කොතරම් අත මිට සරු උණත් , නිතරම අඩු පාඩු , අග හිඟකම් ගැන කතා කිරීම ගම් වල ගැහැණුන්ගේ පුරුද්දකි. ” කොහෙ තියෙන සල්ලියක්ද ?”…” අනේ අපිට පුළුවන්ද ඕව කරන්ට ?” ඔවුහු නිතරෝම නැතිවාදමම කියවත්.
වංගුවේ ගෙදර කුසුමලතා නැන්දාද එවැන්නියකි. අපේ අම්මා සමඟ ගමේ ගෑණුන්ගේ ඕපාදූප හුවමාරු කර ගැනීමට නිතර ඈ අපේ ගෙදර ආවා ගියාය.
” අනේ කුසුමේ.. උඹට නම් මොනවයින් අඩුවක්ද.. දෙන්නෙක්ම හම්බ කරන කොට?”
අම්මා කිවූ දේ මට පැහැදිලි උනේ සෑහෙන කලක් ගිය පසුය.
සෙනෙවිරත්න බංඩා සහ ගුණරත්න බංඩා අයිය මලෝ දෙන්නා රජයේ සේවකයන් විය. වැඩුමල් සෙනෙවිරත්න බංඩා පාසැල් ගුරුවරයෙකු වූ අතර මලයා ලිපිකරුවෙකු වීය.
දෙදෙනාගේම වියදමෙන් මහ ගෙදරට යාව ඇමරිකන් පැටන් එකට හැදූ ගෙදරට පදිංචියට ගිය පසු මගුල් කපුවෙක් නිතර යන්ට එන්ට විය.
එසේ පැමිණි දිනක කපුවා අම්මා සමඟ රහස් කතා කරනු මලයා බලා සිටියේය.
” එහෙනං වැඩේ තීන්දුයිනෙ?” අම්ම කියනුද මලයා අසා සිටියේය.
” අයියට අපි මගුලක් කතා කළා. යමක් කමක් තියෙන උදවිය. හොඳ ලස්සන කෙල්ල. මං වතාවක් දෙකක් දැකලත් තියෙනව..”
මලයා මඳක් නිහඬව සිට , කට ඇරියා.
” අම්මා , මං කවද්ද කසාද බඳින්නෙ ?”
” ඒ දැරිවි ගේන්නේ උඹල දෙන්නටම තමා”
” එහෙම හොඳයැ ?”
“හොඳ නැතුව මොකද .. ඕව පරණ චාරිත්තර”
ගුණරත්න බංඩලාගෙ ,සෙනෙවිරත්න බංඩලාගෙ ගෙදර එහෙම කතා වෙද්දී . කුසුමලතාගෙ ගෙදර මෙහෙම කතා වෙන්න ඇති..
කුසුමලතාගෙ යෙහෙළියෝ..” ආව්.. ආව්.. කකුල් දෙකටම කළිසම් අඳින ඉස්කෝල මහත්තයෙක්ලු නේද ?”
තව එකියක්.. ” ඒයි උඹල දන්නවද ?… හැඩකාර ,මල්ලි කෙනෙකුත් ඉන්නවලු මනමාලයට”
” එහෙම තමා බං.. පිං කරල ඉපදුනාම.. අපිට එකෙක්වත් නෑ.. සමහරුන්ට දෙන්න ගානෙ”
කුසුමලතා… පවු කතා කියන්න එපා බං.. ඕව මහ අශීලාචාර වැඩ”
කාලය ගෙවෙද්දී… සෙනෙවිරත්න බංඩා හත්දා මඟුලක් කාල කුසුමලතා ගෙදරට කැන්දන් ආව.
පසුදාක.. අයියා මලයට මෙහෙම කියනවා..
” මං යනව වෙළ පහළට.. ආං උඹට අක්ක කතා කරනව ටිකකට.. මැෂින් එකේ ඉදිකටුව දාගන්ටද කොහෙද ”
ඒවයේ හැටි ඔහොමයි..
කුසුමලතා ගැබ්බර උනා.
” බබා අයිය වගේ වෙයිද.. මං වගේ වෙයිද ?” දවසක් මලය ඇහුව.
“අයියයි , මල්ලියි දෙන්නම එක වගේ වෙච්චි කොට කොහොමද එහෙම කියන්නේ?” ඒත් මට නං හිතෙන්නෙ ඔයා වගේ හිටී කියල”
” ඒ කොහොමද ?”
” අයියට වැඩිය මල්ලිගෙ දාංගලේ වැඩි හින්ද”
ඒ නිධාන කතාව….
“සච්චා ජූතා” ලස්සන හින්දි චිත්රපටයක්. ඒකෙ ” දිල්කෝ දේකෝ” ගීතයට මං ආසයි. මට ඇහිච්ච හැටියට වචන වරද්ද වරද්ද හරි තාලෙට ඒක ගයන්න මට පුළුවන්.
මං ඉස්කෝලෙ ඇරිල කොල්ලො රංචුවත් එක්ක එනව. මං ආස කරන සිංදුව මගේ කටින් පිටවුනා..
” දිල්කෝ දේකෝ…”
” උඹෙ අම්මට.. කාටද යකෝ හින්ට් ගහන්නෙ ?”
ඒ කුසුමලතා නැන්දගෙ පුතා නිමල් පද්මසිරි.
ගමේ මිනිස්සු , අප්පලා පුතාල නැති තැන උන්ට කියනෙ ” දෙකෝ ” කියල. දෙකෝලගෙ ගෙදර කියල උන්ගෙ ගෙදරට කිව්වෙ. සමහරු ” ඩබෝල්” කියලත් කිව්ව. පද්මසිරිය හිතුවෙ මම ඌට දෙකෝ කිව්ව කියල. මටත් තද උනා. උගෙ සුදු කමිසෙ X අකුර හිටින්ට තීන්ත පෑන ඉවර වෙන තුරුම තීන්ත විද්දා. ඌත් නිකම් හිටියෙ නෑ.
මගෙ කමිසෙයි.. මූණයි පිරෙන්ට තීන්ත ප්රහාර එල්ල කළා.
” මේ මොකද ?” තීන්ත නාගෙන පස්ස දොරෙන් ඇතුළු වෙන කොටම අම්මට අහු උනා.
” අර දෙකෝගෙ කොල්ල තීන්ත ගැහුව”
” කවුරු?”.. උඹට තීන්ත නෙවේ ගහන්න තියෙන්නෙ. ආදෙන්කො තාත්ත..
කවදත් නිවිච්ච හඬින් කතා කරන තාත්තා. මට අවවාද කලා.” ගමේ මිනිස්සු ඕන එකක් කියපුදෙන්.. අපි දැනුම් තේරුම් තියෙන් අය.. අනෙක් අයට අපහාස කරන්න හොඳ නෑ”
තාත්තා කියන්නේ මේ ” එක ගෙයි කෑම ” 14 වන සියවසේ පටන් ලංකාවේ උතුරු මැද හා කඳුකරයේ සමහර පළාත්වල තිබුණු චාරිත්තරයක් බවයි. ඉඩ කඩම් දේපළ යහමින් තියෙන අය ඒවා බෙදි බෙදී යාම අඩු කිරීමට මේ අසම්මත චාරිත්තරය රැක ගෙන ආ බව තාත්තා කිව්වා.
” ඉතින් තාත්තටත් ඉන්නවනෙ බාල සහෝදරයො තුන් දෙනෙක්.. පුංචි අම්මල තුන් දෙනෙක් ගෙනාවෙ ඇයි?”
” නොදකින් විතරක්.. තාත්තල පුතාල කතා වෙන ඒව” අම්ම ගස්ස ගෙන ගෙට ගියා.
අපිට ඒ හැටි දේපළක් නෑ. අනික සිරිත් – විරිත් කියල දෙකක් තියෙන්නෙ ඒකයි. “විරිත්” කියන්නෙ අත් හළ යුතු ඒවටයි. තාත්ත සුපුරුදු සන්සුන් හඬින් කිව්ව.
ඔය චාරිත්තරය ගැන ටෙලියකුත් ගියා මීට කාලෙකට ඉස්සර.නම නම් මතක නෑ.
ඔව් නදී මටත් මතකයි අපේ ප්රවීන නලු ශ්රියන්ත මෙන්ඩිස් හිටියේ. මෝඩ පහේ චරිතයකට හිටියේ.. මම හිතන්නේ මලයාට. හාමිනේට හිටියේ චම්පා ශ්රියානි.
මං කතන්දරයක් ලියල තියෙනව මේ ගැන. ලබන මාසේ විතර තමයි දාන්න වෙන්නේ. පොඩි ක්ලිප් එකක ලැබෙන කං ඉන්න වෙලා තියෙනවා.
ඔය ටෙලිය බැද්දෙ ගෙදර.
මම ලියන වල් පල් කියවල ප්රතිචාර දක්වන හැමෝටම තුති. ඔබ යම් රසයක් වින්දා නම්…. හැමදාම හිතනවා කොටන එක නවත්තල අනික් අය කොටන ඒවත් කියවන්න ඕන කියල.
අපරාදේ පුංචි අම්මල තුන්දෙනෙක් ගෙනාවේ. නැත්තම් අයියට තාත්තලම හතරදෙනෙක් නෙව… 😀
@ Gimhani අපෝ එකක් අරගෙන තියෙන කරදරේ දෙකක් ගත්තොත් කොහේ තියෙයිද 😀 මට නම් කෝටියක් එක්කවත් එපා….
සෝඩ ගුනේ.. බයයි. ඉස්සර රජවරුන්ට අන්තඃපුර තියෙන කොට කොහොම තියෙන්න ඇද්ද? ඊයේ පෙරේදා යාහූ නිව්ස් වල තිබුන දැනටත් ඉන්දියාවෙ මිනිහෙක් ඉන්නව බාර්යාවන් 33 දෙනෙක් එක්ක එකම නිවසක පවුල් කන. එක කුස්සියයි තියෙන්නෙ.
නිහාල්,
සින්දුව කාලෙකට පස්සෙ ඇහුවෙ, මතක් වුනේ ඒ කාලේ අපේ ඉස්කෝලෙ කොල්ලො ඕකට දාල තිබුන සිංහල වචන ටික, කියන්න ඕනෙ නැහැනෙ ඉතිං මෙතන දාන්න පුළුවන් වචන සැට් එකක් නෙමේ….
නිහාල්ට වගේ දකින්න ලැබිලනන් නං නැහැ, ඒ වුනත් මේ චාරිත්රේ ගැන අහල තියෙනව. දෙන්න එක්ක කාමරේ ඉන්න වෙලාවට අනිත් සහෝදරයට සිග්නල් එකක් හැටියට අමුඩ ලේන්සුව එලියට පේන්න දොර උඩින් දාල දොර වහන කතාවල් එහෙම
දැන් එක ගෙයි කෑම නැත්තෙ අමුඩ නැති නිසාද ? 🙂
අපේ ගමෙත් එකගෙදරක ඔහොම තිබුන ලමයි 2න්නෙක් හිටිය උන් දෙන්න අර දෙන්නටම අප්පච්චි කියල කියන්නෙ. බොහොමත්ම ඉස්තූතියි නිහාල්. පරන දේවල් මතක් කරල දුන්නට.
නිහාල් අය්යා මේ වගේ කතා වලට කවදත් දක්ෂයිනේ.
ඉස්සර කාලේ මිනිසුන්ට සෑහෙන්න ඉවසීමක් තියෙන්න ඇති නේද
සෑම දෙයක්ම සමාදානෙන් බෙද හදා ගන්න. අද කාලෙටනම් ප්රයෝගික නැහැ.ඔක්කොම කැමතිවෙයි ඒකෙ අනිත් පැත්තට.(..(නිහාල් අයියා ඇතුලුව)ඒ කියන්නේ එක පිරිමියාට ගැහැනු දෙදෙනෙක්…වලි..ගොඩාක් තියෙයි ගෙදර…
අපෙ මිනිස්සු බෙදා හදා ගෙන කන්න ආසයි. ඒත් ආදරය කියන එක බෙදා ගන්න කැමති නැහැ. මම නං කොහොමටවත් කැමති නැහැ.
සමාජයේ එක් සිරිතක් ගැන ලියවුනු සංවේදී ලියමනක්
කොහොම වුණත් මමත් ඒ චාරිත්රය අගය කරනවා.
හරි හරි..මට තේරෙනව..
ලස්සන සටහනක්. බැදේදේගෙදර නවකතාව මතක් වුණා ජයසේන ජයකොඩි මහත්තයා ලියපු.
මේ සිරිතත් මහපොලොව බෙදා ගැනීම සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ තියෙන ආශා නිසාම ඇතිවෙච්ච එකක් එහෙනම්.
මම මෙතන අශීලාචාර.. අසම්මත වචන යොදා ගත්තත් , අපේ පරණ මිනිස්සු කල්පනා කාරයො. හරිම ප්රැක්ටිකල්.
ඔය කතාව මමත් අහල තියනවා, උඩරට පළාත් වල පරන සිරිතක් කියල. ඉන් පස්සෙ තමයි නෑනා මස්සිනා විවාහ ආවෙ පරම්පරාවට අයිති ඉඩකඩම් බෙදිල යාම වලක්වන්න. ඒත් “අසම්මත චාරිත්තරය ” කියන වචනය හරිද මන්දා. මොකද ඒක ඒ කාළේ “සම්මත” දෙයක් වුන නිසා. කාලෙකදි “සම්මත” දේ තව කාලෙකදි “අසම්මත” වෙනවා. කාලය සමග වෙන වෙනස් කම් ඒවා. ඒ අනුව ඉතින් හොඳ නරකත් වෙනස් වෙනවා.
මැණික්
අසම්මත කෙසේ වෙතත් සම්මත නොවන එකක් නිසයි ඒක් අනික් පළාත් වලට පැතිරුනෙ නැත්තෙ.
සිරිත් කියන ඒව දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් නීති බවට පත් වෙනව. ඒක නීතියක් නොවුනෙත් සම්මත නොවන නිසයි. හැමෝගෙම පිළි ගැනීමක් ලැබුණෙ නැහැ. නියම වචනය ” අශීලාචාර” විය යුතුය.