වැනිල්ල


සිංහළ භාෂාව ඉතා ප්‍රබල භාෂාවකි. එහි වචන කොයි පැත්ත හැරවුවත් එහි තේරුමක් ඇත.
සිංහළ හෝඩියේ “න” යනු දෙකක් ඇත. මුර්ධජ “ණ ” යන්න හා නිකං ” න ” යන්න හෙවත් තාලුජ ” න “යන්නය.
“ණ” යන්නෙන් වැණීම හා “න” යන්නෙන් වැනීම දෙකකි.

මට සිංහළ ඉගැන්වූ මඩදෙණිය මහතා ගුත්තිල කාව්‍යයේ එක කවියක් වැණීමට” පීරියඩ් එකෙන් බාගයක්ම ගනී.
අප කවි කට පාඩම් කළ යුතුය. නැත්නම් ඔහු වේවැල වනයි.

වැනෙන සුලු බව පිරිහීමේ ලකුණකි. ලොක්කන් ඉදිරියේ වැනෙන්නේ නිවටුන්ය.
ඉංග්‍රීසි වචනයක් දෙකක් වනන්න දන්නේ නම් ලංකාවේ ඕනෑම කාර්යාලයකින් ඕනෑම වැඩක් ඉක්මණට කරවා ගත හැකිය. ඉංගිරිසිය ආයුධයකි. එයට කඩුව කියන්නේ ඒ නිසාය. එහෙත් සමහරුන්ට නම් එය ආභරණයකි.
කටුස්සා නිතරම ඔලුව වනයි. කටුස්සාගේ කරේ රත්තරං මාලයක් එහෙම බැන්දොත් ඌ කොහොම වනයිද ?

බල්ලන් හිතවත් කම පෙන්වීමට නැට්ට වනයි.
අපෙ තාත්තා දිනක් මට ” මූ හැදුවට වඩා හොඳයි බල්ලෙක් හැදුවානං ඌ අඩු ගානේ නැට්ටවත් වනයි” කියා කීවේය.
අපට නැට්ටක් නැති නිසා අප වනන්නේ අතය. හිතවත් කමේ දිග පළල අනුව අත වැනීමද ලොකු පොඩි වෙයි.

මගේ පාසැල් කාලයේ එක් පෙම්වතියකගේ නිවස පිහිටා තිබුනේ දුම් රිය පාර අද්දරය. මා අවුරුද්දක්ම කළේ ඇයට අත වැනීමය.
එය ඇයගේ අයියා දැක ඇයට ටොක්කක් ඇනීම නිසා මගේ වැනීමද ඉන් අවසන් විය.
දුම් රියේ ගාඩ් තැන කොළ කොඩිය වනා නළාව පිම්බ විට දුම් රිය නළාව පිඹ ඉදිරියට ඇදෙයි. අපේ සුසන්තයා දවසක් උගේ කොළ පාට ලේන්සුව වනනු දැක ගාඩ් තැන ඔහුට වනන්ට ගියේය.

අම්මලා බබාලා නලවන්නේ ” වැනේලු කලු වැනේලු – කලූට බඩගිනීලු” කියමිනි.
බබා වැනෙමින් පැද්දෙමින් ඉක්මණට නින්දට වැටෙයි. සමහරදාට බබාට කලින් බබාගේ අම්මා නිදා ගනී.
කාන්තාවන් ගමන් කරන්නේ වැනෙමින් පැද්දෙමින් නලවමින්ය. නැව් යාත්‍රා කරන්නේද වැනෙමින් පැද්දෙමින්ය. නැව යාත්‍රා කළාය කියා ස්ත්‍රී වාචිකව කියන්නේ ඒ නිසාය.

රෑන කිතුල් නිල් වරලස වනන්නේ ඉස්සර ගෑණුන්ය.

අමරදේවයන් … ඔබේ නමින් සෑය බඳිමි ගීතයේ .. ” වනා ලමැද” කියා කියයි. ඒ ස්වර්නමාලි දෙව්දුව ගැනය. දේවතාවියන් වයසට නොයන නිසා ඇගේ වැනෙන්ට විදියක් නැත. ගීතයේ අනෙක් පේලි වල වචනත් සමඟ රයිම් වෙන්ට ” වනා” යොදා ගෙන ඇත.
දවසක් අප මහඉලුප්පල්ලම යනවිට ටිකක් වැඩිවූ උපතිස්සයා ගැයූ ” අපෙ ආච්චිගේ …නේ- මද සුළඟට වැනේ” බයිලාව අපේ කෙල්ලන්ට එච්චර ඇල්ලුවේ නැත.

සෙලුවෙන් වැනීම අසික්කිතය. එහෙත් මම හෙලුවෙන් වැණීමට ආසා කරමි.
හෙලුවෙන් වැණීම යනු කුණුහරපයක් නොවේ.
අම්මා රෙදි සෝදා වැලේ වනයි. සමහර අසහන කාරයන්ට වැලේ වනා ඇති ගවුමක් දැක්කත් ඇතිය.

සුදු කොඩි වනමින් එන අයට වෙඩි තැබීම අන්තර්ජාතික නීති උල්ලංඝණය කිරීමකි. එහෙත් එම නීති රීති බල්ලාට දමා සිවුරක් වනමින් ආවත් ප්‍රබාලාට වෙඩි තැබිය යුතුමය.

ජීවිතය අස්තිරය. වැනෙන පහන් සිලක් වැනිය. එකිනෙකා සමඟ ඇර ගන්නේ නැතිව බුදු ගුන වණන්නේ නම් කාට කාටත් හොඳය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

15 Responses to වැනිල්ල

  1. sahanchem පවසයි:

    “සෙලුවෙන් වැනීම අසික්කිතය. එහෙත් මම හෙලුවෙන් වැණීමට ආසා කරමි.”
    හෙලුවෙන් වැනීම මෙන්ම හෙළුවෙන් වැණීමද ආශ්වාදජනක ය.

  2. SiriBiris පවසයි:

    අම්මපා වැනිලිත් දැක්කා, මෙහෙම වැනිල්ලක් දැක්කෙ අදයි. ඕක ගිරවා නං කිව්වෙ වැනිල්ල ගැන නං නොවේ. ඔබ වහන්සේ මේ බෙදන බෙදිල්ල, කපන කැපිල්ලෙ හැටියට ඒ කතාව නොදැන ඉන්න හැටියක් නැති උනත්, හුදී ජනයාගේ පහන් සංවේගයත් , අපේ සායමත් ආරස්සා කර ගැනීම උදෙසා , ඕං මං වහගත්තා කට..

  3. බුරු බබා පවසයි:

    මේ බ්ලොගය දැක්කේ අදමයි. ඒත් ආයේ නම් නිතරම එන්නයි හිතාන ඉන්නේ. මතක විදියට නමත් හුරුයි.

  4. arunishapiro පවසයි:

    මාවත් පුංචි කාලෙ දයා පුංචි වනලා තියෙන්නෙ ‘වැනියන් කළු වැනීයන්’ කියලා තමා!!!

  5. hare :-) පවසයි:

    තනි වචනෙ පද තියෙන කවියක් කියන්න කියල කව්ද අභියෝගයක් කරපු වෙලේ මුනිදාස කුමාරතුංග පඬිතුමා මෙහෙම කිව්වලු…

    අනේ
    පනේ
    තනේ
    වැනේ

  6. නවම් පවසයි:

    වැනිල්ල කොච්චර සනීප උනත් වැඩිය වැනීම එච්චර හොඳ නැත. ඒ වැනීමේ සැර කමට දෙකට කැඩීයා හැකි නිසාම නොව, වැඩිපුර වැනී කෙලින් වෙන්නට බැරි තරම් නැවී ගියහොත් බඩුම තමයි නිසාය.
    එවිටනම් බිම වැ‍ටුන රුපියල් පහවත් අහුලාගන්න පෙර බඩු ලැබෙනු ඇත.

  7. නදී... පවසයි:

    මේ දවස් වල ගොඩක් අය වෑනෙන්න තමයි බලන් ඉන්නෙ 🙂

  8. dee පවසයි:

    යස පද වැනිල්ලක්! ඔහොම යන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )