බිත්තර සාරු වල ඔබල ඊට පස්සෙ පාන් කුඩු වල දවටල ගැඹුරු තෙලේ බැද ගත්තු මාළු පෙත්තක රස බල බල ඉන්න කොට ” මාළුවෝ පෝස්ට් එක බාගෙට අප්ඩේට් උනා. ඉතින් ඉතිරි ටික මේ විදියට ” මාළුවෝ- 2″ කියල ලියනවා.
තද කෝපයක් , ආවේගයක් ආවාම සමහරුන්ගෙ ඇඟ පත නලියනව. ඒකට තමා කියන්නෙ මාළු නටනව කියල. ඒ නටන්නෙ පේශි. මාළුන් ගෙත් අපි කෑමට ගන්නෙ මේ පේශි. මිනිසුන්ගෙත් පේශි වැඩි කටු අඩු අය ඉන්නවා වාගෙ මාළුන්ගෙත් පේශි වැඩි අය ඉන්නවා.
ඒ තෝරු , බලයා , කෙලවල්ලා වගේ අය. උන්ට ඉල්ලුම වැඩි. මිළත් වැඩියි.
බල මාළු කෑ දාට නම් පහුවදාට ඇස් අරින්න බෑ. ගිනියම. අපේ අම්මා බල මාළු උයන කොට ඒත් එක්කම කතුරු මුරුංග ” මාළුවත්” හදනව.
පඩි ගත්දාට තාත්ත අළුත් මාළු අරන් ඇවිත් කුස්සිය පැත්තෙ තියෙන මැස්සක තියල මාළු ටික සුද්ද කරන්නෙ ඒකට පාටමාලාවක් හදාරල තියෙනව වාගෙ බැරෑරුම් මූණකුත් හදා ගෙන. එතකන් අම්ම , ගොරක , සුදු ළූනු , මිරිස් තුනපහේ එකට දාල ගුලියක් වෙන තුරු ගලේ අඹරනව.මාළු දිය නොවී තියෙන්න නම් ගොරක දානම වෙනව.
ගංගා , ඇළ , දොළ , ඔය හරස් කරල බැඳල තියෙන වේල්ලට DAM කියනව. සද්දෙ එක වගේ උනාට DAMN කියන්නෙ නරක වචනයක්.
දවසක් කොල්ලෙක් මාළු විකුණනව” ඩෑම් ෆිශ් … ඩෑම් ෆිශ් ” කිය කියා. ඔතනින් ගිය පල්ලියෙ ෆාදර් කොල්ලගෙන් අහනව මොකද එහෙම කියන්නෙ කියල. කොල්ලා කියනව ” ඇයි ෆාදර්.. මුං ඇල්ලූවෙ ඩෑම් එක ළඟනෙ ” කියල
ෆාදර් මේ ඩෑම් ෆිශ් ටිකක් මිළයට අරන් ගිහින් දුන්න කෝකියට;
” can you cook this dam fish for dinner?”
කෝකිය පුදුම වෙල බලනව ඇයි මේ වගෙ කෙනෙක් මෙහෙම වචන පාවිච්චි කරන්නෙ කියල. මිනිහ කියනව” I already cooked my f***** chicken for the dinner” කියල.
පල්ලෙහා පන්ති වල ඉන්න කාලෙ භූගෝල විද්‍යාව ඉගැන්නූ නවරත්න සර් කියනව , චීනා මුහුදේ එනවළු කොළඹ වරායට.. ඒ එන ගමන් අපේ මුහුදු සීමාවෙදි අපේම මාළු අල්ලල නැවේ තියෙන ෆැක්ටරියෙදි සුද්ද කරල , ටින් කරල , ,මේඩ් ඉන් චයිනා කියල ගහල අපේම මාළු අපිටම විකුණල යන්න යනව කියල.
ගොඩ බිම වාගෙම මුහුදත් සීමා මායිම් දාල වෙන් කරල තිබුනට මුහුදේ ඉන්න මාළුන් ඔය මායිම් තකන්නෙ නෑ . උන් නිදහසේ හැම තැනම පීනනව.
ආන මාළු , පොළොස් මාළු, මාළු නොවෙනවා වගේම ගෝල්ඩ් ෆිශ්ල ටැංකියේ දාල ලස්සන බැලුවට සිල්වර් ෆිශ්ල නම් එපා කරපු උන්. ඒ තමයි “පොත් කාවො”
shell fish උනත් කෑවට selfish කන්න බෑ.
මගේ ගෝල්ඩ් ෆිශ් හැල හොලමනක් නෑ . නින්ද ගිහින්.. ඌට සීතල නැතුව ඇති
නිහාල් අය්යා කටුස්සෝ ගැනත් ලියන්න
මේක කියවල My body ‘s fish dancing !
මට මතකයි අපේ අම්මල මාළු අලුත් ද නැද්ද කියල හොයනවා… අනේ මන්ද මට නම් ඔය කෙරුවාව තාම බෑ නොව. දෙන මාළුවා අරන් ගෙදර එනවා මිසක්.
මේ ඒක නෙමෙයි නිහාල් අයියට මාළු බිත්තර, මාළු බද උයල කාල නැද්ද ඈ හැබෑට? කාල නැති වෙන්න බැරි නෑ… මමනම් කිරි මාළු වලුවට පස්සේ ආසම මාළු බඩයි, මාළු බිත්තරයි. මාළු ඔලුවට ආස නැතුවත් නෙමෙයි. ඒවයෙත් හැම මාලුවගේම බඩ කන්න බැරි කතාවත් තියෙනවා… අනේ මන්ද අපි ඕව දනීද ?
මාලු සමහර කිව්වම පැතිවල අයට ඒක තේරෙන්නේ වෙනස් විදියට. ඔය මාලු කියන වචනයේ නොයෙක් අර්ථ වලින් පාවිච්චි කරනවා. එළෝලු – මාලු – එතකොට එළවලුයි, මාලුයි. උයපු මාලුව කිව්වම ඒකෙදි නැවතත් එළවලු. මේ සියුම් භාෂා අලංකාරය ඇත්තේ සිංහළ භාෂාවේ විතරමද? ඇයි එතකොට මාලු මිරිස්?
මිරිස් දාන්නේ කෑම සැර කරන්නනෙ. ඒත් මාලු මිරිස් අර කහ පාට ඒව දාල වෑංජනයක් සැර කරන්න බෑ.
ඒක වෙනම වෑංජනයක්. මිරිස් මාලුව.
මම නං මිරිස් මාලුව උයන කොට බිත්තර දෙකක් විතර කඩල දානව. කරල බලලම ගුනා’ගුන කියමු.
එතකොට ඌරගේ මාළු ඌරගේ ඇගෙම තියල කපනව කියන්නේ?????????
ඔයත් ඔය මට කරන්න හදන්නෙ ඒ වගේ වැඩක්
//සිල්වර් ෆිශ්ල නම් එපා කරපු උන්. ඒ තමයි “පොත් කාවො”//
පොත්ගුල්ලෝ කියන්නෙත් එයාලටමද?…:D:D:D
හුඟක් දේවල් ඉගෙනගන්නවානේ මෙහෙම ආවාම. අර සමහර මාලු කෑවාම ඇස් අරින්ට බැරි එක වගේ….
මාලුවා මායිම් තකන්නේ නෑ. එයා නිදහසේ හැම තැනම පීනනවා. මිනිස්සුන්ට ඒ නිදහස නැති හැටි……:(
දෙවර්ගයක් මං දන්න විදියට, සිල්වර් ෆිෂ් ට ඉගිල්ලෙන්න පුලුහන්
පොත්ගුල කියන්නෙ පුස්තකාලෙට. නිතරම පුස්තකාලෙ පොත් කියවන එක්කෙනා තමයි පොත් ගුල්ලා.