ළමාතැණී කියන්නෙ පරණ වචනයක්. එක පාරටම අපේ මතකයට එන්නෙ ඇට මාල කීපයක් දාපු , පුම්බපු අත් දිග හැට්ටයක් ඇඳ ගත්තු බවලතෙක්.
ඉස්සර මං හිතන් හිටියේ ගෙදර දොරේ කිසි වැඩක් නොකර නිකම්ම නිකං දවස ගෙවන කෙනෙක් , ළමාතැණී කියන්නෙ කියල. මොකද ඉස්සර අපේ අම්මා නංගිට නිතරම කියනවා” මෙයා ගෙන් කිසි උදව්වක් නෑ.. ළමාතැනී වගේ ඉන්නවා” කියල.
මගේ මායිය කියන්නෙ ” ළමයි තනන ” අය ළමාතැණීලා බවයි. එහෙමනං හැමෝම ළමාතැනීල වෙන්ට එපායැ. ( එයත් දන්න බම්බුව )
“තැන” කියන්නේ අපේ ගම් පළාත්වල ගරු සරුවට යොදන හොඳත් නැති නරකත් නැති වචනයක්. කළිසම් අඳින හැමෝම මහත්තුරු නොවුනත් “එයා දැන් ලොකු මහත්තැන් ” කෙනෙක් කියල කියන්නෙ මහත්තයාට ” තැන” කියන ගරු නාමය එකතු කිරීමෙන්.
ගමේ දායකයෙක් සමහර වෙලාවට පංසලේ පොඩි හාමුදුරුවන් ගෙන්, ලොකු හාමුදුරුවෝ ගැන අහනවා ” කෝ අද ලොකු තැන ?” කියල.
සමහරදාට ගමේ කෙනෙක් අපේ තාත්තගෙන් අහනව මං පේන්ට නැත්නම් ” කෝ අද පොඩි තැන ?” කියල .. අන්න ඒ වගේ..
එතකොට “තැනී” කියන්නේ තැන කියන එකේ ස්ත්‍රී වචනය.
අපේ සාහිත්‍ය වංශ කතාව විවිධ යුගයන්ට අයත්. කොළඹ යුගය, දඹදෙණි යුගය, මාතර යුගය ආදී වශයෙන්. මාතර යුගයේදී පහත රට වංශවත් කුළ කාන්තාව හැඳින්වූයේ ” ළමයා” යන නමින්.
ප්‍රසිද්ධ කවි කාරියක වන රංචාගොඩ ළමයා ඒකට නිදසුනක්.ළමයා + තැනී යන්නෙන් පහත රට කුළ් කාන්තාවට තවත් ගරුසරුවක් දී තියෙනවා, ළමාතැනී යන්නෙන්.
රංචාගොඩ ළමයාගේ හස්බන්ඩ් වෙළෙන්දෙක්. එයා මාසෙකට සැරයක් කොළඹ එනව ගාලු පාර දිගේ ගැල් කරත්තයකින් අවශ්‍ය දේ මිළයට ගැනීමට.
ඒ යන්නෙ එන්නෙ ගල්කිස්ස හරහා. ගල්කිස්ස එදත් ලස්සන ගැණුන් නිසා ප්‍රසිද්ධයි.
මෙහෙම යන එනකොට, තමාගේ සැමියා , මේ ගෑනුන්ගෙන් බේරල දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලා සිටිනව කවියකින්,
“බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ
සැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ කියල.”
එක එක සයිස් එකේ වැල වරකා ඒ කාලයේ බල්ලොත් නොකන තරමට සුලබව තිබූ බව ඉන් කියැවේ.
ඒ නිසා මේ වැල වරකා කතාව අද ඊයේ බිහි වූවක් නොවේය.
දෙවියන් වහන්සේගේ සුවිශේෂී නිර්මාණයක් වන “ගැහැණිය” පාදයේ සුළඟිල්ලේ සිට හිස් මුදුන දක්වා එකම කලාගාරයකි.
උන්ගේ පපු පෙදෙස පෙර – අපර දෙදිග කලා කරුවන්ගේ කවි කාරයන්ගේ නිර්මාණ වලට ඉලක්ක වී ඇත.
හංස සංදේශයේ එය හංසයෙකුට උපමා කරයි.
” නිසි පුළුලු’කුල – රිය සක ‘යුරු තිසර තන කියා.
ළමාතැනීලාගේ හංසයන් වයසට යන විට පාත්තයන් වන නිසා , බොස්තරොක්කය නම් ඇඳුමක් අඳී. එය ලිස්බන් නුවරින් ලංකාවට ආ ඇඳුමකි.
ඉන් කෙරෙන්නේ ඉඟටිය ටිකක් හිර කර පපුව ටිකක් පිම්බීමය. කෙටියෙන් කියනවා නං, වැටෙන්ට යන දේට ආධාරකයක් සැපයීමය.
විදුලි බල මංඩලයේ ඉංජිනේරුවා වූ ද්‍රවිඩ ජාතිකයාට අළුත් ප්‍රොජෙක්ට් එකකට ලයිට් කණු 100 ක් හා ආධාරක කණු 100 ක් ඕනෑ විය.
ඔහු මෙසේ ලිපියක් ලිව්වේලු. ” මාගේ අළුත් ප්‍රොජෙක්ට් එක සඳහා වහාම ලයිට් කණු 100 ක් සහ බොස්තරොක්ක කණු 100 ක් එවන්න ”
වරකා වැල වෙතත් , වැල නං වරකා නොවේ. එහෙත් පිටකොටුවේ පේමන්ට් වෙළෙන්දෝ “වැල වරකා කරනවා” කියා කෑ ගසමින් ගෑනු ඇඳුම් විශේෂයක් විකුණනවා මා දැක ඇත.
ප.ලි.
වරකා රසවත් පළතුරකි. අප කුඩා කළ වරකා කන්නේ කුඩා ලුණු කැටයක් හා ගම්මිරිස් ඇටයක් සමඟය. සමහරු වරකා වලට වඩා ගහේම ඉදුණු වැල කෑමට ආසා කරති.
අර කවියෙ තව කෑල්ලක් :
“සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටින”
රාහුල හාමුදුරුවංගෙ කාලෙත් බොස්තරොක්ක තියෙන්න ඇත්ද?
බොස්තරොක්කෙ ආවෙ පරංගි රටෙන්. ඔය සංදේශ කාව්‍ය ලියපු කාලෙ වන විට පරංගි හිටියද මට නම් මතක නෑ.
නැතුව ඇති නේද? එක්සයිස් වලිංම ෆිගර් එක තියාගන්නැති
ලිපිය හොදයි!
කදිම ලිපියක්
සමීර , bubble ස්තූතියි කියෙව්වාට.
හික්ස් අය්යේ.. හන්සයන් පාත්තයන් වෙන හැටි කියනකොට
මට මතක් වෙන්නේම පසුගිය කාලයේ ඡන්ද පෝස්ටරයක්..
එහි සිටි ජනප්‍රිය නිලියක් “දැන් ඉන්නේ හන්සයෝ නෙමේ පාත්තයෝ” යනුවෙන් ඇයටම මඩ ගැසු පෝස්ටරයක්
නියමයි
හැබයි මචන්
මම හිතන්නෙ ” නිසි පුළුලු’කුල – රිය සක ‘යුරු තිසර තන” කියන්නේ සැළළිහිණි සන්දේසයේ එන කවියක් කියලා
හරි නේන්නං.. හංසයො ගැන සිහිවෙල මොලේ කොලොප්පං වෙලා.
හරිම ලස්සනයි, ඒ වාගේම වැදගත් ලිපියක්.
ඒත් කනගාටුවෙන් වුනත් කියන්න ඕනෙ ඔබගේ ප්‍රිය බිරින්ඳෑ මගේ මතයට අනුව නම් හරි.
ළමා + තැනී = ළමයින් තනන්නී තමයි.
ඔය වගේම වචනයක් තියනවා.
මේක අද නම් නරක වචනයක් ඒත් මම ශිෂට විදියට ලියන්නම්. මොකද අද මේ වචනෙත් භාවිතා වෙන්නේ වැරදියට. එහෙමමත් නෙමේ ඒක තමයි කාලයෙන් කාලයට වෙන දේ. වචනවල් ස්වභාවික වරනය.
අනුරාධපුර යුගයේ ඉතාම ශිෂ්ට වචනයක් මේක.
කාන්තාවගේ සෘතුවන ස්ථානය
වෙදනා වගෙ කෙනෙක් මට ප්‍රතිචාර දැක්වුවා කියන්නෙ මට ලොකු ආඩම්බරයක්.
මට හිතා ගත හැකි අර වචනය මොකක්ද කියල.
Like
අයියෝ ළමයින් කියන එක මමයින් වෙලා හදන්නෝ !!
හැදුවා.
ඔන්න මට හිතෙන හැටි නිහාල්
ළමා තැනි කියන්න වයසට යනකොට ගෑනු ළමයින්ගේ තැන ගන්න හදන නිසයි.. (බබා වෙන්න හදන එකා හින්දාය )
මහත් තැන් කියන්නේ වයසට යනකොට බඩ එන නිසා සමහර තැන මහත් වෙනවා කියන එකය.. එහෙම මහත් තැන් ගොඩක් තියෙන එකා මහත්තැන් වෙනවාය..
ආසාවෙන් කියෙව්වා.
@ ගිම්හානි,
අහන්න,අහන්න,ලැජ්ජ වෙන්න එපා…..
සුපුරුදු රසවත්කම ලිපිය පුරාවටම.
ප්‍රශ්නයක් හිතට ආවත් එය අසන්නට සුදුසු නෑ කියා සිතුන නිස අසන්නේ නෑ.
ඔබට ජය!!
මම බයෙන් හිටියෙ බැනුම් අහන්න වෙයි කියල කට්ටියගෙන්.
ඔබ්සරවර්.. ගිහානි තැන්ක් යු හොඳේ.
අරක අහන්න එපා ලැජ්ජ නම්