මා අටවන පංතියේ සිටියදී රචනා තරඟයක් විය. මාතෘකා දෙකක් තෝරා ගැනීමට දී තිබිණ.
මට ලොතරැයියක් ඇදුනොත්
මට ජනාධිපතිකම ලැබුණොත් .. ඒවාය.
මම දෙවැන්න තෝරා ගතිමි.
පැරණි JVP සාමාජිකයෙක් වූ මගේ ඥාති සොහොයුරාගේ කතා වලට සවන් දීමෙන්ද, වයසට නොගැලපෙන තරම් බර පත පොත කියැවීමෙන්ද මගේ අදහස් මුවහත් වී තිබිණ.
මගේ රචනාව කියවා බැලූ ගුරුතුමා , කණ්ණාඩිය යටින් දෙවරක් බලා , මගේ අතින් අල්ලා ගෙන ගුරු කාමරයට ගියේය. එහි විවේක ගනිමින් ගුරු මහතුන් කීප දෙනෙකුම විය. ඔවුනට ඇසෙන සේ රචනාව කියවීමට මට නියම විය.
අවසානයේ කීප දෙනෙකුම අත්පොළසන් දුන් අතර තව කෙනෙක් විහිළුවට කීවේ ” මෙයාව CID එකට භාර දෙන්න ඕන” කියාය.
සමාජවාදය හා ප්රජාතන්ත්රවාදය කුමක්ද කියා එහි අර්ත දක්වා තිබූ අතර සමහර ගුරුවරුන් පවා ඒවා නොදැන සිටියා විය හැක.
ප්රජාතන්ත්රවාදය යනු , වැඩි දෙනාගේ කැමැත්ත පරිදි , වැඩි දෙනා ගේ සුභ සාධනය උදෙසා රට පාලනය කිරීම වෙතත් , මගේ අර්තදැක්වීම වූයේ , ප්රජාතන්ත්රවාදය යනු , ” ටික දෙනෙක් වෙනුවෙන් බොහෝ දෙනෙක් දුක් විඳීම ” යන්නය. මෙසේ ටික දෙනෙක් විතරක් සැප විඳින විට ඇතිවන සාධාරණ ඊර්ෂ්‍යාව විප්ලවය ලෙස මා එහි කියා තිබිණ. පසුව සමාජවාතයක්වූ සමාජවාදය ලංකාවට ඉතාම ගැලපෙන බව තවමත් මගේ හිත කියයි. සෝවියට් රුසියාවේ වුවද 100 % න්‍යායාත්මක සමාජවාදය නොවීය. එහෙත් අද හතර වටේටම ණයවී සිටින රුසියාව , එදා ලෙනින් පිළිරුව බිම දැමීමේ පාපය භුක්ති විඳිමින් සිටී.
100% ක් නැතත් නියම ප්රජාතන්ත්රවාදයේ සුවඳ විඳිමින් පිට රටකට වී සිටින මම අපේ රටේ ප්රවෘත්ති අන්තර්ජාලය හරහා කියැවීමෙන් දිනපතා රෝගී වෙමි. ශෝකයෙන්ද , කෝපයෙන්ද මුසපත් වෙමි.
පළමු විධායක ජනපතිවූ J R පත්තිරිප්පුවේ දිවුරුම් දුන් දා , ගුවන් විදුලියේ විස්තර කතනය කල මා හිතවත් සේසිරි විජේසේකර එය විස්තර කළේ මෙලෙසය. ” ඔවු දැන් අපට පෙනෙනවා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පළමු විධායක ජනධිපතිතුමා ඔටුනු නොපළන් රජෙකුසේ පත්තිරිප්පුවේ පිය ගැට පෙළ බසිනා ආකාරය..””
එදා J R ට රජ පිස්සුව ඔලුවට දැම්මේ මේ මාධ්‍යකරුවන්ය. තවත් කෙනෙක් කීවේ එතුමාට බැරි ” ගැහැණියක් පිරිමියෙක් කරන්නටත් , පිරිමියෙක් ගැහැණියක් කරන්නටත් ” පමණක් බවය. එය ඒ තරම්ම බලසම්පන්නය.
ඊට පසුව රජවූ ප්‍රේමදාස මහතා රටට ආදරය කළ කෙනෙකි. එහෙත් බලතල , ප්‍රමාණය ඉක්මවා ගිය විට රජවරුන්ට වුව පිස්සු හැදෙන බව යසලාලකතිස්ස කතාවෙන් පෙනේ.
අපට හරි ආර්ථික ක්‍රමයක් නැත. අප උගත්තේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග මොනවාද කියා ඇසූවිට , ” තේ , රබර් , පොල්” කියා කීමටය. එහෙත් අද ඇත්තේ ණය ආර්තික ක්රමයකි. ණය ගෙවීමට ණය ගන්නා ” සක්විති” ආර්තික ක්රමයකි.
අපට කෘෂි ආර්තිකයෙන් මිදීමට බැරිය. වගා නොකරන , අත්හැර දමා තිබෙන ඉඩම් කොපමණ ඇද්දැයි බැලීමට රට වටේ වටයක් ගසා බැලිය යුතුය. හොඳ සැලැස්මක් ඇත්නම් අද කාලයේ කංකුං වැව්වත් එක්ස්පෝට් කළ හැකිය.
කලට වැසි වසින කාළගුණයක් , ඇඟිල්ලෙන් ඇන සිට වූ බීජයක් වුව දළුලා රූස්ස ගසක් වන සරු පසක් ඉස්සර අපට තිබුණි. මේ පස ඒකට හරි යන්නේ නැත්නම් ඒකට හරියන කුමක් හෝ භෝගයක් සොයා ගත යුතුය. හීලෑ නැති එකා හීලෑ කළ යුතුය.
රටේ ආර්තිකයට ඔරොත්තු නොදෙන ජම්බෝ කැබිනට්ටුව , සුදු අලියෙකු වන පළාත් සභා , ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ආනයනය කළ හැකි ආනයන ප්‍රතිපත්ති අතු ගා දමන්නට මහින්ද රාජපක්ෂට අවංක වුවමණාවක් ඇත්නම් , තවමත් ඔහු ප්‍රමාද නැත.
එසේ කළහොත් , පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස කියා , කා ටවත් නොනමන මගේ හිස ඔබට පාපිස්නක් කරමි.
හරියටම හරි!!!
නිහාල් අයියේ,
මමත් ඔය හීනෙ හැමදාම දකිනවා… උදේ ඇහැ ඇරිලා බලනකොට අපි ආයෙම අර පරණ මඩ වලේ….
මම නම් දැන් ඔය ගැන ලියන එක අතෑරලා… හිටපු ගමන් මොකක් හරි හිතුනොත් ලියනවා….
ඕවා පිට ඉන්න අපට පෙනුනට, ලිඳ ඇතුලේ ඉන්න අයට සාමාන්‍ය දේවල්….
අපි කවදා හරි මේ තට්ටුමාරු පක්ෂ දේශපාලන ක්‍රමයෙන් පිට පණින කල් මේ කපේගොඩ එනවා බොරු…
ඒ වගේමයි මේ පකෂ දේශපාලන ක්‍රමයත් රටෙන් අයින් වෙන්නේ නෑ….
මහ ජරා දේශපාලන ක්‍රමයක් මේක…. මහින්දට 2/3 නෙමෙයි 3/3 ම ලැබුණත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නෑ…. රනිල් ආවත් වෙනසක් නෑ ජෙනරල් ආවත් වෙනසක් නෑ…..
ඒ නිසා හැමෝම කරන්නේ වැල යන අතට මැස්ස ගහලා සල්ලි කොළ කඩාගන්න එක….
ඒකනේ මම මාතෘකාව දාල තියෙන්නෙ බිත්තියකට කතා කරමි කියල. මම ආසම නැති සබ්ජෙක්ට් එකත් දේශපාලනෙ… ආසම සබ්ජෙක්ට් එකත් දේශපාලනෙ. අඩු ගානෙ එක්කෙනෙක් හරි කියෙව්වනේ.. ඒ ඇති.
මේ බ්ලොග් වල තියෙන ඒව කියෙව්වත් ඇති හැදෙන මිනිහෙකුට හැදෙන්න. අමුතුවෙන් ඇඩ්වයිසර්ල ඕන නැහැ.
Because of your previous post (Dracula) I thought you are from Oakland. Anyway I don’t want to be in your daughter’s plane if she is taking photos when flying. LOL Just kidding. I would like if you could start writing about your life story in this blog. Seems like one can learn a lot from your experience in life.
OK is for oklahoma. not for oakland. Where are you. Dracula is a totally fiction. In my school days may favourite was deeman anandha who wrote this kind of stories.
Sorry I mean Oklahoma. I am in California
nice writing.
As per my knowledge there is only one hollywood sign. You see the image on top of this .. its in California. This picture is taken by my second daughter while she was taking her first flying lesson . I never been to Oakland. Why ?
I Have only one question. Do you get a “Hollywood” sign in Oakland as well?