මම ඇය සිඹිමි…….


T G I F ……, මා සේවාස්තානයට ඇතුළුවන විටම ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ ඉන්න ජෙනී ගුඩ් මෝනින්ග් යැයි නොකියාම කියයි. එහි තේරුම Thank God , Its Friday යන්නයි.
ඒ පසුදා සෙනසුරාදා නිසයි.

පුරුද්දක් ලෙස මම සෙනසුරාදා උදේ අවදි වන්නේ 11 ටය.
එදත් මගේ පොඩි දුව අපට කලින් අවදිවී තේ සූදානම් කර ගෙන අප වෙත ගෙනාවාය.

” wake up happy couple.. ගුඩ් මෝනින්ග්.”

” වත්සලා … මගේ ප්‍රිය බිරිඳ ඇඳේ නැත. ඈ කොහි ගියේද…
මම ඇය සොයා යමි.

සාලයේ බිම අතුරන ලද නිල් පැහැ ඇතිරිල්ලක ඇය උඩු බැලි අතට වැතිර සිටී.
රතු ටී ෂර්ට් එකක් සහ ඇඟටම ඇළුණු කළු පැහැ දිග කලිසමක් ඇඳ සිටින ඇය දෙකකුල් ඔසවමින් යම් ව්‍යායාමයක් වගේ දෙයක් කරයි. ඇගේ මුහුණ බියකරුය. මුහුණ පුරා ඉදුනු අලි ගැට පේර තට්ටුවක් උලා ඇත. වැසුනු දෙ ඇස මත හීනියට කැපූ පිපිඤ්ඤා පෙති දෙකකි.

ඉදුනු අලිගැට පේර හෙවත් ඇවකාඩෝ මදය සූරා බ්ලෙන්ඩරයට දමා වතුර සමඟ මිශ්‍ර කර , ඒ මතු පිටට අයිස් ක්‍රීම් හැන්දක් ද දමා බීමක් ලෙස බොනවාට වඩා, ඇවකාඩෝ කැබලි කපා බඳුනකට දමා සීනි හැන්දක්ද, ලුණු ඇබිත්තක්ද දමා හැන්දෙන් කෑමට මම ප්‍රිය කරමි.

” මේව දැකල පණ පලයන් පෙරේදා කියල කිව්වලු.. මදෑ ආසාවට කන්න ඇවකාඩෝ ගෙනාව”

” ඔයාට මාව ලස්සනට තියා ගන්නත් ඕන.. සරසගෙන ඉස්සර කර ගෙන යන්නත් ඕන.. මම කරන ඒවට හිනාත් වෙනව. වෙන ගෑනු වගේ මම ජිම් යන්න සල්ලි නාස්ති කරනවද ?… එනව මෙතන ඇද කරන්න….”

ලංකාවේ කාන්තාවන් විවාහ වී දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ලැබුණු පසු ජීවිතය ඉවර යැයි කියා සිතයි. තමන්ගේ රූපය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි.
සිරුර සිහින්ව තබා ගැනීමට ඔවුන්ගේ වුවමණාවක් නැත.
ප්‍රිය මනාප පෙනුමකින් යුතුවූ මගේ නැගණියද දැන් ලොරි බාගයක් බඳුය.

” අක්ක කොහොම ඔච්චර හීනියට ඉන්නවද මන්ද?” ඇය වත්සලා ගැන සඳහන් කරයි.

ඇමරිකන් ගැණුන්ගේ වැඩේම කන එකය. සතියේ සැම දිනකම පාහේ විවිධ මිනිසුන් සමඟ කෑමට එළියට යති. කෑම වේලක් අරන් දුන්නොත් උන් සමඟ ඕනම දෙයක් … ඔවු ඕනෑම දෙයක් කළ හැකිය.
අවුරුද්ද පුරාම ඇති පදං කා බී සමර් එක කිට්ටු වෙන කොට ජිම් යන්න පටන් ගනී. ඒ ඇඟ බස්සා ගැනීමටය. ඇඟ බස්සා ගන්නේ බිකිනි ඇඳීමටය.

මගේ සේවාස්ථානයේ හවුල් කාරිය ජීන් ඇවිදින්නේද පිරිමියෙක් ලෙසය. ඇගේ ගැහැණු ලාලිත්‍යයක් නැත. විශාලව වැඩුනු ලය පේශි දෙක නැත්නම් ඇය පිරිමියෙක්මය.
මගේ මේසය මත ඇති වත්සලාගේ ඡායා රූපයට ජීන් කැමති නැත.
ඇය නොයෙක් ආකාරයට මා සමඟ අවුට් එකක් යාමට ප්ලෑන් කරයි.
මම කුමක් හෝ බොරුවක් කියා ඇය මඟ හරිමි.
ඔබ කවදාවත් ඔබේ බිරියට චීට් කර නැද්දැයි ජීන් අසයි. “නැහැ කවදාවත්.” මම ස්තිරවම කියමි.

” හැමදාම එකම කෙනා දකින කොට ඔබට බෝරිං නැද්දැ?” ඇය එවිට අසයි.

” ඔබ දැකල තියෙනවනේ මගේ වයිෆ්… මම එයාට චීට් කළොත් ,එයා ඊට වඩා ඉක්මණින් මට චීට් කරයි”

” ලංකාවෙ පිරිමි මහා ආත්මාර්තකාමියෝ..බලපන් මම කොච්චර සතුටින්ද ඉන්නෙ ? ලයිෆ් ඉස් .ෂෝට්.. අපි පුළුවන් තරම් ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන”
සමහර විට ඔබේ වයිෆ් කැමති ඇති වෙන අයත් එක්ක එළියට යන්න ජීන් අපූරු තර්කයක් දමයි.

දිනක් වත්සලාට ඇගේ කාර්යාලයේ අයෙක් අයුතු යෝජනාවක් කර ඇත.
” දන්නවනේ සෙක්ෂුවල් හැරස්මන්ට්: නීති තදයි. මට පුළුවන් උඹේ ජොබ් එක නැති කරන්න” ඇගේ තර්ජනයෙන් පසු ඔහු මෙල්ල විය.

” ඔයා කිව්වනේ අලි පේර ගෙනාවේ ආසාවට කන්න කියල.. ඉතින් මේ තියෙන්නෙ..” වත්සලා මට මුහුණ දිගු කළාය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

18 Responses to මම ඇය සිඹිමි…….

  1. rangaya පවසයි:

    “ලස්සන දේ ගෙන ඇස් ඇදිලා යයි සිරි බර විසිතුරු ලොවේ”. මම හිතන්නේ එය නියමෙටම ගෙලපෙනවා ඔබේ මේ නිර්මාණ වලට. බොහොම සතුටු උනා .

  2. එතකොට අයිය අලි පේර කෑවද ඔය නිවු මෙතඩ් එකට ?????
    මට නං අලි පේර සම්බන්දයෙං ඔය තර්ජන නෑ . . . . මොකද කිවුවොත් . . . මගේ ප්‍රියතම පලතුර වන අලිපේර . . . දැකීමත් මගේ හාමිනේට ඉතා අප්පිරියාවක් වන නිසා . . . .

  3. gaya පවසයි:

    aiyo epa wenawa appa……..aluth post ekak enakan balan indala,,,,, dan satiyakatat wadi….
    ;)…………….

  4. Lankapriya පවසයි:

    කමක් නෑ කමක් නෑ හැබැයි ළමයි එන්න කලින් ක්ලේන්සර් එක පාවිච්චි කරන්න ! අම්මෝ !! කොච්චර නම් මුනේ ගාන ඒවා බඩට යනවා ඇත්ද ? අලිපේර නම් කමක් නෑ. ඒ වගේද රෑට ගාගෙන නිදාගන්න දේවල් !!

  5. නවම් පවසයි:

    හැමදාම කෝප්පෙට දාල හැන්දෙන් අලිපේර කාල එපා වෙලා උන්නෙ. 😀

    තව මාසයක් විතර ගියාම අලිපේර අරන් යන්න ඕන. වාරෙ පටන්ගත්ත ගමන් හන්ද අලිපේර ගිණි ගනං කොළඹ. ගෙඩියක් රුපියල් හතලිහයි. පහු වෙනකොට ඕක බහිනව රුපියල් පහලවට විස්සට.

  6. SiriBiris පවසයි:

    TGIF ගැන සම්පුර්ණ කතාව දන්නෙ නැතුව ඇති, මයෙ හිතේ.

    ඕක ඉස්සෙල්ලාම දැණ ගත්ත එක ගෑණු ලමයෙකුට, ඒක කොච්චර අල්ලලා ගියාද කියනව නං , එයා සිකුරාදාට දකින,දකින එකාට “TGIF” කියන්න ගත්තාලු. එක දවසක් , ලිෆ්ට් එකේදි ආගන්තුකයෙකුටත් “TGIF” කීවාම එයා “SHIT”කිව්වාලු. මේක අහල පුදුම වෙච්චි කෙල්ල ඒක වැරදීමක්ද කියල බලන්න ආයෙත්”TGIF” කීවාම එයා ආයෙත් “SHIT”කිව්වාලු.

    කෙල්ල: You never heard about “TGIF”, I suppose
    ආගන්තුකයා: I do, but I don’t think you know what “SHIT” means
    කෙල්ල: Well, what does it means, then
    ආගන්තුකයා: Sorry Honey, It’s Thursday

  7. Ravi පවසයි:

    ලස්සන කතාවක්, නිහාල්, අපූරුවට ලියල තියෙනවා, ස්තූතියි,

  8. අන්තිම පේළිය නම් මරු… ”
    “ඔයා කිව්වනේ අලි පේර ගෙනාවේ ආසාවට කන්න කියල.. ඉතින් මේ තියෙන්නෙ..වත්සලා මට මුහුණ දිගු කළාය. ”
    මගේ එක්කෙනා එහෙම ඔය විදිහට කළානම් අනිවාර්යයෙන් මම කනවා. මගේ අතට වඩා ඇගේ මුහුණ පිරිසිඳු විය යුතුය.ඒ මුහුණ සිපගැනීමට අප්පිරියාවක් නැති මට එය මත ඇති අලි පේර කෑමටද අප්පිරියාවක් නැති විය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )