වෙලාව රෑ 11 ට විතර ඇති. මට නින්ද ගියේම නෑ. මම නිදන කාමරයේ කවුළුව ඇර දැම්මා.
හඳ ලොකුවට පායල තිබුනා. මම ගමේදි නං මෙච්චර ලොකුවට හඳ දැකල නෑ. හැබෑවටම ලොකුයි. අල්ලන්නත් පුළුවන් වගෙයි.
මුළු ලොවම නිදි. අවදියෙන් ඉන්නෙ මා විතරක් වෙන්න ඇති. කුමක් හෝ හේතුවකට නින්ද යන්නෙම නෑ. ගහ කොළ නිසළයි. හුළං පොදක්වත් වත් නෑ.
” ඇයි නින්ද යන්නෙ නැද්ද ?” එයත් ඇහැරලා.
” තේ හදන්නද ?”
” එපා”
” කෝපි ?”
” ඒත් එපා”
” එහෙනං ?”
” මට ඔයාගෙ මූණ දිහා බලා ගෙන ඉන්න දෙනවද ?”
” පිස්සු ”
හරියටම හරි.. මට පිස්සු. හඳ මෝරන කොට පිස්සු හැදෙනව.
හඳ තියෙන කාලෙට මූදෙ වතුර මට්ටම වැඩි වෙනව. ඒ ” වඩ දිය ”
මොලෙත් පිරිල තියෙන්නෙ තරලයකින්. අපි ඉගෙනගත්තෙ ” මෂ්තිෂ්ක තරලය ” කියල ඒකට. එහෙමනං හිසේ තියෙන තරලයටත් හඳේ බලපෑමක් ඇති.
රුසියන් භාෂාවෙන් ” ලූනා” කියන්නෙ හඳට. අර ඉස්සර රොකට් එහෙමත් ඇරියෙ ලූනා 1 කියල. ඉන්ග්‍රීසියෙන් ” ලුනසි ” කියන්නෙ පිස්සුවට. එකත් එකටම මම හරි.
පෙණහල්ලෙත් තියෙනව තරලයක්. ඒ ප්ලූරා තරලය. ඇදුම තියෙන අයට රෝගය වැඩිවෙනව කියන්නෙ හඳ තියෙන කාලෙට එහෙනන් ඒකයි.
ඉස්සර අපි අහනව කෙල්ල මූණ එල්ල ගෙන ඉන්නකොට ” මොකද රාහු ගිලල වගෙ ?” කියල රාහු හඳ ගිල්ලාම කළුවරයි. දැන් කොල්ලො අහන්නෙ ” මොකද අද ඔරොප්පුවෙල?” කියල. කිසි තේරුමක් නැති වචන.
හඳ රාහු මුඛයේහි ගිලිලා වගේ – සිංදුව කිව්ව කාලෙ මං ඉපදිලත් නෑ.
” අම්මි.. කොහොමද අපි මේ ලෝකෙට ආවෙ?” කියල අහපුවම අම්මලා කියන්නෙ හඳහාමි ගෙනත් දුන්න කියල. පුංචි එවුන් හඳට කිව්වෙ හඳ මාමා කියල නැත්නම් හඳහාමි කියල. ඒත් නැත්නම් අම්බිලි මාමා කියල. හඳ හාමි ළඟ කිරි පැණි තියෙනව.
මගෙ දුව දවසක් කියනව.. හඳ ගොඩා…ක් ලුකුවට රවුමට එනකොට අත්තම්ම සිල් ගන්න යනව කියල”
සිංහළ ගීත කීයක් ඇද්ද හඳ ගැන කියැවෙන. කවියො ගෑණුන්ගෙ මූන හඳට උපමා කරනව, ” සිසි” කියන්නෙ හඳ. ” සිසිවන වුවන” සැළලිහිණි සංදේශයේ දැක්වෙනව.
අපේ කාලෙ පෙම්වතුන් හමු වෙන්නෙ හඳ පානෙ. ” චන්ද්‍රා මෙ රෑ පාය ආවා – හර්දේ පෙමින් නාව නාවා”
සමහරු දිවුරන්නෙ ” ඉර හඳ ” පල්ල කියල. මං ඔයාට ආදරෙයි. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඉර හඳ වගෙ විශ්වාසයි ඒක. ( මාත් කීප දෙනෙකුටම ඔහොම කියල තියෙනව )
රාජසිංහ රජ්ජුරුවො අපෙ කිරි කිත්ත කෙනෙකුට දීපු ඉඩමක ඔප්පුවක තියෙනව ” ඉර හඳ පවතිනා තාක් කල්” ඒ ඉඩම බුක්ති විඳින්න පුළුවන් කියල.
හඳ නම් වෙනස් වුනා. හඳ තවදුරටත් දෙවි කෙනෙක් නෙවේ. මිනිස්සු පය ගහපු තැනක්. ඉරේ තියෙන්නෙ චන්ඩ හිරු කිරණ. ඒත් හඳේ තියෙන්නෙ ” සොමි ” කිරණ , සොමි කියන්නෙ සෞම්‍ය කියන එක.
මේ ගීය සෞම්‍ය චන්ද්‍රා ගැන.
ඔයාගෙ හැම පෝස්ට් එකක්ම හරි ලස්සන විදියට පටන් ගන්නෙ. ඕනම කෙනෙකුට කියවන්න ආස හිතෙනව.
හඳ තියෙන රාත්‍රිය කොච්චර නිසලද…..අරව මේව බොන්න උනත් මම කිව්වේ….
පිස්සු තමා. මතක් කරන්න එපා.
සින්දුවය් පෝස්ට් එකය් එන්ජෝය් කළා.
පිස්සු සඳේ රැස් විහිදේ . . .
කොයි ගෑනිද ඉස්සෙල්ලම හා කිව්වෙ….ඇත්ත ඇත්ත…හැබැයි බදින්න කලින් ඕක ඇහුවනම් පටස් ගාල කියයි හා කියල නේද නිහාල්
අනේද කියන්නෙ.
ගාල්ලෙ මහින්දෙට යන අලපලාව පාරෙ තිබුනෙ චන්ද්‍රා මිස් ගෙ බයෝ ක්ලාස් එක. බිග් මැච් පෙරේඩ් යනකාලෙට හැමදාම වගේ වාහනවල නැගල යන කොල්ලො ඔතන නවත්තගෙන ඔය සින්දුව කියනව. අනේ චන්ද්‍රා මිසුත් හිනාවෙවී අහං ඉන්නව.
රාත්‍රියට ගෑනියෙක් කීයටවත් කාමරේ ජනේලේ අරින්න නොදේවි, මක් නිසාද යත් හේතු ගොඩයි…….
සීතල හුලං වැදිල ඇදුම හැදෙයි කියල
ලිපිය ගොඩක් වෑදගත් දේවල් වලින් පිරිලා….
Thank you.
සින්දුව රස වින්දා.
මූන දිහා බලා ඉන්නද ඇහුවම පිස්සු කිව්ව එකනම් වැරදි හොදේ.හා කීවනම් ඉවරයිනේ….
මොන ගෑණිද මුලින්ම ” හා ” කියල තියෙන්නෙ ?
//මොන ගෑණිද මුලින්ම ” හා ” කියල තියෙන්නෙ ?// හෙහ්..හෙහ්..මේ කාලෙකට ඉස්සර මට ආපු මේල් එකක තිබ්බ එකක්..
God said, ‘Adam, I want you to do something for me.’ Adam said, ‘gladly, Lord, what do you want me to do?’ God said, ‘go down into that valley.’ Adam said, ‘What’s a Valley?’ God explained it to him. Then God said, ‘cross the river.’
Adam said, ‘What’s a River?’
God explained that to him, and then said, ‘go over to the hill….’
Adam said, ‘What is a hill?’
So, God explained to Adam what a hill was.
He told Adam, ‘On the other side of the hill you will find a cave.’
Adam said, ‘What’s a cave?’
After God explained, he said, ‘In the cave you will find a woman.’
Adam said, ‘what’s a woman?’
So God explained that to him, too. Then, God said, ‘I want you to reproduce.’
Adam said, ‘How do I do that?’
God first said (under his breath), ‘Geez…..’ And then, just like everything else, God explained that to
Adam, as well.
So, Adam goes down into the valley, across the river, and over the hill, into the cave, and finds the
woman. Then, in about five minutes, he was back. God, his patience wearing thin, said angrily, ‘what is it
now?’
And Adam said….
‘What’s a headache?’
Funny 🙂