හිත රිදුන දවසක්


සමහරු හිතනව ඇති මම හරිම අසුබ වාදියෙක් ( pessimistic ) කියල. ඇයි හැමදාම ලියන්නෙ කඳුළු පනින කතානෙ.
මගෙ ළමා කාලෙ හැමෝගෙම වගේ සුන්දරයි. මගේ තරුණ කාලය පණහට පණහ. දුක සැප සම සමව.
ඒකට දැන්.. සංස්කෘතික දෙකක් මැද අතරමංව සිටින මම එම සංස්කෘත දෙක ගලපන්න යාම නිසා නිකං දුක් වෙනව.
මම වැඩිපුර ලියන්නෙ මට ඇහෙන පෙනෙන දේවල්. ඒව වැඩියක් දුකට බරයි.

ජීන් පැටර්සන්.. මගෙත් එක්ක වැඩ කරන විසේකාර අම්මණ්ඩි කෙනෙක්.
මම ලන්ච් රූම් එකේ කෑම කකා හිටියෙ. ජීන් කඩා වැදුන සන්තෝෂෙන් කෑ ගහගෙන. I am done… I am done කියල.

ජීන් ඇගේ පළමු සැමියා ගෙන් දික්කසාද වෙලා.එවකට කුඩා දරුවෙකු වූ ඇගේ පුතා සැමියා භාරයට අරන්. ජීන්ට සෑහෙන ගාණක් ගෙවන්න උසාවියෙන් නියම වෙලා.. මාස් පතා.. ළමයට වයස අවුරුදු 18 වෙන තුරු.
හරියටම කෙවින්ට 18 සම්පූර්ණ වුනේ එදා. එදාම ජීන් ඇගේ සෝෂල් වර්කර්ට කතා කරල ඇගේ ගිණුම ක්ලෝස් කළා. අර විදියට කෑ ගැහුවේ ඒකයි.

මම ඇහුව ළමය දැන් ජීවත් වෙන්නෙ කොහොමද කියල.
” he is an adult now .. he will find his own way”
මම කෑම කකා හිටියේ. මට යමක් මතක් වෙලා කෑම හිර වුනා. මම විගහට ගෙදරට් කෝල් කළා. කෙල්ලො දෙන්නම ගෙදර.
” බබාල කෑම කෑවද ? තියෙන දෙයක් බෙදා ගෙන කාල ඉතිරිවා ෆ්‍රිජ් එකට දාන්න”

මගෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනුන. මම ආයෙම කෑම එක දිග ඇර ගත්ත. උන් දෙන්නගෙ වයස 15 යි.. 18 යි.. මාස ?.. පිස්සුද ? අවුරුදු.. දන්නවද ? මම තාම උන් දෙන්නට කවනව අතින්.
අපේ සමහර කෑම වර්ග හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවට කිසි ගතියක් නෑ. ඉඳි ආප්ප . පිට්ටු තෝසෙ වගේ ඒව.
” තාත්ති කවනකොට රහයි”

අද උදේ කොල්ල .. කෙවින්.. උගේ අම්ම – ජීන් හොයා ගෙන ඔෆීස් එකට ආව. දෙන්න හොඳට රණ්ඩු වුනා. සමහර දේ මට හරියට ඇහුණෙ නෑ.
” you and your dad.. both .. ruined my life.. go away don’t come here”

කොල්ලා. ” listen to me mommy..”
අම්මා- ” no.. go away..”

කෙවින් මුල් වරට මම දුටුවෙ එදා. උස හින්දෑරි ළපටි මුහුණක් තියෙන එකෙක්. පවු ඌට බඩගිනිද දන්නෙ නෑ.

මම ඇහැට ඉනූ කඳුළු බිදුවක් හංග ගත්ත. ඒත් ඒක වැඩි වෙලා හංග ගෙන තද කර ගෙන ඉන්න බැරි උනා. මම බාත් රූම් එකට ගිහින් මූණ හෝද ගෙන ආව.

මම ඇහුව ජීන් ගෙන් ඇයි ඩිවෝස් වුනේ කියල. එයාගෙ හස්බන්ඩ් ගෙ ස්පයින් එකේ ටියුමර් එකක්ලු. සැරෙන් සැරේ ඔපරේෂන් කරල අයින් කලත් ආයෙම දළුදානවලු.

මිනිහ අසනීප උනාම දාල යන ගෑනු.

වතාවක් මට පැපොල හැදිල මුළු ඇඟම කුණු උනා. ඇහැ ඇතුලෙත් බිබිලි ආව.
එයා හැතැප්ම සීයක් විතර ගිහින් කොහොඹ කොළ හොයන් ආව. කෙහෙල් කොල ඇඳේ අතුරල මට නිදා ගන්න හරි ගස්සල දුන්න. නිවාඩු දාල ගෙදර හිටිය. මගේ ළඟින් හෙල්ලුනේ නැහැ. එක එක්කෙනා ගෙන් අහගෙන මගේ ඇඟේ ඌෂ්ණය බස්සන්න කැම බීම හදල දීල මා ළඟින්ම නිදත් ගත්ත.

මට වෙලාවකට හිතෙනව මම මේ ගෑණිට සලකනව මදිද කියලත්.

අද උදේ සිදුවීම නිසා මට නින්ද ගියේම නෑ. මම ලයිට් එක දාල බැලුව. පුංචි හිනාවක් මූණෙ හිර කර ගෙන එයා නිඳි. නළලේ ඩාදිය බිඳුවක් දැක්ක නිසා මම ජනේලෙ පොඩ්ඩක් ඇරල දැම්ම හුලං ටිකක් වදින්න.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

හිත රිදුන දවසක් සදහා ප්‍රතිචාර 27ක් දක්වා ඇත

  1. kolitha පවසයි:

    බොහොම සංවේදී සටහනක්.

  2. පරණ බ්ලොග් එක කියවලා තියෙනවා මතකයි. මේක හම්බුණේ අද.
    මුල ඉඳලා අගට ඔක්කොම ලිපි කියවගෙන යන ගමන් මෙතන නැවතුණා, මම ආසාවෙන් කියවනවා කියලා, කියලා යන්න..

  3. Soda ගුණේ පවසයි:

    පින් දෙන්න ඕන නේද අපේ ගෑනුන්ට? කරුමේ කියන්නේ අපේ සමහර පිරිමින්ට ගෑනිගේ නියම වටිනාකම තේරෙන්නේ කෝච්චිය ගියාට පස්සේ නෙව… වාසනාවන් අයියේ… අදයි පාර හොයාගත්තේ දැන් ඉතින් කොනක ඉදල කියවන්න පටන් ගන්න ඕන… ආ… පාර පෙන්නුවේ ඇල්කේමීයාගේ දිනපොත.

    • Nihal Gurusinghe පවසයි:

      ඔබටත්. ඇල්කෙමියාටත් ස්තූතියි.
      කෝච්චිය ගියාට කමක් නැහැ. අද ඉඳල පටන් ගන්න. ආසියාතික බිරින්දෑවරුන්ට විශේෂයෙන් ලංකාවේ බිරින්දෑවරුන්ට පිං දුන්නට කමක් නැහැ.
      ” සොඳුර උඹ මට මව් වෙයන් ” කියල ගීයකුත් තියෙනවනේ.

  4. Sarath Lankapriya පවසයි:

    කාලෙකින් එන්න බැරි උනා..
    බොහොම සංවේදී සටහනක්.. මට හිතුන නිවාඩුවක් දමල ගෙදර ගිහින් පොඩි එකා එන්න කලින් අපේ එක්කෙනාව ඉම්බගන්න මහා දවාලේම.. පොඩි එකා ඉන්නකොට ඉතින් හැඟෙ හැඟෙ ඕන ඔවුව කරන්න.. ඒ මොකද පොඩ්ඩා කියන විදිහට එයා මිනිහගේ අම්ම මිසක් මගේ වයිෆ් නෙවෙයි..

  5. අයේෂා පවසයි:

    ඇත්තටම ඔයාගෙ ප්‍රිය බිරිඳට හොදට සලකන්න… එයා පව්…
    අර කොලුපැටියත් පව්…. 😦

  6. SiriBiris පවසයි:

    මදි නේන්නං. දෙවේලේ දකින කුකුලාගෙ කරමලය සුදුයිනෙ.

  7. පින්ග්කිරීම: 2011 මැයි 07 : ඈ අප සැමගේ අම්මාය……. « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )