ඩ්‍රැකියුලා- අවසාන කොටස


වත්සලා ගුරුසිංහ , තම සැමියා නින්දෙන් කියවනු අසා , ඔහුගේ නළලට අත තබා බැලීය.
” හොඳටම උණ ”
” ඒයි.. ඒයි.. ඔයාට හොඳටම උණ.. මොකද මේ ?..”
බෙහෙත් රාක්කය වෙත ගිය ඈ , ඉන් ඇඩ්විල් පෙති දෙකක් ගෙන ඔහුට දුන්නාය.
” මොකද උනේ ? හිටි හැටියෙ උණ ගත්තෙ ?”
” නෑ .. මොකුත් නෑ.. මේ බෙහෙත් වලට හරියයි”

පසු දින වන විට ඔහුට මඳක් සුව විය. පෙරදා වූ සිද්ධිය කිසිවෙකුට නොකීමට ඔහු තීරණය කළේය.

සුපුරුදු ලෙස දවස් ගෙවී ගියද , ඔහුගේ සිත තුල යමක් හොල්මන් කළේය. ඇත්තටම ඈ කවුද ?

වෙනදා මෙන්ම හිතවතුන්ගෙන් සමුගත් දොස්තර ගුරුසිංහ පුරුදු පාරේම රිය පැදවීය. එදාද සිකුරාදාවකි. වේලාව රාත්‍රී 11 පසුවී පෑ භාගයකි.
තවමත් කැළඹුනු සිතැති ඔහු වෙනදාට වඩා වේගයෙන් රිය පැදවූ අතර , එදා තරුණිය ගොඩ වූ ස්තානය දෙස නොබැලීමට ඉටා ගත්තේය.
ඒත් බස් නැවතුම්පළ දකිත්ම ඔහුගේ සිත වඩාත් කැළඹී ගියේය.

“අර කෙල්ල අදත් ?”…
දොස්තර ගුරුසිංහගේ රිය ඇඳින ගෙන වාගේ ඇය අත දිගු කළාය. රිය නැවතින. ඇය ඉදිරිපස අසුනට ගොඩ වූවාය.
” ඇයි අදත් බස් එක මිස් උනාද ?”
” නෑ මම ඩොක්ටර් එනතුරු හිටියෙ ”
“කොහොමද දන්නෙ මම ඩොක්ටර් කෙනෙක් කියල ?”
“පෙනුමෙන්”
“ඔයාගෙ නම මොකක්ද ? කොහෙද ඉන්නෙ ?”
” මම සැන්ඩ්‍රා.. සැන්ඩ්‍රා වොලස්.. වයස අවුරුදු විසි පහයි.. අවිවාහකයි… any more questions ?”
” ඔයා එදා බැහැල ගියෙ කනත්ත ඇතුළට..?”
“එතනින් ෂෝට් කට් එකක් තියෙනව මගෙ ගෙදරට.. ඔයා එන්න දවසක අපේ ගෙදර”

තරුණිය ස්තූති කර බැස ගියාය. ඉබේටම වාගේ ඇරුණු ගේට්ටුවෙන් ඇතුල් වූ තරුණිය ඈතට යනු ඔහු බලා සිටියේය.
” හෙට නිවාඩු.. කොහොම හරි හොයා ගන්න ඕන මේ කෙල්ල කවුද කියල”

සිතා ගත් පරිදි බිරියට බොරුවක් කියූ දොස්තර ගුරුසිංහ කනත්තට ගොස් ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුල් වීය.
” may I help you sir ” ඒ කනත්ත භාරකරු.
” මම හොයන්නෙ සැන්ඩ්‍රා වොලස් කියල කෙනෙක්”
” මම දැන් මෙහාට වැඩට ඇවිල්ල අවුරුදු 20 ක්. මම දන්නවා හැමෝම වාගෙ.. ඔහොම ඉස්සරහට ගිහින් වතුර මල ළඟින් දකුණට හරුනාම තියෙන සොහොන එයාගෙ”

ඔහු යමක් කියන්නට වචන සෙවීය. ඉක්මණ් ගමනින් වතුර මල සොයා ගියේය.
අළුත්ම මල් පොකුරක් තැබුණු සොහොන් කොතේ මෙසේ සටහන් විය.
sandra wallace.
25200 armstrong, ok 74729
born : 1985
died : 2005
rest in eternal peace
ඊට යාබදව තිබූ
තවත් සොහොන් කොතකට ඔහුගෙ දෑස දිව ගියේය.
” තවත් වොලස් කෙනෙක්”
gary wallace
born: 1955
died: 2005
එකමදා මැරිල තියෙන්නෙ.. මොකක්ද මේ දෙන්නගෙ සම්බන්දය.
ඔහු වහාම ආපසු ගොස් සොහොන් පල්ලා හමුවිය.
” නෑ .. මම හොයන්නෙ ජීවත්වෙල ඉන්න සැන්ඩ්‍රා වොලස් කෙනෙක්”
ඊයෙත් එයා මට හමු උනා. කනත්ත ඇතුලෙන් ෂෝට් කට් එකක් තියෙනව කිව්ව එයාලගෙ ගෙදරට. මම දවස් දෙකක්ම රයිඩ් දීල තියෙනව.”
” හරි.. හරි ඔය කියන්නෙ අර ගින්දර වගෙ ලස්සන කෙල්ල ගැන නේද ?”
ඒ සර් හොයන කෙනා තමා. එයා මැරිලා. හැම සිකුරාදාම එයාගේ අවතාරෙ කාගෙ හරි වාහනයකට නැගල මෙතනට එනවා.. එයා මැරිල තියෙන්නෙ සිකුරාදා දිනයක.. අර කෙන්සින්ග්ටන් හොස්පිටල් එකේ තමා ඉඳල තියෙන්නෙ”
” එතකොට කවුද ගැරි? ”
” ඒ එයාගෙ තාත්තා. දූ මළ සෝකෙන් මිනිහ වෙඩි තියාගත්ත”
කිසිවක් නොකියූ දොස්තර ගුරුසිංහ වහාම රෝහලේ වාර්තා අංශයට ගියා.
හරි මේ තියෙන්නෙ සැන්ඩ්‍රගෙ මෙඩිකල් රෙකොර්ඩ්ස්.
acute myeloid leukemia
hemodialysis monthly
every other week
weekly.
මට හිතා ගන්න පුළුවන්. ගැරි බ්ලඩ් බෑන්ක් එකෙන් ලේ හොරකම් කරගෙන යන්නෙ එයාගෙ දුවට දෙන්න.
දරු සෙනෙහස ආත්මයෙන් ආත්මයට යන හැටි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to ඩ්‍රැකියුලා- අවසාන කොටස

  1. sanath පවසයි:

    කතාව එල කියන්නෙ එලම එල සන්කල්ප රූප මව මවා කතාව කියෙව්ව
    තව එකක් පටන් ගනිමුකො එහෙනන්………..

  2. Janaka පවසයි:

    මරු..අපරාදේ ඉක්මනටම ඉවර කරේ

  3. abc පවසයි:

    nice…. hamadamat wage lesatama liyala tiyanawa……. MAXXX

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )