මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන අය මගේ වයස අනුමාන කොට මට ” අයියා” යැයි කියයි. සමහරු ” අන්කල් ” කියයි. මොකක් කීවාම මොකද අපි තුන් සිංහළයම නෑදෑයෝ වෙච්චි කොට.
කෙනෙක්ගෙ ඉහ නිකට දිහා බලල අපි නාඳුනන කෙනෙකුට උනත් නෑකං කියනව.
නිකම් ඕයි බෝයි කියන්නෙ නැහැනෙ.
මම දැන් ජීවත්වන රටේ… මම දවසක් පෝලිමක ඉන්නව. පොඩි දරුවෙක් මගේ මාර්ගය අවහිර කරනව. ළමයගෙ අම්ම එතකොට කියනව ” let the man go ” (ඔය මිනිහට යන්න දීපං) කියල මෑන් කියන්නෙ මිනිහ කියන එකනේ. ඒත් මම පස්සෙ දැනගත්ත ඒ ආමන්ත්‍රණය එච්චර නරක එකක් නෙවි කියල. අර අපි මචං කියනව වාගෙ.
ඒ කොයි හැටි වෙතත්…
නෑයොත් හරියට වේයො වගේ කියනවනේ… වෙන්නත් පුළුවන් සමහර විට.
ඇතිදා ඇති – නැතිදා නැති ඈයො තමයි නෑයෝ. එහෙමත් කියනවනේ.
ඕනෑකං තියේ නං නෑකං හදා ගන්නත් පුළුවන් .
අපේ රට කොච්චර පුංචිද ? උඩ ඉඳල පහලට හැතැප්ම 270 යි. වමේ සිට දකුණට 140 යි. ඒ කොයි හැටි වෙතත් මේ පුංචි රට පළාත් , දිසා, කෝරල ආදි වශයෙන් කොටස් වලට බෙදී ඇත. මෙම පෙදෙස් වල ව්‍යවහාර වන සිංහළ භාෂාවේ වුවත් සුළු සුළු වශයෙන් වෙනස් කම් ඇත..
මම අද ලියන්නේ අපේ නෑදැයන් ගැනය.
උඩරට පළාත් වල තාත්තාට අපුච්චා එහෙම නැත්නං අප්පච්චි කියා කියයි.
ඒ අනුව තාත්තා කියන අය තාත්තාගෙ වැඩුමල් සහෝදරයන්ට ලොකු තාත්තා කියාද, බාල සහෝදරයාට බාප්පා කියාද කියයි. එසේම අප්පච්චි කියන අය , ලොකු අප්පච්චි හෝ පුංචි අප්පච්චි කියාද කියයි. එලෙසම පළාත් අනුව මේවා පිළිවෙළින් මහප්පා සහ කුඩප්පා වේ.
අම්මා කොහේ හිටියත් අම්මාය. සමහරු අම්මණ්ඩි කියයි.
අම්මාගේ අක්කා ලොකු අම්මා වන අතර අම්මාගේ නංගී පුංචි අම්මාය. සමහර පළාත්වල බාලම්මා කියාද කියයි.
අම්මා කෙනෙක් හදිසියේ අකාලයේ වෙන් වුවොත් සමහර තාත්තලා දෙවන කසාදයක් කර ගනී. ඒ ගෙනෙන අම්මා කුඩම්මාය. අම්මාගේම නංගී කැන්දං ආවොත් ඇය කුඩම්මා නොවී පුංචි අම්මා ලෙසම ඉඳිනු ඇත.
අම්මාගේ අයියා සහ මල්ලී මාමා ය. තාත්තාගේ අක්කා සහ නංගී නැන්දලාය. රෙදි නැන්දටත් නැන්දා කියන නිසා නියම නැන්දලාට මදි පුංචි කමක් වන නිසා , තාත්තාගේ සොයුරියන්ට නැන්දම්මා කියා කියයි.
පුංචි අම්මාගේ සහ ලොකු අම්මාගේ දරුවන්ද , ලොකු තාත්තාගේ සහ බාප්පාගේ දරුවන් ඥාති සහොදරයන් වන අතර , නැන්දම්මාගේ සහ මාමාගේ දරුවන් ඇවැස්ස මස්සිනා හෝ නෑනා වරුන් වේ. බිරිඳගේ අයියා හෝ මල්ලීද මස්සිනාලාය. මුතු කිමිදෙන විට හෝ බඹර කපන විට කැටුව යන්නේ මේ මස්සිනාලාය. ඇවැස්ස මස්සිනාලා නොවේ.
එහෙත් බටහිර ක්‍රමයට මවු පස සහ පිය පස සහෝදර සහෝදරියන්ගේ දරුවන් සියල්ලෝම කසින්ලා වෙත්.
සමහරු අපි තුන්වන පංතියට දා කළත් , බලන්න අපේ නෑදෑ පරම්පරාව විස්තර ඇතිව විහිදෙන හැටි.
තාත්තාගේ තාත්තා සීයා .. සීයාගේ තාත්තා මුත්තා, එයාගෙ තාත්තා මීමුත්තා.. ඊට එහා අය නත්තා , පනත්තා .. කිත්තා.. කිරිකිත්තා…
මේ මං කියන්න යන දේ අපේ රටේ නං වෙන එකක් නෑ කවදාවත්. උපෝපං ජාතිවත් ඔය වගේ දේවල් නං ඇහෙන්න පේන්න එපා කියල අපේ අත්තම්ම හිටිය නං කියයි.
ටොම් ගේ වයස 25 යි ටොම් එයාගේ ඔෆීස් එකේ වැඩකරන කැතී එක්ක යාළු වෙල කසාද බැන්දා. කැතීට 40. යි. විවාහයෙන් පස්සෙ කැතී එයාගෙ පළමු කසාදෙ දියණිය වන මේරිත් එක්ක ටොම්ගෙ ගෙදරට ආව පදිංචියට. මේරිට වයස 20 යි.
ඒ ගෙදර හිටියේ ටොම්ගෙ තාත්ත විතරයි. ටොම් සහ කැතී වැඩට ගියාම ගෙදර ඉන්නෙ ටොම්ගෙ තාත්තයි , මේරියි විතරයි. කල් යනකොට දෙන්නා අතරෙ ප්‍රේම සම්බන්ධයක් ඇති උනා. ප්‍රශ්නෙ උග්‍ර වුනේ ටොම්ගෙ තාත්තට දාව කැතිගෙ දුව මේරිට ළමයෙක් ලැබුනාමයි.
ටොම් සහ කුඩා දරුවා අතර නෑදෑකම කුමක්ද ?…………
කන් දෙක පැටලෙන ප්‍රශ්ණයක්නෙ මේක. ම්හු.. මට බෑ.
පොඩ්ඩක් ඉන්න මම ටොම් ගෙන් අහලා කියන්නම්
අයියෝ සිම්පල්නෙ. නෑ කම තමයි “සහෝදරයා”. මේ අනිත් නෑකම් ඔක්කොම කසාද පොත නිසා ආපුවානේ. ටොම්ගෙ තාත්තාගේම තවත් පුතෙක් තමයි අර පුංචි ළමයා. ඒක ඉතින් ලේ නෑකමනේ.
කොහොම උනත් අර ව්යවහාභිචාර නීතියෙ තියෙන ප්‍රයෝජනේ තමයි මේ වගේ මොලේ කුරුවල් වෙන නෑකම් ඇති නොවෙන්න වගබලා ගැනීම. 🙂
සෑම් නෙවෙයි ටොමී
හරි වැඩේ තමයි තවඩිංගෙං සෑම් කොලුව නඩු දානව අපහාස කොරාය කියාල.
කිරි අප්පොච්චට බල්ලො පැනපිය කිව්වලු…….
මෙ හුට්ටප්පරේ විසඳනව බොරු……… බලමු මෙහෙම නෑකමක් හදන්න ඇහක් වේවිද කියාල.
අපි නිකමට හිතමු මේරිට ලැබුනෙ දුවක් කියල………….
මේරි තමන්ගෙ දුවෙක් වන නිසා දුවගෙ දැරිවි සෑම්ට මිණිබිරි වෙන්ට එපැයි. එතකොට සෑම්ගෙ තාත්තගෙ දුවරු තමන්ට සහොදරියො, දැන් මේ දැරිවි තමන්ට වඩා බාල නිසා, ඒ කියන්නෙ නංගි. දැන් අපට තියෙන්නෙ මේ නෑකම් දෙක එකතු කරල එක නෑකම්ක් හදාගන්න එකනෙ,
මිණිබිංගා වගේ තමයි වෙන්න ඕන. දැරිවි සෑම්ට කියන්න ඕන සීයායියා කියලා
මේ දරුව පිරිමි දරුවෙක් වුනොත් මෙහෙමයි…………
සෑම්ට දරුව මුණු ල්ලා . දරුවට සෑම් සීයායියා ම තමයි ඕං ……….
මගේ කණට ඇහිල තියෙන්නෙ ඔය නෑයොයි මීයොයි වේයොයි ඔක්කොම එකයි කියල. ඒ කතාව ඇත්තක්ද හැබෑටම ආ ………………
මේරි , ටොම්ගෙ කුඩම්ම. එතකොට පොඩි එකා ටොම්ගෙ සහෝදරය.
තව පැත්තකින් මේරි , ටොම්ගෙ ස්ටෙප් ඩෝටර්. එතකොට පොඩි එකා ටොම්ගෙ මුණුබුරා. මන්ද..මටත් හොල්මං වගේ .. ඇඹිලිපිටියෙ නොම්මර එකේ සූස්තියක් ඇද්ද ගානයි
අන්තිමේටම ටොම් ටොම්ගෙම සීය වෙනව
මෙ කතාව ටොම් කියන්නෙ ඉන්දියන් කාරයෙක්ට නේද නිහාල් අයියා . . . . අර ජීවිතේටවත් දැකල නැති කෙල්ලෙක්ව යෝජිත විවාහයකින් විවාහ කරගන්න උනාට හිතේ අප්සෙට් එකට බොන්න බාර් එකට ආවෙ . . . ??? අන්න ඒ ඉන්දියන් කාරයට තමයි ටොම් ඔය කතාව කියන්නෙ . . . . ටොම්ගෙ තත්වෙත් එක්ක හිතද්දි . . .ඉන්දියන් කාරයට හිත හදාගන්න කියල යෝජිත විවාහ සහ ප්‍රේම සම්බන්දතා මත සිදුවන විවාහ වල වෙනස ඉන්දියන් කාරයට වටහල දෙන්න.
ටොම්, තමන්ගෙ දරුවට ඇතිවෙන නෑකම ගැන කියල ඉවරවෙද්දි ඉන්දියන් කාරය ඉන්නවලු සිහි නැතිවෙලා බිම . . .!!
මටත් මේක ඊ මේල් එකක ආ එකක්
මටත් ඒ මේල් එකම ඇවිත් තියනව . . ඒත් නෑදෑකම ගැන හිතන්න ඕනෙ ගෙදර ලැප ඉස්සරහ නෙමේ . . . . තනමල්විල පැත්තෙ හේනකට ගිහිල්ල . . . ත්‍රයිලෝක විජයාති පත්‍රම් දලු වලිං මැල්ලුමක් හදං කාල පොඩි ඇලට් එකක් හඳ දිහා බලං දාන ගමං . . . .
ඇන්ඩ කිවුවොත් කියන්නේ ඔන්න ඔය වගේ නොතේරෙන කුණු හරුපයක්මයි
ඒ කොහොම වෙතත් ලොකු මහත් වෙච්ච දුවක් ඉන්න අම්ම කෙනෙක් ඔය වගේ විවාහයක් කර ගන්නවා කියන්නේ දුවට වළක් කපනවා කියන එකයි. ඔකේ වෙන්න තිබුනේ කොල්ල දුවත් එක්ක පැටලෙන එකයි. උනා නම් බොහොම සොබාවිකයි.. ..(හොඳයි එහෙම නෙවෙයි) සමහර වෙලාවට ඕව වෙන්නේ අවසර කල් රහස් තැන කියන තුනම එකතු වුනාමයි..
සීයාතාත්තා ,සීපුච්චා
සීය මචං කීවොත් හරිද ?
මහවන්සේ වත් නැතුව ඇතී බං මේ ප්‍රශ්නෙට උත්තරේ…. 😀
උත්සාහ කරල බලන්න. නිවැරදි පිළිතුරට තෑගි.
රාමායනයේ බැලුවා ඒකෙත් නෑ….. 😀
කාලෙකට පස්සෙ.?
TOM-CAT