උන් එකටත් , අපි තුනටත් ගියේ කොහොමද ? වසර හාරසීයක් , පන්සීයක් අපේ රටේ සම්පත් හූරගෙන උන්ගෙ රටවලට අරන් ගියා. ධන – ධාන්‍ය , මුතු – මැණික්… අන්තිමට අලි ඇතුන්ගෙ දළ ටිකත් කපා ගෙන ගියා.
ඒ නිසාම අපි තුනට ගියා. ඔය එකේ උන් විතරක් නෙවේ , අපේ රටේ සමහර උගතුන් , දේශපාලකයින් වේදිකාවල කෑ ගහන කොට තමන්ම කියා ගන්නව අපි තුන් වන ලෝකයේ රටක් කියල..
තුන්වන ලෝකයේ රටවල ස්වභාවය කොහොමද ? ඕං ඒක කියන කොට මතක්වෙනව , දවසක් පාරෙ ගියා කාන්තාවක් , ලෑල්ලක් වගේ පපුවකුත් , ඊටම සමාන්තරවූ පස්සකුත් තියෙන.. අපේ එකෙක් කියනව.. අර යන එක තුන්වන ලෝකයේ රටක් වගේ කියල.. කිසිම සංවර්ධනයක් , සරුවක් සෞභාග්‍යක් පේන්ට නෑ..
ඉස්සර අපේ රටට කීවේ පෙරදිග ධාන්‍යාගාරය කියල. සුද්දො අපිට තිරිඟු පිටි කවන්න ඉස්සෙල්ල අපි කෑවෙ , අපේ හාල් , සුවඳැල් , කුරහන් , මෙනේරි…
සුද්දො මෙහෙන් ගියේ අපිට පිටි කන්න කියා දීල.
මහනුවර , තෙල්දෙණිය හරහා මිනිපේ ගිහින් තියෙනවද කවුරු හරි ? වංගු දහ අට. දිග බස් එකක් නම් දෙපාරක් රිවස් කරලයි වංගුව ගන්නෙ. ඒ වගෙ වංගු දහ අටක් තියෙනව එක දිගටම. පළමු වංගුව ගන්න කොට ඈත පේනව මිනිපේ සශ්‍රීක කුඹුරු යායවල් නිලට නිලේ.
මම කී පාරක් මාතලේ පහු කරල දඹුලු – සීගිරි ගිහින් ඇද්ද ? ඒත් ඒ හැම වාරයකම මට දැනෙන්නෙ ඉස් ඉස්සෙලම යනව වගෙ. ඒව බලන්න වටින තැන්.. ඉතිහාසය ගැන නොදැන නිකම් උඩින් බලල ” ඕ..කූල් ” කියල නම් වැඩක් නෑ.
සීගිරිය කියන්නෙ තමන්ගෙ මල්ලිට බයෙන් කාශ්‍යප රජ්ජුරුවො හැදූ රාජධානිය. අඩි හත් අට සීයක් ඉහළට මාලිගා හදන්න බඩු අරන් ගියේ කොහොමද ? ගල මුදුනේ තියෙන තටාකයේ සිට පහත බිම තියෙන වතුර මලට වතුර එන්නෙ කළු ගල විදල සිදුරු කල මාර්ගයකින්. ඒ සිදුරේ විෂ්කම්භය පැන්සලයක් විතර ඇති.
යෝධ ඇලේ වතුර බැස්ම හැතැප්මට අඟලයි. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නෙ ක්‍රිස්තු වර්ෂයට පෙර. එහෙම නං අපි ළඟ මොකක් හරි විද්‍යාවක් තිබිල තියෙනව නේද ?
රාම – රාවණා කතාව අමු මිත්‍යාවක් කියල අපිට එක පාරටම අහක දාන්න බැහැ. දකුණු දිග මුහුදේ තියෙනව ගල් පර දෙකක්. ඒ කුඩා රාවණ කෝට්ටේ සහ මහා රාවණ කෝට්ටේ. වෙරළ බඩ වැල් දුවන පැලෑටියක් තියෙනව මහා රාවණ රැවුල නමින් හැඳින්වෙන.
එතකොට රාවනා , සීතව උස්සගෙන ඇවිත් හංගා ගෙන හිටියේ සීතාවක. කොහොමද මේ නම් හැදුනේ ? හිතේ වේගෙටද කොහෙද අදහස් ගලා ගෙන එන්නෙ හරියට වක්කඩ කැඩුණ වගෙ.
රාම , තමන්ගෙ සහෝදරයත් එක්ක හමුදාවක් අරන් ලංකාවට ආව රාවණට විරුද්ධව සටන් කරන්න. රාම ගේ සහෝදරය ඊ පහරකින් තුවාල වුනා. ඒකට බෙහෙත් තියෙන්නෙ හිමාල අඩවියෙ විතරයි. රාම තමන්ගෙ හිතවත් සේවකයට – හනුමට- කිව්ව වහාම බෙහෙත් හොයන් එන්න කියල . කලබල වූ හනුමා බෙහෙතේ නමවත් අහගන්නෙ නැතිව හිමාලෙට ගියා. බෙහෙත් පැලෑටි පිරුණු හිමාල කන්දෙන් කොටසකුත් රැගෙන ලංකාවට පනිද්දී එයින් කෑල්ලක් උනාගෙන වැටුනෙ ” උනවටුන”ට ඉහල අහසෙදි.
පෘතිවියේ පාලනයෙන් මිදුනු , අත්හැර දමන ලද චන්ද්‍රිකා කොටස් උනවටුනට ඉහල අහසේ එක් රැස් වීමට හේතුව ඒ හරියේ ගුරුත්වාකර්ෂනය වැඩි නිසා බව පසුව හොයා ගත්තා.
ක්‍රි.පූ. 350 විතර පයිතගරස් කියල හාදයෙක් ගණිතමය නීතියක් හොයා ගත්ත.
ඍජුකෝණී ත්‍රිකෝණයක බද්ධ පාද මත අඳින ලද සමචතුරශ්‍ර දෙකේ වර්ග පලය , එම ත්‍රිකෝණයේ කර්ණය මත අඳින ලද සමචතුරශ්‍රයේ වර්ග පලයට සමාන බවයි ඒ..
ගෙවල් වල අත්තිවාරම් දාන කොට සමහර පළාත්වල ” හුරස් පරස්” අරිනව, සමහරු ” මුළු පරස්” අරිනව. අපේ ගමේ කුමතේරිස් බාස් අත්තිවාරම් දාන්ට නූල් ගහල , එක පැත්තක අඩි 3 ක් ලකුණු කරල, අනික් පැත්තෙ අඩි 4 ක් ලකුණු කරල, ඒ ලකුණු කළ තැන් වල දුර අඩි 5 ක් වන තුරු නූල් එහා මෙහා කරනව. එහෙම කළාම මුල්ලෙ කෝණය නිකම්ම අංශක 90 ක් වෙනව. ඕක තමයි ඔය පයිතගරස් ගොයිය හොයා ගත්තෙ.
දෙවන පෑතිස් රජු හිටියෙත් ඔය ක්‍රි.පූ. 350 කාලයේ. ඒ කාලෙ හැදූ ගොඩනැගිලි වල අත්තිවාරම්වල නටබුන් ඔය තියෙන්නෙ. එහෙනම් ඔය තියරිය හොයා ගත්තෙ අපේ කුමතේරිස් ල.
වතාවක් ආණ්ඩුවෙ ඇමතිවරයෙක් වූ වි ජ මු ලොකුබණ්ඩාරයන් පත්තරේට ලිපියක් ලියමින් , ලෝකයට ශිෂ්ඨාචාරය ගියේ ලංකාවෙන් කියපුවාම , අපේ සමහර බක පණ්ඩිතයන් එතුමාට හිනා උනා.
ඉස්සර රජ වරු වීර ක්‍රියා කළ අයට ඇතෙක් බරට වස්තුව දීල තියෙනව. ඇතාගෙ බර කිරුවෙ කොහොමද ? මං හිතන්නෙ ඔය ආකිමිඩියස් කියන හාදයා හොයා ගත්තැයි කියන ක්‍රමයට වෙන්න ඕන.
රුවන්වැලි සෑයෙ වට රවුම – පරිධිය_ හැතැප්ම කාලටත් වැඩියි. එහා පැත්තෙ හේවිසි පූජාව කරන කොට අනෙක් පැත්තට ඇහෙන්නෑ. රවුමේ කිසි ඇදයක් එහෙම තියෙනවද ?
මගෙ ලියවිල්ල නවත්තන්න හිතෙනෑ මේව මතක් වෙන කොට.
අපේ තාත්තගෙ නෑයෙක් හිටිය.. අනුරාධපුරේ හිදෝගම පැත්තෙ තේ කඩයක් දාගෙන. තාත්ත මෙහෙ ඉඳල තේ කුඩු යවනව තැපෑලෙන්. පාර්සලේ ඝණ කම නූලකින් බැඳල, ගැටේ උඩට උණු කළ ලාකඩ වක් කරල , තාත්තගේ ඇඟිල්ලක තිබුන ලොකු මුද්දක් ඉන්ගිරිසි C G ගහපු. ඒක තියෙනව අර උණු ලාකඩ උඩ. එතකොට අර අකුරු දෙක නියමෙට ප්‍රින්ට් වෙනව. මට අවුරුදු 5 ක් ඇති. මට හොඳට මතකයි දවසක් ඔය ලාකඩ උඩ ඇඟිල්ල තියන්න ගිහින් වෙච්චි හරිය. ඕක තමයි ඔය ලෙටර් ප්‍රෙස් මුද්‍රණ ක්‍රමයෙ ආරම්භය. ඉස්සර රජ දරුවො රාජ හසුන් යැව්වෙ පේරැස් මුද්දෙ , මුද්‍රාව තියල.
අපි බාලයි, අපි තාම තුන්වන ලෝකයේ කියල අපි පාගන්ට බලන උන් එක්ක යන්න පුළුවන් නම් රට වටේ රවුමක් , දැන් බයකුත් නැති කොට ?
බම්බුව තමයි. තමුසෙලගෙ කට විතරයි. කිසිම වැඩක් බැහැ. ඔක්කොටොම ඉස්සෙල්ලා පෝලිමක
හරියට හිටගෙන් ඉන්ඩ ඉගෙනගනියව්. ගොන් හැත්ත.
//රුවන්වැලි සෑයෙ වට රවුම ඇද නැති වෙන්න අඳින්න අඩි 210 දිග ලනුවකුයි පොල්ලකුයි තිබ්බනම් ඇතිනේ. මැදින් පොල්ල හිටවල ඒකට ලනුව ගැට ගහල අනිත් කෙළවර අල්ලන හොඳට ඇදල දුවන එකයි තියෙන්නේ.//
දිග ලණුවකුයි පොල්ලකුයි විතරක් යොදාගෙන රුවන්වැලි සෑයක් හදන්න පුළුවං උදවියත් ඉන්නවා නෙ දැං. ෂහ්! මොන එහෙකටද මන්දා සිවිල් ඉංජිනේරු උපාධියටය කියල අච්චර ළමයිංව මරවන්නෙ.
හරියට හරි.
ඔය රුවන්වැලි සැය, ලෝවා මහා පය වගේ දේවල් හන්දඩ විද්‍යාවක් ඕනේ නැහැ. ඕනේ දිග මනින්න්ඩ මිනුමක්යි, දිග බලන්ඩ කම්බ ටිකකුයි, සිමෙන්ති, බදාම, ලී සහ පලංචි සහ “ද මොස්ට් ඉම්පොර්ටන්ට් තින්ග්” ඒ කියන්නේ දහස් ගණන් වහල්ලු වැඩ සඳහා. අනිත් එක ඒ කාලේ මේ වගේ ප්රෝජෙච්ට් ශෙඩුල්, ඩෙඩ්ලයින් තෙබ්බේ නැහැ නේ. ඉතින් ඕනේ තරම් වෙලා අරන්, ඕනේ තරම් මිනිස්සු වහල් වැඩට අරන් ඕව හදන්ඩ පුළුවන්. කිසිම ගණිත සුත්‍රයක්, ප්රේමේයක් ඕනේ නැහැ. නලින් ද සිල්වා කියනවා මන් අහගෙන තියෙනවා සිංහල මිනිස්සු කිසිම් ගණිත ප්රේමේයක් (Theorum ) එකක් හදල නැහැ කියල. ඒවා හදන්ඩ වියුක්තව හිතන්ඩ ඕනේ ලු. හැබැයි සින්හලුනංට වියුක්තව
හිතන්ඩ බැහැලු. ඒක නං හැබැයි ඇත්ත. මමත් පිලිගන්නවා.
ඔය ශිල්ප සහ ශාස්ත්‍ර අතර වෙනස මන් දැනගත්තෙත් ඔය නලින් ද සිල්වා මහා විද්වතාගෙන්. අපේ ඔය මුතින් මිත්තෝ (ඇත්තට මිට්ටෝ :-ද ) මාමලට තිබිල තියෙන්නේ ශිල්ප. නෝ ශාස්ත්‍ර. ඒ කියන්නේ ඔය රුවන් වැලි සෑය වගේ දාගැබ් අවුරුදු 100, 200, 300 තිස්සේ හද හද එවයින් ලැබුනු අත්දැකීම් වලින් තමයි පස්සේ අය ඒවා improve කරන්නේ. ඒත් කටින් කට ගිහින්. ඉතින් ඕව හදන එක මහා ලොකු දේවල් නෙමෙයි. ලෝවා මහා පාය වුනත් උඩට යන්ඩ යන්ඩ තට්ටු වල වර්ග ප්‍රමාණය අඩු වෙන නිසා ඒක හදන්ඩ තවත් ලේසියි.
ඉතින් ඕක තමයි ඇත්ත කතා. හැබැයි ඇත්ත තිත්තයි.
low gravity තියන ඇමරිකානු ප්‍රදේශයක් ගැන අහලා තිබුනා. තැන නම් දැන් මතක නෑ. එහේ මිනිහෙකුට අංශක 45ක් ඇල වෙලා ඉන්න පුලුවන් වැටෙන්නේ නැතිව.. ඇත්තද මංද?
හනුමන්ත ගෙනාපු කන්ද විධියට සැලකෙන්නෙ ගාල්ලෙ තියෙන රූමස්සල කියලයි මම දන්නේ. ඔය ඉතිහාස කතා නම් ඇත්තටම ඒ තරම් දේවල් නෙවෙයි. අපි හිටපු විධියට වඩා අපි ඉන්න විධියයි වැදගත් කියල මට හිතෙන්නේ. ඒ වර්තමානය වඩා හොඳ කරගන්න ට්‍රයි කරනව මිස පංගු බෙදන්න යන එකෙන් කවදාවත් ගොඩයන්න බෑ නේද? අනිත් එක කොහොමින් කොහොමින් හරි සියවස් ගානක් ගිහින් හරි ලෝකය තනි යායක් වෙන එක තමයි හොඳ 😀
රටක ඉතිහාසය ඒ තරම් දෙයක් නෙවේ කියන එක නම් දෙවතාවක් හිතල කියන්න ඕන වටින කතාවක්.
එකඟයි..
ඇත්ත. මම කියන්නෙ ඒ සම්බන්ධ කතා වල ඉවරයක් නෑ කියන එක. ඉතිහාසය කියන්නෙ පම්පෝරියට මිස පාඩම් වලට පාවිච්චි නොකරන දෙයක් වෙලා තියෙද්දි ඒ ගැන කතා වලින් එකිනෙකා තවත් දුරස් වෙනව ඇර වෙන දෙයක් වෙනව කියල මම නම් හිතන්නෙ නෑ. හැබැයි ඉතිහාසය ඉගෙනගන්න එක ඕනෙම මනුස්සයෙක්ට අවශ්‍යම කාරණයක්. තමන් දැන් ඉන්න වටපිටාව හැදිල තියෙන්නෙ ඔය ඉතිහාසය නිසා. ඉතිහාසය නොදත් මනුස්සයෙක්ගෙ වර්තමානය ලොකු අවුලක්. හැබැයි ඉතිහාසෙ ඉගෙනගෙන ඒකෙන් ජීවිතේ ඉගෙන නොගෙන පම්පෝරි ගගහ හිටියොත් (මම කියන්නෙ ඔබ ගැන නෙවෙයි. ඉතිහාසෙ ගැන කියවන ගොඩක් දෙනාට ඉතිහාසය කියන දේ ඔහොම එකක් තමයි) ඒකෙනුත් ඇති වැඩක් නෑ.
කලින් කමෙන්ටුවේදි සඳහන් කරන්න බැරි වුණ ලංකාවෙ තියෙන ස්වභාව සෞන්දර්යය ගැන නිහාල් අයිය කියන දේට අම්බානක් එකඟයි!
අර කිව්වා වගේ ඉතිහාසය වටිනවා තමයි. ඒත් ඉතිහාසයක් විතරක් තිබිලා මදි නේ, වර්තමානයකුත් අනාගතයකුත් තියෙන්න එපැයි.
