පීකුදු


පීකුදු යනු අක්මාවය. එහි නියම වචනය පීකුදු ද , පීගුතු ද කියා මා නොදනී. මා කුඩා කළ එය ශබ්ද කළේ පීගුතු කියාය. හොඳ සිංහළ දැනුමක් ලද පසු එහි නියම වචනය පීකුදු බව දැන ගත් පසු , එම වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇති අයුරු සෙවීමට තැත් කලද නොහැකි විය.

මා කුඩා කළ අසනීපවී දොස්තර ගාවට ගෙන ගිය විට , අයියදුරේ දොස්තර මහතා මගේ ඇස් පරීක්ෂා කර ” බබාට ලේ වඩන්ට පීගුතු ටිකක් අරන් දෙන්න ” යයි කීවේය.

මා මාංශ ලෝලියෙකු හෙවත් මස් හොයා ගෙන , දඩයම් කර ගෙන කන තරම් මාංශ ලෝලියෙකු නොවේ. එසේම නිර් මාංශිකයෙක් කියාද නොකියමි.
කැඩපත ළඟට කට ඇර දත් පිරික්සන්න. ඉදිරිපස දෙකොනේ ඇති උල් දත් වලට ගමේ ගොඩේ කියන්නේ බලු දත් හෙවත් දඩයම් දත් කියාය. එනිසා මිනිසා මාංශ භක්ෂිකයෙකැයි මට සිතේ.

මස් වල මා ආසාම කොටස පීකුදුය.
අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය හරහා ගොස් ආමාශයේදී නොයෙකුත් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වී , කුඩා අන්ත්‍රයේදී එහි ඇති අංගුලිකා මගින් උරා ගන්නා හොඳ කොටස් අක්මාවට යැවී ග්ලයිකෝජන් ලෙස ගබඩා වේ. ඒ නිසා අක්මාව පෝෂ්‍ය කොට වලින් පරිපූර්ණය.
කෑමට අහිතකර ටොක්සින් , පිසීමේදී විනාශ වන නිසා ඒ ගැන බිය විය යුතු නැත.

පීකුදු වල විටමින් ඒ , ඩී සහ යකඩ ටොන් ගණනක් ඇත.

පහත වගුව බලන්න. සම ප්‍රමාණයේ ආහාර කොටස් වල ඇති විටමින් ප්‍රමාණය බලන්න.

බතල 1500
කැරට් 1145
පීකුදු 25800
නිවිති 997
බිත්තර 570
කොලාර්ඩ් 770
බටර් 330

ලොකු තරහක් ගිය විට ” මං උඹේ කැවුතු කනවා” යැයි සමහරු කියයි. කන්නේ රසවත් නිසා මා හිතාන හිටියේ කැවුතු යනු පීකුදු කියලාය.

ලොකු තරහක් ගිය විට ” කෑ යුතු ” නිසා කෑයුතු.. කැයුතු වී පසුව කැවුතු වී ඇත.
ප්‍රබාගේ කැවුතු කෑමට මටද ලොකු ආසාවක් විය.

කෑ සැනින්ම කෙනෙකු මරණයට පත්වන ඉන්ද්‍රියක් විය යුතුය , කැවුත්ත. එනිසා කැවුත්ත යනු අක්මාව නොව හදවත හෝ පෙණහල්ල විය යුතුය.

ඉරිසියාව , ඉඩම් හබයක් සහ දේශපාලන ප්‍රශ්නයක් නිසා භේද වී සිටි ලොකු මාමා දිනක් හොඳටම බී , පිහියක් අමෝරා ගෙන ” මං අද උඹේ කැවුතු කනවා ” යයි කියා අපේ තාත්තා ඉදිරියට ආවේ මා ගැටයා කාලයේය.
මම දොර පොල්ල අතට ගත්තෙමි. ” හා.. හා උඹ ඕවට පැටලෙන්න එපා. දෙමස්සිනාලා ඒවා බලා ගනීවි ” අම්මා මා වැලැක්වූවාය.

නාලාගිරියා අභියසට යන බුදුන් මෙන් තාත්තා ඉදිරියට ගියේය.
කිසිවක් නොවීය. තාත්තාගේ දෙකකුල් බදා ගත් ලොකු මාමා ” අනේ බුදු අයියේ මට සමා වෙයන්” කියමින් වැලපෙන්ට විය.

තාත්තා කීවේ එසේ වූයේ තාත්තාගේ ඉණ බැඳි යන්ත්‍ර රාජයා නිසා කියලාය.

කැවුතු ගැන කියවීමෙන් වූ අප්‍රසන්නතාවය මඟ හැරීමට පීකුදු වලින් රසවත් සුප් එකක් හදා ගන්න හැටි මෙහෙමය.

අවශ්‍ය ද්‍රව්‍ය:
සෝදා ගත් පීකුදු රාත්තල් 1
ලොකු අල ගෙඩි 2
ගම්මිරිස්
ලුණු
කරපිංච
කරාඹු නැටි

සාදන ක්‍රමය.

සෝදා ගත් පීකුදු තම්බා ගෙන , නිවුනු පසු ගෑරුප්පුවකින් ඇන කුඩා කෑලි වලට කපා ගන්න. සුප් එකට අවශ්‍ය පමණ වතුර ගෙන එයට පීකුදු කෑලි සහ ඉහත කී දෑ අවශ්‍ය පමණ දමා නැවත විනාඩි 20 ක් පමණ පිස ගන්න.

සුප් එක රස විඳ හොඳ නං විතරක් කමෙන්ට් එකක් දමන්න.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to පීකුදු

  1. Dee පවසයි:

    http://en.wiktionary.org/wiki/pluck
    කැවුත්තට අදාල වෙන ඉන්ගිරිස් වචනෙ pluck, එ අනුව ගත්තොත් අක්මාව, හෘදය, පෙනහලු ඔක්කොම අයිතියි..

    නූතනයෙ ගොවිපොල සතුන්ගෙ අක්මාවල් කියන්නෙ අපට නුසුදුසු සමහර රසායන ද්‍රව්‍ය ගබඩාවල්!! කෑමෙන් වැලකීම තමා වඩා සුදුසු.. සතුන්ට කන්න දෙන දේවලුයි, විදින බෙහෙත් ජාතියි ගැන සලකලායි කිව්වෙ..

    තමන්ගෙ ඌරාගෙ සවුක්කිය තමන්ට තීරණය කළ හැකියි..!

  2. Kathandara පවසයි:

    නිහාල්ට තියෙන්නේ අම්මාගේ පැත්තේ ජාන.

  3. s. Lankapriya පවසයි:

    අනේ නිහාල් මමවත් මගේ පවුලේ අයවත් හරක් මස් කන්නේ නැහැ..ඉතින් මොන පීකුදු සුප්ද ? හරකාගේ පීකුදු නොකැවට විටමින් තියෙන කෑම වාර්තාව කොච්චර තියෙනවද ? පරිණාමවාදය විස්වාස කරනවා නම් මිනිහ මාංස භක්ෂකයෙක් කියල හිතන්න බැහැ නේද ? හරක් මස් වගේ මස් වර්ග නිසා ඇතිවෙන රෝග කොපමණ තියෙනවද ?

    • nihal පවසයි:

      අපේ තාත්ත ඉන්නකොට මස් අරන් ගෙට එන්නෙ පස්ස දොරෙන් හංග ගෙන. මට අවුරුදු 12 ක් ඇති. දවසක් ගියා හරක් මරන තැනකට හොරෙන් බලන් ඉන්න. තම්බි නාන අපි දැකල කුණුහරුපෙන් බැනල එලව ගත්ත. මිනිහත් දන්නව මැරුවට මොකද ඒක බලන් ඉන්න හොඳ දෙයක් නෙවි කියල.
      මං ඉන්න පරිසරයෙ හැටියට මස් නොකා ඉන්න අමාරුයි. මට හැම සිකුරාදම ලන්ච් මීටින්ග් එකක්. නැත්නම් බිස්නස් ලන්ච් එකක්. වැඩිපුර සුද්දන් එක්ක. මම වෙජිටේරියන් කියල නිකම් කොන් වෙන්න ආස නෑ. අනික මගේ මානසිකත්වය මේකයි. මම නිතරම හිතනව අනික් අය ඉස්සරහ මම වෙජිටේරියන් කිව්වම ඒක අනික් අයට කරන ඉන්සල්ට් එකක් කියල. කෙසේ වෙතත් අනුන්ගෙ මස් කන්න අපට අයිතියක් නෑ.මම ඔබට ගරු කරනව.වෙජිටේරියන් කෙනෙක් වීම ගැන. කෙසේ වෙතත් මම මස් හොය හොය ගිහින් කන්නෙ නෑ. ඉඳහිට ඩ්‍රින්ක් එකක් දානකොට බයිට් එකට වගේ.

  4. නදී... පවසයි:

    පීකුදු කියන්නෙ ගොඩක් රසවත් ව හදන්න පුලුවන් කෑමක් තමා.අපේ බබාටත් ලේ වඩන්න කියල කන්න දෙනව.සුප් හදල නම් නෙමේ,තෙල් දාලා. ඒත් නිතරම කන්න හොද නෑ කියලත් මම් අහල තියනව.

  5. Gimhani පවසයි:

    මේ පීකුදු සුප් එකට පීකුදු නැතිව අනිත්වා විතරක් තිබුනනම්
    වඩාත් රසවත් වෙයි වගේ…

    රසවත් ලිපියක්.
    ස්තූතියි

  6. Alchemiya පවසයි:

    නිහාල් අයියේ,
    අක්මාව කියන්නේ ඇඟට වැටෙන හැම දේම process කරන purification unit එක…. එතකොට ඒකෙ ඇතුලෙ හැම දහ ජරාවම යන්නේ ඔතැනින් නේ… සමහර විට එකතු වෙන්නත් පුළුවන්.. බැර ලෝහ වගේ දේවල් එකතු වෙනවා…. වැරදිලා වත් සතා කන බොන කෙනෙක් නම් ඉතිං ලිවර් එක හබක්… මමත් ඉස්සර නම් හරිම ආසයි පීකුදු කන්න… දැන් කරුණු කාරණා දැනගත්තට පස්සේ වැඩේ අතෑරියා…
    හැබැයි ඉතිං… ඒක ඇවිල්ලා පෝෂණ ගබඩාවක්… ඒකත් නොකියාම බැහැ….

  7. Susantha පවසයි:

    කැවුත්ත කියන්නේ නම් මමත් හිතන විදිහට කෑ යුතු කථාවේ ගන්න දෙයක් තියනවා කියලා. ඒත් ඇත්තටම කැවුත්ත නම් අක්මාවයි. හැබැයි කැවුතු වහල්ල කියන්නේ වහල්ල කියන්නේ බලන්න දත් වහල්ල/ කෙසෙල් වහල්ල බලන්න මේ යෙදුම් අනුව තෙරෙන්නේ මොකක්ද? ඒ දිග පෙනුමක් එහෙම නැත්නම් හැඩය අනුව දීපු නමක් නේද? මේ අනුව කැවුතු වහල්ල කියන්නේ හෘදය කයන එකට මාත් එකඟයි. කොහොම උනත් ලස්සන ලිපියක්.

  8. අයියගෙ සුප් එක ටෙස්ට් කරන්නෙ නැතුවම කොමෙන්ට් එකක් දානව . . .. . බලමු අයිං කරයිද කියල . . . .
    මම දන්න විදියට කැවුත්ත කියන්නෙ නිහාල් අයියෙ . . . . හදවතට. මොකද මලපොතේ අකුරක් වත් නොදත් මගෙ ආච්චි සහ තිරගං දහය කෝරලේ ප්‍රසිද්ද විෂ වෙදමහත්තයෙක් උන මගෙ සීය යන දෙන්නම කියන දෙයක් තමයි . . . . මිනිහෙක් ගෙ ඇඟේ ලේ ඔක්කොම එකතු වෙලා තියෙන්නෙ පපුවෙ තියන “කැවුතු වහල්ල”ට කියල. අනිත් වැඩිහිටියො කොහොම කිවුවද දන්නෙ නෑ . . . . පොඩි කාලෙ මගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න හිටියෙ ඒ දෙන්න විතරයි . . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )