දුවමූ.. ( එකතැනම ) අපි දුවමූ ..


බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා
ෂුගර් , මායිමටම නැගලා
කොලෙස්ටරෝල්
ට්‍රයිග්ලිසරයිඩ් නැගලා
ශරීරය හොර වෙලා
තෙල් මන්ද මෝරලා
බඩ ගෙඩිය නෙරාලා
වැදගත් පෙනුමක් ඇවිල්ලා…

ඔය කෙටිල්ල නවතලා
දුවනව ගේ වටේ රවුමක් දෙකක්
ඉහළින් අණක් ඇවිල්ලා…

අද බෑ – සීතලයි
අදත් බෑ – කම්මැලියි
අද බෑ – තෙහෙට්ටුයි
අදත් බෑ – වැඩ ගොඩයි…

හෑමදාම හැන්දෑවට
දිව යයි ගේ අසළින්
නියම තෙල් කෑල්ලක්..
ඇඟටම ඇළුණු
කළු කලිසමින් වැසුනු
සිහින් දිග පා යුග
කෝමල බඩතුරේ සැඟවුනු
අයි පොඩ් එකට යා වුනු
හෙඩ් ෆෝන් එක..
දිව යමි ඈ පසු පස..

” හායි.. හල්…ලෝ ”
නෑසෙයි මගේ වැලපිල්ල
පසු කර යමි ඇය.
ගිරා හොටක් වැනි නැහැය
ඉන්ද්‍ර චාප පටු නළලත
ඉන්දියන් වගෙ පෙනුම.
” ආර් යු ඉන්දියන් ?”
“යස්.. අයෑම්.. යූ ටූ.. ?”
” නෑ.. ඔව්… ඔව්… ”
මගෙ මී මුත්ත
ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් ග්‍රෑන්ඩ් පා
ඉන්දියන්.. බෙන්ගාලි..

“ඇති හොඳටම ඔය දිවිල්ල”
( කරන්නම් හොඳ වැඩක්”
ඉහළින් අණක් ඇවිල්ලා
” දුවනව එක තැන හෙට ඉඳල”
(කොල්ල වෙන්න යනව )
ගෙදරට ට්‍රෙඩ් මිල් එකක් ගෙනල්ලා…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

27 Responses to දුවමූ.. ( එකතැනම ) අපි දුවමූ ..

  1. ඕනයා පවසයි:

    //බඩ ගෙඩිය නෙරාලා
    වැදගත් පෙනුමක් ඇවිල්ලා…//

    අම්මප ඇත්ත නිහාල් අයියෙ . . . . මටත් දැං ටික ටික ඔය බව වැටහෙන්න පටං අරගෙන තියෙන්නෙ

  2. Gimhani පවසයි:

    ඔව් ඔව් ඔබා අය්යා කිව්ව අවවාදය පිලිගන්න.
    ගොඩාක් මහත්තුරු කොහොමත් එහෙම තමා සුවච කීකරු මහත්තුරු ගෙදරට නේද?

  3. Observer පවසයි:

    ඔව්..වොව්…ගුලියෝ උඹලටත් ඔය වගේ කාලයක් එනවා, අනිවාර්යයය්.

    නිහාල්,
    ඉහලින් එන අණ පිලිපදිනව වගේ පෙන්නගෙන ඉන්න එක ලේසිය්….පහසුය්….

  4. deeps පවසයි:

    අනේ අපොයි මදැයි දුවන්න ගත්තා

  5. Alchemiya පවසයි:

    මදැයි කොළා…. දැං ඉතිං එකතැන කොටනවාකො…..
    අනේ ඒකට අපේ මායියා…දෙයියන්ගෙ පිහිටයි ඈට…..
    ඇඟ හදා ගන්න කියලා මම දවසක් ඇර දවසක් ජිම් එකට යනවා… යන්න කියන්නෙත් ඈ මයි…. කිසි ප්‍රශ්නයක් නෑ…
    ඒකෙ ඉන්නෙත් එසේ මෙසේ කෑලි නෙවෙයි නේ… 18-22 වගේ තෙල් කෑලි නේ…
    විසූක දස්සන බලලා ඇවිත් ඉතිං ගෙදර ඉන්න ගෑණිට තමයි මල වදේ… ඒත් මොකෝ ඉතිං…..
    Win Win situation නේ….

  6. ගුලියා පවසයි:

    කව්දෝ කිව්වලු නාකි විසේ ගෙටත් උසේ… කියල…
    හැබැයි ඉතින් හැට පැන්නත් වඳුරා බිම නොයයි… කියලත් කතාවක් තියෙනවා හික්ස්

    මම මේ කිව්වේ නිහාල් අයිය නාකි වඳුරෙක් කියල නෙමෙයි ඕන් වැරදියට තේරුම් ගන්ට එපාල… අනේ අපටත් ඔයවගේ කාලයක් එයි නේ…

  7. Gimhani පවසයි:

    හික්ස් හොඳ වැඩේ.
    ගෑණුන්ට ඉව තියෙනවා හොඳේ .හැරෙනකොටම තේරෙන්න ඇති හැඩ වැඩ වෙලා දුවන්න යනකොට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )