එපා සඳ පායන්න



පායයි පුරා සඳ
කපා ගෙන සැන්ටා මොනිකා කඳු යාය
සොමි කිරණ පොඩිත්තක්
එබෙයි නිදන කාමරයට

වැසෙයි ශවරයේ කරාමය
නැගෙයි වත්සුනු සුවඳ
සීලින් ඩියොන් අනුරාගයේ සුවඳ
මුසු වෙයි වාන් දමන ආදරයට

සෙලවෙයි කිරි කිරිස් හඬින් යහන
දැනෙයි සුමට පහසක්
පිට කොන්දට හා ගෙල පිටු පසට

” not today.. honey.. I have headache ”
ඇසෙයි මැසිවිල්ලක්
” අදත් එච්චර තමයි”

එපා පායන්න
පුරා හඳ මගෙ ලොවට

This entry was posted in Uncategorized. Bookmark the permalink.

9 Responses to එපා සඳ පායන්න

  1. නවම් පවසයි:

    පුදනකොටම කාපි යකා….. බොහෝ කෲරයි අහෝ ලොව ධර්මේ……

    පෝයට තව හරියටම දවස් දාහතරක් තියෙනව 😀

  2. දිනුක පවසයි:

    නියමයි නිහාල් අයියේ…..
    කාලෙකට පස්සෙ මේ පැත්තට ආව. වෙලාවක් තිබුනෙම නෑ බ්ලොග් කියවන්න.

  3. Gimhani පවසයි:

    මොකද නිශ්ශබ් ඔබතුමා????එපා සඳ පායන්න කියල කොහේ
    ගියාද????

    • nihal පවසයි:

      හඳ තියෙන කාලෙට නෙ මිනිසුන්ට එක එක අදහස් පහල වෙන්නෙ. සමහරු කියන්නෙ පිස්සු හැදෙනව කියල හඳ මෝරන කොට. ආයෙමත් මොනව හරි පිස්සුවක් ලියන්න හඳ පායන තුරු බලා ඉන්නව. ඔබට බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

  4. මම නම් තාම මෙව්වා ගැන දන්නේ නැතෝ නිහාල් අයියා…. 😀

  5. Lankapriya පවසයි:

    අය්යෝ හරිම සිම්පල්
    ඔවුවට බෙහෙත් දෙන්නම්
    හිස ලය මතට ගෙන
    පිරිමදිමි සැලසුමකට..

    තව තවත් පැති වලට
    පැතිර යයි පිරි මැදුම
    කිසිදු චලිතයක් නැත
    බලමි මම.. නිදිය ඇය !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )