අලියා


” අලියා ” යන වචනය වැඩිපුර යෙදෙන්නේ ප්‍රමාණය පෙන්වීමටය.
අලි වැඩක් , අලි පචයක් , අලි බොරුවක් , අලි ගැට පේර , අලි අමාරුකාරයා , අලි වැඩකාරයා , අලි කුණා ආදී ලෙසටය.

මෙය ඉන්ග්‍රීසියෙන්ද යෙදේ. There was a mammoth crowd. එතන අලි සෙනගක් හිටියා.
බරවා රෝගයෙන් කකුල වංගෙඩිය වගේ ඉදිමෙන රෝගයට Elephantiasis කියා කියයි. mammoth යනු අලියාගේ මී මුත්තාය.

ලංකාවේ අලියා , අප්‍රිකානු හෝ කෙන්යානු අලියාට වඩා ලස්සනය. අප්‍රිකානු අලියාගේ තවමත් ප්‍රාතමික ලක්ෂණ දැකිය හැක. මුල් අවධියේදි අලියා ඌරු පැටියෙක් වගේය. පසු කාලයකදි ඇතිවූ ආහාර හිගයකදී ඉහළ තිබෙන කොළ අතු කඩා කෑමට හොම්බ දික්වී හොඬවැල නිර්මාණය වී ඇත.

අලියා යන වචනය ඉන්ග්‍රීසි ” elephant ” යන්නෙන් බිඳී ඇත. අලියාගේ ගෑණු සතා ඇතින්නය. ඇතාගේ ගෑණු සතාද ඇතින්නය. මෙය විය නොහැක.
එනිසා අලියාගේ ගෑණු සතා ” කෙණර ” වේ. එය බොහෝ දෙනෙක් නොදන්නා දෙයකි.

අලියා එක්සත් ජාතික පක්ෂයේ සළකුණය. ඉස්සර ” අපි කැපුවත් අලියට” කියපු උන් දැන් බේතකටවත් හොයා ගන්ට නැත. අලි වැඩ කරනවා කියා මහජනයාට අලි බොරු කී නිසා ජනතාව මෙසේ අලියා කැලයටම යවා ඇත. මෙය සමහරුනට අලි වාසියක් වුවද , අලි වංසෙන් වැජඹෙන උන්ටත් කදිම පාඩමකි.

අලි ප්‍රධාන වර්ග දෙකකි.
කොටන් අදින අලි
පෙරහැරේ යන අලි

කොටන් අදින අලි පෙරහැරේ ගියත් , පෙරහැරේ යන අලි කොටන් නාදියි.

මහනුවර දළදා මාළිගාවේ කරඬුව වැඩමවන ඇතා සද්දන්ත කුලයේ සප්ත අංගය බිම ගෑවෙන එකෙක් විය යුතුය. සප්ත අංගය නම් හොඬවැල , කකුල් හතර සහ වලිගයයි. එකතුව හයයි. සත් වන අංගය කුමක්දැයි මා ඔබට කිව යුතු නොවේ.

නුවර පෙරහැරේ ගමන් කළ අලියෙකුගේ සත්වන අංගය දුටු කුඩා ළමයෙක් ” අම්මේ අර මොකක්ද” යැයි අම්මාගෙන් ඇසුවේය. අම්මා ” ආ ඒක පුතේ සුළු දෙයක් ” කිවූ නිසා පොඩි එකා නිශ්ශබ්ද වී ඇත.

පෙරහැරේ යන අලියා අඳින ඇඳුම ” ඇත් සැට්ටය ” යි. එය දිළිසෙන රෙදි වලින් හෝ පසු කාලීනව බතික් වලින් නිමා විය. උගේ ඇඟ පුරා දිවෙන නිවෙන පත්තුවෙන කුඩා විදුලි බුබුළු වලට බලය සැපයෙන්නේ උගේම කුම්බස්තලය මත ඇති වෝල්ට් 12 කාර් බැටරියෙනි.

තමනට වඩා සිය ගුනයක් ප්‍රමාණයෙන් අඩු මිනිසාට බයෙන් මෙසේ පෙරහැරේ යන අලියා කොටන් ඇද්දා නම් මීට හොඳ යයි හිතනවා ඇත.
මා මුලින්ම අලියා ගැන දැන ගත්තේ අත්තම්මා ගෙනි. ඒ අලි නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකේ ගිය ගමරාළගෙ කතාවෙන්ය. ඊළඟට පොඩි පන්තිවලදී තේරවිලි තෝරන විටය.

අලියා නොයන මග – ඉනි මග
අලියා නොකන දල්ල – ගිනි දල්ල

අලියා ගින්දරට අලි බයය. එහෙත් කළු ගලක් රත් කර , ඒ රත්වූ ගල වතුර වලකට පෙරලා වතුර උණු කර බුදුහාමුදුරුවන්ට උණු වතුර සපයා දුන්” පාරිලෙය්‍ය ඇතා” නම් ඒ ගනයට නොවැටේ.

අලියා හොඳ වෙළඳ ලාංචනයකි. අලිඩොන් රතිඥ්ඥා , අලියා සිසිල් බීම. එහෙත් එලිෆන්ට් හවුස් එකේ අලින් නොවිකිනේ.

” ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ – මට ඔබගේ ප්‍රේමේ ” කියා සිංහළ ගීයක් ඇත. ඇත් දත් තුළ ගජමුතු ඇති නිසා ඇතා තම දළ දෙක පණ මෙන් ආරක්ෂා කරන්නේ අපිට කපා ගැනීමටය. අලියා ලොකු ඇඟක් තිබුනාට මොළයක් නැත්තේ මේ නිසා යයි මම හිතමි.
“තුහ් ගෙරියා තුහ්” කියන වචන දෙක තුනේ අලි මන්තරයක් ඇසුන විට කැලේ කඩා ගෙන දුවන ඇතෙකුට ඒ දළ දෙක කොපමණ කරදරයක්දැයි මේ යතාර්තවාදියාට නිකමට මෙන් සිතේ.

ඒ නිසා කරදරකාරී පෙම්වතියකට ගැයීමට එම ගීය සුදුසු යැයි මම නිගමනය කරමි.

අද රටේ අලි බොරුකාරයන් වැහි වැහැලා ඇති නිසා කවුරු කියන දේ හරිද කියා හිතීමත් අලි අමාරු වැඩකි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

18 Responses to අලියා

  1. Observer පවසයි:

    මං ඉන්න පැත්තෙ අලි නැති නිසා එයාලව අමතක වෙලාම තිබ්බෙ. ගිම්හානි කියල තියෙන උපමාව නං හරියටම ගැලපෙනවා නිහාල්ගේ ලිපි වලට, අලි සහ කෝච්චි කොච්චර දැක්කත් එපා නොවෙන, පන ඇති සහ පන නැති දේවල්. “අලියා” ලිපියත් රස වින්දා, ස්තුතිය් නිහාල්.

  2. JP පවසයි:

    ලියන්න අමතක උනා. මනුස්ස දෙමාපියන්ට දාව ඉපදුනාට සමහරුන් ඉන්නෙ අලි පු**න් වැටුනා වාගේය. හැබැයි ඒ ගොල්ලොත් ඒ පැත්තෙන් වැටෙන දිවුල් වගේමය. අතුලාන්තය හිස්ය. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )