මගේ වෛරය.


බලන දස අත
ඇගේ රූපය පෙනේ
මම ඇයට වශී වෙමි

ඈ…. කවුද ?
මරඟනක්ද?

රුදුරු තුරු වදුළේ
තියුණු කටු අතරේ
පිපුණු රෝස මලක්ද ?
නැත..
මඳ පින්නේ පිපුණු මලක්
නෙලන්න නොලැබෙන කිසිදින

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
මොන ?
නින්ද මා අසළටවත් නො ඒ..

මම උඩු බැල්ලෙන් නිදා ගනිමි

යට ලීයේ නාරිලතා මල්
පූදින්නේ

මම සිතෙන් ඇය නිරුවත් කරමි
උණා දමමි
ඇඟ සළු පිළි
සීරුවට
වරකට එක බැගින්
ඇඟිලි තුඩු යවමි
කෙහෙරළ අතර
සිප ගනිමි
දේදුනු දෙබැම
බාල චන්ද්‍ර පටු නළලත
ඉහිරේද මගේ දෙතොලින්
ඇගේ නළල් තිලකය
සිප ගනිමි දෑස් පියන්
ඊළඟට තොල් පෙති

මම මගේ පපුව පිරි මදිමි
අත කෙමෙන් පහලට…
යාමය… තුසිතය..
පරනිර්මිත වසවර්තිය…
සියල්ල කෙළවර වෙයි
බැල්ලි…

ආදරය – වෛරය
කෙස් ගසක දුරකි
මම ඇගේ රූපය විරූපි කරමි
ඈ කවුද ?..
වෙසඟනකි….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

16 Responses to මගේ වෛරය.

  1. Lankapriya පවසයි:

    යාමය තුසිතය පහුකරන් ගියාමත් තාමත් සිතබැඳි නම් ඒ ලඳට නුඹ ආදරෙයි..

  2. සින්බද් පවසයි:

    ඇසට පේන හැමදෙයක් ම සත්‍ය නොවෙයි. ලස්සන මිරිගුවක් ද විය හැකියි.

    http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html

  3. නවම් පවසයි:

    කවුරු කොහොම කිව්වත් යාමය, තුසිතය.. පහු කරන් ගියාම බැල්ලී……

  4. Alchemiya පවසයි:

    වෙසඟනක් වුනත් ලේ මස් ඇට නහර වලින් හැදිච්ච තවත් ගෑණියෙක් නේද නිහාල් අයියේ ?
    මරඟනක් වුනත්, වෙසඟනක් වුනත් තමන්ගෙ බිරිඳ වුනත් මේ හැමෝම ගාව තියෙන්නේ එකම එක දේ නේද ?
    මේක ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැතිව ඉබාගාතේ යන්නේ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )