ගීයක් අහමු.


පාසැල් සමයේ හත අට පංති වල සිටියදී මා හට අපූරු විනෝදාංශයක් වීය.
ඒ ඉරිදා පුවත් පත් වල පල වන මංගල යෝජනා කියවීමය. ඒවායේ ඇති දෑ
සිනාවට භාජනය නොවිය යුතු වුවත් සිනා උපද්දන සුළුය.

ඉරිදා පුවත් පත් වල වූ මංගල යෝජනා මනාලයන්ට වඩා
මනාලියන් සඳහා වූ ඒවා විය.

වියපත් මහල්ලන්ද ඉල්ලා තිබුනේ අවුරුදු 18- 25 ත් අතර
රූමත් තරුණියන්ය.
අතරින් පතර වැන්දඹු .. වරදට සමාව දෙන වර්ගයේ ඒවාද විය.
බොහොමයක ව්‍යාකරණ ගැලපීමක් තිබුණේම නැත.
මුද්‍රණ දෝෂයක් නිසා එකක තිබුණේ , ” පහත රට රජක කුල ” යන්නට
” පහත රට රජ කකුල” කියාය.
ඔබ මෙවන් ඇරයුම්ද ඕනෑ තරම් දැක ඇතැයි මම සිතමි.

” ගොඩ මඩ ඉඩ කඩම් , නව නිවසක් , ගෘහ භාණ්ඩ , රන් අභරණ දායාද හිමි
පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු , විශ්‍රාම ලත් දෙමාපියන් සොයයි.
නැවතීමට කැමති විය යුතුය.”

ලංකාවේ විවාහ ක්‍රම දෙකකි.
දීග විවාහ
බින්න විවාහ.

දීග විවාහ ක්‍රමයේදී සිදු වන්නේ , මනාලයා විසින් මනාලිය කැන්දා ගෙන
ඔහුගේ ගමට ගෙන යාමය.
බින්න විවාහ ක්‍රමයේදී සිදුවන්නේ මනාලයා , මනාලියගේ නිවසේ නැවතීමය හෙවත් බින්න බැසීමය.

මෙය ඉතා පැරණි සිරිතක් වන අතර මෙයට හේතු කීපයකි.

පවුලේ එකම ගෑණු දරුවා දුර බැහැරට යැවීමට දෙමාපියන් තුල ඇති අකමැත්ත.

වියපත් වූ කළ තමන් බලා ගැනීමට කෙනෙක් සිටිය යුතු වීම.

පවුලේ පිරිමින් නැති කම නිසා දේපළ බලා ගැනීමට පිරිමියෙකු අවශ්‍ය වීම.

හැබැයි බින්න බැහැපු එකා ” හුළු අත්තයි , තල් අත්තයි ” සූදානමෙන් තබා ගෙන සිටිය යුතුය. තමන් ජීවත්වන නිවසට හෝ දේපළට කිසි අයිතියක් බින්න බැහැපු අයට
නොලැබෙන නිසා ” පල ” කිවූ විට මහ වැස්සේ හෝ ගන අඳුරේ හෝ එළියට බැසීමට
සූදනම් සැරීරෙන් සිටිය යුතුය.

මෙම ගීතයේ මද්දුමයා.. ඔහුට වඩා වැඩුමල් අක්කා කෙනෙක් සහ බාල සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙයි . කිසියම් හේතුවක් නිසා විවාහ වී මනාලියගේ නිවසේ බින්න බහී.
එකම පිරිමියා පවුලෙන් ඈත් වීම නිසා ” හඳ පායන්නෑ අපට මළේ කියා ” අක්කා විස්සෝප වේ.

එකම පිරිමියා නැතිව ඔවුන්ට කොහෙවත් යා නොහැක. ” යානා ඒනා මං වරදින්නා”
මහළු දෙමාපියන්ට බේතක් හේතක් කර ගැනීමට සිදාදියට යා නොහැක.

කෙනෙක් කැන්දා ගෙන ඒමට . උඹ විසින්ම හැදූ ගෙදර ඉඩ මදිදැයි..
‘උඹ හැදු උළු වහු මදිද පැලේ ” අක්කා අසයි.

පිටිසර ගැමියන් දින ගණන් ගනින්නේ කැලැන්ඩරයෙන් නොව ” හඳෙන් ” ය. “ඕක සිද්ද උනේ හඳ නියපොත්තක් වගේ” තියෙන දවස් වල ගැමියන් කියයි.
අසවල් දේ සිදුවී පෝය දෙකකුත් උනා යැයිද ඔවුන් කියයි.

” ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
බිනර මහට කළුවර වී තව පෝයක් ගෙවෙනවා” යැයි තවත් ගීයක එයි.

තම පුත්‍රයා අද ඒදෝ.. හෙට ඒදෝ කියා.. ” අම්මා අප්පා පෝය ගනින්නේ” සමහර විට පිනක් දහමක් කර ගැනීමට .. සිල් ගැනීමට අක්කා ගෙදර තනිකර දමා යෑමට නොහැකි නිසා දෝ විය හැකිය.

විවාහ වීමෙන් පසුව ඇඹලයන් වී ගෑනිගෙ පැත්ත ගෙන තම නිවහන, දෙමාපියන් ,සොයුරන් අමතක කරන පිරිමි අපේ පවුලේද වූය.
” අත අහවරදා” විවේකයක් ලද විටදී වත් අප මතක් නොවන්නේ ” බින්නෙ” බිඳේදෝ
යන බියෙනි. දීගයට වඩා පරිස්සමින් බින්නය ආරක්ෂා කර ගත යුතුය. නැත්නම්
“හුළු අත්තයි – තල් අත්තයි” ?

මා අගයන ගායිකාවක් වන දීපිකා ප්‍රියදර්ශණී ගයන මේ ගීයට යොදා ඇති සංගීත රටාද ශෝචනීය ගතියක් දනවයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

22 Responses to ගීයක් අහමු.

  1. Sarath Laqnkapriya පවසයි:

    නිහාල් අහල තියෙනවද උඩරට පැත්තේ තවත් විවාහ ක්‍රමයක් තියෙනවා එකගෙයි කෑම කියල. අය්ය්යටයි මල්ලිටයි එක බිරිඳක් ගැනීම තමයි කෙරෙන්නේ. පරමාර්ථය දේපොළ බෙදී වෙන්වී යාම වැලැක්වීමයි. අය්ය කාමරේ ඉන්නකොට අමුඩ ලේන්සුව දොර උඩ දානවා, එතකොට මල්ලි ඇතුලට එන්නේ නැහැ. මල්ලිත් එහෙම කරනවා. සාමෙන් ඉන්නවා. අය්යට බත් එක යටට කරෝල කැල්ලක් දානකොට මල්ලිටත් දානවලු.. දෙන්නම හොරෙන් කන ගමන් හිතනවලු එයා මට තමයි වැඩියෙන් ආදරේ කියල.. ළමයෙක් ලැබුනම කාගේද කියන එක වැදගත් නා අය්ය ලොකු තාත්ත මල්ලි තාත්ත .. මේ මත පදනම් උන බොහොම ලස්සන තෙලේ දරම එකක් තිබ්බ කලකට ඉහතදී, නම මතක නැහැ. ජයසේන ජයකොඩි මහත්තයාගේ නව කතාවක් ආශ්‍රයෙනුයි හදල තිබුනේ..

    • arunishapiro පවසයි:

      Sarath Laqnkapriya,

      කාන්තාවක් විසින් ‘එක ගෙයි කෑම’ ගැන ලියූ විස්තරයක් කියවා ඇත් ද?!!! 🙂
      ****

      නිහාල්,

      මම කැළණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී පුවත්පත් වල පළවෙච්ච මංගල යෝජනා දත්ත එක්කාසු වලින් පර්යේෂණයක් පැවැත්වූවා. දැන් අමතකයි විස්තර. හැමෝම හොයන්නෙ රූමත් දෑවැද්ද සහිත ගෙදර වැඩ කටයුතු දන්නා කෙල්ලොන්ව. අනිත් කට්ටිය හොයන්නෙ කඩවසම් උගත් පිරිමි. රූමත් නැති දෑවැද්ද නැති මම වගේ අයට ඉතින් සුද්දො තමයි!!!

      ඔය වරදට සමාව දෙන එක නම් එදත් අදත් දකින්න තියෙන්නක්. දැන් මගෙ ප්‍රශ්නය මේකයි: ඇයි මනාලයෝ විතරක් වරදට සමාව දෙනවා කියන්නෙ? එහෙම කියන මනාළියන් නැත්තෙ ඇයි?

      • Nihal Gurusinghe පවසයි:

        මට තේරෙනව අරුණි කෙටියෙන් අහන මහ දිග ප්‍රශ්නය. මේ වෙලාවෙදි පිරිමියෙක් වුනාට මාත් අරුණිගෙ පැත්තෙ. පිරිමි වැරදි කළාට ඒක එළියට පෙනෙන්නෙ නැහැනෙ අරුණි. මිනිසා මැවුවා කියන දෙවියන් වහන්සේ හිතා මතාම කළ වැරැද්දක් ඒක.

    • Nihal Gurusinghe පවසයි:

      සරත්ගෙ කමෙන්ටුව දැක්කට පස්සෙ තමා ” දෙකෝ” ල ගැන ලියන්න හිතුවෙ. ඒ “එක ගෙයි කෑම”

    • Indika පවසයි:

      ටෙලි නාට්‍යයේ නම ‘බැද්දේ ගෙදර ‘
      අයියට හිටියේ ඉන්ද්‍රජිත් නාවින්න
      මල්ලිට හිටියේ ශ්‍රියන්ත මෙන්ඩිස්
      දෙන්නගෙම වයිෆ්ට හිටියේ චම්පා ශ්‍රියානි

      අන්න නියම ටෙලි නාට්ටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )