බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා
ෂුගර් , මායිමටම නැගලා
කොලෙස්ටරෝල්
ට්‍රයිග්ලිසරයිඩ් නැගලා
ශරීරය හොර වෙලා
තෙල් මන්ද මෝරලා
බඩ ගෙඩිය නෙරාලා
වැදගත් පෙනුමක් ඇවිල්ලා…
ඔය කෙටිල්ල නවතලා
දුවනව ගේ වටේ රවුමක් දෙකක්
ඉහළින් අණක් ඇවිල්ලා…
අද බෑ – සීතලයි
අදත් බෑ – කම්මැලියි
අද බෑ – තෙහෙට්ටුයි
අදත් බෑ – වැඩ ගොඩයි…
හෑමදාම හැන්දෑවට
දිව යයි ගේ අසළින්
නියම තෙල් කෑල්ලක්..
ඇඟටම ඇළුණු
කළු කලිසමින් වැසුනු
සිහින් දිග පා යුග
කෝමල බඩතුරේ සැඟවුනු
අයි පොඩ් එකට යා වුනු
හෙඩ් ෆෝන් එක..
දිව යමි ඈ පසු පස..
” හායි.. හල්…ලෝ ”
නෑසෙයි මගේ වැලපිල්ල
පසු කර යමි ඇය.
ගිරා හොටක් වැනි නැහැය
ඉන්ද්‍ර චාප පටු නළලත
ඉන්දියන් වගෙ පෙනුම.
” ආර් යු ඉන්දියන් ?”
“යස්.. අයෑම්.. යූ ටූ.. ?”
” නෑ.. ඔව්… ඔව්… ”
මගෙ මී මුත්ත
ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් ග්‍රෑන්ඩ් පා
ඉන්දියන්.. බෙන්ගාලි..
“ඇති හොඳටම ඔය දිවිල්ල”
( කරන්නම් හොඳ වැඩක්”
ඉහළින් අණක් ඇවිල්ලා
” දුවනව එක තැන හෙට ඉඳල”
(කොල්ල වෙන්න යනව )
ගෙදරට ට්‍රෙඩ් මිල් එකක් ගෙනල්ලා…
onna nihal mamath aawa…
බොහොම ස්තූතියි මගේ අඩවියට පැමිණියාට.
හොඳ වැඩේ. දැන් දුවනව එක තැනම. හ්ම්.. හ්ම්.. උඩ බලාගෙන.
මැණික්
තවත් ඉරිසියාකාරියක් 🙂
දැන් ඉතින් නිහාල් අයියට තියෙන්නේ පාර්ලිමේන්තු පාර දිගේ දුවන එක !!!!!
ආහ් අයියා ලංකාවේ නෙමෙයි නේ ඉන්නේ. එහෙම නම් වයිතවුස් එක පාරේ වත් දුවන්න. 🙂
හෙහ් හෙහ්….. ඔය ගෙයි දුවන එක කිසිම ගතියක් නැ නෙව. ඒකනෙව හරි හරි සල්ලි කාර, “වැදගත් පෙනුමක් ඇති” නෝනලා මහත්තුරු මෙහේ නිදහස් චතුරස්‍රය වටේට හිටු කියල දුවන්නෙ. ඒ අස්සෙ හැඩකාර කෙල්ලෙනුත් ඇති පදං…..
ඒත් හොඳ වෙලාවට ට්‍රෙඩ්මිල් එකක් ගෙනැවිත් දුන්න්. තෙල් කෑල්ලත් එක්ක මාසයක් දිව්වනම් නිහාල් අයියගෙ නං බඩ බහී.. ඒත් අර ඉන්දියන් කෙල්ලෙගෙ බඩ…….
වඳුරා හැට පැන්නත්
නොයයි බිම ගමනක්
ගැහුවම පරණ වයින්
වදියි නෙව හොඳ පදමට
පරණ වුවත් මොකෝ
වීණාවේ වැයුම් හොඳනම්
කැලේ දුවන මුවන් දැක
ගෙදරවිත් මුව හමට
තලන්නේ නම්
එයත් නරක නැත කොල්ලෝ !