ඉතා විචිත්‍රවත් වූ සංස්කෘතියක්ද , ඉපැරණි ඉතිහාසයක්ද අයත් රටකි , මෙක්සිකෝව.
එක්තරා වසරක වසන්ත නිවාඩුවට අපට මෙක්සිකෝවට යාමට වාසනාව උදා විය.
සැන්ඩියාගෝවේ ( San Diego ) ජීවත්වූ මගේ මිතුරා සතු කෑම්පර් රියක් විය.
අඩි 30 කට වඩා දිග එතුළ අංග සම්පූර්ණ නිදන කාමරයක් , සාලයක් , කුස්සියක් සහ
කුඩා වැසිකිළියක්ද විය. නිදා ගැනීමට අවශ්‍ය වූවිට , එක බොත්තමක් එබීමෙන්
සාලයද , කුස්සියද නිදන කාමරයක් බවට පත් කළ හැකිය.
කුස්සියේ ගෑස් උදුනක් , මයික්‍රොවේව් උදුනක් , ශීතකරණයක්ද වේ.
සාලයේ TV එකක් සහ DVD ප්ලේයරයක්ද ඇත.
අප මෙක්සිකෝවට ගියේ එම කෑම්පරයේය.
මා වුඩ්වර්ඩ් යුනිවර්සිටියේ ඉගෙන ගන්නා කාලයේ මිතුරුවූ මෙක්සිකන් ජාතික ඇලෙක්ස් බොනිල්ලා හිත හොඳ මිනිසෙකි. ඔහුගේ නම ඉන්ගිරිසියෙන් ලියන්නේ මෙසේය. Alex Bonilla. ඉන්ගිරිසි ‘ L’ අකුරු දෙකක් එක ළඟ එන විට එය ශබ්ද කරන්නේ වෙනස් විදියකට බව ඔහු කියා දුන්නේය.
ඒ අනුව ඔහුගේ නම කියැවෙන්නේ ඇලෙක්ස් බොනියා කියලාය. එසේම J අකුර ශබ්ද කරනුයේ H ලෙසටය. Jose ( ජොසේ ) නම කියන්නේ හොසේ කියාය. ඇමරිකාවේ George ( ජෝජ්) මෙක්සිකෝවේදී “හොරහේ ” වෙයි.
සැන්ඩියාගෝ ගුවන් තොටින් පිටවූ අප , මා මිතුරා ජීවත්වූ ලා ජොල්ලා ( La Jolla ) නගරයට යාමට ටැක්සියක් සෙව්වෙමු. කීප දෙනෙකුගෙන් ලා ජොල්ලා ගැන ඇසුවත් කිසිවෙක් නොදන්නා නිසා මා එය ලියා පෙන්වීය. එය ශබ්ද කරන්නේ ” ලා හොයා ” කියාය.
ඒ අනුව අප මෙක්සිකෝ ගොස් ඇත්තේ මගේ මතකයේ හැටියට 1992 වසරේ “හූනි” හෝ “හූලි” මාසයේය.
ගමනට සතියකට පෙර මම ඇලෙක්ස් බොනියාගෙන් මෙක්සිකෝවේ විස්තර ඇසුවෙමි.
ඔහුගේ අවවාදය වූයේ ඇමරිකන් සීමාවට කිට්ටු තිජුවානා සහ රොසලිතෝ නගර
වලට යන ලෙසත් රට ඇතුළට යාම අනතුරුදායක බවත්ය. ඔහු විශේෂයෙන් යමක්
මතක් කර දුන්නේය.
” ඒයි යනකොට මතක් කරල සන් ග්ලාස් අරන් පලයන්”
” ඇයි ඒ තරමටම අව්ව සැරද?” මම ඇසුවෙමි.
” නෑ බං.. ලස්සන කෙල්ලො වැහි වැහැල. කෝක තෝර ගන්නවද කියල උඹට හිතා ගන්න බැරි වෙයි”
” ඉතින් සන් ග්ලාස් ?”
” මෝඩයෝ.. උන් දිහා බලන්න ගිහින් උඹේ ගෑනි ගහයි උඹේ හොම්බට.. සන් ග්ලාස් දාගත්තම උඹේ ගෑනිට පේන්නෑ උඹ කොහෙද බලන් ඉන්නෙ කියල”
අක්කර සිය ගණන් එක දිගට විහිදෙන මිදි , බෝංචි වගාවන් මැදින් අපි ගමන් කළෙමු.
ගෝවා කුලයට අයත් විටමින් C බහුල පිළිකා මර්දන ශක්තියක් ඇතැයි කියැවෙන බ්‍රොකොලි වගා
බිම්ද , අඩි පනහ හැටක් උසට වැවෙන පඳුරුමය ශාකයක් වන පිෂ්ටෑශියෝ වගා බිම්ද
ඇසට සුව දෙන දසුන්ය.
මා කුඩා කළ කව් බෝයි චිත්‍රපට බැලීමට ඉතා ප්‍රියය.ක්ලින්ට් ඊස්ට්වුඩ් , රෝයි රොජර්ස් අපේ කාලයේ
වීරයන්ය.කව් බෝයි චිත්‍රපට වල දැක පුරුදු විශාල තොප්පි , පළල් ඉන පටි , උල් සපත්තු හැඳ
පැළඳ ගත් පිරිමි මෙක්සිකෝ නගරවල සුලබය. අඩුවකට පෙනුනේ ඉන බැඳි පිස්තෝලය පමණි.
අපේ රටේ පුංචි සිඤ්ඤෝලාට සමාන ඔවුන් සිඤ්ඤොර්ලාය. ඔවුන්ගේ අඹුවන් සිඤ්ඤොරා වේ.
අවිවාහක ගැහැණු සිඤ්ඤෝරීටලාය.
රොසලිතෝ වෙරල අස බඩ වූ නගරය සංචාරකයන් ගෙන් පිරි පැවතින. කැළණියේ මෙන්
විසිතුරු මැටි බඩු…මිරිස් කුඩු හා ලුණු කුඩු දැමූ අන්නාසි සහ අඹ කෑලි විකුණන
වෙළෙන්දන් ලංකාවේ කලබල සහිත නගරයක් සිහි ගන්වයි.
තෙල් සම්පතද සහිත් විශාල භූමි ප්‍රමාණයකින් පොහොසත් මෙක්සිකෝව සම්පත්
පරිපාලනයේ ඇති දුර්වලතා නිසා ආර්තික අතින් අස්තාවර රටකි.
ලංකාවේ මෙන් ඇති එකාට හැම දේම ඇත. නැති එකා අන්ත දුප්පත්ය.
යමෙක් ඉරානයේ , චීනයේ හෝ කොරියාවේ දේශ සීමාව බිඳ ගෙන රහසේ රටට
ඇතුළු වුවොත් වෙඩි පහර සිකුරුය. ඉන් පසු මිනියවත් හොයා ගැනීමට නොහැකිවේ.
එහෙත් යමෙක් ඇමරිකන් බෝඩරය බිඳ ගෙන ඇමරිකාවට ඇතුළු වුවහොත් ,
මොළේ ඇත්නම් ඔහුගේ කල්ල මරේය.
එනිසා හැම මෙක්සිකානුවෙකුගේම සිහිනය වී ඇත්තේ කෙසේ හෝ ඇමරිකාවට
පැන ගැනීමය.
නියමයි ! ඇහැටත් ඔළුවටත් කිසිම අමාරුවක් නැතුව රසවිඳින්න පුළුවන් සටහනක්. ඉඩක් තියන විදියට ඉතුරු කොටස් ලියන්න. සරළ වෙනතරමට ලස්සනයි
මගේ රස්සාව මාව වටේ ඇවිද්දුවට තවම මද්යම /දකුණු ඇමෙරිකාව පැත්තේ යන්න වාසනාවක් ලැබුනේ නැහැ. කියවල රසවින්දා.. දැක්ක වගේ තමයි.. යන්නත් ආසාවක් ආව..
අපි නිතරම අපේ දේ ගැන ඉහළින් කතා
කළාට ලස්සන දේවල් තියෙන්නෙ ලංකාවෙ නෙවේ.
ගිහිල්ල බලන්න වටිනව දකුණු ඇමරිකාවෙ
මායා ශිෂ්ටාචාරයට අයත් නටබුන්.
ඒ වගේම පැනමාවෙ ලස්සන දිය ඇලි.
මමත් ටික ටික ඕවයෙ ඇවිදල තියෙනව.
ඒත් හිතෙ හැටියට “රස විඳින්න ” ඉඩක්
වෙලාවක් නෑ. මේ මොනව කියනවද ?
මීගමුවෙ අවුරුදු දෙකක් හිටිය හලාවතට
යන්න බැරි වෙච්චි කොට.
ඔය සන් ග්ලාස් ක්‍රමය නම් අපි මෙහේ මැද පෙරදිගත් පාවිච්චි කරනවා… මෙක්සිකෝව ගැන බොහොම වැදගත් දෙයක් දැන ගන්න ලැබුනා.. දෙවෙනි කොටසත් ලියන්න.
දෙවන කොටස ළඟදීම බලාපොරොත්තුවන්න… 🙂
ගොඩක් ආසාවෙන් කියෙව්වෙ. චිත්‍රපටිමයි හිතේ මැවුණේ…. තව ලියන්න පුළුවන් නම් හොඳයි මෙක්සිකෝවෙ විස්තර 😀
රටේ විස්තරද ? එහෙම නැතුව අර ගොඩ පනහයි ඒවයෙ විස්තරද ?
Deparado [1995], The Good, the Bad and the Ugly [1966]
මෙක්සිකෝව කියන්නේ, මගෙත් හිත ගිය රටක්. මේ ලිපිය කිවනකොට, ඔය ඉහළින් සඳහන් කරල තියෙන චිත්‍රපට දෙක මතක් වුනා. ක්ලින්ට් ඊස්ට්වුඩ්ලා ඒ කාලෙ විතරක් නෙමේ, අපේ කාලෙත් වීරයෝ. 🙂
බලල තියෙනවද kill them all & come back alone කියන එක. ප්රොජෙක්ටරයෙ දෝෂයක් නිසා ඒ නම තිරයෙ වැටුනේ come back alone & kill them all කියල 🙂
අහ් නිහාල් අයිය…. අයිය කිව්වට කමක් නැද්ද මන්ද… කතා කියෝගෙන යනකොට ඔබතුමා ගොඩක් වැඩිමල්
කෙනෙක් කියල තේරුනත්…. අන්තිම පේලියේ සුහද නමින් කතා කරන්න කියල හිතුව…
හැමදාම ඔයාගේ කතා ටික නිහඩව කියෙව්වා…. ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්ත…. එත් කොමෙන්ටුවක් දාන්න මැලි උනේ ඇයි කියලනම් හිතා ගන්න බෑ…
එත් අන්තිම කොමෙන්ටුව දැක්කම මුකුත් නොලිය ඉන්න යනවා කිව්වම ටිකක් කලබල උනා… උදේ ඇඳෙන් නැගිටින්නෙත් ආයේ ඇඳට යන්නත් මූණු පොතයි මේල් ටිකයි
ඔයාගේ site එකේ මොනවා හරි ලියලද කියල බලල…. අනේ මන්ද මොන මායමක් ද කියල…. කියෝනකොට මැවිලා පේනවා කතාව…. 😀
ලියන එක නවත්වන්න එපා…. පුළුපුළුවන් වෙලාවට මොනවා හරි ලියන්න… මමත් පුංචි බ්ලොග් පිටුවක් පෙරලුව… ඒ ඔයාලගෙන් ආභාෂය නිසා…
ඔයාටත් පවුලේ හැමටත් ජය…
මාව මතකනම් අන්තිම පේලියේ ගුලිය..
මොකෝ මතක නැතුව. අපි මැරිල ඉපදුනායැ. අන්තිම පේලියෙ කාලයක් කෙල ගත්ත. කොල්ලොත් එක්ක හැප්පෙන්න මට දැන් හයිය නෑ. කොහොම හරි හොයා ගෙන ආවට ස්තූතියි. ලියන්න ගොඩක් දේවල් තියෙනව. අඩු ගානෙ දවසට පැය 36 ක් වත් තිබුන නම්….
මම බ්ලොග් ලියන්න අදහසක් නැහැ අයියා.මා කැමති අනිත්
අයගෙ බ්ලොග් කියවන්න,ඒවට පොඩි comment එකක් දාන්න,දුවල ගිහින් පොඩි පිස්සු කථාවක් කියල එන්න.ඔන්න ඕවට තමා මම කැමති.
මගෙ මිත්‍රයෙකුත් මාස කීපයක්ම මෙක්සිකෝවෙ හිටිය ඇමරිකාවට පනින්න බලාන . . . . බුවාට වැඩේ බැරි උනා. දැං ලංකාවෙ . . . .
බුවා කීවෙත් ඔය කතාවම තමයි . . ,.
“ලස්සන කෙල්ලො වැහි වැහැල. කෝක තෝර ගන්නවද කියල උඹට හිතා ගන්න බැරි වෙයි”
ලෝක රූප සුන්දරියො වැඩි පුර බිහි වෙන්නෙ ඔය රටවලින් නෙ. උන්ගෙ අමුතු පාටක් තියෙන්නෙ
නියමයි නිහල් අයියා….. හරියටම නව කතා පොතක දිග හැරෙන කතාවක් වගේ මයි…..
කමෙන්ට් දැක්කම දෙවන කොටසත් ලියන්න හිතෙනව. වෙලාව තමා ප්‍රශ්නෙ…
හික්ස් …
මම බැලුවනේ මේ අමුතු මාසේ මොකක්ද කියලා.
අපේ කොල්ලො ටික ඔක්කොම සන් ග්ලාස් දාන්න පටන් ගනී
අද ඉඳලා.
හික්ස් …
පබ්ලිශ් කරල අත ගන්නත් ඉස්සර වෙලා , කමෙන්ට් එකකුත්. ගිම්හානි මොනවත් ලියන්නෙ නැද්ද ? මේක හොඳ මානසික විරේකයක්. හූනි මාසෙ නම් වැඩ වැඩි. මොනවත් නොලියා අනික් අයගේ ඒවා කියවන්නයි හිතා ඉන්නෙ.