දොස්තර නිහාල් ගුරුසිංහ කෙංසින්ටන් රෝහලේ සේවය කරන එකම ආසියාතික වෛද්‍යවරයාය. මීට පෙර සුබ්‍රමනියම් නම් දකුණු ඉන්දියානුවෙක් මෙහි සේවය කර ඇත . සේවයට පැමිණ කෙටි කාලයකින්ම හැමෝගේම හිත් දිනා ගැනීමට දොස්තර ගුරුසිංහ සමත් වීය.
ඒ ශීත සමයයි. සිකුරාදා දවසකි. දවස පුරාම සුෂුම්නාව සම්බන්ධ සැත්කම් රැසක්ම කර විඩාවට පත්වී සිටි ඔහු කොරිඩෝවේ එහා කෙළවරේ තිබූ වෙන්ඩිං මැෂින් එකට ගියේ බීමට යමක් මිළදී ගැනීමටය.
ස්නායු සමබ්න්ධ ශල්‍යාගාරය පසු කළා පමණි. කිසිවෙකු ගිරිය යටින් කෑ ගසන හඬක් ඔහුට ඇසුණි. ඔහු වහාම එදෙසට දිව ගියේය.
කළු ජාතික මේට්‍රන් වරිය බියපත් වී පුටුවේ ඇලවී සිටියාය.
” ඕ.. ම්යි ගෝඩ්”
කෑ ගසා ඇත්තේ ඇයය.
” ඇයි මොකද උනේ ?”
ඇය බොහෝ බියට පත්ව සිටියාය.
” ඩොක්ටර් , අර අතන.. ජනේලෙ ලඟ.. සුදුමැලි මූණක් තියෙන උස මහත මිනිහෙක් හිටියා.”
” අපෙ කවුරු හරි වෙන්න ඇති.. සෙකියුරිටි ගාඩ් කෙනෙක්..”
” නෑ .. වෙන්න බෑ.. දිග ලෝගුවක් ඇඳන් , තොප්පියක් දාගෙනයි හිටියෙ.. අපේ කෙනෙක් වෙන්න බෑ.”
” කමක් නැහැ.. අපි විස්තරය සෙකියුරිටි එකට කියමු.. දැං මේ කෝපි එක බීල ඉන්න”
දොස්තර ගුරුසිංහට හදිසියේ යමක් මතක් විය.
පසු ගිය සතියේ දිනෙක,
” ඩොක්ටර්..ශීතකරණයේ ලේ බෝතල් වගයක් අඩුයි.. නිකුත් කළ බවට නෝට් එකකුත් නැහැ”
ඔහු ආපසු හැරී ලේ බැංකුව පැත්තට දිව ගියේය. වේලාව රාත්‍රි 10.00 ට පමණය.
ඔහුගේ වැඩ අවසන් වීමට තව පෑ භාගයක් ඇත.
ලේ බැංකුව ඉදිරිපස මේසයෙ හුන් හෙදිය නිදි කිරමින් උන්නාය.
” එක්ස්කියුස්මී..නර්ස්.. මම නියුරොලොජි එකේ.. මේ මගේ හැඳුනුම් පත. කරුණාකරල දොර පොඩ්ඩක් අරින්න”
ඔවුන් දෙදෙනාම ඊට ඇතුල්විය. විදුලි බුබුළු දැල්වෙමින් තිබිණ.
” ආ.. අර . ජනේලය ඇරල දාල”
” සෙකියුරිටි කෝල් කරන්න”
” වෙන්න බෑ.. මම පැය භාගෙකට කලින් චෙක් කලානෙ. සේරම ජනෙල් වහලයි තිබුණෙ. කෝකටත් මම වීඩියෝ එක චෙක් කරන්නම්”
දොස්තර ගුරුසිංහ රිය පැදවූයේ සෙමෙන්ය. රාත්‍රී 11 පසුවී තිබුණ බැවින් පාරේ වාහන අඩුය. නිවසට යාමට තව සැතපුම් 25 ක් යා යුතුය. ෆ්‍රී වේ එකට එන්ටර් වීමටත් තව සැතපුම් 5 ක් යා යුතුය.
මද මීදුමක් ගලමින් තිබිණ.
ඉදිරියේ වූ බස් නැවතුම පලේ යමෙක් ඉන්නවා මෙන් ඔහු දුටුවේය.
” කෙල්ලක් ! ” ” මේ වෙලාවෙ ?”
ඇය රූමත්ය. කහ පාට මෝස්තරයක් සහිත රතු පැහැ ඇඟටම හිරවුනු කොට ගවුමක් ඈ ඇඳ සිටියාය.
” පිස්සුද ? මේ සීතලේ මේ විදියට ඇඳන් ඉන්නෙ ?”
ඇය දොස්තර ගුරුසිංහගේ රියට අත එසවූවාය. තරුණියගේ රූමත් කම නිසාම රිය ඉබේටම වාගේ නතර විය.
” හායි.. අයි මිස් ද ලාස්ට් බස්. කැන් යු ගිව් මි අ රයිඩ් ප්ලීස් ?”
තරුණිය ඉදිරිපස අසුනට ගොඩ වූවාය.
” ඉස්සරහ පාරෙන් වමට හරවන්න. වැඩි දුරක් නෑ… මම තැන කියන්නම්”
දොස්තර නිහාල් ගුරුසිංහගේ හිත චංචලය. ඔහුගේ හිතට අදහස් කීපයක් ගලාගෙන ආවේය. ඇය ඇත්තෙන්ම සුරූපිනියකි. කෙටි ගවුමේ පැලුම තුලින් නිරාවරණය වුනු ඇගේ ඇත් දත් පැහැ දෙකකුල් වලින් ඔහු ඇස් ඉවතට ගත්තේ මහත් ආයාසයෙනි.
” ඔහොම නවත්තන්න ”
විශාල ගේට්ටුවක් දැමූ දිග තාප්පය අයිනේ රිය නතර විය.
රියෙන් බට ඈ.. ” තෑන්ක්ස් ෆෝ ද රයිඩ් ” කියා ඉදිරියට දිව ගියාය.
දොස්තර ගුරුසිංහට කිසිවක් සිතා ගත නොහැකි විය. ඔහු සෙමෙන් ඉදිරියට රිය පැදවූයේ යූ ටර්න් එකක් දමා රිය ආපසු හැරවීමටය.
ආපසු එන විට නිකමට මෙන් තාප්පයට දැස් යොමු කළේය. තාප්පය පුරා වැවුනු මල් වැල අතරින් යම් කිසි තඹ පැහැ පුවරුවක් දුටු ඔහු කුතුහලයෙන් , රියෙන් බිමට බැස , කුඩා විදුලි පන්දම එම පුවරුවට එල්ල කළේය.
” All Souls Sleep Here”
Forest Lawn Mortuary & Cemetery”
මතු සම්භන්ධයි.
බුදු අම්මෝ. එහෙන් ඩ්රැකියුලා, මෙහෙන් මෝහිනී.
මට මතක් වෙන්නෙ මෝහිනී හම්බු වෙච්චි කතාවක්:
මෝහිනී : අනේ මේ දරුවව ගන්න, පොඩ්ඩක් රෙද්ද ඇඳ ගන්න.
මම: රෙද්දක් කතා කරනව. මගෙත් මේ සරම ගැලවෙන්න එනව. ඔන්න ඔහේ උඹේ එකත් වැටිච්චාවෙ යෝදියෙ.
දොස්තර නිහාල්. හ්ම්…….මට හිතුනෙ ඔයා වැඩ කරන්නෙ ඔෆ්ෆිචෙ එකක කියල, අර “හොල්මන් ඉන්ෂුවරන්ස්” වගේ එකක. හොල්මන් ඉන්ෂුවරන්ස් ඇත්තටම මෙහේ තියන එකක් – Holman Insurence
http://maps.google.ca/maps/place?hl=en&um=1&ie=UTF-8&q=Holman+Insurance+,+toronto&fb=1&gl=ca&hq=Holman+Insurance+,&hnear=Toronto,+ON&cid=9648204666137367007
මෝහිනී ල ,වගේ තමා බෝදිලිමත්. දවල්ට කටුස්සා.. රෑට යකෙක්. හැබැයි ඇහින් දුටු කෙනෙක් නෑ.
මට අමතක උනා. මෙහේ තියෙනව ෆුකගාව නූඩ්ල්ස් සුප් කියල රෙස්ටොරන්ට් එකක්. මට නං යන්න හිතෙන්නෙ නෑ.
heloo nihal aiye,,,, need to contact you personally if you like pls give your email adress…..
ok. check your e mail.
එල…එල…ඊලග කොටසත් ලියමු ඉක්මනට
ඊළඟ කොටස ලබන සඳුදා බලාපොරොත්තුවන්න.
අහා…. මරු මරු…. නිහාල් අයිය අලුත් වැඩක් පටන් අරන් නොවැ…..
බය හිතුනද ?
පින්ග්කිරීම: Tweets that mention ඩ්රැකියුලා… | යතාර්තවාදියා -- Topsy.com
aluth area ekakata atha gahala wage…….. ela ela ohoma yan…
අඩේ මරු නේ….. මම මේ දැන් බලලා ඉවර කලා විතරයි “Goblin” කියලා ෆිල්ම් එකක්… 😀
මේකත් ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා…
ඉතුරු කොටසුත් දාමූ…
ජය වේවා…!!
හැමදාම ඇත්ත කියන නිසා බොරු කතාවක් ගොතන්න හිතුවා. මගේ ගෙට ගොඩ උනාට ස්තූතියි.
ඇමරිකාවෙ කස්ටියට මහසෝනා එහෙම ගහන්නෙ නැද්ද? කොහොමත් ඩ්රැකියුලා මේ පැත්තෙ එන්නෙත් නෑ නෙ, ආගමන-විගමන කේස් ඇති.
ඔබේ හිත දුර්වල නම් රාත්‍රී කාලයේ මෙය කියවීමෙන් වලකින්න.
😛
කතාව අහවර වෙනකොට සෙට් එකටම හොඳවැයින් තොයිලයක් නටන්න වෙයි වගේ.
ඔබට අධික රුධිර පීඩනය ඇත්නම් මෙය කියවන්න එපා.