ශ්‍රී ලාංකිකයන් කතා කරන්නේ බ්‍රිටිෂ් ඉන්ග්ලිශ් හෙවත් රෝයල් ඉන්ග්රීසිය. ඇමරිකන් ඉන්ගිරිසියේත් , රෝයල් ඉන්ගිරිසියේත් සුළු සුළු වෙනස් කම් තිබේ.
සමහර වචන , උච්චාරණය ඉඳුරාම වෙනස්ය. කුකුළාට අප කියන්නේ කොක්
( cock ) කියලාය. බැරිවෙලාවත් ඇමරිකාවේදී ” I have a cock ” කීවොත් උන් හැමෝම බඩවල් අල්ලා ගෙන සිනා සෙනු ඇත. උන් cock කියන්නේ ” පිරිමි” අවයවයටය.
කුකුළන්ට පොදුවේ ව්‍යවහාර කරන්නේ ” fowl ” යන වචනයයි.
ඒ අනුව මූලික කුකුළන් ප්‍රභේද දෙකකි.
meat fowl ( කෑමට ගන්නා )
game fowl ( දඩයම් කරන – වෙඩි තැබීමට ගන්නා )
කුකුළා කලබල කාරයෙකි. ඌ කොයි වැඩේ කරන්නෙත් කලබලයෙන්ය.
ඇන්නා පැන්නා .කිසි පිළිවෙළක් නැති අවුල් වැඩක් දුටුවහොත් අප කියන්නේ කුකුල්ලු පහුරු ගාල වගේ කියාය. කුකුළා හාරා ගෙන කෑම හොයා ගන්නා සතෙකි.
පාදයෙන් අවුස්සමින් කෑම හොයන නිසා ඌට ” මග වැලි පිසින්නා ” කියාද කියයි.
paultry කියන්නේ කුකුළන් . තාරාවුන් වැනි අය ඇති කිරිමේ ව්‍යාපාරයටය. කුකුල් වර්ගයේ සතුන්ට fowl කියන නිසා fowltry කියන එක paultry වී ඇති බව මගේ හැඟීමයි.
ඇමරිකානුවන්ගේ පරිභෝජනය පිණිස හැම තත්පරයකටම කුකුළන් 269 දෙනෙකු දිවි පුදයි. ඒවා වැඩි හරියක් බර්ගර් කින්ග් , ජැක් ඉන් ද බොක්ස් , කාල්ස් ජූනියර් , මැක්ඩොනල්ඩ් වැනි ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වලට යැවේ. කුකුළන් ගේ බර වැඩි වී මස් වැඩි වීමට උන්ට හෝමෝන විෂේශයක් එන්නත් කෙරේ. එම හෝමෝන අර ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වලටද යැවේ. ඒවායින් කන අයගේ ශරීර තුලටද ඒවා ගොස් ක්‍රියාකාරි වේ.
මගේ යාළුවෙක් ඉන්නවා එයයි එයාගේ බිරිඳයි හූනො වගේ. පුතා අලි පැටියෙක් වගේ. අරව කාලම. ඔය රෙස්ටොරන්ට් වල හදනව බර්ගර්ස්. ලොකු බනිසයක් ඇතුළට තක්කාලි පෙත්තක් , සලාද කොළයක් හා අර මස් ගුලියක් දාල. කුකුළා ජීවත් වුනාට වැඩි කාලයක් උගෙ මස් අයිස් පෙට්ටි වල කුණු වෙනව.
කුකුළා වෙලාවට වැඩ කරන සතෙක්. ලස්සන කරමලය පුම්බල , ඔලුව ආඩම්බරයෙන් උස්සල බෙල්ල ටිකක් දික් කරල පියා පත් වරක් සලල , එලාම් ඔරලෝසු නැති ගෙවල් වල මිනිස්සු හරියටම පාන්දර 3.00 ට ඇහැරවනව.
ඇටිකුකුළත් කුකුළෙක් තමයි. ඌ අයිති වෙන්නෙ අර game fowl ගණයට. මිනිස්සු ක්‍රීඩාවක් විදියට ඇටිකුකුළන් වෙඩි තියනව. ඇටිකුකුළත් උදෙන්ම ඇහැරෙන සතෙක්. ඒත් කුකුළට වඩා ටිකක් පහු වෙලා. උදේ පහට හයට විතර. ඇටි කුකුළ බුග් ගාන්න කලින් ගමනට පිටත් වෙන්න ඕන කියල ගැමියන් කියනව.
ගෑණුන්ට අනවශ්‍ය විදියට මනමාලකම් කරන්න එන පිරිමින්ටත් කුකුළා කියනව. කුකුළා කලබල කාරයෙක් නෙ. සමහර මිනිස්සු ඉන්නව කුකුල් කේන්තිකාරයො. ඉකමණට කෝප වෙනව. ඇසිල්ලකින් ඒ කෝපය නිවිල යනව. මම කුකුළෙක් නෙවේ හැබැයි කුකුල් කේන්ති කාරයෙක්.
කැලේ ඉන්න සතුනට වල් කියනවනේ. ඒ කියන්නෙ wild කියන එක. නැතුව වනචර කියන එක නෙවි. වල් අලියා , වල් ඌරා, වල් බල්ලා……
කැලේ ඉන්න කුකුළ jungle fowl වලි කුකුළා .. ඌ වලියට බර නෑ. වලියට බර පොර කුකුළා battle fowl. මිරිස් කුඩු කළවම් කළ වතුර ඉහල උසි ගන්නපු හොඳ නාඹර පොර කුකුළන් දෙන්නෙක් ප්‍රතිමල්ලවයා මැරෙන තුරු කොටා ගන්නව. මිනිස්සු වටේට ඉඳ ගෙන මුදලට ඔට්ටු අල්ලනව. මේක වියට්නාමයේ සුලබ දසුනක්.
රෝස් කළ කුකුළ් මස් හොඳ බයිට් එකක්. අපි දවසක් මාතලේ පලාපත්වෙල යාළුවෙකුගෙ ගෙදර ගියා. මිනිහා උයන්න දක්ෂයා. ගෙදර පාන් පෝරණුවකුත් තියෙනව. මිනිහ , හොඳ කුකුළෙක් සෝදල , ඇතුළට තුන පහ කළමනා දාල , ඊයම් කොලේකින් එතුව. ඊට පස්සෙ අඟල් භාගයක් විතර ගනකමට මැටි ගැහුව, දැන් ඒක මැටි කුකුළෙක් වගේ. පස්සෙ අර පෝරණුවට දැම්ම. මැට්ට රත් පැහැ උනාම එළියට අරන් මැට්ට කඩල බැලුව. අන්න බයිට්.
ගෑනු ටික ලුණු බලන්න කාලම අපේ බයිට් එක ඉවර කලා.
ගෑණු කෙනෙක් හොඳ ලස්සනට සැරසිල ඉන්නව නම් අපි කියනව ” හරියට ගිනි කිකිළි” වගේ කියල. ඒත් ගිනි කුකුළ නම් “ගිනි” කියන රටෙන් ආ කෙනෙක්.
කුකුළට සැවුලා කියලත් කියනව. සැවුල් සංදේශය කියල කාව්‍ය ග්රන්තයකුත් තියෙනව. කුකුළගේ හැසිරීම් පෙන්වන සැවුලා වන්නම වන්නම් දහ අටෙන් එකක්.
යම් කෙනෙකුගෙ ගෙදර ඇති කරන කුකුල තව කෙනෙක් හොරෙන් අරන් ගිහින් මරල කාල.
කුකුල අයිති කාරය කතරගම දෙවියන් ඉදිරියේ පලි ගහනව.
කතරගම දෙවියන්ගේ කොඩියේ කුකුලෙකුගෙ සලකුණක් තියෙනව.
“මගෙ කුකුළා නැසූ එකා
ධජය ඔබගෙ පාළු කලා”
ඊලඟ බදාදාට පෙර මිනිහට දඬුවම් කරන්න කියල දෙවියන්ගෙන් ඉල්ලා සිටිනව.ඒ කුකුළු හැවිල්ල යි. අපේ ගායක සුනිල් ශාන්තගෙ ගීයකුත් තියෙනව ඒ ආශ්රයෙන් ලියැවුනු.
අමරදේවයන් ගයන මේ ගීයට මම ආසයි. ඒ ශබ්ද රසයට විතරයි. මට තාම හොයා ගන්න බැරි උනා මේ කවුරු ගැනද කියන්නෙ කියල.
ගෑණු කොහොමටත් ලස්සනයි. ඒත් මොනරගෙ ගෑනු සතා සෙබඩ හෙවත් මොනර කිකිළිගෙ ඇති ලස්සනක් නෑ. සිකි පිළ කියන්නෙ මොනරගෙ පිල් කළඹට. පිල් කළඹ තියෙන්නෙ පිරිමි සතාට.
එහෙව් එකේ “රන් සිකි පිල් විදාපු කඳ සඳයි නටන්නේ-සඳ කත් පිනි විලට වරෙන් මොනර කිකිළියේ ” කියල අමරදේවයන් කියන්නෙ මොන කෙං ගෙඩියකටද ?
Very good
මං හිතන්නෙ මගෙ සේර ලිපි 75 කට වැඩි. මගේ තවත් බ්ලොග් එකක් තියෙනව. සැබෑ මිනිසා කියල. nihal1958.blog.com . මගේ අඩවියට පැමිණියාට ස්තූතියි.
අද තමයි පළමු වරට ඔබේ අඩවියට ගොඩ වැදුනෙ… ආසාවෙන් කියවන ගමන්!!
ඔබේ ලිපි සියල්ල කියවන්න ඕනෙ….
මේක නම් හරිම රසවත් ලිපියක්!!!