අඹු සැමියෝ


“අපි කොහොම හරි ගේ පොඩ්ඩක් හදා ගන්න ඕන , දැන් අවුරුදු 3 ක්ම කුලියට හිටියනේ, නංගිලටත් තියෙනව එයාලගෙම ගෙයක්”
නන්දනී දවසක් නිදි ඇඳේදී සිරිපාලගෙ කණට කෙඳිරුව.
“ගෙයක් හදනවා නං ඉතිං ටිකක් කොළඹට කිට්ටු වෙන්නත් ඕන.
අඩු ගානෙ නුගේගොඩ , මහරගම ,කොට්ටාව හරියෙන්.
මම නුවර පාරට කැමති නෑ. කිරිබත්ගොඩ හරියට යනකොට හරි
ඩ්‍රයි පාටයි අනේ. මීගමු පැත්තත් ඒවගෙ. ඔන්න ගාලු පාරට කිට්ටුව නං හොඳයි.
පර්චස් 15 ක් තිබුනොත් ඇති”.
ඉඩම් වෙන්දේසි කාරයෝ ඉඩම් කට්ටි කඩල එක එක නම් දාල
විකුණනව.
සිරිපාල වැඩ කළේ බැංකුවක. අවුරුදු 5 ක් විතර වෙනව.
හරියටම අවුරුදු 5 සම්පූර්ණ වුනදා නිවාස ණය අයදුම්පත
භාර දුන්නා.
” මට පුලුවන් ඊ. පී. එෆ්. ලෝන් එක ගන්න. මගෙ ළඟත් තියෙනව ටිකක්.
අපි ඉඩම් කෑල්ලක් අරං වැඩ පටන් ගමු.
ඔයාගෙ ලෝන් එක පාස් වෙනකොට අත්තිවාරම් දාල තියන්න පුළුවන්”.
සිරිපාලත් , නන්දනීත් හීන මැව්ව. අළුත් ගෙයක් හදල,…
මිදුලෙ තණකොළ වවල, වටේට තාප්පෙ දාල… ටෙලිෆෝන් එහෙම
අරන්… හප්පේ.. තව කොච්චර දේ තියෙනවද ?
හීන.. හීන.. මුළු ජීවිතේම හීනයක් නේද බලන කොට ?
නෙරළු කියන්නෙ පොල් වලට. සිරිපාලටයි නන්දනීටයි හම්බ වුනේ
නෙරළු උයනෙන් බිම් කෑල්ලක්. පර්චස් 15 ක.
සිරිපාලලා ගම් කාරයෝ. අම්මගෙ පැත්තෙත් , තාත්තගෙ පැත්තෙත්
මායිමක් නොදන්නා ඉඩ කඩම්.
සිරිපාලට පර්චස් කියන කොට මතක් වුනෙ වර්චස්. පර්චස් කියන
වචනෙ ඇහුවෙත් කොළඹට ආවයින් පස්සෙ.
නම නෙරළු උයන උනාට එක පොල් ගහක්වත් නෑ. සේරම කපල දාල.
හෙන ගහන අපරාධ. හෙට අනිද්ද වෙනකොට පොලුත් ඉම්පෝට් කරන්න වෙයි.
ඉඩම් කෑල්ල අංක 27. හරි හතරැස්. පුරවන්න කියල දේකුත් නෑ. වෙල අයිනේ.
සිරිපාලගෙ නෑයෙක් ඉන්නව ප්ලෑන් අඳින. නෑයෙකුටත් වඩා හිතවතෙක්.
මිනිහා ගාණක් අය නොකරම සිරිපාලට ප්ලෑනක් ඇඳල දුන්න.
සාමාන්‍යයෙන් එස්ටිමේට් එකෙන් 10% ක් ගන්නවා ප්ලෑනකට.
කාමර 3 යි. සාලෙයි. කුස්සියයි. නාන කාමරෙයි. එලියෙ සර්වන්ට් ටොයිලට් එකයි.
ගේට්ටුවක් දාල , වටේට තාප්පෙ දාන්න බැරියැ පස්සෙ”
සිරිපාල ගිනි ගහන අව්වෙ අත්තිවාරම කැපුව.
ඒ සල්ලිත් ඉතුරුනේ එතකොට. හෙවනට මුවා වෙන්නවත් ගහක් කොලක් නෑ. පිට සේරම හම ගියා අව්වට පිච්චිල.
නන්දනී සුදු බෝල තියෙන , දුඹුරු පාට බෝරිච්චි අත් තියෙන
ගවුමත් ඇඳගෙන සිරිපාල මහන්සි වෙන හැටි බලා හිටියා
හිකි හිකි ග ගා. එයාගෙනං ඉහේ මලක් පිපිල වගේ. සිරිපාලටත්
කිසි මහන්සියක් දැනුනෙ නෑ,
ගමෙන් එක්කන් ආ බාස්ල පොල් අතුවලින් වාඩියක් ගහගෙන…
දවසින් දවස ගඩොලින් ගඩොල බිත්ති ඉස්සුවා.
සිරිපාලත් නිකං හිටියෙ නෑ. නිවාඩු දාල හරි හරියට වැඩ කළා.
වැසිකිළි වල කපන්න… ළිඳ කපන්න..
“ඒයි… බාසුන්නැහේලා කෑම උයනවා .. හරි සුවඳයි”…
“පහුවදා උදේ නන්දනී වමනෙ දානව සිරිපාලට ඇහුන.
” මොකෝ නන්දනී.. ? අජීර්ණයක්වත්ද ?”..
” නෑ මං හිතන්නෙ…….”
“ජරමර අස්සෙ බර කරත්ත. සිරිපාලට ඉබේටම කියවුනා.
” අම්මලගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙ නැහැ.. ගෙවල් හදනකොට මෙහෙම වෙන්න හොඳ නෑල්ලු”
” එහෙම නං ඔයාට තිබුනනෙ මා ගාවට නෑවිත් ඉන්න”
නන්දනී ආයෙමත් හිකි හිකි ගාල හිනා උනා.

(සැබෑ මිනිසා ගෙන් උපුටා ගැණින.)

This entry was posted in Uncategorized. Bookmark the permalink.

19 Responses to අඹු සැමියෝ

  1. නවම් පවසයි:

    පොඩ්ඩක් විතර එහේ මෙහේ කරල ගත්තනම් අපේ තාත්තගෙ කතාව …….

  2. සහෝධරයා පවසයි:

    මාත් මේක කියවල හිකි හිකි ගාල හිනා උනා.. හිකි හිකි 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )