සිංහයා.


සිංහයා රජාය. කැලයේ සියළු සතුන් ඔහුට යටහත්ය. සිංහයාට වඩා ප්‍රමාණයෙන් විශාල අලියාද සිංහයාට බයය. උගේ ගර්ජනාව හෙවත් ගෙරවුම් ශබ්දය කේශාරවයයි. ඇහින් දුටුවා වාගේ කතා කියන අත්තම්මා කීවේ සිංහ ගර්ජනාවට අලි ඇතුන්ගේ කුම්බස්තලය පුපුරන බවය.

” ගජ කුම් බිඳින කෙසරිඳු ” කියා සාහිත්‍ය කතාවල එයි.

ගෙවල , දෙපා අවට ගැවසෙන පූසාද , වල් දිවියා , කොටි හපුවා , දිවියා , ව්‍යාග්‍රයා, ජගුවරයා හා සිංහයාද බිලාල හෙවත් බළල් කුලයට අයත්ය.
ඉන්ගිරිසියෙන් නම් cat ලාය.

අපේ කොඩියට සිංහ කොඩිය කියන නිසා ඒ ඉන්නේ සිංහයෙක් බව අපිට පිලි ගත යුතුව ඇත. එවන් ” කැටයම් ” සිංහයන් වෙන කොහේවත් නැත.

රජෙක් වුවද ඌ තිරිසනෙකි. ” තිරස් අතට ගමන් කරන ” සතුන් තිරිසනුන්ය. අප පැවතෙන්නේද සිංහ පරපුරකින්ය. සිංහයා සතු යැයි කියන උදාර ගති යටපත් කරගෙන සමහරුන් තුලින් අර තිරිසන් ගති ඉඳ හිට මතුවී එයි.

” ඒ මිනිහා සිංහයෙක් වගේ” අපි සමහරු හඳුන් වන්නේ ඒ විදිහට.
වගු රට රජතුමාගේ දුව සුප්පා දේවිය පැන ගියේ මෙවන් සිංහ ගති ඇති මිනිසෙක් සමඟ හෝ සිංහ ගෝත්‍රික මිනිසෙක් සමඟ මිස තිරිසන් සිංහයෙකු සමඟ විය නොහැක. මන්ද තිරිසන් මිනිස් එකතුවකින් මිනිස් පැටවුන් බිහිවීම ජීව විද්‍යාත්මකව සිදු නොවන නිසාය.
කෙසේ වෙතත් , සිංහයෙකු හා ගිය සුප්පා දේවියගෙන් බිහිවූ මිනිසා සිංහ බාහුය. ඔහුගේ පුතා විජය කුමාරයාය. අප පැවතෙන්නේ ඒ විජයගෙන්ය කියා මහාවංශය කියයි.

සිංහයා උසස් කුළවත් සතෙකි. ඒ නිසා ඌට හැමතැනම ඉහළ තැනක් හිමිවේ.

ආසියාව , ඉන්දියාව, අප්‍රිකාව සිංහයාගේ නිජ බිම්ය. ලංකාවේද මීට වසර හතළිස් දාහකට පෙර සිංහයින් සිටි බව කැනීම් වලින් හෙලිවී තිබේ.
සිංහයාට හැම විටම ඉහළ උසස් තැනක් හිමිවේ. ලංකාවේ මත්පැන් වර්ගයක වෙළඳ සළකුණද සිංහ හිසකි. ඉන් ටිකක් ගත් විට ” සිංහ” පදමට වැදේ.

සිංහ තෙල් දැමිය යුත්තේ රන් බඳුනකමය.
” රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ ” යනු ඉහළ සුසංයෝගයකි.

ලංකාවේ පුද්ගල නාම වැඩි හරියක් ” සිංහ” ය. ගුරුසිංහ , ජයසිංහ , රණසිංහ , වීරසිංහ , ගුණසිංහ , වික්‍රමසිංහ , රාජසිංහ ආදී වශයෙනි.

බුද්ධදාස, ධර්මදාස , සංඝදාස , ධර්මපාල , ධර්මරත්න කියා නම් ඇතත් , බුද්ධසිංහ , ධර්මසිංහ හෝ සංඝසිංහලා නැත්තේ ; කුස පිටට ඇළුනත් සිංහයා තණකොළ නොකන , දඩයම් කර ගෙනම කන නිසාත් , එහෙම උපාසක සිංහයන් සිටිය නොහැකි නිසාත්ය.

සිංහයෙකුගේ විවා මඟුලදා දිවා භෝජන සංග්‍රයෙන් පසුව කතාවක් පැවැත්වීමට නියමිතව තිබුනේ මීයාටය. කතාව අවසානයේ මීයා , ” කන්ග්‍රැජුලේෂන්ස් , මයි බ්‍රදර් ” කියා කීවේය.
එය ඇසූ සභාවේ සිටි තවත් සිංහයෙක් , ” ඈ බොල , මනමාල සිංහයා තොට කොහොමද බ්‍රදර් වුනේ ? තෝත් සිංහයෙක්ද ?” කියා ඇසීය.
එවිට මීයා, ” කසාද බඳින්ට ඉස්සර මාත් සිංහයෙක් තමයි ” යයි කීවේය.

සර්කස් කණඩායමක දරුණු සිංහයෙක් විය. උගේ පුහුණු කරුවන් කීප දෙනෙක්ම සිංහයා විසින් කා දැමිණ. ” සිංහ දර්ශනය” නොමැතිව සර්කස් හිමිකරුට පාඩු පිට පාඩු සිදුවිය. කෙසේ හෝ අළුත් පුහුණු කරුවෙකු ගන්ට සිතූ ඔහු පුවත් පත් දැන්වීමක් දැම්මේය.
ඒ සඳහා අයදුම කරුවන් දෙදෙනෙක් ඉදිරිපත් විය. ඒ තරුණ ගැටයෙක් සහ රූමත් යොවුන් කෙල්ලකි. දෙදෙනාටම සිංහයා ගැන විස්තරයක් කළ සර්කස් හිමිකරු , ” උඹලට පුළුවන්ද මේ සිංහයා මෙල්ල කරන්න ? එහෙම නම් කූඩුව ඇතුලට ගිහින් වැඩේ පටන් ගම්මු. උඹලට දෙන්නේ කුඩා යකඩ පුටුවකුත් කසයකුත් විතරයි”

මුලින්ම කූඩුව තුලට ගිය කෙල්ල සිංහයා ඉදිරිපිට ඇඳුම් සියල්ල ගලවා දමා නිරුවත් විය. එක එල්ලේ කෙල්ල දෙස මොහොතක් රවා ගෙන සිටි සිංහයා ඇගේ දෙපා ළඟට විත් දෙපා ලෙවකමින් බිම වැතිරුනේය.

ගැහැණියක් ඉදිරිපිට මේ කොටන ගුරුසිංහ ඇතුළු ඕනෑම සිංහයෙකුට බලුවීමට වැඩි වෙලාවක් ගත නොවේ.

අපේ කොඩියේ සිංහයාද කලක් බලු වී සිටියේය. එහෙත් දැන් වේලක් දෙවේලක් බඩ ගින්නේ සිටියත් අපේ කොඩියේ සිංහයා දෙස ආඩම්බරයෙන් බැලිමට අපට පුළුවන.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

32 Responses to සිංහයා.

  1. අංගොඩයා.. පවසයි:

    අපගේ ජාතිය විජය රජතුමාගෙන් පැවතෙන්නේ යැයි පැවසීම ජාතියටම කරන නිගාවකි,මහාවංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ රාජාවලිය විජයගේ සිට පටන් ගැනෙන බව විනා සිංහල ජාතිය ගැන නොවේය..
    විජය යනු කරන තරමක් පඩත්තල වැඩ කර අවසානයේ ඉන්දියාවේ තියා ගැනීමට වත් නුසුදුසු වූයෙන් එරටින් බුරුතු පිටින් පිටුවහල් කරන ලද්දෙකි, ඔහු ලංකාවට පය තැබීමට පෙර සිටම ලක්බිම තුල ඉතාම උසස් ශිෂ්ඨාචාරයක් පැවති අතර එය මුළු මහත් දිවයින පුරාම විහිද පැතුරුනකි..
    ඒ සනාත කිරීමට මා දකින හොඳම නිදසුන නම් බුදුන් වහන්සේ මෙරටට තෙවරක් වැඩම කල අවස්ථාවේ උන් වහන්සේ මෙරට තුන් කොනකටම වැඩම කර තිබීමත් එසේ වැඩම කර බණ දේශනා කරන ලද්දේ කොළ අතු එල්ලාගත් වැද්දන්ට නොවීමත්ය.. ඇරත් ඔවුන්ගේ දියුණුව පිළිබඳව මැණික් එබ්බවූ සිංහාසනය (කැලණිය) සහ මැණික් පලඟන (මහියංගනය) ඉතා හොඳින් සාක්ෂි දරන්නේය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )