මා දැන් මහළු වියේ………


කටට දිවට රහට හොඳට
උණු උණු තේ කෝප්පයක්
ආයෙ බොන්නෙ කවද්ද මං ?
මේ වයසට සීනි හකුරු
හොඳ නැහැල්ලු දැං

කොත්තු රොටී
චයිනිස් ෆුඩ්
ඉස්සර කෑ මං
පරළු පාන් පෙති දෙකකුයි
රෑට කන්නෙ දැං
මේ වයසට කාබොහයිඩ්‍රේට්
ගුණ නැහැල්ලු දැං

මේ වයසට ව්‍යායාම
ඕනමයිලු දැං
නොනවතිමින් මයිල දෙකක්
ඉස්සර දිවු මං
හති අරිමින් අඩි දහයයි
ඇවිද යන්නෙ දැං

කණ්ණාඩිය ඇහේ නැතුව
නැතිවුන කණ්ණාඩියවත්
හොයන්න බැරි මං
කෙල්ලන් දෙස හොරෙන් බලල
පලක් නෑනෙ දැං

සුදු තාත්ති ” අපි යන්නද ? ”
වැඳල අහපු උං
නිකමටවත් යනව කියල
යන්නෙ නැහැනෙ දැං

වොඩ්කා ජින් විස්කි බ්‍රැන්ඩි
බිව්වෙ ඇති පදං
රෙඩ් වයින් විතරක්මයි
( ඒකත් තේ හැන්දයි )
දෙන්නේ මට දැං

“වස්තුවෙ අද යන්නෙ නැද්ද ?”
ඇහුවෙ ඈ උදෙං
දැං ඇඟ අල්ලලා බලයි
” සීතළ” දැයි මං

දත් මැදලා අහක දාපු
දැහැටි වගෙයි දැං
මේ විදියට ජීවත් වී
පලේ මොකද මං ?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to මා දැන් මහළු වියේ………

  1. Sarath lankapriya පවසයි:

    මහලු විය කියන්නේ තනිකමටයි.. හිටි ගමන් ජීවිතේ හෙමින් යන්න පටන් ගත්තොත් … සිරිබිරිස්ගේ අවවාද හොඳයි !! අපේ තාත්ත හැමදාම හිතුවේ කොල්ල වගේ. දවසක් මත එක්ක කියනවා තව කෙනෙක් ගැන “අර නාකිය ” මන් තාත්තගේ මුණ බැලුවම තාත්තාටත් හිනා. ඒ මොකද මිනිහ තාත්තට වැඩිය වයස කෙනෙක් නෙවෙයි.. මාත් හිතන්නේ තාත්ත වගෙයි.. අපි මහලුයි කියල හිතන්න ගත්ත දවසේ ඉඳල අපි වයසට යන්න ගන්නවා !!! මගේ හාමිනේත් එහෙමයි. කොල්ල්ල කෙල්ල වගේ යනවා.. ළමයි ලොකු උනාට අපි මොනා කරන්නද ?

  2. Sarath Lankapriya පවසයි:

    ඔන්න ඕන ඉටිගෙඩියක්
    වෙන්න කියල මන්
    කනව බොනව ආස කරන
    හැමදෙයක්ම දැන් !

  3. නදී... පවසයි:

    මමත් ඉස්සර අප්පච්චි නිදාගන ඉද්දි සද්දයක් නෑත්තම් ගිහින් බලනව හුස්මගන්නවද කියල.මාමාට ගොඩක් වයසද?

    • nihal පවසයි:

      මට අවුරුදු දහ අටක දුවෙක් ඉන්නවා. ඉතින් නදීට හිතා ගන්න පුළුවන් නේද මගෙ වයස ?
      ” මා දැන් මහළු වියේ” පුංචි නිර්මාණයක් විතරයි. මම හැම සුමානෙම වගේ මගේ මේ බ්ලොග් එක අප්ඩේට් කරනවා. සුමාන දෙක තුනක් එක දිගට අප්ඩේට් වුනේ නැත්නම් නදී හිතා ගන්නකෝ ” මගේ ඇඟ සීතල වෙලා කියල.”

      • SiriBiris පවසයි:

        ලස්සනයි. අමරදේවගේ “මා දැන් මහළු වියේ ” ඇහුවට පස්සෙ කියවපු හොඳම එක.

        ඒත් ඇයි අපේ අය යන්තං පනහ වෙච්චි ගමන් හිතෙන් පල්ලං බහින්න හදන්නෙ. උපරිම වයස් සීමාව, 80-90 වන, පැන්ෂන් 65 , ඒකත් 70 කරන්න හදන, 65 කසාද බඳින සුද්දො ඉන්න මේ බටහිර රටවලදිවත් අපි අපේ සහජ ගති වෙනස් කරගන්න ඕනෙයි කියල හිතෙන්නෙ නැතද? වරදවා තේරුං ගන්න එපා, මං කියන්නෙ නෑ අපි සුද්දො කරන ඔක්කොම කරන්න ඕනෙයි කියලා. ඒත් මං විස්වාස කරන දේවල් ටිකක් මං කියන්නම්

        1. ඇඟේ මහත වැඩිකරගන්න එපා – ඒක ඔක්කොම ලෙඩ වලට මුලයි.
        2. දවසට 10 විතර ටික ටික කන්න. මතකනෙ, පුංචි කාලෙ අම්මල බනිනවා “කපුටා” වගේ කනව කියලා. ඒක තමයි රහස, ජීවිතේට ඇඟට අල්ලන්නෙ නෑ. පිටි ජාති (ස්ටාච්) අඩුකරන්න, බත් නං ටිකක් කන්න.
        3. පුළුවන් තරම් කාලයක් රස්සාව කරන්න. නිකං ඉන්නකොට මානසිකව වැටෙනවා, “යුස්ලස්” කියල හිතෙනවා.
        4. ජීවිතේ “පොඩි” දේවල් වලින් සතු‍ටු වෙන්න බලන්න. දුක-සතුට/සැප එකම කාසියක දෙපැත්ත වගේ , එකක් නැත්නං අනෙකේ පැවත්මක් නෑ.

        මේවා දැනටමත් ඔබ දන්නවා ඇති, බණ කියනව කියල අමනාප වෙන්න එපා. ඔයා ටිකක් “සීරියස්” සහ ජීවිතේ “දුක” පැත්තට බර වැඩියි කියල හිතුන හින්දයි කිව්වෙ. ඔයාට ජීවිතේ හුඟක් හොඳ දේවල් ලැබිලා තියනවා. ඔහොමද අපිට කෙලවිලා තියෙන්නෙ, ඒත් මේ ඉන්නෙ.

  4. නවම් පවසයි:

    “වස්තුවෙ අද යන්නෙ නැද්ද ?”
    ඇහුවෙ ඈ උදෙං
    දැං ඇඟ අල්ලලා බලයි
    ” සීතළ” දැයි මං

    නියම පේලි හතරක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )