගේ වඳුර සොයා ඇදුනි. පදම්වී සිටි වඳුරා . දෑස් පිස දා බලමින් ” ඈහ්.. උඹ මුළු වැවම බිව්වාදැයි” ඇසුවේය.
අරලිය ගහ ස්වභාවයෙන්ම දුර්වල ශාකයකි. එහි රිකිලි තවත් දුර්වලය. දෑඟිල්ලෙන් අල්ලා දෙකට කැඩීමට පුළුවන.
අපේ කාලයේ ගායිකාවක් වන චන්ද්‍රානි ගුනවර්ධන ” පුංචි මස්සිනා සිටියා අරලිය මල් රිකිල්ලේ ” ගීය ඇසෙන විට මට හිතෙන්නේ ඇගේ මස්සිනා කටුස්සෙක් කියාය.
මාත් කටුස්සෙක් වගේ කෙට්‍ටුය. මෙසේ ඉඳ ඇතිවී ඇත. මැටි හෝ ගසාගත යුතුය.
නවම . . . . බීපං වැවකම වතුර
ලංකාවේ හිටි කටුස්සන්ගෙන් වැඩිහරියක් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේය.. උන් හැමදේටම ඔලුව වනවන අතරේ රටේ මිනිසුත් උන් දිහා බලාගෙන ඔලුව වනන්න පටන්ගෙන ඇති හෙයින් රටම කටුසු විමානයක් සේ පෙනේ.. ඒ අතරේ විපක්ෂේ කටුස්සෝ පාට මාරු කිරීම ජයට කරගෙන යති.. ඔන්න මන් ටිකක් එකතු කළා මගේ ගානේ..
කතාව සහතික ඇත්ත