ළමාතැණීලගෙ වැල වරකා.


ළමාතැණී කියන්නෙ පරණ වචනයක්. එක පාරටම අපේ මතකයට එන්නෙ ඇට මාල කීපයක් දාපු , පුම්බපු අත් දිග හැට්ටයක් ඇඳ ගත්තු බවලතෙක්.
ඉස්සර මං හිතන් හිටියේ ගෙදර දොරේ කිසි වැඩක් නොකර නිකම්ම නිකං දවස ගෙවන කෙනෙක් , ළමාතැණී කියන්නෙ කියල. මොකද ඉස්සර අපේ අම්මා නංගිට නිතරම කියනවා” මෙයා ගෙන් කිසි උදව්වක් නෑ.. ළමාතැනී වගේ ඉන්නවා” කියල.

මගේ මායිය කියන්නෙ ” ළමයි තනන ” අය ළමාතැණීලා බවයි. එහෙමනං හැමෝම ළමාතැනීල වෙන්ට එපායැ. ( එයත් දන්න බම්බුව )

“තැන” කියන්නේ අපේ ගම් පළාත්වල ගරු සරුවට යොදන හොඳත් නැති නරකත් නැති වචනයක්. කළිසම් අඳින හැමෝම මහත්තුරු නොවුනත් “එයා දැන් ලොකු මහත්තැන් ” කෙනෙක් කියල කියන්නෙ මහත්තයාට ” තැන” කියන ගරු නාමය එකතු කිරීමෙන්.

ගමේ දායකයෙක් සමහර වෙලාවට පංසලේ පොඩි හාමුදුරුවන් ගෙන්, ලොකු හාමුදුරුවෝ ගැන අහනවා ” කෝ අද ලොකු තැන ?” කියල.

සමහරදාට ගමේ කෙනෙක් අපේ තාත්තගෙන් අහනව මං පේන්ට නැත්නම් ” කෝ අද පොඩි තැන ?” කියල .. අන්න ඒ වගේ..
එතකොට “තැනී” කියන්නේ තැන කියන එකේ ස්ත්‍රී වචනය.

අපේ සාහිත්‍ය වංශ කතාව විවිධ යුගයන්ට අයත්. කොළඹ යුගය, දඹදෙණි යුගය, මාතර යුගය ආදී වශයෙන්. මාතර යුගයේදී පහත රට වංශවත් කුළ කාන්තාව හැඳින්වූයේ ” ළමයා” යන නමින්.
ප්‍රසිද්ධ කවි කාරියක වන රංචාගොඩ ළමයා ඒකට නිදසුනක්.ළමයා + තැනී යන්නෙන් පහත රට කුළ් කාන්තාවට තවත් ගරුසරුවක් දී තියෙනවා, ළමාතැනී යන්නෙන්.

රංචාගොඩ ළමයාගේ හස්බන්ඩ් වෙළෙන්දෙක්. එයා මාසෙකට සැරයක් කොළඹ එනව ගාලු පාර දිගේ ගැල් කරත්තයකින් අවශ්‍ය දේ මිළයට ගැනීමට.
ඒ යන්නෙ එන්නෙ ගල්කිස්ස හරහා. ගල්කිස්ස එදත් ලස්සන ගැණුන් නිසා ප්‍රසිද්ධයි.
මෙහෙම යන එනකොට, තමාගේ සැමියා , මේ ගෑනුන්ගෙන් බේරල දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලා සිටිනව කවියකින්,

“බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ
සැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ කියල.”

එක එක සයිස් එකේ වැල වරකා ඒ කාලයේ බල්ලොත් නොකන තරමට සුලබව තිබූ බව ඉන් කියැවේ.
ඒ නිසා මේ වැල වරකා කතාව අද ඊයේ බිහි වූවක් නොවේය.

දෙවියන් වහන්සේගේ සුවිශේෂී නිර්මාණයක් වන “ගැහැණිය” පාදයේ සුළඟිල්ලේ සිට හිස් මුදුන දක්වා එකම කලාගාරයකි.
උන්ගේ පපු පෙදෙස පෙර – අපර දෙදිග කලා කරුවන්ගේ කවි කාරයන්ගේ නිර්මාණ වලට ඉලක්ක වී ඇත.
හංස සංදේශයේ එය හංසයෙකුට උපමා කරයි.
” නිසි පුළුලු’කුල – රිය සක ‘යුරු තිසර තන කියා.

ළමාතැනීලාගේ හංසයන් වයසට යන විට පාත්තයන් වන නිසා , බොස්තරොක්කය නම් ඇඳුමක් අඳී. එය ලිස්බන් නුවරින් ලංකාවට ආ ඇඳුමකි.
ඉන් කෙරෙන්නේ ඉඟටිය ටිකක් හිර කර පපුව ටිකක් පිම්බීමය. කෙටියෙන් කියනවා නං, වැටෙන්ට යන දේට ආධාරකයක් සැපයීමය.

විදුලි බල මංඩලයේ ඉංජිනේරුවා වූ ද්‍රවිඩ ජාතිකයාට අළුත් ප්‍රොජෙක්ට් එකකට ලයිට් කණු 100 ක් හා ආධාරක කණු 100 ක් ඕනෑ විය.
ඔහු මෙසේ ලිපියක් ලිව්වේලු. ” මාගේ අළුත් ප්‍රොජෙක්ට් එක සඳහා වහාම ලයිට් කණු 100 ක් සහ බොස්තරොක්ක කණු 100 ක් එවන්න ”
වරකා වැල වෙතත් , වැල නං වරකා නොවේ. එහෙත් පිටකොටුවේ පේමන්ට් වෙළෙන්දෝ “වැල වරකා කරනවා” කියා කෑ ගසමින් ගෑනු ඇඳුම් විශේෂයක් විකුණනවා මා දැක ඇත.

ප.ලි.

වරකා රසවත් පළතුරකි. අප කුඩා කළ වරකා කන්නේ කුඩා ලුණු කැටයක් හා ගම්මිරිස් ඇටයක් සමඟය. සමහරු වරකා වලට වඩා ගහේම ඉදුණු වැල කෑමට ආසා කරති.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

31 Responses to ළමාතැණීලගෙ වැල වරකා.

  1. Soda ගුණේ පවසයි:

    සිසි වන වූවන ඉඟ සුඟ ගත හැක මිටින
    නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන
    මෙහෙම කිව්වේ රාහුල හාමුදුරුවෝ සැළලිහිණි සන්දෙශේ… අනිත් දේ තමයි ළැම + ඉස්සී = ළමිස්සි උනාට, ගැට + ඉස්සී = ගැටිස්සි නෙමේ… “ගැටයා” යන පුරුෂලිංග පදේ ස්ත්‍රීලිංග උනාම ගැටිස්සි… කොහොම උනත් දැන් කාලේ නම් ඔය ඕනම වැලක් වරකා කරගන්න එක සුළු දෙයක්… 😀

  2. සාතන් පවසයි:

    පට්ටයි පට්ටයි…. අර දෙලුම් රන්තැබිලි කවියෙ අන්තිම පද දෙක තේරුනේ නෑනෙ….

  3. දුකා පවසයි:

    නියම පෝස්ට් එක නිහාල් අයියා . . . රංචාගොඩ ළමයාගේ කාලේ ඉඳන් අද පිටකොටුවේ පේමන්ට් එකට එනකම් මහා දිග කාලයක් එකම දෙයක් ගැන දුන්නු වෙනස් වෙනස් අර්ථකතන අපූරුවට ලියලා තියෙනවා . . එල

  4. Kathandara පවසයි:

    බ්‍රෙෂියර් කියන වචනේ තේරුම දන්නවද?

  5. thilak ranasinghe පවසයි:

    මොකෝ මේ….ලියන්න දෙයක් ඇත්තෙම නෑද්ද නිහාල්….

  6. නවම් පවසයි:

    ක‍ටුනායක වෙළඳකළාපෙ අමන්දේළුව පාරෙ ඉස්සර තිසරපට විකුණුවා “කුක්කු බබාට තොප්පියක් කියල”
    තව පිරිමි අන්ඩවෙයාර්ස් විකුණුවෙ “අල ගෝණි කරනවා” කියල.

    මතක් වෙච්ච වෙලාවෙ කියලදාන්න ඕනෙ
    ගැටිස්සී = ගැට ඉස්සුනු
    ළමිස්සී = ළැම ඉස්සුනු

  7. අවංක පෑට්ටා පවසයි:

    ගල්කිස්සෙ වෑල වරකා…. මතක් වෙද්දිත් හිරි වෑටෙනවා. 😛

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )