කඩියා කියන්නේ කූඹි කුලේ ප්‍රාණියෙක්. කූඹි ජාති කීයක් ඉන්නවද ? කළු කූඹි , තෙල් කූඹි, රතු කූඹි , නයි කූඹි.. මුන් ඔක්කොම අහිංසකයි. එකම පවුලෙ එක බඩවැල කඩා ගෙන ආ අය අතරත් වෙනස් ගති පිහිටන අය ඉන්න කොට කූඹි කුලය ගැන කවර කතාද ?
කූඹි ගමන් කරන්නේ. එක පේළියට , පෝලිමට. කාටවත් කරදරයක් නෑ. මගදි හමු වන අයට ආචාර සමාචාර දක්වමින් , ගමන් විස්තර කියමින් එක රටාවකට.
ඒත් කඩියා එහෙම නෑ. ඌ යන්නෙ කඩි කුලප්පුව හැදිල වගෙ. එහෙම නැත්නම් අලි කුලප්පු උනාම මිනිස්සු තම අත දරුවන් පවා බිම දමා යන ආකාරයට.
හරි කලබලෙන්. කලබලේට වැඩ කරන කොට අපේ තාත්තා මට කොච්චරවත් කියල ඇති ” මූට කඩි කුලප්පුව ” කියල.
කඩියා වගේ සරන නිසා යන්නෙන් තමයි ” කඩි- සර ” වචනය හැදිල ඇත්තෙ.
අවුරුද්දේ වැඩි කාලයක් ශීත කාළ ගුණය ඇති ජර්මනියේ ජරමාණුවන් ඇවිදින්නේ බොහොම ඉක්මණ් ගමනින්. ඒ තද ශීතෙන් මිදෙන්න. කඩිසරව.
මං හිතන් හිටියේ ලෝකේ කඩිසරම මිනිස්සු මේ ජරමාණුවන් කියා.
මොන බොරුද ? අපේ රටේ මිනිස්සු තමා කඩිසර. ප්‍රාණවත්. අපිට අවුරුද්දේ
දින 365 පුරාම කරන්න දේවල් තියෙනව. අපි හරිම ක්‍රියාශීලියි.
දෙසැම්බරයේ නත්තල සමරනව. ඒකට නත්තල් ගී , කැරොල් , ගව ලෙන් හදනව.
කාඩ් යවනව.. පල්ලි යනව.. හැමදාම නත්තල්.. නත්තලේ උණුසුම මැකෙන්නත් ඉස්සර , නව වසර පිළිගන්න ලෑස්ති වෙනව. සුභ පැතුම් කාඩ් යවනව.
ගෙවල් දොරවල් අළුත් කරනව.
ඊට පස්සෙ පෙබරවාරි නිදහස සමරන්න ලෑස්ති වෙනව. පාසැල් ලමුන් කලන්තෙ දාල වැටෙන කන්ම පෙරහුරු පවත්වනව.
ඒත් එක්කම නවම් පෙරහැර. වැඩ කෝටියයි.
ඊළඟට සිංහල – දෙමළ අළුත් අවුරුද්ද. ඒකටත් වැඩ හැට හුට හමාරයි.
අවුරුදු සැණකෙළි.. බක් මහ උළෙලවල්. බක් මහ රූප සුන්දරී..
ඒ උණුහුමටම වෙසක්.. දන්සල්.. තොරන්. ශීල ව්‍යාපාර, වෙසක් කාඩ්.. කූඩු රාජයෝ.
බස් වල යන මිනිසුන් එලියට ඇදල අරන් කන්න බොන්න දෙන්නෙ.
ඒ පැත්ත බලල මේ පැත්ත බලන කොට ඇසළ පෙරහැර. මහනුවර. අලින්ට වැඩ කෝටියයි.
ඔය අල්ල පනල්ලෙ ක්‍රිකට් මැච්..
උද්ඝෝෂණ.. මාරාන්තික උපවාස. පෙළපාලි.
මැතිවරණ… වෙඩි තැබීම්. කට්ටියක් වෙඩි තියනව. කට්ටියක් වෙඩි කනව. වෙඩි කාල මැරුණම ඒ මරණය සාදාරණීය කරන්න තව ව්‍යාපාරයක්.
අපි තරම් නිතරම අවධියෙන් ඉන්න ක්‍රියාශීලි ජාතියක් වෙන කොහේවත් ඇත්ද ?.
ඇයි ඔය හැම උලව්වකටම ඉස්කෝල වහල දාන එක. අර වතුර නැතුව පේරාදෙනිය වැහුව වගේ ඒ කාලේ!
කූඹි, මී මැස්සො වගේ කොමියුනිටි සත්ත්ව වර්ග වල ඔය කියන විධියට මොකක් හරි එක ටෝන් එකක පණිවුඩ හැවමාරුවක් තියෙන්න පුළුවන්. නැත්තං එයාල හැමෝටම එකම දේ දැණෙන නිසා ඒ දේ වෙනුවෙන් හැමෝම එකට වැඩ කරනව වෙන්න ඕන….
ලංකාවෙ අපට තියෙන වැඩ ගැන නම් කවර කතාද? එහෙව් එකේ අපි කඩිසර නොවී කොහොමද?
ඒකනෙ අයිය අපිට කැලැන්ඩරෙන් බාගයක්ම නිවාඩු තියෙන්නෙ . . . . (හති අරින්න මයෙ හිතේ)
ඇත්තමයි නිහාල් අයියා ඒ කතාව නම් ඇත්තමයි . . . සමහාර් දේවල් නිසා අන්තයටම කලකිරුනත් ඔය කිව්ව දේවල් ගැන හිතුවාම හිතෙනවා නන්දා මාලනී කියනව වගේ “හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම” කියල
කුඹින් ගැන කිවුවම මට මතක් උනේ.. මම පුංචි කලේ විතරක් නෙවෙයුඉ දැනුත් බොහොම කමතියේ කුඹි රැලක් යන හැටි නිරීක්ෂණය කරන්න. උන් එකෙක්කෙන හමු උන්නම ආණ්ඩු වලින් ආචාර කර ගන්නවා වගේ. එකෙක් දෙන්නෙක් රැලෙන් කැඩිලා ඉස්සර වෙලා යනවා ඔත්තු බලන්න.. මිනිස්සුන්ට වැඩිය මොලේ තියෙනවා මගේ හිතේ උන්ට.. අනික අලි කැරපොත්තෙක් උස්සගෙන කුම්බියෝ විඉස්සක් තිහක් අරගෙන යන හැටි හරිම අපුරුයි..පුංචි කාලේ වැස්ස වෙලාවට යන්තම් පායනකොට එලියට පනින්න හේතුව කරගත්තේ කුඹි.. අනේ පවු උන් වතුරේ දඟලනවා කියල කොළ කැලි අරන් උන්ව ගොඩ දාන්න අපි තෙමෙනවා. අම්මට ඉතින් ඕකට කිසි දෝසයක් කියන්න බහ මොකද අපි ජීවිත බෙරනවනේ.. අනේ අපි නැතුවට උන්ට වතුරෙන් ගොඩ එන්න පුළුවනි.
හ්ම්..ඇත්ත නොවෙන්නම්..
ඊට අමතරව බ්ලොග් ලියනවා.
comments දානවා….
ඒක සැබැයි .. සැබැයි සැබැයි