සුද්දෝ.


-මිනිහගෙ වැඩ නිකං සුද්දගෙ වගෙ-
-මිනිහ නිකං සල්ලි වියදම් කරන්නෙ සුද්ද වගෙ-
– මිනිහගෙ වැඩ කෙලින් සුද්ද වගෙ-

සුදු පාට හම සහ නිල් පාට ඇස් ඇති සුද්දන් නියම සුද්දන්ය. සුද්දගෙ එකම අසුද්දකම පස්ස නොසෝදන එකය.

වයස අවුරුදු 70 – 80 ඉක්මවූ සුදු ජෝඩු මා ජීවත්වන පරිසරයේ අතලොස්සක් වේ. ඒ නියම සුද්දන්ය. ඔවුන්ගේ කතාව පැහැදිලිය. සිනාමුසුය.( නිව්යෝකයන් හැරුනු විට ) ආචාරශීලීය. නීති ගරුකය. මත් පැන් හා දුම් පානය කළේද සීමිත ප්‍රමාණයකි. විනීතව ඇඳුම් ඇන්දාහ.
දැන් ඉන්නා සුද්දන්ගේ ප්‍රියතම වදන් වන F*** සහ ***hole වදන් පාවිච්චි කරන්නේම නැත.

මා දන්නා ඇන්ඩෲ මල්හොලන්ඩ් යුවළද එවන් ” සුද්දන්” ය. දැනට හැත්තෑවන වියේ පසුවන ඔවුන් දෙපළ, වයස්ගත ශ්‍රී ලාංකික මා පිය යුවළක් සිහි ගන්වයි.
ඒකට දැන් ඉන්න සුද්දන් ! උන්ගෙ හම සුදු උනාට ලෝකයේ විවිධ හම සුදු පාට උන් එක්ක මුසුවූ කලවං සුද්දන්ය. ඒ කලවම නිසාම උන් මහා ජරා ජාතියක් වී ඇත.

මගේ හිතවතෙක්වූ ජෝන් රොස්ට් , මට වඩා වයසින් අඩු සුද්දෙකි. මා ඔහු හැඳින ගන්නා විට ඔහුගේම ව්‍යාපාරයක අයිතිකරු වු ඔහුගේ විනෝදාංශ වූයේ කුඩා ගුවන් යාන පැදවීමත් ඒවා අළුත්වැඩියාවත්ය.

වසර කීපයකට පසු මා ඔහු දකින විට රවුල් කොණඩා වැවී අපිරිසිදු සුද්දෙක් වී අන් අයගෙන් සිඟමන් යදින තත්වයට පත්වී සිටියේය.

2005 වසර අග භාගයේ ඇමරිකාවට බලපෑ ” ආර්තික අවපාතය” වැඩියෙන්ම බලපෑවේ අර කිවූ ජෝන් රොස්ට්ලාගේ ගනයේ සුද්දන්ටය.

එක් විශාල කොම්පනියක CEO හෙවත් ප්‍රධාන විධායක නිලධාරියා , ඔහුගේ කොම්පනිය වසා දැමීම නිසා pizza ඩිලිවර් කරන්නෙකුගේ තත්වයට පත් විය.

සුද්දෝ , සුද්දන් මෙන් වියදම් කරති. හෙට ගැන නොසිතති. ඉතිරි කිරීම ගැන නොදනිති.

සත 25 චුයින්ගම් එක ගැනීමටත් , ශත 99 කෝපි කෝප්පය ගැනීමටත් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරති. අඩු ආදායම් පෙන්වා ආහාර මුද්දර හෙවත් EBT ලබා ගැන්මට ඔවුන් දක්ෂය. මා අඳුනන ” බෙලීස්” ජාතික කල්ලා රැකියාව අහිමි වීම නිසා EBT පාවිච්චි කරයි. එහෙත් ඔහු පදවන්නේ මිළ අධික BMW වාහනයකි.

පාරේ බිම වැටී ඇති කාසි ඇහිලීමට අප කුඩාවුන් කලවත් අපේ දෙමාපියන් අපට ඉඩ නොදේ. ” චී— බබා – ඕවයෙ ජරාව ”

එහෙත් ටයි කෝට් හැඳ බිම වැටී ඇති සතේ කාසි අහුලන සුද්දන් මා අනන්තවත් දැක ඇත.

ඇමරිකන් සුද්දන්ගෙන් හරි අඩක්ම කුලී නිවාස හෙවත් අපාට්මන්ට් වල ජීවත්වේ. නිවාස ඇති වැඩි දෙනෙකුට මෝර්ගේජ් ඇත. නිවාස අයිති කරුවන් කරන්නේ තම නිවස මොඩිෆයි කර , වෙළඳපල මිළ ඉහල ගිය පසු මෝර්ට්ගේජ් එක රි ෆිනෑන්ස් කර , අතිරේකව ලැබෙන මුදලින් ජොලි කිරීමය. එහෙත් මෙදා පාර ඔවුන්ට වැඩේ වැරදුනි. මිළ ගණන් භාගෙටත් වඩා පහල ගියේය. රැකියා අහිමි වීම නිසා පාරට බහින්නට සිදු විය. නිවාස බැංකුවලට සින්න විය.

ඇමරිකාවේ ජීවත්වන මගේ සුදු ලූනු ගඳ ගහන නෑදෑයන් එකෙකුටවත් මේ ආර්තික අවපාතය බලපැවේ නැත.
ඉතිරි කිරීම ගැන ජේසු තුමාවත් , නබි තුමාවත් මොනවා කියා ඇද්දැයි මම නොදනිතත් , බුදුන් වහන්සේ කියා ඇත්තේ උපයන මුදලින් හතරෙන් එකක් ඉතිරි කරපල්ලා කියාය.

ඒ නිසා ශ්‍රී ලාංකිකයනට මේ තත්වය වාසිදායක විය. එතෙක් කුලී නිවාස වල ජීවත් වූ ඔවුන් අඩු ගානට ගෙවල් මිලදී ගත්හ. ” කෙනෙකුට වස – කෙනෙකුට රස ” කියමින් බැංකුවලට සින්නවූ ගෙවල් කුණුකොල්ලෙට ගන්නට විය.

කුලී නිවැසියෙකුවූ ජා ඇලෙන් පැමිණි අජිත් එවන් නිවාස හතරක්ම ගෙන ඉන් තුනක් ” සුද්දන්ට” කුලියට දුන්නේය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to සුද්දෝ.

  1. Sarath Lankapriya පවසයි:

    අපේ රටේ සමහරුන්ට නම් සුද්දන් තරම් උතුම් ජාතියක් තවත් නැහැ. උන් එක්ක වැඩ කරන අපි තමයි දන්නේ උන් මොනතරම් කුණු ලෝබ අපිරිසිදු ජාතියක්ද කියල.. අපේ උන් සුද්දන් දැක සුද්දන් වෙන්න හදනවා..

  2. ඕනයා පවසයි:

    අනේ මං දන්නෙ නෑ නිහාල් අයියා . . . මම වැඩ කරන කොම්පැනියෙ අයිතිකාරයත් සුද්දෙක් . . . ඒක නිසා මට එක එක විදිහෙ සුද්දො මුනගැහෙනව . . . ඒත් මට තාම සුද්දෙක් තියා සුදු කබර හැදිච්ච එකෙක් වත් හම්බවෙලා නෑ . . . ඔය කියන “ඇන්ඩෲ මල්හොලන්ඩ් යුවළ” වගේ. මුං සීයට සීයක්ම ජරා ජාතියක්

  3. thilak ranasinghe පවසයි:

    ගෙවල් හිමිකරුවෙකුවු මාගේ මස්සිනා, (ස්ටෑට්න් අය්ලන්ඩ් වල එකයි, ෆ්ලොරිඩා වල දෙකයි ) සුද්දන් වගේ ගෙවල් මොඩිෆයි කර විකුනා සල්ලි හොයන්නට ගොස් හොට බිම ඈනී අහින්සක අපෙන් ආදාර ඉල්ලා එව්වෙත් ඔය අවපාත කාල සීමාවේදී….මම එයාට ලියා සහ කියා ඇරියේ ඇමෙරිකාවෙන් අපට ආධාර දීම මිසක් අපෙන් අමෙරිකාවට ආධාර දීමක් ගැන අප අසා නැති බවයි.
    අපට පසුව ආරන්චි උන හැටියට අනිත් අපේ මෝඩ නෑයන් අමෙරිකාවට ආධාර සැපයූවගයි…..

  4. thilak ranasinghe පවසයි:

    ගෙවල් හිමිකරුවෙකු ඌ මාගේ මස්සිනා, (ස්ටෑට්න් අය්ලන්ඩ් වල එකයි, ෆ්ලොරිඩා වල දෙකයි ) සුද්දන් වගේ ගෙවල් මොඩිෆයි කර විකුනා සල්ලි හොයන්නට ගොස් හොට බිම ඈනී අහින්සක අපෙන් ආදාර ඉල්ලා එව්වෙත් ඔය අවපාත කාල සීමාවේදී….මම එයාට ලියා සහ කියා ඇරියේ ඇමෙරිකාවෙන් අපට ආධාර දීම මිසක් අපෙන් අමෙරිකාවට ආධාර දීමක් ගැන අප අසා නැති බවයි.
    අපට පසුව ආරන්චි උන හැටියට අනිත් අපේ මෝඩ නෑයන් අමෙරිකාවට ආධාර සැපයූවගයි…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )