හූ………… මස්සිනේ………
පවුලේ යම් වැදගත් වැඩක් වෙයිද ඉස් ඉසෙල්ලාම හූ තියා අඬ ගහන්නේ මස්සිනාටය. ගොයම් කැපීමේදී… ගෙයි වහලේ පොල් අතු බැඳීමේදී විශේෂයෙන් අවදානම් වැඩ වලදී අඬ ගහන්නේ තම මස්සිනාටය.
මස්සිනාලා දෙවර්ගයකි. එක් වර්ගයක් නම් ඇවැස්ස මස්සිනාලාය. ඇවැස්ස කියන්නේ ” අවශ්‍ය” කියන එකය. ඒ උනාට උන් කිසි වැඩකට නැති උන්ය.
අනෙක් වර්ගය නම් තම බිරිඳගේ සහෝදරයාය. අවදානම් වැඩ වලදී අර විදියට හූ තියා ගෙන්නා ගන්නේ දෙවන වර්ගයේ මස්සිනාලාය.
ඔක්සිජන් සිලින්ඩර නැති ඉස්සර කාලයේ මුතු බෙල්ලන් කැඩීමට ගැඹුරු මුහුදට යන තැනැත්තා තම ඉඟ වටා ලණුවක් බැඳ මුදු පතුලට කිමිදේ. අනෙක් කෙළවර අනිවාර්යයෙන්ම දෙන්නේ ගොඩ සිටින ඉර සඳ හා සමානව විශ්වාස කළ හැකි තම මස්සිනාටය. හුස්ම ගැනීමට අපහසු වූ විට හෝ වෙන යම් අකරතැබ්බයකදී ඔහු ලණු පොට සොලවයි. මස්සිනා වහා තම මස්සිනා උඩට ඇද ගනී. ඔහු කීයටවත් තම මස්සිනා අනතුරේ නොදමයි.
හේතුව…. ගැඹුරු දියේ සිටින මස්සිනා මිය ගියහොත් , ඔහුගෙ දරු පවුල නඩත්තු කිරීමට ගොඩ ඉන්නා මස්සිනාට සිදු වන නිසාය.
ඒ මුහුද අසළ ජීවත් වෙන දෙමස්සිනාලාය.
මිනිපේ , හසලක , හුන්නස්ගිරිය , බඹරවාන , බඹරැල්ල , බඹරගල බඹරුන්ට ප්‍රසිද්ධය. බඹරාද මී මැසි කුලයට අයත් ඊට වඩා විශාල පැණියෙන් ජීවත්වන පැනියෙකි.
බඹරා , මී මැස්සාට වඩා විශාල නිසා නිසා උගේ ” වදය” ද මී වදයට වඩා විශාලවේ.
උස ගස් බෙනවල , ගල් දෙබුක්කාවල බඳින බඹර වදය කැඩීම , බඹර කැපිල්ලය. ” බඹර කපන අය නරකාදියට යතී ” කියා ජන කවියක් ඇත.
අසීරු තැන් වල බැඳ ඇති බඹරය කැපීමට රැහැන් පට වල එල්ලී බසින මස්සිනා , අනෙක් කෙළවර උඩ ඉන්නා මස්සිනාට දෙයි.
බොහෝ කාව්‍ය නිර්මාණ වල අඹු සැමියන් ඉරටත් , හඳටත් උපමා කර තිබෙනු මා දැක ඇත. පුරුෂයා ඉරත් , ස්ත්‍රිය , හඳත් ලෙසටය.
අහම්බෙන් අසන්නට ලැබුණු මෙම මියුරු ගීයේ ආරම්භය මට දැනුනේ අරාබි ” බෙලි ඩාන්ස් ” එකකදී ඇසෙන සංගීත නාද රටාවන්ය. එය , ,දේශීය නාද රටා සමඟ සම්මිශ්‍රිතව මනා රසයක් ගෙන දෙයි.
ගීය නිර්මාපකයා , අඹුව සාවියකටත් , සැමියා සඳ මඬලටත් උපමා කර ඇත. ගැමියාගේ අහිංසක නිර්ව්‍යාජත්වය පෙන්නුම් කරන්නකි ඒ. සඳුට , සාවියකගෙන් තොර සඳ මඬලක් නැත.
බඹර කැපීමට එකට පිටත්වූ දෙමස්සිනාලාගෙන් , තම මලයා පමණක් හිස් අතින් එනු දකින බිරිඳ තම සැමියාට කුමක් වී දැයි සැක පහල කරයි.
වැඩේ පටන් ගන්නට පෙර දෙමස්සිනාලා සුරා පානය කර බඹරගලින් පහලට ඇද වැටුනාවත්ද ?
කුමක් කෙසේ වුවද ” තනිවූයේ මාවයි මගෙ මලයා” සඳ නිවී ඇත. සඳ මඬල පාළුවී ඇත.
බඹර කැපිය යුත්තේ ” මීයට පිඹින්නාක් ” මෙන් නිසලවය. සුරාවෙන් පදම් වී , කෑ කෝ ගසන්නට වී එයින් කුපිත වී බඹරුන්ගේ සිත පෑරුණාවත්ද ? බඹරුන් ඝෝෂාවට කැමති නැත.”උන්ගෙ හැටි දන්නේ නැද්ද ?”.. කුණුහරුප බයිලා කියමින් සීගිරි යන අයට බඹරුන් පන්න පන්නා අණී.
” සිත පෑරීලා බඹරුන් ඇන්නාදෝ” කුමක් කෙසේ වුවද ” තනිවූයේ මාවයි මගෙ මලයා” ඇය විලාප දෙයි.
මේ ගීයෙන් මට දැනුනු රසය ඔබටත් දැනේද ?
මම ආසම මනුස්සයෙන් නේ රංවල මහත්තය……
ඔය සිංදුව මගේ දුරකථනයටත් දාගෙනයි තියෙන්නේ බොල…ඒ තරන් ආසයි.
ඒ කියන හඬ පංකාදුයි නේ…
අරුණි අක්කට පිං ඕං…..නිහාලටත් ඉතින් නැහැයි කිව්වට පිං….
මට තියෙන පලවෙනි ප්රශ්නය , නිහාල්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන එක . එකෙක් මාමා කියන්න ගිහින් අහ ගත්තනේ. නිහාල් අයියා කියමු. අහම්බෙන් වගේ ඔබේ බ්ලොග් එකට ගියා. මම එක හුස්මට කියවගෙන ගියා. පරණ කතන්දර , අලුත් කතන්දර කතා කලා බොක්කටම. මටත් ලංකාවෙන් පිට හැදෙන දුවෙක් ඉන්න නිසාද දන්නේ නෑ, හරිම සමීප බවක් දැනුනා. හැබැයි කව්ද දන්නේ අපේ ජීවිත අහසට පොලොව වගේ ඇති සමහර විට. ලිව්වේ දිගටම ලියන්න කියන්න , ලිව්වට ස්තුතියි කියන්න. අපි ගිහිල්ල එන්නම්.
ලංකාවෙන් පිට ඉගෙන ගන්න දුවෙක් ඉන්නව නං අපි දෙන්න එක වයසෙ වෙන්නෑති. අයිය කියමු.
අපි අහසට පොළොව වගේ නෑ. එකම මට්ටමේ.. ඒකයි මාව හොයාගෙන ආවෙ.
ගීතය සහ පොස්ට් එක ඇරුනම විශේෂයෙන් අරුණිගේ කොමෙන්ට් එකත් අගය කරනවා
මමනම් හරිම ආසකරන සින්දුවක්.කලින් කිව්ව වගේම මේකට යොදල තියෙන සංගීතය ගොඩක් ලස්සනයි.ඒ වගේමයි පදරචනයත් ගොඩාක් අර්තාන්විත්යි.මේකෙ සන්ගීතය ලයනල් රන්වල මහතාගෙ කියල මම අදයි දැනගත්තෙ.පොඩිගමයට ස්තූතියි ඒකට.
දුම් පිඹින්නෙ නැතුව මී කඩන්න බඹර කඩන්න ක්‍රමවේද තියෙනව..
සීගිරියෙ බඹරු ඒ විදියට සේෆ්ට්ලි රිමු කරන්න හැදුවම
කොහෙන්ද කස්ටිය ඇවිත් බඹරු ඕෆ් කරලම දැම්ම…
මේ ලයනල් රංවල මහත්තයගෙ කට්ටිය නිර්මාණය කළ ගීතයක් නේද? ඒ විස්තරත් දැම්ම නම් නේද හොඳ?
ලයනල් රන්වල කියන්නෙ දක්ෂ ගායකයෙක් , වාදකයෙක්.. විතරක් නෙවේ සමහරු දන්නෙ නැතිව ඇති හොඳ නළුවෙක්.
එයාගෙ පුතා සහන්.. එයත් හැබෑම දක්ෂ නිර්මාණ කරුවෙක්. ජන සංගීතය ආශ්‍රිතව නිර්මාණ හදන්නෙක්. “ත්‍රී” ප්‍රසංගයේ ගීත් කීපයක් මම යු ටියුබ් එකේ දැක්ක.
ඇත්ත ඒ කාලෙ නාට්‍යවලත් හිටිය නේ. උන්නැහෙ ජන සංගීතය ගැන හොඳට හොයල බලල දැනුං තේරුං ඇතුව නිර්මාණ කරපු කෙනෙක්. දැං ඔය අපේ සංගීතෙ ලෝකෙට ගෙනියනවාය කියල අරකෙන් ටිකයි මේකෙන් ටිකයි දාල සලාද හදන උදවියත් මේ වගේ අයගෙං ආදර්ශයක් ගන්නවා නම් තමා හොඳ. දැං සංගීතකාරයො හොයන්නෙ සංගීතෙ ගැන නෙවෙයි මාර්කට් එක ගැන නෙ. ඔව්ව කියල වැඩකුත් නෑ එක අතකට.
ආනන්දේ හිටපු ගුරුවරයෙක්. දවුලට තට්ටු කරලා කුරුල්ලන්ගේ සින්දුව කියනවා අහල තියෙනවද? කතන්දරට නම් ආනන්ද පරිප්පුවෙක් නිසා මතක ඇති.
අරුණි අක්කාගේ පිලිතුරෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා…ඒ වගේම සින්දුව ගැන කියනවා නම් මගේ ආසම සිංහල සින්දුවක්..ගොඩ කාලෙකට පස්සේ ඇහුවේ..ස්තුතියි නැවතත් මතක කර දුන්නට….ඔබතුමාට මාමා කියන්නද , අයියා කියන්නද තේරෙන්නේ නැහැ….එක නිසා ඔන්න හැම පැත්තකින්ම බේරෙන්න පුළුවන් ආමන්ත්‍රණයක් පාවිච්චි කළා
බොහොම පිං කියෙව්වාට. තුන් සිංහළයම නෑදෑයො කියනවනේ. සිංහල විතරක් නෙවේ. ලාංකිකයො ඔක්කොම නෑදෑයො. මෙහෙ ඉන්න මුස්ලිම් අයටත් අපි නෑකං කියලයි කතා කරන්නෙ. මොන තරම් ලස්සනද? ඔයාගෙ පිංතූරෙ හැටියට නම් මගෙ දුවටත් වඩා බාල පාටයි. ඔන්න ඔහෙ මාමා කියල කියන්න.
වැද්දන් බඹර කපන හැටි R L ස්පිටල් මහතාගේ පොතකමාත් කියවා තියෙනවා. ඒක හරිම අවදානම් වැඩක්.
ඒකාලේනම් ගමේ අපේ වතුවලත් මීවද තිබුනා.පලපුරුදු අය තමා මී වද කැඩුවේ.අපිට පලාතටවත් යන්නේ දෙන්නේ නෑ අම්මලා මේ කාරිය ඉවරවෙනකම්. ඒත් දැන්නම් මී මස්සෝ පලාතකවත් නෑ.
රසවත් ලිපියක්.. අරුනි අක්කටත් ස්තුති තවත් යමක් එකතු
කලාට.
ඇරිසෝනා සහ ටෙක්සාස් පැත්තෙ ඉන්නවා මෙක්සිකන් පැණි බඹරු (Brachygastra mellifica).
බඹර කපන අය ‘නරකාදියට’ යන්නේ බඹරු විද්දාම ද?!!
බඹර පැණි දැක්කට ගන්න බයයි මොකද සමහර පැළෑටි විෂ බඹර පැණි වලත් තියන හින්ද.
ඒත් මී පැණි වල එහෙම විෂක් නැහැයි කියන්නෙ.
දුම් ගහලා පැණි හොරකම් කරන එක ලේසියි.
මී මැසි බෙනයකට දුම් පිම්බාම මී මැස්සෝ නිශ්ශබ්ද වෙනව. මී මැස්සන්ට දුම් ගහන උපකරණය 1875 දී Moses Quinby නැමැත්තා New York වලදී හදපු එකක්. ගිනි පෝච්චියකුත්, මයිනහමකුත්, දුම් යවන්න කෙමියකුත් තියනවා. මයිනහමින් පෝච්චියෙ ඇතුලෙ තියන ගිනි අඟුරු වලට වායුව යැව්වම දුම එනවා කෙමිය දිගේ. ඒ දුම තමයි මී මැස්සන්ට පිඹින්නෙ.
ලංකාවේ ආදීවාසි මුත්තලා ක්‍රමවේද දැන සිටින්න ඇති. ඒත් ලෝක ඉතිහාසයට එකතු නොවෙන්නැති!!
මී බෙනයක ඉන්න මී මැස්සෝ අනතුරක් ගැන දැනෙන කොට pheromone වර්ගයක් වන iso-pentyl acetate කියන alarm odor නිකුත් කරනවා. මේක මැදිවයසේ ඉන්න මී මැස්සන් (වැඩියෙන්ම විෂ තියන අය)ට දැනුම් දීමක්. ඒ අය ගිහින් බෙනයට එන අයට දෂ්ට කරනවා. දුම් පිම්බම මී මැස්සන්ට අවදානම දැනෙන එක අඩුවෙලා ගිහින් pheromonious alarm ගහන්න වෙන්නෙ නැහැ. ඒ වගේම දුම් නිසා අතුරු ප්‍රතිඵලයක් හැටියට මී මැස්සොත් මී පැණි කන්න පටන් ගන්නවා. ඒක දිවි රැක ගන්න කරන්නක්. දුම් නිසා බෙනය හැරලා ගිහින් වෙන තැනක අළුත් බෙනයක් පටන් ගන්න ඕනි කියලා. ඉතින් වැඩියෙන් මී පැණි කෑවම වෙන මුකුත් කරගන්න බැරිව මී මැස්සො ඉන්න නිසා බෙනේ තියන මී පැණි හොරකම් කරන්න දුම් ගහපු අයට පුළුවන්.
මම මී මැසි බෙන වලින් (කෘතිම පාලනය) මේ විදියට මී පැණි හොරකම් කරනවා බලාගෙන හිටිය.
හැබැයි 2006 දී සිට කිසිම හේතුවක් හොයා ගන්න බැරි විදියට මී මැස්සෝ කොලනි නැති භංග වෙනවාලු. නම දාලා තියෙන්නේ “colony collapse disorder” කියලා!! එහෙම මැරෙන කොලනි 2010 දී 34% කින් වැඩිවෙලා.
වසරකට ඩොලර් බිලියන 15 ක් විතර වටිනාකම තියන වගාබෝග වර්ග 130 ක් මී මැස්සෝ වෙතින් තමයි පරාග පෝෂණය ලබන්නෙ.
වැඩි කාලයක් නොගිහින් ඇමෙරිකාවට මී මැස්සෝ අපනයන කරන්න පුළුවන් වෙයි මී මැස්සො ඉන්න රටක මස්සිනාලට!!!!!
ඒ කතාවෙ තේරුම නම් දන්නෙ නැහැ. මෙහෙම වෙන්න පුළුවන්. මම මී පැණි ගන්න හැටි දැකල තියෙනව. දුම් ගහල මී මැස්සො පන්නල මීවදය මිරිකනව.ඇතුලෙ ඉන්න මී පිලවු රාශියක් මැරෙනව. සමහර විට බඹරවදයටත් ඔය වදයම වෙන්නැති දෙන්නෙ. ගොඩක් ස්තූතියි අරුණිට. අඩු පාඩු පිරෙව්වට.
කෘතීම මී මැසි පාලනයේදි එහෙම කරන්නෙ නෑ. පිළව් වද වලත් උඩහරියෙ පැණි ටිකක් තියනවා, ඒත් ඒවා කඩන්නෙ නෑ. මී පැණි විතරක් තියෙන වද වෙනම තියනවා. පැණි ගන්නෙ ඒවායින්. අනික කෘතීම වද එයාලට දෙන නිසා, මේ ඉඩි නිපදවන්න වැයවෙන පැණිත් ඉතිරි වෙනවා. ඔක්කොම පැණි නොගෙන ටිකක් ඉතිරි කරනවා,මදි පාඩුවට සීනි මිශ්‍රණයකුත් දෙනවා. ඒ අතින් බැලුවාම සම්ප්‍රදායික මී, බඹර කැඩිල්ලට වඩා මී පැණි ගොවිපල ක්‍රමය හොඳ පාටයි. මෙහේ – ඒ කියන්නෙ ඔයාලගෙ අල්ලපු රටේ, අය මී මැස්සන්ගෙ න් ගොවිතැනට වන සේවය හොඳට දන්නවා. එක සැරයක් මී මැස්සෝ ප්රවාහණය කරපු කන්ටේනරයක් පෙරලිලා හරි ජරමරයක් වුනා. මෙහේ මී මැස්සොන්ව ලෙඩ කරලා මරන පරපෝෂිතයක් බෝවෙලා, දැං ඒකට පිලියම් හොයනවා. මේ රටේ පරිසරයට සහ සත්තු ආරක්ෂා කරගන්න ගන්න තියෙන උවමනාව ගැන නං මං අවංකවම ආඩම්බර වෙනවා. මෙහේ දඩයම් කරන්න එක කාලෙකට අවසර දෙනව නං තමා, ඒත් සත්තුන්ට වද හිංසා කරන්න නොදී, නඩු දාන නීතියට ත් මං නං එකඟයි.