අපේ මෑත ඉතිහාසයත් වර්තමානයත් ඉතින් එච්චර ලස්සන නෑ.. සුද්දා එක්කෝ කෙළවන එක නැට්ටටම කෙලවලා ගිහින්.
නැත්තම් කොතෙන්ඳි හරි අපි අපිටම කෙලවගෙන තියෙනවා.
ඔය සුන්ඳරත්වය කියන්නා වගේම, දේශපාලුවෝ, පොලිස් කාරයෝ, පාතාලයෝ, මොටෝ බයික් කාරයෝ, ත්‍රී වීල් කාරයෝ ගැන රට එපා වෙන කතන්දරත් මට ගොඩක් තියෙනවා කියනවා නම්…
නියමයි!!! වටිනා කියන ලිපියක්…
ඉතාමත් වැදගත් ලිපියක්. අපේ ඉතිහාසගත කරැණු බොහොමයක් බලෙන් වල දමන්න හෝ විකෘති කරන්න උත්සහ කරන මෙවන් යුගයක ඔබේ උත්සහය විශිෂ්ඨයි…..
ලංකාවෙ විතරක් නෙමෙයි ඔය වගේ සැඟවීගිය ශිෂ්ඨාචාර තිබුනෙ.
ඇට්ලාන්ටිස් [පැවතියා යැයි තහවුරු වී නොමැත]
පුරාණ ඊජිප්තුව
ර්ස්ටර් දුපත්
මචුපිචු
මායා
සන්කෙන් – කියුබා
ලෝකෙ පුරාවටම ඔය වගේ තැන් විසිරිලා. මොන හේතුවකටද දන්නෙ නැතු වුනාට ඒ හැම දෙයක්ම එක හා සමාන කාලයකදි විනාස වෙලා ගිහිල්ල.
නවම් සහෝ… ඔය කියාපු ශිෂ්ඨාචාර ඔක්කොම පාරභෞමිකයන්ගේ උදව් ඇතිව ගොඩ නැගුණු ඒවා කියලයි කියන්නේ. ඒ පාරභෞමිකයන්ගේ සහයෝගය නැති වීම හෝ වෙනත් පාරභෞමිකයන් සමග ඇති කරගත් ගැටුමක් මත හෝ ඔය ශිෂ්ඨාචාරයන් මෙලොවින් තුරන් වෙලා තියෙනවා.
ඔන්න මේක කියෙවුවම මට හිතෙන්නේ වෙන දේවල්..
රාවණ රජ්ජුරුවෝ පරද්දන්න වඳුරන්ගේ රජාට උදවු දෙමින් තමන්ගේ රට පාවලා දුන්න විබීසනයා දෙවියෙක් වෙලා කැලණියේ පුද සත්කාර ලබනවා.
රාමා හොඳයි රාවණා නරකයි කියල තමයි තාමත් අපේ රටේ උගන්වන්නේ.. අපේ එකා අපිම පාත් කරනවා.
අපේ අන්තිම රජා පාවලා දුන්න මදිවට බිසවට අඩන් තේට්ටම කරනකොට ඒක නැවැත්තුවේ සුද්ද.
මං කැමතියි රාවනගෙන අපි පැවැත එනවා කියලා හිතන්න.. එත් වැඩ වලින් නම් පෙනෙන්නේ විජයගෙන් වගෙයි ඒ මොකද විජය කලේ තමන්ට උදවු කල කුවේණි පාවිච්චි කරලා ජරා විදිහට එයාගේ නෑදෑයින් මරා දාපු එකනේ … දැන් අපේ රටේ වෙන්නත් ඕකනේ..
රජකම ගන්න තාත්තාව මරනවා ..ඊට පස්සේ අය්යල මල්ලිලා කෙල ගන්නවා.. එකෙක් සුද්දෝ පස්සේ යනවා.. තමන්ගේ රජට විරිද්දව සුද්දන්ට කත් අදිනවා. ගෑනි රජවෙන්න මිනිහව මරනවා..
සුද්දෝ උද තියාගෙන ඉන්නේ අපේ උන්මයි..රටේ සල්ලි කාරයින්ට අයිති බොහොම දේශීය ආයතනවල ලොක්කෝ සුද්දෝ. අපේ රටේ උගත්තු පිට රට වල කඹුරනවා.. ලියන්න ගියොත් පොත් ගණන් ලිවුවකි නිහාල් ! හැබැයි කෙටියෙන් කිවුවොත් අපිට කෙලවා ගන්නේ අපිමයි..
ඉන්දියානු ඉතිහාසයේ විජය කියල රජ කෙනෙක් ගැන සඳහනක් නෑ. රාම – රාවණ කතාව මිථ්‍යාවක් වුනත් දෙරටේම මිනිස්සු ඒ ගැන දන්නව.
අ) ඔය ආදි කාලේ තිබ්බ විජ්ජාව නැති කොර ගත්තේ අපේ මිනිස්සුම නේද? ඒ මොකෝ?
ආ) ඒකත් පරදෙසක්කාරයින්ගේ වැරැද්දද?
ඇ) රාවණා ගොය්යගේ නම ඈඳුන තැන් ගොඩක් තිබ්බට, එයා කරපු වැඩ පෙන්නන තැන් නැහැ නේද? අඩුම ගානේ වැවක්, ගොඩ නැගිල්ලක් වගේ.
ඈ) දැන් ඔය හනුමන් වඳුරා කන්දක් උස්සගෙන ඉන්දියාවෙන් ලංකාවට පනින්න පුළුවන් තරම් ලොකු නම් අපේ රටේ මිනිස්සු මරන්න ඒකා විතරක් ඇති නේද? රාමාගේ සේනාවක් අවශ්‍ය නැහැනේ. නැත්නම් ලංකාවෙත් එච්චරකටම ලොකු මිනිස්සුද හිටියේ?
ඉ) ඔය අත් ඇරපු චන්ද්‍රිකා උණවටුනට ඉහළින එකතු වෙනවා කියලා තියෙන්නේ කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? මම නම් දන්නා තරමින් චන්ද්‍රිකාවක් අනවශ්‍ය උනාම එක පෘතුවි වායුගෝලය තුල දැවිල යන විදිහට කඩාවැටෙන කක්ෂයකට යොමු කරන එකයි කරන්නේ.
ඊ) “රුවන්වැලි සෑයෙ වට රවුම – පරිධිය_ හැතැප්ම කාලටත් වැඩියි.” එතකොට එකේ විෂ්කම්භය වෙන්නේ අඩි 420, ඔච්චර දුරක් හේවිසි ඇහෙන්නේ නැත්තේ බීරි හින්ද වෙන්න ඕන. ඇත්ත හේතුව වෙන්නේ හේවිසි හඬයි අපි අතරට රුවන්වැලි සෑය හින්දා බාධකයක් එන එක නේද?
උ) රුවන්වැලි සෑයෙ වට රවුම ඇද නැති වෙන්න අඳින්න අඩි 210 දිග ලනුවකුයි පොල්ලකුයි තිබ්බනම් ඇතිනේ. මැදින් පොල්ල හිටවල ඒකට ලනුව ගැට ගහල අනිත් කෙළවර අල්ලන හොඳට ඇදල දුවන එකයි තියෙන්නේ.
ඌ) “ඉස්සර රජ දරුවො රාජ හසුන් යැව්වෙ පේරැස් මුද්දෙ , මුද්‍රාව තියල” ඕක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රදලයෙක්ම කරපු දෙයක්. හරි අපි ඕක ලංකාවේ හොයාගත්තු දෙයක් කියමුකෝ. ඉතින් ඔය උඩින් යන දඬු මොනරු හදන්න දැනුම තිබ්බ බුවාලට, ලෙටර් ප්රෙස් මැසිමක් හදන හැටි හිතා ගන්න බැරි උනාද මහනුවර යුගය වෙනකනුත් තල්පත් වල කුරුටු ගගා හිටියේ?
එ) ඒ කාලේ ලංකාවේ හිටපු මිනිස්සු ප්‍රමාණයට ඇති වෙන්න කන්න දීල පිට රට යවන්න පුළුවන් තරම් නිෂ්පාදනයක් ලංකාවේ තියෙන්න ඇති. ඒ කාලේ කොච්චර ජනගහනයක් ඉන්න ඇතිද? මිලියනයක් වැඩිම? ඒ හිටපු මිනිස්සුන්ගෙන් 90%ක් වත් ඉතින් කරන්න ඇත්තේ ගොවිතැන් කරන එකනේ. දැන් ලංකාවේ ජනගහනය කීයද? මිලියන 20ක් වගේ ගානක්. ඔතනින් ගොවිතැන් කරන්නේ කී දෙනාද? හැමෝම කැමති කොහොම හරි එයාර්කන්ඩිෂන් තියෙන ඔපීසියක වැඩ කොරන්න හරි කොම්පියුටර කොට කොටා ඉන්නනෙ, කුඹුරු කොටන්න යැ. ඉතින් ඉන්න මිනිස්සු ගොඩට කන්න දෙන්නේ කොහොමැයි?
මේ පුරස්න ඔක්කොම මේ වගේ ලිපි දැක්කම මට හිතුනු දේවල්. පුලුවන්නම් මට තේරුම් කරලා දෙන්න.
රාම රාවණ කතාව අමු මිත්‍යාවක්. ඒත් එහෙම නිකම්ම බොරුවක් කියල අහක දාන්නත් බැහැ.
එච්චර ලොකු මිනිස්සු ඉන්න බෑ තමයි. එහි අගය රසය වැඩි කරන්නයි ඒ විදියට ගොතල තියෙන්නෙ. ගමේ පන්සලේ බුදු පිළිමෙ දැක්කට වඩා සද්ධාවක් ඇති වෙනව නේද මාතර වෙහෙරහේනෙ බුදු පිළිමෙ දකින කොට.
ගුරුත්වාකර්ෂණය ගැන: එතන පොඩි වැරදීමක්. ” අඩුම” ගුරුත්වාකර්ෂනය තියෙන තැනක් උණවටුනට ඉහළ අහස. ආතර් සී ක්ලාක් මහතා විසින් ලියන ලද පොතක මා එය කියවා තිබෙනවා.
Unawatuna has one of the lowest gravitational – g, values in the world… that means you’d feel slightly lighter when you’re there!!
රුවන්වැලි සෑයෙ හේවිසි හඬ නෑසෙන්නෙ අප අතර බාධකය තියෙන නිසා තමයි . ඒ බාධකය ඇද නැති විශාල රවුමක්.
සහෝ, ඔයා රාවණා ගැන අහලා තියෙන දේවලට උත්තරයක් දෙන්න කැමතියි. ඔයාටත් ඒ ගැන දැන ගන්න අවශ්‍ය නම් මේල් කරන්න.
chathudscp@gmail.com
දන්නේ නැති දේවල් වලට අතදාලා කුඤ්ඤෙ ගලවපු වඳුරෙක් වෙන්න එපා.
ඔය රාම- රාවනා කතාව ලස්සන ප්‍රබන්ධයක්. ඔබ දන්න දේවල් මෙහි පළ කරන්න. මම දන්න දේට වඩා නොදන්න දේ වැඩියි
කතාවනම් හරියට හරි,බටහිර ජාතින් ලංකාව දාලා යද්දි අපේ ඇත්තන්ට දීලා ගිය දෑවෑද්ද තමයි ඔය.බටහිර ගෑති වාදී මානසිකත්වය.බටහිර ජාතීන් හෙලුවෑල්ලෙන් ගඩා ගෙඩි කනකොට ඊට ගොඩක් ඉස්සරහින් අපි හිටියා.අනික කාර්මික විප්ලවය තුලින් ලද තාක්ශනික දියුනුවට වෑය කරන ලද මුදල් අපේ රටවල් වලින් සුර්න් කාපු මුදල් තමයි.
බටහිර ජාතීන් නැව් වලින් යන්න පුළුවන් වෙච්ච්ච ගමන් කොරපු දේ තමා රටවල් ආක්‍රමණය කරලා සූරන් කාපු එක. අපේ මිනිස්සුන්ට අහසින් යන්න දඬු මොනර තිබිලත් ඔහොම දෙයක් නොකරපු එකේ වැරැද්ද නෙමෙයිද ඉතින් ඔය? දැන් බටහිරට බැනලා ඇති පලේ මොකක්ද. මේ කොටන කොම්පූටරේ හැදුවෙත් ඒ ගොය්යලානේ. අපේ දඬු මොනර බාස්ල ටික නෙමෙය්නේ.
සමහර විට ඔබ නොදන්නවා විය හැකි ඇමරිකාවේ නාසා ආයතනයේ පර්යේෂණ අංශයේ ලොක්ක මේ දඬුමොණර බාස්ලගෙ පරම්පරාවෙ එකෙක් විත්තිය.
නමුත් එයා පාවිච්චි කරන්නේ හෙළ දඬු මොනර තාක්ෂනය නෙමෙයිනේ. පරදේසක්කාර සුද්දන්ගේ තාක්ෂනය. ඉතින් එතන අපි මහා ලොකු විද්‍යාවකට උරුමකම් කියන බවක් හෝ භාවිතා කරන බවක් ඉස්මතු වෙන්නේ නැහැනේ. එතුමා එතනට ගියේ පරදේසක්කාර විද්‍යාව ඉගෙන ගෙන, තව පරදේසක්කාර විශ්ව විද්‍යාල වලින් පට්ටම් ගහගෙන. නැතුව ලංකාවේ ඉඳං දඬු මොනර හදල නෙවෙයි. එකයි මගේ තර්කය. ඔතනදී වෙලා තියෙන්නේ සුද්දෝ අපේ හොඳම මොළ ටිකත් හූරා ගැනීම නේද? ඔහොම මොලේ තියෙන අයට ඉතින් සිරි ලංකාවේ තැනක දෙන්නේ නැහැනේ.
මම මේ බ්ලොගයේ ලියන්නේ මගේ අත් දැකීම්. වැඩි පුර ලියන්නේ දුක හිතෙන දේ. ටිකක් වෙනස් දෙයක් ලියන්න හිතුවේ ඒකයි. ස්තූතියි කියෙව්වාට.
ස්තුතියි මේ ලිපිය ලිව්වාට. මම ඔයාට මඩ ගහන්න හදනවා නෙවෙයි. මට අවශ්‍ය රාවනාලා, ඔවුන්ගේ දියුණු විද්‍යාව, ලංකාවේ තිබු දියුණු විද්‍යාව වැනි දේ ගැන ලිපි ලියන අය සමග තාර්කික සංවාදයකට එන එක විතරයි. මම දන්නේ නැති හුඟක් දේ ඉන් ඉගෙන ගන්න ලැබෙනවා.
මට දුක අපේ අය ඉස්සර තිබුණු දේ ගැන පම්පෝරි ගහනවා මිස අපේ රට වැටිලා තියෙන තත්වෙන් ගොඩ ගන්න කිසි දෙයක් නොකරන එකයි. පිනට මිනිස්සුන්ට සල්ලි දෙන එකෙන් එක වෙන්නේ නැහැ. වෙන්න ඕන මිනිස්සු තමන් උපයන හැම සතයටම හරි යන්න රටට වැඩ කරන එක. අඩුම ගානේ ඉස්සර තිබුන විද්‍යාව ගැන කතා කරන අය ඒ තිබ්බ විද්‍යාව නැවත හොයාගෙන බටහිර පරද්දන්න ඕන එහෙම තිබ්බයි කියල පම්පෝරි ගහන එක නවත්තලා.
මගේ ප්‍රශ්න අනිත් අයටත් විවුර්තයි.
මටත් කියන්න තියෙන්නේ ඒකම තම. ලංකාවේ අතීතය ගැන කිය කිය පම්පොරි ගහනවා මිසක් අපේ මිනිස්සු අනාගතයට වැඩක් කරන පාටක් නෑ
මම හිතන්නෙ මගේ ලිපිය ඔයා වැරදි විදියට වටහ ගෙන. නැත් නම් උඩින් පල්ලෙන් කියවල. මඩ ගහනවා කියල මං හිතුවෙ නෑ.
මහනුවර යුගය වන තුරුත් අපි තල් කොල වල් ලීවා කියල ඔබ කියනවනේ. ලෙටර් ප්රෙස් ක්‍රමය අපි දැනගෙන හිටියට අච්චු ගහන මැෂිම හදන්න අපිට බැරි උනා.
ඉස්සෙලම හැදුනෙ කරත්තය නෙවේ. රෝදයයි. අපි හදන්න කලි වෙන කවුරු හරි අච්චු මැෂිම හදන්න ඇති.
මේවට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබට මගෙනුත් , මට ඔබෙනුත් යමක් ඉගෙන ගන්න පුළුවන්.
මේක කියවලා බලන්න. රාවණා ගැන ගොඩක් තොරතුරු දැනගන්න ලැබෙයි. මේ ඊ-පොත සඳහා ලින්ක් එක ලබා දුන් දක්ෂිණ සොයුරාට ස්තුතිය.
http://www.sendspace.com/file/d6uoio
http://apethana.com/drupal/helayugaya